වස්තු...පොඩ්ඩක් ඉන්න මූව එහා පැත්තට තල්ලු කරනකන්...නැත්තන් වැටෙයි...
එයාලා හැමදාම මෙහෙමද...?මෙහෙද නිදා ගන්නෙ ..මං අහන්නෙ....ඔහොම...ඔයාගෙ ඇදේ ....ඔයාලගෙ අම්මා බනින්නෙ නැද්ද.....අප්පච්චි ...බනින්නෙ නැද්ද...
වෙලාව මහ පාන්දර එකයි ....එයාගෙ අම්මා ගියා විතරයි කන එක ආය මදී නොකියන්න ගුටි කාලා උන්න මගෙ පිට මැද්ද පුපුරු ගහනවා.....රවිදුවගෙ කන මිරිකලම ඒක රත ගහගලා...මං හිතන්නෙ ආය මතක හිටින කාලෙකට කල්පනයා කුනු හර්ප කියන එකක් නෑ....ජම්මෙ බේරගන ඉන්න උදාරයා විතරක් අද ලාවට වගේ බේරුනත් උත්තර පත්තරෙන් කොපි කරන්න ගිහින් ඌත් අහුවෙලා ඇඩ්රස් නැතිවෙන්නම කාලා අඩාගන ගිහින් ඇදට වැටුනා....
මුලු ගෙදරම මිනිස්සුන්ගෙ ඇස් පියවිලා තිබුන මොහොතක මන් විතරක් ඇහැරන් උන්නා...
ඒකට හේතු දෙකයි....එකක් මගෙ ආදරෙ මගෙ ළඟ...දෙක....මුන් තුන් දෙනා මගෙ ඇද බදු අරගන...
උදාරයා කකුල් තියන පැත්තෙ.....ඒ එක්කම කොට මගුල...ඌ ගාවම කල්පනයා...කොහොම හරි උන් දෙන්නා මැද උන්න රවිදුවා සීතලටද කොහෙද උදරයගෙ අත් අස්සට උගෙ අතක් පයක් රිංගවන් ගුලි ගැහිලා උන්නා වගේම චාරෙ ඉල්ලෙ කල්පනයා වැටෙන්න ඔන්න මෙන්න උන්නා...ඒ තරමට ඌ දගලලා.....
මං උන්නෙ මදුරු දැල දදා...උන් තුන් දෙනාවම මගෙම රෙද්දෙන් පොරවනකොට ....මදුරු දැල දානකොට .....පෑන් එක දානකොට .....මේ දේවල් කරනකොට මං බලාගන මගෙ නිම්න මේ හැම දේම බලාගන ඉදලා...ඉදලා ..එයාලා හැමදාම මේවගේද ඇහුවා....
අපෙ අම්මා අප්පච්චි බනින්නෙ නැද්ද ඇහුවා.... අවසානෙදි කාමරේ ලයිට් එකත් නිවලා මං එලියට එනකොට එයත් මගෙ පස්සෙම්ම ආවා...
ආපහු අඹ ගහ යට බෙන්ච් එක උඩට.....
ආ..අනූ....ඔයාලගෙ අම්මා අප්පච්චි බනින්නෙ නැද්ද....එයාලා මෙහෙ නවතිනවට.....එයාලා හැමදාම ඔහොමද....
මං එයා දිහා බැලුවා....එහෙම්ම මම මගෙ උරහිසට තට්ටුවක් දැම්මා...මම ඒ නොකියා කිව්වෙ මගෙ උරහිස ය්ඩ ඔලුව තියාගන්න කියලා වෙනකොට එයා ඇවිදින් මගෙ උරහිස උඩින් ඔලුව තියා ගත්තා....
දන්නවද වස්තු....ඔන්න...ඔයාගෙ මයුර සම්පූර්න උනේ දැනුයි.....අනිත් පාර....මගෙ ගාව ඉදගන්නකොට...අපි දෙන්නා ගාව හිඩැස් තියන්න එපා හොදද....
හ්ම්.....
ඔයා ඇහුවනෙ...එයාලා හැමදාම මෙහෙමද කියලා ....ම්න්.....ඔව්....හැමදාම මෙහෙමයි...වස්තු දන්නවද ...උන් තුන් දෙනා මගෙ මොන්ටිසූරි යාලුවො.....අපි....එක මොන්ටිසූරියට ගියෙ...අර ගෙවල් වල කරන එව්වා තියෙන්නෙ....රත්න ෆලවර් ඒකෙ නම....මටතාම මතකයි....අපි හතර දෙනාම ගියෙ ඕකට....පස්සෙ...එක වසරෙ ඉදන්...අද වෙනකන්...අපි හතර දෙනාම...එකට.....
උන්ට ..අපේ...අම්මා...අප්පච්චි කියන්නෙ....උන්ගෙ අම්මා අප්පච්චි වගෙ තමයි...ඔතනින්...සැරම රවිදුවගෙ අප්පච්චි ...කෝච්චි ඩ්‍රයිවර් කෙනෙක්.....ඉස්සර හලාවත ලයින් එකේ ගියේ රවිදුවගෙ අප්පච්චි ...එතකොට ....උදාරයගෙ අප්පච්චි රට ...ඕමාන් වල...අවුරුදු ගානක්...මං හිතන්නෙ....උන්ගෙ අප්පච්චි ඇවිත් ගිහින් සෑහෙන කාලයක්...කොහොම හරි...අවුරුදු දහයකට උඩින් ඇවිත් ගියාට පස්සෙ තමයි උන්ගෙ නංගි හම්බුනේ.....
පස්සෙ මේ ලගකදි ඇවිත් ගියා ...එතකොට අර කාටපූච්චිට වයස නවයක් වත් ඇති...ඒකි මහ කාටපූච්චියක්.....බේරෙබ්න්න බෑ...හැබැයි උදාරයා පන ඇරලා....මොකද .....ඌට වඩා පහලවක් බාලයිනෙ....
එතකොට .....කල්පනයා....කල්පනයගෙ අම්මයි අප්පච්චි දෙන්නම වැඩ කරන්නෙ ලංකා පිගන් සංස්තාවෙ...උන්ගෙ ගෙදර තනිකරම පිගන් කර්මාන්තෙ වගේ...අපේ ගෙවල් වල වගේ එකක් බිදුනම තව බිදපන්...තව බිදපන් ගගා කෑ ගහන්න මොකෙක් වත් නෑ...ඇයි ඉතින් පිගන් තියනවනෙ...අපේ ගෙදර මායි අප්පච්චි මේ ලගක් වෙනකන් කෑවෙ බෙලෙක් පිගන් වල...අම්මගෙ සුදු පුතා ඒ පකාට විතරක් පරන වීදුරු පිගානක් තිබුනා.....
ඉතින්....ගහට පොත්ත වගේ.....ඉදකට්ට නූල වගේ...අමුඩෙට පුක වගේ.....අපි හතර දෙනා තවමත් එකට....කාගෙ ගේද අදාල නෑ.....
"......."
වස්තු අහලා තියනවද කතාවක් තියනවා...අවුරුදු ගානක් පරන යාලු කම්..කවදාවත් නැති වෙන්නෙ නෑ කියලා ...මේ ලෝක සිතියමේ...කොයි රටේ අපි උන්නත්.....යාලු කම්...එහෙම්මයි.....
ඉස්සර අපි හතර දෙනාට තව යාලුවො උන්නා.....හැබැයි ...උන් උන්...උන්ම හේතු හදාගන අපි එක්ක තරහ උනා...හේතු දන්නෙ නෑ.....ඒත්...උන් ගියා කියල...අපිට එහෙම පුකකුත් නෑ..මොකද....ඉන්න ඕන උන් හතර ඉන්නවනෙ....අනික...වස්තු.....සදාකාලික යාලුකම් අස්සට...තාවකාලික බැදීම් ඇවිදින් ගියාට...එහෙම ගානකුත් නෑ....
ඇයි දන්නවද...
ඉපදෙනකොටම දෛව උනත් තීන්දූ තීරන අරන්නෙ අපිව එවන්නෙ...කව්ද අපි එක්ක සදාකාලිකව ඉන්න ඕනෙ...මං කියන්නෙ..අපි හුස්ම ගන්න කාලෙ....කව්ද අපේ ස්තීර බැදුම් කරුවො කියලා ...එතකොට ඔය අතරට ඔය ටෙම්පරි එන මිනිස්සු යන්න යනවා....මොකද ..එයාලට අපිව වත්...අපිට එයාලාව වත් අයිති නැති නිසා....
