Cherreads

Chapter 29 - 29

නි..නිර්වාන්...අනේ...නිර්වාන්..එපා....

අනේ.....හ්

මට කතා කර ගන්න බැරි උනා...ඉන්දවුන මට එතනින් එහා කතා කරගන්න බැරි උනා...නිර්වාන් ...

මගෙ නිරූ.....මගෙ නිරූ අනේ එයාට අමාරුයිලු...එයාට අමාරුයිලු...එයා ඉස්පිරිතාලෙ ලු....

අනේ මගෙ නිර්වාන් ...ඇයි අයියෙ මං උඹට මොනවද කියලා යැව්වෙ.....

හැන්දෑව තිස්සෙම මගෙ පපුව ඇදුම් කෑවෙ මේකටද නිර්වාන් ....උඹට රිදුන හින්දද මට රිදුනෙ.....උඹට වේදනාවක් දැනුන හන්දද නිර්වාන් මට රිදුනේ.....

එයාට තුවාලයි....කතා කරන්නෙ ලොකූ කියලා හිතාගන හෙලෝ කියන්නවත් නොදී ශෙනිරු කියපු කතාව අහපු මාව එහෙම්ම ඇදගන වැටුනා වගේම හුස්ම හිර කරපු පපුවට මං එක අතකින් ගහගත්තා .....

අප්පච්චි ගෙන් පස්සෙ මට මගෙ ඇගේ හැම ලේ නහරෙකටම කා වදින්න හාදුවක් දුන්න එකම පිරිමියා උන..කොච්චර නපුරු කම් කෙරුවත් හංග හංග ආදරේ දුන්න නිර්වාන් ඉස්පිරිතාලෙ කියනකොට මට වාවන්න බැරි උනා....

චූටි.....

චූටියා...

ල්...ලොකූ....

චූටි කොහෙද මේ දුවන්නෙ....චූටි නැවතියන් චූටි...මල්ලි...නැවතියන් යකො.....

මං දිව්වා...බිම ඉදන් හුස්ම හිර උන පපුවට මිට මොලවලා ගහගන්න ගමං උන්න මං අනිත් පාර ඵෝන් එකත් අතට මිරිකන් මහ රෑම දුවන්න ගත්තා ....මට මගෙ නිර්වාන්ව බලන්න ඕනේ...මොන දේ උනත් මට වැඩක් නෑ..මට වැඩි දුර දුවා ගන්න බැරි උනා උනත් මට පුලුවන් දුරක් හරි දුවන්න ඕනා උනා...මට මගෙ නිර්වාන්ගෙ ගාවට දුවන්න ඕනා උනා.....

පොල් අත්තක් අරගන යන ගමන් උන්න ලොකුවා අඩ අඩ දුවන මාව දැකලා උගෙ අතේ තිබුන පොල් අත්තත් දාලා දුවගන මගෙ පස්සෙන් පන්නන්න ගත්තා ...

චූටි ඔහොම නැවතියන් කිව්වම අහල ඔහොම නැවතියන් චූටි මොන මගුලෙද මේ රැස් තිස්සෙ දුවන්නෙ ...

මං දිව්වා.... ලොකුව මගෙ පස්සෙන් දුවගන් එන ගමන් පුලුවන් තරම් කෑ ගගහා නවතින්න නවතින්න කිව්වා උනත් මම කෙරුවෙ අඩ අඩ දුවපු එක වෙනකොට පිටිපස්සෙ ගේට්ටුවෙනුත් එලියට දුවපු මං පාර දිගේ දුවන්න ගත්තා

තෝව හැප්පෙයි යකො.....චූටි නැවතියන්...දෙයියන්ගෙ නාමෙට නැවතියන් හුත්තො...

මං දිව්වා..අනේ මට හුස්ම ගන්න ටික ටික අමාරු උනත් මං දිව්වා...කහපාට ලයිට් එලි පාර දෙපැත්ත පුරාවටම ඇවිලෙනකොට මහ දවාලෙ තිබුන වාහන දැන් දැන් ටික ටික අඩු වේගන යනගමන් තිබ්බා...

මං දිව්වා...මට හුස්ම ගන්න අමාරු උනත් මං ඒත් දිව්වා.....සනාශ් කෑ ගහනවා..වෙනදට අඩි දහය පහලව දුවාගන්න බැරිව හති හලන මං අද මට බැරි උනත් මගෙ නිර්වාන් ඉන්නෙ අමාරුවෙන් කියන වචන ඇහුන වෙලෙ ඉදන් මට ඕන උනේ එයාව බලන්න..එයාව එක පාරක් තදිම්ම තුරුල් කරගන්න වෙනකොට ඒ සිතුවිල්ලම මගෙ දුවාගන්න බැරි කකුල් වලට පන කැව්වා....

දෙයියනේ..අනේ...චූටි....නැවතියන්....උඹට මැරෙන්නද ඔක්නෙ චූටි...තෝව මැරෙයි යකො....මොන..මගුලෙද...දුවන්නෙ....

කියපන්....උඹ ඔය....පිස්සට...හැතැම්ම නෑ වගේ මොන...මගුලෙද දුවන්නෙ කියපන්....චූටී.....හ්....

ඌ කෑ ගැහුවා...මට වඩා.කොහොමත් වේගෙන් දුවාගන්න පුලුවන් උන ලොකුවගෙ කකුල් දෙකට වඩා අද මගෙ කකුල් හයිය උනා.....මං ඇඩුවා...නිර්වාන්ට හුගක් අමාරුලු....අනේ හුගක් ලේ ගිහින්ලු....

මොන මගුලද....හුගක් ලේ යන්න මිනි මරාගන්නද ගියේ දෙයියනේ...

හුගක් අමාරු වෙන්න තරම් උඹට කව්ද මොකක්ද කෙරුවෙ නිරූ....

චූටීහ්.....

ඇස් වලින් වැටෙන කදුලු අද කම්මුල් වත් නොතෙමම බිමට වැටෙනකොට මීටත් එහා දුවාගන්න බැරි උන මාව එහෙම්ම ඇදගන වැටුනා....

ච්...ක්..චූටීහ්....අනේ චූටියා...

ල්..ලො...කූ...මගෙ...නි...නිර්...වාන්...මගෙ...නිර්වාන් ...ලො...කූ...

චූටි ..මොන මගුලක්ද මේ....උනේ කියපන්....මොන මගුලක්ද....උඹට උනේ කියපන් චූටි..

මගෙ දනිස් දෙකේම ලෙලි ගියා....මුනින් අතට වැටුන මගෙ දනහිස් වල විතරක් නෙවෙ වැලමිටවල් වල මැනික් කටු ගාව ලෙලි ගියා.....

චූටියා...කියන මගුලක් අඩන්නෙ නැතුව කියපන් චූටි...මොන මගුලෙද උඹ මේ දුවන්නෙ....මට කියපන් සයාශ් ....ඇයි මල්ලි...අනේ ඇයි කියපියකො යකො මාව බය නොකර....ඇයි කියපන්...මං කිව්වා..මං තොට දුවන්න එපා කිව්වා...හුස්ම අල්ලන්නත් බෑ...මම උඹව අරන් කොහෙ යන්නද සයාශ්....ඇයි යක්සයෝ උඹ මට මෙහෙම වද දෙන්නෙ.....

මට හුස්ම ගන්න බැරි උනා.... මට හුස්ම අල්ලන්න කොහොමටත් බැරි උනා.....පපුව ගිඩි ගිඩි ගාලා ගැහි ගැහි මගෙ හුස්ම හිර කරනකොට මොකුත් නොදන්න සනාශ් මගෙ පපුව අත ගගා ඇයි මං ඌට වද දෙන්නෙ අහනකොට මං මගෙ නිර්වාන්ට අමාරුයි කියන්න කට හැදුවා....වචන එකතු කෙරුවා..ඒ ඔක්කෝටම වඩා කානතාරෙක ඉදන් ආව එකෙක් හා සමානවම මට වතුර තිබහව දැනෙනකොට මං සනාශ්ගෙ බැනියම් කර මිරිකලම අල්ල ගත්තා ....

චූටි....අනෙ චූටියා....අනේ කවුරුත් නැද්ද...උදව් කරපල්ලකො....අනේ...ළඟ පාත...මොකෙක් වත්....නැද්ද....මගෙ...මල්ලිට...අනේ...