කොහොම උනත්....අපි හතර දෙනා...වයසට යනකම්ම..පවුල් වෙලා ගියත්...එ යාලු කම් රැකේවි...ඒවා...යාලු කම් වලට වඩා එහායින් නැවතුන බැදීම් වස්තු....
මම හිතන්නෙ මට එක තත්පරේකට කෝච්චියක් වැහුනද කොහෙද .....එයා කාමරේ අස්සෙදි අහපු ප්‍රශ්නෙට මං උත්තර දීලා ඉවර උනෙ දැන් වෙනකොට එයාගෙන් සද්දයක් නැතිම තැන මං හිමීට මගෙ ඔලුව හරවලා බැලුවා.....
එයා ඉන්නවා...මීක් නොගා එයා ඉන්නවා.....අඩුම ගානෙ මැද්දෙන් පැන්නෙවත් නෑ....
වස්තු ....
.හ්ම්....
මොනවද කල්පනා කරන්නෙ.....ම්ම්ම්ම්.....
...ඇයි මට එහෙම යාලුවෙක් නැති උනේ කියලා .....අනූ දන්නවද...ඔයා හරි වාසානාවන්තයි ...මොන දේ උනත්....අනූට ඉන්නවා....ඉර හද වෙනස් වෙලා පෑව්වත් ....යාලු කම වෙනස් නොකර යාලුවො....
එහෙමහිත් තියන මිනිස්සු හරි ලස්සනයි අනූ....
ප්‍රේමනීය මිනිස්සු කියන්නෙ...එ වගෙ අයට.....
අනූ...මට ...හොදම යාලුවෙක් උන්නෙ...නවය වසරට වෙනකන් විතරයි ...අපේ...අප්පච්චි ....ඒ යාලුවගෙ...ගෙදරටම ගිහින් එයාගෙ අම්මටයි...අප්පච්චි ටයි....කියලා තිබුනා...මාව....තමුන්ගෙ පුතාව ආස්රේ කරන්න දෙන්න එපාය කියලා .....
අනූ...දන්නවද...පහුවදා ...ඉදන්....එයා මගෙ ළඟ වාඩි උනේ වත් නෑ....
මං..අහලා තියෙන්නෙ...මොන දේ උනත්.....අම්මා ...අප්පච්චි අපිව අතාරින් නෑ කියලා ...ඒත්....මාව...මුලින්ම....අතෑරියෙ...අප්පච්චි .....අප්පච්චි මාව් අතෑරලා නිකන් උන්නෙ නෑ....මුලු ලෝකෙටම මාව පිලිකුල් කරන්න ඉගැන්නුවා....
අනූ.....දන්නවද ....මට....ඔයාට වගේ යාලුවො උන්නා...නම්.....සමහර විට...සනහර විට...
මැනිකට දැන් මං ඉන්නවනේ....රිදෙන අතීතෙ ....ආය...ආය...උඩට ගන්න එපා මගෙ නිම්න...මම ඉන්නෙ..මේ...මුඩු වෙච්ච නිම්නයක්..ආපහු පන ගස්සවන ගමන්....
වස්තු.....යතාර්තෙ...මටවත්....උඹට වත් වෙනස් කරන්න බෑ...ඒත් ...දවසක...මම..මග නවතින....උඹ මට කලින් යන්න යන දව්ස එනකන්....අපි ආදරෙ කරමු....ආදරෙන් බැදෙමු...
පිරිමි හිත් හයියයි ..හයියයි...කිව්වට....ඔය කියන තරන් හයියත් නෑ නිම්න....කලු ගල් පවා පුපුරනවා...මගෙ පපුව පැලේවි ...ඒත්....වස්තුට පුලුවන්ද ....මේ ගෙවෙන දවස් සතුටින් ගෙවන්න....
ආදරනීය මතක විතරක් මට දීලා යන්න....වෙච්ච දේවල් ආය හදන්න බෑනෙ දෙයියො....ඒත්....උඹ මගෙ තුවාලෙ ආය ආයම පාරවනකොට මට ගිහින් ගගක මූදක පනින්න හිතෙනවා නිම්න....
සමාවෙන්න ....ඒත්....අපිටයි කියන්න කවුරුම හරි පිහිටක් උනානම්.....අපි අදටත් ඉන්නවා අනූ...
.මං මෙතනින් එහා....රිදෙන කතා කියන්නෙ නෑ.....
උඹ කිව්වා වගෙ.....අපි ආදරේ කරමු...
ආදරෙන් බැදෙමු....අසීමාන්තිකව ආදරේ කරලා....ආදරනීයම මතක විතරක් අපි එකතු කරමු.....
ඒත්...දෙයක් ඉල්ලන්නම්...මට පොරොන්දු වෙන්න.....කවදාවත් ඒ පොරොන්දු බිදින්නෙ නෑ කියලා ...
බෑ.....පොරොන්දු ඉල්ලන්න එපා වස්තු.....අසරනම වෙන තැනක මමම දුන්න පොරොන්දු බින්දොත් ....ඔයා කියන්න යන දේ කියන්න....මොකද ....උඹ නැති ජීවිතේ මට අමාරු උන දවසක මමම ඔව්වා බිදීවි නිම්න ...
මං එයා දිහා බලාගන උන්නා.....පායපු හද එලිය ඇවිදින් මගෙ නිම්නගෙ ඇස්වල තිබුන කදුලු කැට දිලිසවනකොට එයා මගෙ අත තද කරලම අල්ල ගත්තා ....හරියටම කවදාවත් අත අරින්නෙ නෑ කියන්න වගෙ....
හද එලිය එනවා.....ආපිට මැකිලා යනවා....
හද එලිය එනවා...මට නිම්නගෙ ඇස් වල කදුලු පෙන්නනවා.....ආපිට යනවා.....

අනූ.....මගෙ....ගාව....ඩයරි එකක් තියනවා....නිම්න තවම ලියන්නෙ....ඒකෙ මැද පිටු.....
අනූට....පුලුවන්ද ....මන්...යන්න කලින්....මාව ඒ....තැන් වලට එක්ක යන්න.....
අනූ.....දන්නවද ...මං....ආසයි....අර සීනි පුලුන් කන්න.....අර....හදන්නෙ රෝස පාට සකරින් දාලා....
තව සත්තුන්ට.....ආදරේ....කරන්න...කවදාවත් ....කිසිම....සතෙක්ට....ගහන්න...හිතන්නවත් එපා....
සමහර විට ...එයාලා දන්නෙ නැතිව ඇති....එයාලා ගුටි කන හේතුව මොකක්ද කියලා වත්.....හරියටම ...අනූගෙ....නිම්න....
වගේ...
සමහර.....දාට....මට....ගුටි කන්න හේතු තිබුන් නෑ....මාව පිලිකුල් කරන්න..මිනිස්සුන්ට හේතු තිබුන් නෑ....
මයුර....මට....රිදුනා ....අදත්...මට....
රිදෙනවා...
දෙයක්...ඉල්ලන්නම්...මං...මේ කතාව කියන්නෙ අද විතරයි ....කවදාවත් අමතක කරන්න එපා....
මතක තියා ගන්න.....
මම නැති දාක හිනා වෙන්න...
අනූ.....මට...සමාදානෙන්....සැතපෙන්න දෙන්න.....
මේ ආදරේ අසීමාන්තිකයි.....ඒත්.....මේ ආදරෙ....ආසාවකට හරවන්න එපා...
උඹ නවතින දවසට....මං යන්නම යන දවසට...එතනින් එහා...කවදාවත් මගෙ සුසානට ආය ආය එන්න එපා මගෙ අනූ....
මගෙම බැල්ම වැටේවි....
මට බයයි....
උඹ දන්නවා...ආදරේ....ආසාවකට හැරවුනොත්....මං හැමදාම උඹ එනකන් බලන් ඉදීවි.....
අවසානෙදි මට උඹව නැතිවම බැරි වේවි.....
මමම උඹව ලෙඩ කරාවි ....
මට....උඹව ගන්න හිතේවි....
මොකද ...අම්මා....අක්කා ඇරුනම.....මට ආදරේ දුන්න එකම කෙනා.....උඹයි අනු...
ආදරෙට කැලැල් තියන්න එපා.....
ඉතින්....ඒ දවස එනකන්.....අපි.....ආදරේටත්.....ආදරේ අමතක කරවමු.....
ස්තූතියි .....අවසානම තත්පරේදි හරි මට ආදරේ කරන්න ගත්තට ....
ආදරෙන්....වස්තු කියනවට....
මයුර...දන්නවද ....මයුරගෙ උරහෙ උඩ ...නිම්න නිදහස්....