මගෙ මල්ලිට අසනීපයි....අනේ...මගෙ...චූටිට...අසනීපයි....නවත්තපල්ලකෝ..දෙයියනේ...

ල්..ලොකූ...මට...මට..අමාරු....නෑ...ලොකූ...අනේ...මගෙ...නි..මගෙ .....නි...මගෙ...නි..කැහ්...කැහ්...

කට වහපන් යකො...කට වහපන්.....තෝව බාර දීලා ගියෙ මට...අප්පච්චි මගින් මගටම කිව්වෙ තෝව බලාගන කියලා .....ඇයි උඹට බැරි හිතේ තියන මගුලක් කටින් කියන්න චූටී.....ඇයි උඹ පිස්සෙක් වගේ හැසිරෙන්නෙ චූටි.....

මං හිමින් හිමින් හුස්ම ගත්තා ..මගෙ ඇස් වල කදුලු පිරුනා...මට ඕනෙ මං ගැන නෙවෙ මගෙ නිර්වාන් ගැන බලන්න මට කොයි තරම් අමාරු උනත් මගෙ නිර්වාන් ව මගෙ ඇස් දෙකට එක මොහොතක් හරො දකින්න....

පිස්සට හැතැම්ම නෑ වගේ මං දුවාවි...මං ගැන දුක් වෙන අම්මා අප්පච්චි මගෙ අයියා සනාශ් ගැන නොහිතා උනත් දුවාවි...සමහර විටදි දරන්න බැරිම තැන මගෙ පපුව පුපුරලා මැරිලා යාවි.....අනේ...ඒත් මට ඕනෙ එක දෙයයි...එකපාරක් හරි මගෙ නිර්වාන් දිහා බලන්න....අන්න ඒකයි ආදරෙ කියන්නෙ.....

සනා....ශ්....

චූටි....උඹට අමාරුද මගෙ චූටි අනෙ...රත්තරන් ..මේ එක බල්ලෙක් නවත්තන් නෑ මගෙ චූටි...අනේ උඹට අමාරු නම් ..මගෙ කරට වත් නැගපන්...මං උඹව අරන් යන්නම්....ඇයි චූටි...ඇයි කියපන්...උඹ ඇයි මේ දුවන්නෙ...උඹව අඩවන්න තරම් හේතුව මොකක්ද කියපන් චූටි...

මං හරි අමාරුවෙන් කතා කෙරුවා .....මගෙ පපුව අත ගගා අත ගගා යන වාහන දිහා බල බල අඩන්න ඔන්න මෙන්න උන්න සනාශ්ගෙ මුන මගෙ අත් දෙකෙම්ම අල්ල ගත්තා ...

සනා..ශ්....මගෙ....නිර්..වාන්.....ට..අමා...රුයිලු...ස..නාශ්...මගෙ...නිර්...වන්ව....අනේ...මාව...බලන්න....මාව...එක්ක යමන්...මාව.....එක්ක යමන්.....අයියෙ..අනේ...එක්ක....යමන්කෝ....

මං සනාශ්ගෙ මුන අත ගගා අත ගගා මාව එක්ක පලයන්...අනේ මාව එක්ක පලයන් කියනකොට උගෙ ඇස් දෙක වෙනස් උනා...

න්....නිර්වාන්ට ...මොකද.....

සනාශ්ට ගොත ගැහුනා ..නිර්වාන්ට මොකද අහපු සනාශ්ට ගොත ගැහෙනකොට මට එයාට උත්තරේ දීගන්න බැරි.උනා...ඒ එක්කම ශෙනිරුගෙන් කෝල් එකක් ආවා....

සෙනූ...හෙලෝ....සෙනූ...සෙනූ...නිර්වානට ....නිර්වාන්ට මොකද සෙනූ...මේ අපේ එකා මැරෙන්න යනවා....

මූව මග මැරෙයි සෙනූ.....

මූ මැරෙන්න හදනවා...

අනේ....මේකව එක්ක යමන් මාව මෙතන දාලා හරි මූට ඌව පෙන්නපන් ශෙනිරු මූ මෙතන මැරෙන්න හදනවා....මුගෙ පන යයි මෙතන...මූව අර යමන් මොන මගුල කරලා හරි මේකව අරන් පලයන් එක්ක නොගියොත් මේකා පාර දිගේ දිගේ පිස්සෙක් වගෙ ඔතනට දුවන් එයි...ඒ එනකොට මූ මග මැරෙයි ශෙනිරු..

මං අහන් උන්නා..මගෙ පපුව ටික ටික නිවෙනවා....ලෙලි ගියපු දනහිස් වල ලේ බින්දු මතු වෙනකොට හීනියට වදින හුලන් රැල්ලත් එක්ක ඒ හැම තුවාලයක්ම දැවිල්ල ගන්න ගත්තා ....ඒ හැම වේදනාවක්ම මට දරන්න පුලුවන් .....මට ඕනෙ මගෙ නිර්වාන්ව බලන්න.....මට ඕනෙ මට පරිස්සමින් ඉන්න මගෙ ලමයො කියලා ගියත් එයාට පරිස්සම් වෙන්න බැරි උන නිර්වාන්ව බලන්න වෙනකොට මාව ඇවිත් අරන් යමං කිය කිය සනාශ් ශෙනිරුට නොවදිනා වැදුම් වැන්දා.....

ලොකූ.....

පොඩ්ඩක් හිටපන් ඌ දැන් ඒවි...ඔක්කොටම කලියෙන් උඹගෙ ඔය මුරන්ඩු ගති නවත්තපන් චූටි...මොනවා හරි උනොත්..මට කියපන්....උඹට මොකක් හරි උනොත් මම අම්මා අප්පච්චිට මොන මගුලද කියන්නෙ චූටි..ආ..උඹ ඌට ආදරෙයි..ඒකනෙ ඌට මොනවා හරි උන ගමන් උඹට රිදෙන්නෙ...හැබැයි....උඹට මොනවා හරි උනොත්....ඌට විතරක් නෙවෙ කී දෙනෙක්ට රිදෙනවද කියලා හිතපන් සයාශ් ....

අර අම්මා අප්පච්චි ගෙ පපුව පැලෙයි සයාශ් ..මෝඩයෙක් වෙන්න එපා...දෙයියන්ගෙ නාමෙට....ඌට මොනවා හරි උනත් ලෝකෙ ඕන කෙරවලක අරන් ගිහින් බෙහෙත් කරන්න උතුරන්න සල්ලි තියනවා....අපි...අපිට එහෙමද චූටි...සල්ලි ටික එකතු කරගන බලනකොට ලෙඩා මැරිලා ඉවරයි...දෙයියන්ගෙ නාමෙට සයාශ් ....මොලේ කල්පනාකරපන්...මොලේ කල්පනා කරපන් මල්ලි....

මං ඔහේ අහන් උන්නා...ඌ හරි...ඌ කියන වචනයක් වචනයක් ගානෙම හර්....මගෙ පපුවෙ නිර්වාන් උන්නත්....ඉපදුන දාඉදන් මං වෙනුවෙන් නහින අම්මා අප්පච්චි ගැන හිතන්න ඕනෙ...එක බඩ වැලේ උන්න ලොකූ ගැන.හිතන්න ඕනෙ...

අනේ..ඒත්....ඒත් මට ඒ හැමෝම ගැන හිතන්න කලින් මට ඕන උනෙ මගෙ නිර්වාන්ව බලන්න ....මට ඕනෙ උනේ..එකම තත්පරේකට වත් ඒ මූන බලාගන්න....

මට බැන බැන...කෑ ගගහා උන්න සනාශ් සැරින් සැරේම පාර බැලුවා.....සැරින් සැරේම කෝල් ගත්තා ....සෙනූ පරිස්සමින් කිව්වා...සෙනූ අපිව ගනීද ඇහුවා....සෙනූ මාව නැතත් මූව අරන් යන්න සෙනූ ගෑවා....