මයුරගෙ අත් ගාව...නිම්නට පුලුවන් නිවෙන්න...
ආදරෙයි මං මයුරට...
මං ආදරෙයි මගෙ මයුරට....හුගක්.....


මම නෙවෙ කටක් හෙලෙව්වෙ.....
මම නෙවෙ කටක් ඇරල වචනයක් කිව්වෙ...මගෙ කටට පන නැතිවෙලා තිබුනා...හැබැයි...කට පන නැති මගෙ ඇස් නම් නොසෑහෙන්න කතා කෙරුවා ...මගෙ උරහිස් ඉවරයක් නැතිවම උඩ පහල ගැස්සුනා....මට ඉවරයක් නැතිවම ඇඩුනා.....මට ඉවරයක් නැතිවම ඉකි ගගහලම ඇඩුනා.....

වස්තු ...උඹ දන්නවද මගෙ නිම්න.....මනුස්සයෙක්ව....අමු අමුවෙ මරන්න පුලුවන් එකම විදිහ මොකක්ද කියලා ....
මහ මෙරක් තරම් ආදරේ දීලා...මගින් හැරෙන එක...!
මගෙ මයුර අඩනවා...
මේ හිත ගලක් නෙවෙ නිම්න...රිදෙන තැන් ගොඩයි.....
මං ඔයාට හුගාක් ආදරෙ කෙරුවට කමක් නැද්ද....?මං ගාව ආදරේ තියනවා උතුරන්න...
මට නැතුව උඹ වෙන කාට දෙන්නද...මගෙ තමයි...
මන් අනූගෙ කදුලු පිහින්නද....
ම්න්... අනිත් පාර අහන්න එපා...අහන්නෙ නැතිව කරන්න....අවසර ගන්නෙ මොකටද....මං උඹගෙනෙ පන....
එයා මගෙ කදුලු පිහින්නද ඇහුවා ....ඒකත් හරී අහින්සක විදිහට වෙනකොට මන් එයාට මගෙ මූන හැරෙව්වා.....එයා එහෙම්ම මගෙ කදුලු පිහ දැම්මා....
අනූ....
ම්න්...කියන්න වස්තූ....මොනවද ඔයාට ඕනෙ...මගෙ ළඟ දොයියන්න ඕනෙද.....නැත්තන් ..ඔයාට මොනවා හරි..කන්න ඕනෙද....බොන්න ඔන්නේද.....මොනවද ඕනෙ මයුරගෙ නිම්නට....ම්ම්ම්ම්
අපි ...සින්දුවක් අහමුද....??ඔයා ගාව ලස්සන ඒවා තියනවද ...
සින්දු කැත උනත්...ආදරේ කරන මිනිස්සු ළඟ ඉන්නවා නම්.....ඒ හැම දේම ලස්සනයි වස්තු....තේරුනාද....
හ්ම්ම්.....
මන් හිනා උනා....මගෙ උරහිස උඩ ඔලුව ගහන් උන්න එයා හොරා වගේ හූමීටි තිය තිය මගෙ ඵෝන් එකට එබීගන උන්නා...
ඕකට කෙල්ලොත් කතා කරනවද....
අපො...නෑ....
බොරුනේද...
ඇත්ත වස්තු.....ඇයි ඉතින් බොරු.....
නිම්නට කෙල්ලෙක් ඉදලම නැද්ද....
ඉදලා තියනවා.....ඌයි...ඉතින්....කොනිත්තන්නෙ ...උන්න නිසානෙ උන්නා කිව්වෙ...හැබැයි.....එක වසරෙදි මන් ඒකිගෙ මකනෙ කෑවනෙ.....එදයින් පස්සෙ නෑ...
මහ බොරු කාරයෙක්.....කෙල්ලො ඉන්න ඇති හැටක් විතර....
පේනවනෙ...අප්පච්චි ...නලුවා වගේ ....ඉතින් පුතා ගැන අහන්න දෙයක් තියනවද...
මහ බොරු කාරයෙක්...පපී.....උඹ....මාව රවට්ටනවා...
මගෙ ඔලුව....කැක්කුමයි...
දතකුත් කැක්කුමයි...
ඇහැකුත් රිදෙනවා.....
මන් සින්දු තෝරන එක නවත්තලා එයා දිහා බැලුවා .....වෙලාවකට එයා එක්කම ඊරිසියා කම් කරන මගෙ නිම්නයා අවදානෙ ගන්න ඒ පාර නැති හේතු මවාගන බොරූ....වට දුක් වෙනවා....එහෙ රිදෙනවලු....මෙහෙ රිදෙනවලු...දැන් ඒකමයි නැති කෙල්ලෙක් ගැන ඇහුවෙ .....නෑ කියලා කිව්වමත් ඒකමයි නෑ...මං බොරු කියන්නෙ කිව්වෙ...දැන්....අනිත් පාර.....ඒකමයි මට බොරු කාරයා කියන්නෙ....
දැන් මම මේවා කාටද කියන්න ඕනෙ.....නඩුත් එයාගෙ....බඩුත් එයාගෙ....
නිම්නව රවට්ටනවා....කොයි වෙලෙත්.....
කව්ද දැන් මගෙ වස්තුව රැවැට්ටුවෙ....ම්ම්ම්....කෝ...කොහෙද ඔයාගෙ තව රිදෙන්නෙ....
මෙතන...මේ අතෙ...චූටි ඇගිල්ල.....
හා....කෝ දෙන්නකො....බබාගෙ චූටි ඇගිල්ල අත ගාන්න.....තව කොහෙද රිදෙන්නෙ.....කට රිදෙන්නෙ නැද්ද...බොරුවට කුටු කුටු ගාලා....
ම්ම්ම්....චුට්ටක් රිදුනා...දැන් හරි.....අඩුයි.....
මන් හිනා උනා.....බොරු කරකර බොරු කර කර...මේ හුරතල් වෙවී එයා හොයන්නෙ මේ එයාට කවදාවත්ම නොලැබුන ආදරෙ නේද කියලා දැනුන මම හිනා වෙලා එයාගෙන් තව රිදෙන තැන් අහනකොට නිම්න කෙරුවෙ මගෙ උරහිසට තවත් නර දීගන තුරුල් වෙන්න හදපු එක...
ඔයාට සින්දුව අහන්න ඕනෙද.....
ම්ම්ම්...ඕනෙ....
එයා සින්දුව අහන්න ඕනෙ කිව්වා...එයාගෙ සීතල අත මගෙ උනුසුම් අත වටේ එතෙනකොට මම ආත්මගෙ මන් ආසම කරන සිදුවක් දාලා එයාට අහන්න දුන්නා.....

දකින හිමි වන හීනෙ.....
නුඹ කොතැන සිටියා.....
මතක සැමරුම් අතරේ.....
ජීවිතේ තිබුනා.....
අනූ....
මම උන්නෙ දැහැන් ගත වෙලා වගේ...පායපු හද එලියයි...මගෙ නිම්නයි....අපේ ආදරෙයි...ආත්මගෙ සින්දුවයි ඇවිදින්...මාව වෙනම ලෝකෙකට අරන් යනකොට එක පාරම මගෙ උරහිසෙ තිබුන බර අඩු වෙලා ගියා.....එයා මිමිනුවා....කොටින්ම...එයා හිටගත්තා...හිටගන අහස දිහා බලන් උන්නා.....
වස්තු...
සින්දුව යනවා.....මට බය හිතුනා...එයා මාව දාලා යන්න හදනවා කියලා හිතුනා....
මම කලබල උනා..... එයා යන්න හදනවා කියලා දැනුනා විතරයි....මෙච්චර වෙලාම ලස්සනට ඇහුන සින්දුවෙ මට තාල රහ මදි උනා....මම.බය උනා...
රත්තරන් ...දාලා යන්න එපා.....
මං එයාට මාව දාලා යන්න එපා කියනකොට එයා මගෙ දිහාවට හැරුනා.....
...අනූ.....ආදරේ...කරනකොට ...හාදු....තියනවනේද.....
..ඔව්....ත්..තියනවා ....වස්තුවට....හාදුවක් ඕනෙද...ආදරේ.....කරන මිනිස්සු....හාදුවත්..පහු කරන් යනවා...ඒත්...මං...හාදුවෙන් මෙහා...නවතිනවා...මට...කියන්න...මගෙ...නිම්නට....හාදුවක්...ඕනද...
ඒ තරම්ම....මාව වටිනවද...ඔයාට...