වෙනදට නම් මං මුන් දෙන්න කතා කරනකොට කියක් ජාති හිතුවද..මොන තරම් ජාති කිව්වද....බැන්න කුනු කුනු ගෑවද... ඒත් අද ඒ මොකුත් නෑ මගෙ හිනාව පවා මැරිලා ගියා.....මගෙ හිනාව සම්පුර්ණයෙන්ම මැරිලා ගියා.....මං ඔහේ බලන් උන්නා..මං අද ශෙනිරු එනකන් ලොකුට වඩා උවමනාවෙන් බලන් උන්නා.....

මගෙ ඇස් දෙක පාර පුරාවටම ශෙනිරුගෙ රූපෙ හෙව්වා...මගෙ පපුව ඇදුම් කනවා.....මට එයාගෙ මූන දකින කන් මගෙ හුස්ම වැටෙන්නෙ නෑ වගේ දැනුනා...

චූටියා....චූටි...සෙනූ එනවා...නැගිටපන්...උඹට නැගිටින්න පුලුවන්ද චූටි.....

පුලුවන් ...මට...පුලුවන් ලොකූ....

මං නැගිට්ටා....මෙච්චර වෙලාම කදුලු හල හල බාගෙට පන ඇද උන්න මම ඈතින් එන ශෙනිරුව දැක්ක ගමන් මම ඉද්ද ගහලා වගේ හිටගත්තා .....ශෙනිරුව දැක්ක කියන්නෙ මට මගෙ නිර්වාන්ව දැක්කා වගෙ හැගීමක් දැනෙනකොට මම ශෙනිරු එනමගට දිව්වා.....

අනේ....ශෙනිරු ....මගෙ නිරූට..මගෙ නිරූට මොකද... ශෙනිරු.....අනේ..මගෙ නිරූට...

සයාශ් ....සයාශ් ...මේ අහන්න.....මේ....ඔක්කොටම කලින් අඩන එක කලබල වෙන එක නවත්තන්න සයාශ් ...ඔයා හිතනවද සයාශ් නිර්වාන් ඔයා අසනීප වෙනවට කැමති කියලා ...ආ උඹ හිතනවද අපේ එකා උඹ අසනීප වෙනවා බලන්න කැමතී කියලා .....ඌ මාව එලියට එලෙව්වෙත් උඹ ගැන කියලා .....

මට..බනින්න..එපා...ශෙ..නිරු....ඇයි....

උබලා...හැමෝම....මට බනින්නෙ...මං ඉන්නෙත් වේදනාවෙන්...එහෙම දැන දැන...ඇයි මට බනින්නෙ..මන් ඉන්න තැන සනාශ් උන්නා නම්...මගෙ නිර්වාන් ඉන්න තැන උඹ උන්නා නම්....එහෙනම් එතාන වෙන්නෙත් ඒකම තමයි...

මගෙ නිර්වාන් ඉන්න තැන උඹ උන්නා නම්..මූ හැසිරෙන්නෙත් මං වගේමයි ශෙනිරු ...කලබල වෙන්න එපා...එපා කිව්වත්.....හිතේ වේදනාව තියන එකයි ඇවිලෙන ගින්නෙ තරම දන්නෙ...එහෙම එකේ....උඹලා හැමෝම..මට බනින්නෙ ඇයි....මට....දොස්...කියන්නෙ..ඇයි....

මං මට දොස් කියපු ශෙනිරු වගේම සනාශ් දිහා බලන් උන්නා.....මහ රෑ දහයෙ කනිසමෙ කටු හොයන්නත් නැති වෙනකොට මගෙ නිර්වානව ඉල්ල ඉල්ල මහ පාර දිගේ දුවාපු, අසනීප උන මට බැනපු ශෙනිරු සනාශ් දිහා බැලුවා.....හෙල්මන්ට් දෙකයි තියෙන්නෙ...

චූටිය මැදට නැගපන්....

එච්චරයි මම ඊට එහා වචනයක් ඇහුවෙ නැ....වෙනදට එක වචනෙය වචන සීයක් කියවන මම අද මීක් නෑ...ඇස් වල කදුලු වේලෙන්නත් කලියෙන් තව තව කදුලු උනනකොට ඔලුවට හෙල්මන්ට් එකක් නැති මන් අනෙ ඒවචන ඇහෙන්නත් කලින්‍ බයික් එකට නැගලා

ඉදගන්නකොට ලොකුවත් මට පිටිපස්සෙන් ඉදගත්තා උන් දෙන්නටම මැදිවෙලා උන්න මං පත්තරෙ වගේ හිර වෙලා උන්නා...