ඔව්.....මට..ඔයාව වටිනවා....මට ඔයාව....මගෙ ජීවිතේටත් වඩා වටිනවා....මිනිස්සු ජීවිතේට හරියටම ආදරෙ කරන්නෙ එකම පාරයි....හරියටම මං දැන් ඔයාට ආදරේ කරනවා වගෙ ....
මයුර...මට ඔයාට හාදුවක් තියන්න දෙනවද .....?
මට දුක හිතුනා. . ...එයා ඒක ඇහුවෙම හරි බයෙන් වගෙ වෙනකොට මං එයාගෙ ලගින්ම ගිහින් හිට ගත්තා වගේම එයා මගෙ උරහිස් උඩට අත් දෙක තිබ්බා....
අනු....ඔයාට පුලුවන් ....මාව අල්ලන්න .....ආයමත්.....
මට එච්චරයි ඇහුනෙ.....මං එච්චරයි එයාගෙන් ඇහුවෙ....එයාව ඇදලා ගත්තු මං ඒ මූනම අත් දෙකෙන් අල්ල ගත්තා.....

හඩන හිනැහෙන
නෙත් නුඹෙ....
උරහිසෙ තිබුනා....
ඇත්තමයි නුඹ අහසක්.....වගේමයි සිතුනා....!!
Congratulations .....මගෙ.....අනූට...ඔයයි....මගෙ පලවෙනිම ....වගේම .....අවසානම හාදුව...!!!!!අසීමාන්තික ආදරේකට පුලුවන් ...මලකදක් උනත්....පනගස්සවන්න....
අඩන හිනැහෙන....නෙතු....නුඹෙ ....අම්මෙ....අම්මේ...
මොකද කොලො.....උදෙම්ම කෑ ගහන්නෙ....
මං උන්නෙ ඉනට ඇදගත්තු ටවල් එක පිටින් ....මගෙ සතුට උතුරනවා....මට නිකන් පිස්සු වගෙ.....
ඊයෙරෑ අඹ ගහ යටදි මං එයාව තුරුල් කරගත්තා ....මං එයාට හාදු තිබ්බා.....
මට එයාව අල්ලන්න පුලුවන් .....අනෙ මට මගෙ නිම්නව ආයම අල්ලන්න පුලුවන් ....
මගෙ නිම්න...
මගෙ සදා හරිත නිම්නය....
මට දැන් පිස්සු ....ඊයෙ රෑ පටන් මට දැන් සහලවලම පිස්සු වගෙ වෙනකොට කඩේට දාන්න පැටිස් බදින රොහාන්ෆෙ වයිෆ් ගාවට ගියපු මං එයාව අවුස්සන්න ගත්තා ....
මේ කමනී.....
මේ කමනී නුඹ හින්දා වෙච්ච ඇබැද්දී.....
එකක් දෙකක් නොව
පුස්කොල දෙකක් ලිව හැකි....
අයිය මලො
මේ හැමෝම ...දෙල් ගොඩ චන්ඩී....
මයුරයා .....අහකට පලයන් .....පේනවනෙ අතේ තියෙන්නෙ මොකක්ද කියලා .....අතෙ තියෙන්නෙ තෙල් හැන්ද.....
හරි..හරි....අනෙ....හරි...මෙච්චර සතුටින් නැකිටපු මගෙ මූඩ් කන්න එපා කමනි....
දැන් ඔය උදෙම්ම නාගන උඹ කොහෙ යන්නද.....??දැන් අර කොහෙද පන්තියකට ගියානෙ. ..ඊයෙන් ඉවරද.....එක දවසින් උඹගෙ ඔක්කොම කෙරුම් හමාරයි ....
කෑගහන්න එපා අනෙ....කෑ ගහන්න එපා...අද නිවාඩු .....
ගියේ එක දවසයි....දවසින් නිවාඩු...අනේ උඹලගෙ ඉගනගැනිල්ල....ගනින් ඔය අයිස්ක්‍රීම් පෙට්ටිය..මේක ගිහින් අප්පච්චිට දීපන්.....
යෝ..මං පොත් කඩේට යන්න යන්නෙ අනෙ....පොත්වගයක් තියනවා ගන්න
අම්මා එහෙන් කියව කියව පැටිස් බදිනකොට මන් මෙහෙන් මගෙ නිම්නට කිරි කෝපි එකක් හදන්න ගත්තා . ..හොරගෙඩියා මගෙ....
ඔය සීනි බෝතලෙ....වහපියකො.....හරියට
ඌ.....යි....හ් අනෙ ගහන්නෙ....කොච්චරවත් ගහනවා.....රොහාන්ගෙ කතාව තව ළමයි හදන්න...කමනියා ඉන්න ලමයවත් මරන් කන්න හදනවා....ඕකට ඔච්චර හයියෙන් කෑ ගහන්න ඕනෙද .....වටෙ පිටේ උනුත් දන්නවා මං තේ බොනවා කියලා ...
සීනි බෝතලේ බාගෙට වහපු මං රැයෙන් බාගයක් නැන්දම්මගෙනුත් ගුටි කෑවා මදිවට අම්ම්ගෙනුත් ගුටි කාගන කුසියෙන් එලියට දිව්වා ....
වස්තූ....
මගෙ හොර ගෙඩියා ඉන්නව....මගෙම කොට්ටෙ බදාගන රෙද්ද අස්සෙ ගුලිවේගන.....අරුන් අයිති කරගත්තු ඇද දැන් එයා අයිති කරන් වෙනකොට මං හිමින් සැරේ එයාට කතා කෙරුවත්.. ඊලග තත්පරේදි අම්මා බෙරිහන් දුන්නා .....
කොල්ලා....උඹ ඔය තෙත තුවාය පුටු උඩ ඇද උඩ දාලා යනවා නෙවෙ ..එලියට දාපන්.....
ඔයා හැමදාම එහෙමද....
පිස්සුද අනෙ ඔය අද බොරුවට එයා ඔය කෑ ගහන්නෙ...අප්පච්චි එක්ක තියන තරහක්ද කොහෙද මගෙ පිටින් සද්දෙ දාන්නෙ.....ඔයා ඕක බොන්නකො ම්ම්ම්
කන්නාඩිය ඉස්සරහා හිටන් උන්න මම එයාට ඒක බොන්න කියන ගමන් මගෙ කොන්ඩෙ අතින් එහා මෙහා කෙරුවා ...ජෙල් ටිකක් ඉලුවා..... ටී ශර්ට් හැටක් විතර ඇන්දා....කරාබුවක් දාලා බැලුවා... ඒ දාන ගමන් මම ඇද දිහාව බැලුවා.....රවාගන....රවාගන....ඔන්න පටන් අරගන ඔන්න ඉතින් පටන් අරන් නාඩගම රවන්නයි කුටු කුටු ගාන්නයි හොදට දන්නවා....
උඹ ඔය කුටු කුටු ගගා බනින ඒවා මට කන්නාඩියෙන් පේනවා වස්තූ....
පේන්න තමයි බනින්නෙ...ම්හ්ක්...මනමාල පාට ...ඕන් නැති කමනෙ ....ඔහොම හැඩ වෙන්නෙ...
....ඒපාර් ඇයි...
අප්පච්චි ලා පුතාලා ඔක්කොම එකයි...මග දිගට හම්බෙන කෙල්ලො රව්ට්ටන්න වෙන්න ඇති ඔය ඔච්චර හැඩ වෙන්නෙ...තියන චපල කමනෙ...
.. යෝ...වස්තු.....ඇයි....ඉතින්.....
මගෙ ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ....උඹ මග දිගට හම්බෙන කෙල්ලො දිහාව බලයි...
අපෝ..නැ වස්තු....මට ඔය සුදු අම්මිලාව යාලු කරන් දුක් විදින්න බෑ...මට මේ ඉන්න ඊරියාකාර බෝම්බෙ හොදයි....පේනවනෙ මං චුට්ටක් කොහෙ හරි යන්න ලෑස්ති උනහම ඔලුවෙ කැක්කුම් එනවා.....බඩ රිදෙන්න ගන්නවා....
ම්හුක්...කලන්තෙට වගේනෙ...ඕක අදින්න එපා...කැත පාට එකක් අදින්නකො.....එතකොට කෙල්ලො බලන් නෑනෙ...ම්ම්ම්හ්ක්....මට වමනෙට වගෙ....ඇගත් පන න...
හා මං කැත පාට එකක් අදින්නම්කො.....දැන් ඇයි ඒ.... කලන්තෙ...මෙච්චර ඉක්මනට .....ඔලුවත් කකියනවලු...කලන්තෙටත් වගේලු....වමනෙලූ.....ඇගත් පන නෑලු.....සුභ ආරංචියක් වත්ද.....
මොකක් ..
.
හැබැයි....ඉතින්....තුරුල් වෙලා නිදා ගත්තා විතරයි .....එක රෑට අපෙ කමනි අච්චි කෙනෙක් වෙන්න යනව ????මං කියන්නද වස්තු....ඔයා අද ඇදේම ඉන්න....ඇදෙන් බහින්නවත් එපා....
මොනාද ඔය කියවන්නෙ .....
මං බලාගෙන මගෙ ජෙලසව අන්දුන් කුන්දුන් වෙනවා....අදින්න ගිය එක උදුරන් කැත පාට එකක් අදින්නකො ගගා කුනු කුනු ගාන්න ඊරිසියා කම් කරන්න ලෙඩ කියන්න ගත්තු ඒකගෙ මූන අමුතු වෙනවා....මේක තනි බෝම්බයක්....
කියවන්නෙ කියන්නෙ...ඒකවත් තේරෙන්නෙ නැද්ද....වමනෙ කලන්තෙ ඇගපත වේදනා එන්නෙ ලමයි හම්බෙන්න ආවම..මං හිතන්නෙ ඔයාට මගෙන් ලමයෙක් හම්බෙන්නද කොහෙද ....පේනවනෙ....අර ඔව්මයි බඩත් චුට්ටක් ලොකුවෙලා.....කෝ බලමු....ඇත්ත තමයි....මේ..කුක්කුත් ලොකු වෙලා
මේ...අනූ විකාරද ....ඔව්වට එන්න එපා..මං අපෙ අම්මට කියනවා.....
ඔව් අම්මට කියන්න ...මං කියනවට වඩා ඔයා කියන එක හොදයිනෙ වස්තු.....අපරාදෙ ...දැන් ඉතින් මට මොනවත් කරන්න වෙන්නෙ නෑ.....එක උම්මා එකයි දුන්නෙ....කෑල්ල බඩ වෙලා....
මයුර මේ....විකාර කියවන් එන එක නවත්තනවද ... මං කොහෙ බඩ වෙන්නද...
ඇයි දැන් ඔලුවෙ කැක්කුම් වමනෙ කැරකිල්ල කිව්වෙ ළමයෙක් හම්බවෙන්න නෙවේද??
මං ෆර්ෆියුම් බෝත්ලෙ අතට අරන් චිස් චිස් ගාල ඇග පුරාවටම හලාගන්නකොට අරකා ඔලුව අල්ල ගත්තා ...හොද වැඩෙ .....දැන් ඉතින් උඹට නැති ඔලුවෙ කැක්කුමුත් අල්ලයි . එනවා මෙතන අවදානෙ ගන්ඩ බොරු කියාගන....මගෙ වස්තු කඳනෙ ඉතින්.....
විකාරද අනූ...මොලෙ කොලොප්පම්ද....මට කොහෙන්ද ළමයි...පිස්සු.... පිස්සු තද වෙලා..
යෝ....හෙමින් හෙමින් ඇවිදපල්ලා අප්පා ගස්ස ගස්ස පද්ද පද්ද ඇවිදින්නෙ...ලමයට හොද නෑනෙ.....මං අපෙ කමනිට කියන්නම්..මගෙ පවුලට ළමයෙක් හම්බෙන්න කියලා ...රොහාන්ටත් කියන්නම් රොහාන් සීයෙක් වෙන්න කියලා ...කල්පනයලාටත් කියන්නම්...උන් දැන් මාමාලා වෙන්න කියලා ....
මං බලාගන අරකා ගස්ස ගස්ස ගිහින් ජොක් ගාලා ඇදට වැටිලා මූන දෙක කරගත්තා...මට පිස්සු කිය කිය කුටු කුටු ගගා බනින්න ගත්තා....මට මොලෙ හොද නෑලු....විකාරලු.....තව බැනපන් ..තව බැනපන්.....ඊරිසියාකාරයා මගෙ.....
වස්තු...මං දැන් යනවා...ඔයාට මොනවා හරි ඕනෙද ....මං අහන්නෙ.....ඔය කාලෙට කන්න ආස ජාතිත් තියනවනෙ...මං අපේ කමනිට කියන්නම්....හදලා දෙන්න කියලා ...බය වෙන්න එපා....එයාලා නම් හරි ආසාවෙයි....ඇයි ඉතින් එකම කොල්ලගෙ ලමයනෙ....
මයුර විකාරද...මට කොහෙ ලමයි හම්බෙන්ඩද...මේ මල්ලි මේ.....ඔව්වට එන්න එපා හරිද...මන් අපෙ අම්මට කියනවා...
මොනවද ළමයෙක් හම්බ වෙන්න කියලද...ම්ම්ම්....පිස්සු කොල්ලා මගෙ.....ඔලුව කැක්කුම් එනවා මං කොහෙ හරි යන්න එනකොට .... වස්තු.....මං යන්නද...
ගිහින් එන්නම් කියන්න....යන්නම් කියන්න එපානෙ...
ම්න්....ගිහින් එන්නම්.....ඔයා පරිස්සමින් ඉන්නවා නේද මං එනකන්...කොහෙවත් යන්න එපා....හොදද.....
මම..පරිස්සමින් ඉන්න??මගෙ....තව මොනවා පරිස්සම් කරන්නද අනූ....මම.....
කට වහපන්....මං එනකන් පරිස්සමින් ඉදපන්....එච්චරයි ....මට උඹ මැරුන කෙනෙක් නෙවෙ නිම්න....ඔය හැටි මගෙ පපුව හූරන්න එපා බන්....මං අමතක කරන්න කරන්න ඇයි බන් නිම්න ඕකම කියවන්නෙ....මට රිදෙනවා නිම්න....උඹලට හරි අසාධාරනයි නිම්න....හැමදේම කරගත්තට පස්සෙ අසරන මාව නොමරා මරල යන්න යනවා....
මම ඒකත් ඉවසනවා.....ඒත්...මට හැම වෙලේම ඕකම කියන්න එපා බන්....රිදෙන තරම කියන්න ඕන් නෑනෙ...
අනූ...
පැත්තකට වෙන්න.....යතාර්තෙ යතාර්තෙ කිය කිය...හැම වෙලාවෙම රිදවන්න එපා නිම්න .....හරියටම බැලුවොත් මෙතනින් වැඩිපුරම විදවන එකා මම....අවසානෙදි මට කියලා ඉතුරු වෙන්නෙ මොනවද ...දුකයි වේදනාවයි කදුලුයි...මං පිස්සෙක් වෙයි.....
...අ.....නූ....ම්...මං එහෙම....මං එහෙම.....හි...තලා....කිව්වෙ...නෑ....මයුර ....

මං එයාව පැත්තකට කෙරුවා ...මට රිදුනා...රැයක් පුරාවටම මං එයාව ළඟ තියා ගත්තා තුරුල් කරන් නිදා ගත්තා ..මං ආපිට උදෙ ඇස් ඇරියෙම පුදුමාකාර සන්තෝසෙකින්...මට හිතන්නවත් ඕන උනෙ නෑ එයා මේ ලෝකෙ නැති කිනෙක් කියලා .....ඒත්....එයාම ආය ආය ඒක මතක් කරනකොට මට රිදුනා...
ආදරෙ අසීමාන්තික වෙන තරමට....වේදනාවත් අසීමාන්තිකයි එහෙම නේද .....අවසානෙදි මම නෙවෙද වැඩිපුරම විදවන්නෙ...
....අ..අනූ...මට...කවදාවත් ....කවුරුත් පරිස්සමින් ඉන්න...කියලා...නෑ අනූ.....
මට...කියලා ...තියෙන්නෙම.....උඹ...ඇයි....ඉන්නෙ.....උ..උඹ....මැරි...යන්කො....කියලා ...
ඉස්සරහට දැක්කත්....මූනට.....කාරපු....මිනිස්සු....අස්සෙ...උන්න....මට....උඹ...ඇරුනම...කවුරුත් ඔහොම....පරිස්සම් කරන්න....හදලා නෑ...අනූ.....මට සමාවෙන්න ..මට සමාවෙයන් ...මල්ලි.....
වස්තු.....
එයා අඩනවා.....දැන් මට මා එක්කම තරහයි...මටත් ඉවසීම නෑ.....මටත් පාලනයක් නෑ මං එයාට සැර උනා.....මං බලාගන ඉන්නකොට ඒ ඇස් තෙත් උනා...එයා සමාව ඉල්ලනවා...එයාට කියපු කරපු දේවල් එක්ක.....එයා සාධාරනයි ....ඒ වේදනාව මැරිලත් අමතක කරන්න බැරි තරමට ඒ වේදනාව ලොකුයි.....