නිර්වාන් ...මං උඹව බලන්න එනව නිර්වාන් ..අනේ.....උඹ හොදින් නේද්ස්...උඹව මගෙ ඇස් දෙකට දකින කන් මට කවුරු කලබල වෙන්න කිව්වත් මේ හිත මෙල්ල කරගන්න බෑ මගෙ නිර්වාන් ...උන් මට බනිනවා උන් මට කලබල වෙන්න එපාය කියලා බනිනවා ..අනෙ උඹම කියපන් මං කලබල වෙන්නෙ උඹට තියන ආදරෙ හන්දා නේද ....

කොච්චර විකාර නැටුවත් මේ චූටි උඹට පන ඇරලා ආදරෙයි නිර්වාන් .....

මං ශෙනිරුගෙ පිටට මගෙ නලල ගහගත්තා ...මහ රෑ හෙල්මන්ටුත් නැතිව මගෙ වදෙන් බේරෙන්න බැරි කමට මාව අරන් යන ශෙනිරු ඌට පුලුවන් උපරිම වේගෙන් ගියා ...ඉස්සරහට එන හුලන් පාරට මගෙ පපුවට සීතල වදිනකොට මෙච්චර වෙලාම රිදුන පපුව හිරි වැටිලා ගියා ...

මං එක දෙයයි ප්‍රාර්තනා කරන්නෙ මොන තරම් අමාරු උනත්..එයා ගාවදි මට ඇඩෙන්න නම් එපා කියලා .....එයා ගාවදි මට හීල්ලෙන්න එපා කියලා ....

වැටෙයි කියලා බයටමද කොහෙද මගෙ බඩ වටේට තදිම්ම අල්ලන් උන්න ලොකුවා සැරින් සැරේම මගෙ කනට රහස් කොදුර කොදුර බයන්වෙන්න එපා චූටි නිර්වාන්ට කරදරයක් නැ...නිර්වාන්ට කරදයක් නැ කිය කිය කොච්චර උනත් මගෙ හිත හදන්න හැදුවා.....

බබි....චුට්ටක් මෙතන ඉන්න අවේලාවෙ කොහොමත් ඇතුලට යන්න දෙන්නෙනෑ මං කතා කරලා එන්නම්....

මම සනාශ් .....අපි දෙන්නම උන්නෙ නවලෝකෙ ඉස්සරහා මීට ටික වෙලාවකට කලියෙන් පිස්සුවෙන් ගැහුන හදවත තත්පර ගානකට සංසුන් වෙලා ගියා උනත් ඉස්පිරිතාලෙ නිල්පාට ලයිට් එලි වගේම එහා මෙහා යන නර්සලා ඇටෙන්ඩන්ලාව දැක්ක ගමන් ආයම මගෙ පපුව ගැහෙන්න ගත්තා ....

ලොකූ...අනේ...මගෙ නිර්වාන්ට.....ලොකූ....කරදයක් ...නැතුව ඇති නේද...ලොකූ

සෙනූ කිව්වනෙ චූටියා ඌට ලොකු කරදරයක් නෑ කියලා ....බයනොවී ඉදින්කො....දැන් ඌ අහන් එයිනෙ....බය නොවී ඉදපන් ඌට මොකුත් වෙන්නෙ නෑ.....

ඇයි ලොකූ....ඇයො මොන යකාද මගෙ නිර්වාන්ට ඔහොම කෙරුවෙ මොන යකාද.....මොන මගුලටද ....මොන...මගුලටද ...

මං දත්මිටි කෑවා....අඩි හැප්පුවා....මොන යකාද මොන මගුලටද ඔහොම කෙරුවෙ අහන ගමන් මම අත් මිට මොලව මොලව දත් කූරු හැපුවා...මට ඒ තරම් කේන්තියි...මට ඒ තරම් ආවේසයි.....

බබී...

මොකක්ද සෙනූ කිව්වෙ බලන්න දෙන්නම් කිව්වද...