මං දන්නෙ නෑ.....අපි දෙන්නම හරි පව් දෙයියනෙ....
එයා අඩනවා...මම පැත්තකට වෙන්න කියපු එයා අඩනවා ...මං කොහොම බලන් ඉන්නද අඩියට දෙකට ලගට ගියපු මං එයාව ඇදලා අරන් තුරුලු කරගන්න හැදුවා ...ඒත්.....ඒත් මගෙ අත ආපහු එයාගෙ එහා පැත්තෙන් මතු උනා...
ව්...ව්..වස්තු.....ඇ..ඇයි...මෙ.....ඇයි....මේ...අනෙ...මට ඔහොම කරන්න එපා නිම්න ...මට ඔහොම රිදවන්න එපා බන්...අල්ලන්නවත් දියන්කො....නිම්න....අනෙ....අල්ලන්නවත් දියන්...නිම්න.....
මේ යතාර්තෙ හරි බරයි නිම්න....මං මැරෙයි බන්....ඔහොම කරන්න....එපා යකො....මම පව් නැද්ද.....
එයා අඩනවා....මගෙන් මූන හංගන් එයා අඩනවා මම මට ආපහු එයාව අල්ලගන්න බැරුව අඩනවා.....
ම්..යුර....
මං...සමාව ඉල්ලන්නම්....මමම...බැනපුවට....සමාව....ඉල්ලන්නම්...මට...මට....තුරුල් වෙයන්.....නිම්න...මට ආපිට අල්ලන්න දියන් ...ඔහොම කරන්න එපා....
මං බලාගන උන්නා....එක කදුලක් ඇවිදින් චුට්ට බැරි වෙනකොට මගෙ නහය බුරුල් වෙලා යනවා.....අඩපු එයා මගෙ දිහාව දුකෙන් බලාගන ඉදලා මගෙ ලගට ඇවිත් කදුලු වෙනුවට නහය පිහ දැම්මා...
ඔයා තමයි...මගෙ බබා...
බබ්බුන්ව අඩවන්න හොද නෑ.....ඒක ඔයා දන්නවා....මට රිදෙනවා....ඔයා පොරොන්දු උනා....අපි අද ඉදන් සතුටින් ඉන්නවා කියලා ...
එනකොට....මට....අර මෙව්වා...අරන් එනවද ....
අඩපු එයාම....අඩවපු එයාම දැන් ආයම ඇවිදින් මගෙ නහය මූන ඇස් ඔක්කොම පිහිදලා ඇදුමත් හැදුවා ....දැන් ආයම මට එයාව අල්ලන්නත් පුලුවන් ...මට දැනුන සැනසීම වචන කරන්න බැරි වෙනකොට මං එයා ඉල්ලන දේ අහන් උන්නා...
මොනවද මගෙ වස්තුට ඕනෙ...
අර....පාට...පාට....ටොපි...කොටුවට එන්නෙ....පොල් දාල හදන්නෙ.....රෝස පාට...කොල ...පාට....
පොල් ටොපිද.....??
හ්..ම්... ගේනවද ...
.
අයියෝ.....අර මාමන්ඩියගෙ කඩෙ බෝතලයක්ම තියෙන්නෙ....අරන් කන්න එපැයි.....
......
ඒ පාර මොකද ...හොර මූන??
ම්හ්ක්... ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ....නිම්නට....
ඇත්ත කියපන්....මොකද ඔය හොරා වගෙ ඇස් කරකවන්නෙ....ඔක්කොටම කලින් උඹට පෙනඩෝල් පෙට්ටියක් ගෙනත් දෙන්න වෙනවා.....කොයි වෙලෙත් කැක්කුම....පහු වෙනකොට රිදෙන්නෙ ඔව්වා නෙවෙ....එව්වා රිදුනට බේතුත් නෑ...පියරු තමයි දාන්න වෙන්නෙ....
ඊයා....මහ...සවුත්තුවෙක්.....
මං බලාගන උන්නා...පොල්ටොපි ඉල්ලපු මගෙ හොර නිම්නයා ඇස් කරකවන්න ගත්තා ...මහ හොර මූනක් තිබුනෙත්...මූන දෙන්නෙ නෑ...ඇයි ඇහුවම කියන්නෙත් නෑ...ඇත්තටම ලමයෙක් හිටලවත්දෝ....වෙන්න බෑ...උම්මා එකක් දීලා ළඟ තියන් නිදියෑවට ඔච්චර දෙයක් වෙන්න කොහොමත් බෑ.නැන්දම්මා මාව මරයි.....
ම්ම්...වෙන හේතුවක් තියනවා...
වස්තු...
ම්හ්...නිම්නට බයින් නෑ කියන්න...
ඔන්න ඔන්න දොන්තෙ ගහන් එනවා...බනින් නෑ....මොකක්ද කරපු ජඩ වැඩේ...
ඔලුව රිදෙන්න එන්නෙ
අවදානෙද ඉල්ලන්නෙ....මගෙ සම්පූරනම අවදානෙ උඹ ළඟ....දැන් කියපන්...මොකක්ද කෙරුවෙ...
නිම්න...මයුරගෙ නිම්න ....ඉන්නෙ...
ඉතින්...
බඩ රිදෙන්න එන්නෙ...
ඇයි...ආර්තවේද.....වෙන්න බෑ.....ළමයි හම්බවෙන්න ආවම ඔව්වා නවතිනවා
ඊහ්....ඇත්තමයි මල්ලි....මට දැන් තරහ යන්න යන්නෙ...
ම්න්...ලොකුද දන්නෙ නෑ....හුරතල් නොවී කියකො යකො.....යන ගමන් ඔක්කොම දාලා මට උඹව හුරතල් කර කර ඉන්න හිතෙනවා...
ඒකා ඇබරෙනව ...එහෙ රිදෙනවා...මෙහෙ රිදෙනවා ගානවා මිසක් කියන්නෙ නෑ..... ...මොනවා හරි පඩත්තර වැඩක් කරලා තියනවා නැත්තන් කියන්න පුලුවන් නෙ. .මේකා හොරාවට පොල් ටොපි කාලවත්ද?????
මං එක පාර එයාගෙ මුන බැලුවා...අනේ...මේකා....වගෙ...මට පේන්නෙ මෑන් අප්පච්චි ගෙ කඩෙට ටොපිය දීලා වගේ...සීනි නැති කෝපි ඉල්ලුවට මූ හොරෙන් පොල් ටොපි කාලා වගෙ..ආ..ආඅ...සීනි එපා කියන්නෙ ඒකයි...අනේ යකො.....
ඇත්ත කියපන් වස්තු.....
එපා අහන්න....ලැජ්ජා හිතෙන්න යන්නෙ.....ඉතින්...දවස් දෙකයි..මං හොරෙන් කෑවෙ.....ඒවා...රහයිනෙ....රතු..පාට එක.....මං කාලා නෑනෙ....ඒකනෙ...ගත්තෙ...ඔලුව රිදෙනවා....
මෙහෙට වර...මගෙ අහිංසක හොරා....කමක් නෑ ඉතින්...ඔව්වා තියෙන්නෙ ඔයාට බන්කොලොත් කරන්න තමයි...මං එනකොට ඔයාට අරන් එන්නම්...හොදද....මගෙ වස්තු පරිස්සමින් ගෙදර ඉන්න.....
මගෙ පස්සෙන් එන්න එපා...හොදද.....මොකද ...
නිම්න....මං ආස නෑ...ඔයා මගෙ නරකම පැත්ත දකිනවට...මගෙ හොද විතරක් දකින්න...නරක පැත්ත දැක්කෙ නැති ගානට ඉන්න.....මට එක දෙයයි ඕනෙ...මගෙ නිම්නව සතුටින් තියන්න.....
මට ඔයාගෙනුත් එක දෙයයි ඕනෙ....මට හුගක් ආදරෙ කරන්න...

මං එයාව තුරුල් කරගත්තා ...මන් හිතුවා වගේම එයා හොරාවට පොල් ටොපි කාලා තිබුනා.....ඒක හිනා යන්න කාරනාවක් උනත්...පහු වෙනකොට ඒ කාරනාවම මාව අඩවයි කියන බයට මං ඉක්මනට එයාව තුරුල් කරගන හාදුවක් තිබ්බා..මගෙ පස්සෙන් එන්න එපා කියලා කිව්වා ...
අනු.....
ම්ම්ම්....