බලන්න පුලුවන් ..හැබැයි බබී වැඩි වෙලා බෑ....ගෙවන එව්වා උනත් දැන් මෙව්වත් අරවා වගේ වෙලා සනාශ්.....හිතුමනාපෙට යන්න දෙන්නෙ නෑ...එන්නකො යන්න....මූ ඉන්නෙ උඩම...

මං දිහා බල බල බබී බබී ගගා සනාශ්ගෙ අවුල් උන කොන්ඩ ගහක් මූනෙ පැත්තක් පිට අල්ලෙන් පිහ පිහ ඇදුම හද හද කතා කරන ශෙනිරුව දැක්කම මට දුක හිතුනා...පපුව ඇදුම් කෑවා...එයාව මතක් උනා..මගෙ නිර්වානුත් එහෙමයි...නපුරු ඇස් හීනි කරන් උනත් මගෙ ලග ඉන්නකොට එයා කරන්නෙත් ඔය ටික...එයා කරන්නෙත් සැරින් සැරේට මගෙ බෙල්ලට නලලට අත තියන එක....ඒත් දැන්.....අනේ....දැන්...

මම ලොකුම ලොකු හුස්මක් ගත්තා ....පපුව ආය ආයම ඇදුම් කනවා....

මට උඹ නැතුව හරි පාලුයි මගෙ නිර්වාන් .....

කොයිතරම් නපුරු උනත්...හුරතල් වෙන්න දන්නෙ නැති උනත්..අනේ මං උඹට ආදරෙයි මගෙ නිර්වාන් ...

සයාශ් එන්න...

එ..එනවා.....

ඇස්වල බැදුන කදුලු පටල ටිකින් ටික මහත්වෙනකොට එලිවේටර් එක අස්සෙදි මගෙ ඒ බැදුන කදුලු පටල ඇස් වලින් එලියට පැන්නා.....උන් දෙන්නගෙ පැටලුන අත් දෙක ගාව අද තනිකම ඕනාවටත් වඩා දැනෙනකොට මගෙ පපුව වේදනාවෙන් කොනිති ගැහුනා...

උඩට...උඩට...උඩට...

විදුලි සෝපානෙ අපි තුන්දෙනාවත් අරගන උඩට...උඩට...උඩටම යනකොට මං දොර ඇරෙනකන් තදියමෙන් වගේ බලාගන උන්නා....

මෙච්චර වෙලා ඉවසන් උන්න මට මේ ටික වෙලාව ඉවසගන්න බැරි උනා....මෙච්චර වෙලා දරාගන උන්න මට මේ තත්පරේ ඉවසන්න බැරි උනා..මට දොර කඩාගන යන්න හිතුනා....

ටින්...!

ඇදුම් කන පපුව අත ගගා එලියට පනින්න බලන් උන්න මං ටින් ගාන සද්දෙන් දොර ඇරෙනවත් එක්කම කාටත් කලියෙන් එලියට පැනලා ශෙනිරු එනලන් බලලන් උම්මා ඒ එක්කම.උන් දෙන්නම එලියට ආවා...

ශෙනිරු ....කීයද...කීවෙනි කාමරේද.....

දොලහා...

දොලොස් වෙනි එක...සයාශ්...එයා නිදි ....ඇහැරවන්නෙ නැතුව ඕන දෙයක්....

න්...න්..නෑ...මං..ඇහැරවන්නෙ නෑ....මං...එයාව..රිදවන්නෙ නෑ....

දොලහා...දොලහා....

මගෙ යටි හිත එයා ඉන්න කාමරේ කාමර අංකෙ එක දිගට මුමුනන්න ගන්නකොට මං දොලොස් වෙනි කාමරේ හොයන් දිව්වා...

හය.....

හත....

අට.....

නවය....

දහය.....

එකොලහා....

මේ තියෙන්නෙ...මේ.තියෙන්නෙ...දොලහා....

මගෙ පපුව ගිඩි ගිඩි ගානවා.....කොච්චර උනත්....මොන මනුස්සයද කැමති තමන් ආදරෙ කරන මනුස්සයා බැන්ඩේජ් ඔතාගන අතට පයට කටු ඇනන් ඉන්නවා බලන්න...මොන වේදනාවක්ද.....