ඔයා....ඇත්තටම .....බබාලට ආසද.....
.ඔව් හුගක්...ආවම එකෙක් හදන්න ලෑස්ති වෙලා ඉන්න....දැන් ඇතුලට යන්න...පස්ස පාරෙ එන්නෙ නැතුව....
........
බොරුවට කිව්වෙ..මං ලමයිට ආස නෑ....උන් වද දෙනවා....මගේ එකම බබා ඔයා.....දැන් හොද ලමයා වගේ ඇතුලට යන්න...මං ආදරෙයි ඔයාට...ගොඩක්ම...ගොඩක්ම...ගොඩක්...ම....ගොඩාක්.....
ආදරෙයි...ඔයාටත්.....ගොඩක් වල වර්ගෙ!!
මොකක්?
ඔයාට ගනනුත් බෑද...?
අනෙ කටවහන් පලයන් ඇතුලට....ආවා මෙතන...මං යනවා...
මං අපේ අම්මට කියන්නද...ඔයාට ගනනුත් බෑ කියලා
...අනෙ....පලයන් නිම්න...මට යන්න දීලා....ආවා මෙතන...මේ වස්තු ඔව්වට න්න එපා...ඈ....
එහෙනම්....ප්රමේයක් කියලා යන්න
අපෙ බල්ලට දෙමල උගන්නපන්...ඒක ලේසියි....ආවා මෙතන..හයියෙන් දුවපන් ඇතුලට....ආදරෙයි පොල්ටොපියට...පරිස්සමින් හොදද...
කොල්ලා...හෙමින් පලයන්....ඕක හැලෙයි....කල්පනාවෙන් යමන්....හරකා වගේ පාරෙ නොයා....
යෝ...හ්...කෑවා...ඉතින්.....මැදට පැනල.....බෑනා ඉන්න තැන ලැජ්ජා කරන්න එපා කමනි....!!!
මයුරයා.....
ම්න්....
මොකද උඹ ඔය හද්ද පරන ටීශර්ට් එකක් ඇදලා.....
මිනිහා කැමති නෑ...සුදු තාත්තා කේස් දැන්...
එව්...විතරක් ...මේවට තමයි මට නගින්නෙ...
මම උන්නෙ බයික් එකට ජැක් එකක් ගහගන....හරියටම ඉදුනිලාගෙ...කමිනිකේශන් එක ඉස්සරහා.....මහවැව ඉලෙට්රිකල්ස්....ඒ එක්කම අපිට එදා සද්දෙ දාපු මගෙ නිම්නට අපහාස කරපු ෆ්‍රිෆෙක්ට් කාරයගෙ කමිනිකේශන් එක ඉස්සරහා...
මයුරයා...
මොකද....බඩු තියනවද.....
.ඔව් බන්....අම්මට හුඩු...උඹට කියන්න මෑන් පොත ගැන අම්මට සිරි වෙන වර්නනාවක් කෙරුවෙ....ඩිස්කවුන්ට් එකකුත් දාලා දෙන්නම් කිව්වා බන්...නේ උදාරයා....
ඔව්...උගෙ කඩේටම තියෙන්නෙ ඒ පොත් රේන්ජ් එක විතරයි .......ජයවර්ධනයා ඔච්චර පොත් ලිව්වද බන්.....උඹගෙ නිම්නයත් ලියනවා නේද....මූ...එයාගෙ එව්වත් අරගනද.....????
මට පේන්නෙ....මූට ඕකා ගානක් දෙනව ඇති....ඒත් බන්....මේ කමිනිකේශන් එකටම...ඔය තරන් දාන්න....
හරිනෙ...බන්....තව මීටර් පනහක් එහායින් තියෙන්නෙ විතානිකා එකනෙ...ඒකෙ ළමයි කීයක්ද.....පන්තියෙ උන් ඔක්කෝම ඵොටො කොපි කරන්න එන්නෙ මෙතන....මේ වයස නවල් කියවනවම වයස...ම්ම්ම්ම්...හරිම...අගෙයි..
ජයවර්ධනයගෙ...ඇම නම්.....
අරකා ඉස්කෝලේ උන්නෙ නම් කොහොමද ...එත් මෙතන ඉන්න හැටි...මුගෙ කට තාම ඒ වගෙමයි.....කතුර වගේ...පොත ගැන දුන්න විචාරෙ ඇහුවම...සෝවාන් වෙන්න ආවා....මූ ගාව එ තරම් මානව දයාවක් තිබ්බෙ...නේ උදාරයා.....
අමො...අමෝ.....හිච්චි කරුනාසෙන!
ගහහනවා..නම්...අදම ගහලා යන් මයුරයා...මං නම් කියන්නෙ....ගහන එක ගහන්න ඕනෙ ඇට හෙලවෙන්න....හැබැයි මුගෙ වම් ඇටෙ ගලවන් ගියොත් අලුතෙන් ආව ඇපල් එක වත් ගන්න තිබ්බා.....
මන් උන්නෙ..මගෙ ෆුල් ෆේස් හෙල්මට් එකට තට්ටුවක් දාන ගමන්....අපි දෙන්නට කලින් ඇතුලට ගිහින් ආව උදාරයයි රවිදුවයි දෙන්නම ඇතුලෙ විස්තර කියනකොට කල්පනයට අදම ගහන්න ඕන වෙලා.තිබුනා...
මයුරයා.....හැබැයි මචන් පොඩි අව්ලක් තියනවා.....
ඇයි....ඇතුලෙ කැම් තියනවද.....
නෑ...ඒක නෙවෙ...මූ කෑ.ගැහුවොත් එහා පැත්තට ඇහෙනව.....
යෝ...කටට ඔබන්න ඒවද බන් උදාරයා නැත්තෙ....ඔව්වා හිතන්න එපා.මයුරයා.....මං තාම ඉන්නෙ ඊයෙ ඇදපු ජොකා පිටින්....ඕක නහය ගාවට ඇල්ලුවොත් මූට කොහොමත් සිහි නැතිවෙනවා....ඒ අතරට ගහනවා.....නැද්ද කල්පනයා....ආ...උදාරයා....
එව්....යකො....එව්.....මීයා කුනුවෙයි තොගෙ....
මං නලල මිරිකගත්තා...අරුන් දෙන්නා විකාර කියවනකොට මන් උදාරයා දිහා බලලා හෙල්මට් එක දාගත්තා....හැබැයි උ දෙවනි පාරත් මාව නැවැත්තුවා.....
ඒ පාර මොකද ...
උගෙ ගෑනියි ලමයයි ඇතුලෙ ඉන්නවා...
ඌ බැදලා.....ලමයෙකුත් ඉන්නවද.....
තව එකක් හම්බෙන්නත් ඉන්නවා.....
උදාරයා කිව්වා උගෙ ගෑනියි ලමයයි ඉන්නවා කියලා ....රවිදුවා කිව්වා...ගෑනිට තව ළමයෙක් හම්බ වෙන්නත් ඉන්නවා කියලා ...එතකොට උන් ජීවිතේ විදිනවා....මගෙ නිම්න විදවනවා...
වරෙන් යන්න...
ඒ..ඒ..මයුරයා...ගෑනි යනකන් ඉමු....
ගෑනි යනකන් ඉමු....කො...
කල්පනයා....අරූව් නවත්තපන්කො....අරකා ගජිනි වගේ යන යාමට ගිහින් ඕකට ගහයි....ගෑනිට මෙතන බබා හම්බෙයි....නවතපියලකො..අනේ...
රවිදුවා...උඹ එනව නම්...වරෙන්.....මමත් යනවා...මට නැගගන ඒන්නෙ...යකො....උන් පවුල් පන්සල් වෙන්නයි....අපේ එකාගෙ කෑල්ල....මැරෙන්නයි...අහකට යමන් උදාර...මේ කල්පනයට නැගලා ඉන්නෙ...මයුරා...මගෙ...එකා....නැවතියන්...
මං එන්න ආවා.....රවිදුවා මට යන්න එපා ගග මැරෙන්න හදනකොට මං එන්න ආවා....මගෙ පස්සෙම්ම කල්පනයත් ආවා.....ඒ ටිකකිම්ම.....උදාරයයි රවිදුවත් ආවා.....
උන් කිව්වා හරි....මූට ළමයි බමයිනුත් ඉන්නවා....එතකොට මගෙ එකා.....
මොනවද..මල්ලි බැලුවෙ...
අයියෙ...පෙරේදා දාන් ගියපු පැකේජ් එක ...ඒක ඇක්ටිව් වෙන්නෙ නෑනෙ....
පෙරේදා....මල්ලි මෙහෙන්ද දාගන ගියේ...
ඔව් අයියෙ....අයියමයි මට දැම්මෙ.....
මම උන්නෙ පොත් ගොඩ ගාව...කල්පනයා අරූව කතාවට අල්ලගන...
(අ)වර්ණ
තටු
සිහින
අහස දුර නෑ
ගිම්හාන කදුලු
ලස්සනම ඍතු
නියගලා මල
මගෙ ඇස් ජයවර්ධනා ලියාපු එකින් එක...එකින් එක පොත් ගාවට ගියා...දැක්ක ගමන් කියවන්න හිතෙන නම් තිබුනෙ...ඊටත් ඒ කවරවල ලස්සන...මේ හැම පොතකම දේදුනු ලාංඡනයක් තිබුනා.....ගිම්හාන කදුලු .....නියගලා මල්...ලස්සනම.ඍතු පහු කරන් ආව මාව එක පාර ගල් ගැහුනා....ඊට එහා පැත්තෙම්ම තිබුන පොත දැකලා.....
හත් පාට හීන
"හත්පාට හීන....." මේක....මේක....දෙයියනේ..මෙක එයාගෙනෙ....මේක එයා ලියපු පොතක්නෙ....මේ නම එයානෙ ලිව්වෙ.....
රාක්කෙ තිබුන පොත මම දඩිබිඩියෙම අතට ගත්තා....
ඕකෙ දෙවනි කොටසක් එනව මල්ලි...ඔය පලවෙනි එක....තවම දෙවනි එක ලියලා නෑලු...මොනවා උනත්...පට්ට ලස්සන පොත් සෙට් එක....වෙනස්ම.රහක් තියෙන්නෙ......
මං පොත අතට ගත්තා...අරන් මුල් පිටුව කියවන් කියවන් එනකොට අරකා මගෙ ගාවට ඇවිදින් පොතේ ගුන කියවන්න ගත්තා.....
හත් පාට ආදරේක ඇති වැරද්ද මොකක්ද???
.මේවා....මේ හැම දේම එයාගෙ වචන...මූ මගෙ කොල්ලව මරාගත්තා මදිවට....එයාගෙ මහන්සිය පවා හොරකම් කරනවා....කාලකන්නියා.....
කාලකන්නි හැලි දෙමලා....
මල්ලි....ඕක හරි ගැඹුරු පොතක්.....මෙ ලෝකෙ අපි ආදරේ දකින සාමාන්‍ය ආදර කතා නෙවෙ.....තවත් ආදර කතා හුගාක් හැංගිලා තියනවා...ඒවා හරි ලස්සනයි මල්ලි....
මම උන්නෙ මගෙ නිම්නගෙ අකුරු අස්සෙ...එදා ගේට්ටුව ගාව අච්චර පඩත්තර කතාවක් කියපු එකා අද මෙහෙම කතා කරනවා.....
මගෙ නිම්න හරි . ..නිම්නගෙ අම්ම හරි...මුන් හැමෝම.....දාම ගාතකයො....මුන් වචනවලින් අල්ලගන්නවා...
ලැජ්ජ වෙන්න බය වෙන්න එපා මල්ලි....ඉස්සර වගේ නෙවෙ...දැන්.....එහෙම මිනිස්සුන්ට තව දුරටත් හැංගිලා ඉන්න ඕන නෑ.....එහෙම ආදරෙ කරන්නෙත්...අපි වගේම මිනිස්සු කියලා අපි මිනිස්සුන්ට තේරුම් කරවන්න ඕන මල්ලි.....
අරකා කියවගනම ඉන්නව...මං නිම්නගෙ අකුරු අස්සෙ මවාපු ඒ අහින්සක ලෝකෙ කදුලු එක්ක රස කරනවා...කාටත් පේන්නෙ නෑ මං කියවනවට වඩා අඩනවා කියලා ...ෆුල් ෆේස් හෙල්මට් එක මගෙ කදුලු හංගනවා...
වසත් සමයට පිපෙන මල්.....සීත සමයට පිපෙන මල්....ගිම්හාන සමයට පිපෙන මල්....සරත් සමයට පිපෙන මල් එක්නෙකට වෙනස් වෙන්න පුලුවන් ...ඒත්...ඒ හැම මලකම සුවද හරි ප්‍රනීතයි.....නාස් කුහර වලින් ඇතුලට ගිහින්....වැලදගන්නෙ මිනිස්සුන්ගෙ ආත්මයම වෙනකොට ...
කොල පාට කානෙශෙන් මල් සුවද අනිත් හැම මලකටම වඩා මට ලෙන්ගතු උනා ....
ටයි ඩයිඩ් රෝස මල්....හැම දාකම මගෙ හීන අස්සෙ සුවද බෙදුවා...
ඒ වගේම දම්පාට වර්නෙට....වටිනාකමක් එකතු කරපු ලැවැන්ඩර් මල් එක්ක මං විටෙක හිනා උනා ...
රෝස මල් ඇවිදින් ඒ පෙති වල තිබුන මෘදු බව එක්ක ආදරේත් කොයි තරම් මෘදුයි කියලා මට දැනෙන්න දෙනකොට
පැන්සි මල් වලට තදින් බැදී ඉන්න එක මොනතරම් සුන්දරයිද කියන එක මට කාටත් රහසින් කියලා දෙනකොට වයලට් මල් පොකුරක් මං හැමදාම මගෙ මෙසෙ උඩින් තියා ගත්තා...
මයුරයා....ගෑනියි ලමයයි ගියා.....
මයුරයා.....
මට එලියට එන්න හිතක් නෑ...එයා එයාගෙ ලෝකෙ හරි ලස්සනට අකුරු එක්ක ගොතලා තියන විදිහ දැක්කම මට දුක හිතුනා....
.ඌ මගෙ නිම්නව කොල්ල කාලා....
මං එහෙම්ම පිටි පස්ස පිටුව පෙරලුවා ...
ඔබ තවමත් ආදරය කිරිමට බයෙන් පසු වන්නෙක්ද....
එන්න.....අපි කතා කරමු.....
ඔබ වෙනුවෙන් සවන් දෙන්නන් බොහෝමයි.....
නිම්නගෙ වචන වලින් සැනසුන හිත ජයවර්ධනයා අවුලලා දැම්මා....ටෙලිෆෝන් නම්බර් ගොඩක් එක්ක එඩ්රස් එකක් දාලා....එන්න අපි කතා කරමු...හත් පාට හැගීම් කියන්නෙ තව දුරටත් වැරද්දක් නෙවෙ....පාපයක් නෙවෙ කියලා තද කලු අකුරින් ලියලා තියනකොට ඒ දිහා බලන් උන්න මන් මහ සද්දෙට පොත වහලා දාන ගමන් ජයවර්ධනයා ගෙ කටු රහ වැටිලා උගුල් අටවන එකා දිහා බැලුවා ...
ඉතින් මේ පොත් රහද ම්ම්ම්ම්....
මල්ලි...
නෑ මං අහන්නෙ අයියෙ...මේ පොත් අස්සෙ තියන ආදර කතා....ඔය කියන තරම් සුන්දරද ම්ම්ම්ම්ම්ම්ම්....
ඔය කියන තරමට ඒ ආදරේ විදින්න නිදහස එහෙම තියනවද ම්ම්ම්ම්ම්....
මං උදාරයා දිහා බැලුවා ...හැබැයි අපි එකෙක් වත් නම් කියලා කතා කෙරුවෙ නෑ....අනිත් උන් දෙන්නගෙ අත් දෙකෙ තිබුන පොත් දෙකත් උන් ආපිට රැක් එකට දානකොට උදාරයා ගිහින් දොර වැහුවා ...
එ...ඒ....ම්.ම්ම්...භ්භ්භ්.....භ්භ්භ්....
ශ්ශ් ....අපි චුට්ටක් කතා කරලා යන්න ආවෙ.....ඔය කියන ආදරේ කොච්චර රහද කියලා අපිත් කතා කරලා යන්න ආවෙ ....
ඒක හින්දා ...අපි....දැන් කතා කරමු හොදද ම්ම්ම්ම්ම්ම්....මට උඹ එක්ක කතා කරන්න දේවල් දැන්....ගොඩයි.....
භ්භ්භ්....භ්භ්....
ශ්ශ්ශ්ශ්ශ්ශ්ශ්........!
ආය කොටසකින් එනකන්...පයිස්සම් ඉන්ඩෝ......
ආතරෙයි පුතුකියනේ...
මම ජොබීහ්හ්හ්
Nedeesha ❤❤