මගෙ පපුවත් ඒ වේදනාව විදින්න ගත්තා ...දොලොස් වෙනි කාමරේ ඉස්සරහා උන්න මං වෙව්ලම අත් වලින් හිමින් සැරේ දොර තල්ලු කෙරුවා ....

න්...නි...නිරූ...

නිර්....වාන්...

ශෙනිරු...නිර්වාන් ....නිර්වාන් ...එයා...

එයා...නැනෙ!

මං දැක්කෙ හිස් ඇද...වෙව්ල වෙව්ල දොර ඇරපු මන් දැක්කෙ හිස් වෙලා ගියපු ඇද....සේලයින් කටුව එක්ක බෝතලකෙ ඇද උඩ තියනකොට ලේ බින්දු දෙක තුනක් හැලුන ටයිල් පොලව දිහා බලපු මං ශෙනිරුට මගෙ නිර්වාන් නෑ කියනවත් එක්කම ඌ පොඩියට හදපු නාන කාමරේට එබුනා...

නෑ...එයා නෑ...

කොහෙද ගියෙ...

මේ රෑ.....මෙච්චර අමාරු කම් තියන්

මේ යකා කොහෙ මගුලෙ ගියාද ඒ පාර...මු ගෙදර ගියාද .....

නිර්වාන් ...

නිර්වාන් උඹ කොහෙද නිර්වාන් ...

නිරූ.....ඔයා කොහෙද .....

නිර්වාන් ....ඔයා කොහෙද නිර්වාන් ....

එතනින් එහාට අපි තුන්දෙනාට ආයම සිහි නැති වෙන්න ආවා.....එයා උන්නෙ නෑ...නිර්වාන් ...නිර්වාන් ..නිර්වාන් ගගා මං මගෙ කකුල් වලට පන නැති වෙනකම්ම දිව්වා කාමරේ පුරාවටම වැටිලා තිබුන ලේ බින්දු මගකින් අතුරුදහන් වෙලා යනකොට අනෙ මං බිත්ති වලට වාරු වෙවී වාරු වෙවී එයාගෙ නම මගෙ කටේ කෙල හිදෙනකම්ම කිය කිය අඩ ගැහුවා ඒත් නැ....ඒත් නෑ.....

අනි නිරූ උඹ කොහෙද මේ උඹගෙ චූටි ආවා අයියෙ....

උඹගෙ චූටි උඹව බලන්න ආවා මගෙ නිර්වාන් ...

ඉන්න තැනකින් වරෙන්...අනෙ රත්තරන් ...මට හරි මහන්සි ....නිර්වාන් ..

මං බිත්තියක් අල්ලන් සෑහෙන්න වෙලා හිටන් උන්නා...ඉස්සරහට හම්බෙන හැම එකාගෙම්ම එයාගෙ හැඩ රුව කිය කිය කෝ මගෙ නිර්වාන් කෝ මගෙ නිර්වාන් ගගා මං එයාව හෙව්වා ....

අනෙ මගෙ කකුල් වලට නිවනක් නැති වෙනකොට උඩ පහල උඩ පහල ඇවිදපු කකුල් වලට කකුල් කඩිත්තුව ඇල්ලුවා ..

චූටී....ඉන්නවද .....චූටි.....

න්....නෑ....ලොකූ....අනෙ....නෑ...බන්....මගෙ නිර්වාන් ...කෝ.....ලොකූ...අනෙ ඌව කව්ද අරන් ගියේ..

මගෙ...නිර්වාන් ...ව....කව්ද .....ලොකූ...අරන්...ගියෙ...අනෙ අප්පච්චි .....නිර්...වාන්...නෑනෙ...අප්පච්චි ...මට හොයලා....දෙන්න්ස්කො....අප්පච්චි ..අනෙ අම්මෙ එයා නෑනෙ.....එයාට තුවාලයි.....එයාට අමාරුයි .....මට මගෙ නිරූව හොයලා දීපල්ල්කෝ.....

මම ඇඩුවා ....පොඩි කාලෙදි මොකක් හරි හොයා ගන්න බැරි උනාමත් අම්මා අප්පගෙ නම කිය කිය අඩාගන දුවපු මං අද නිර්වානව හොයලා හොයලා හෙම්බත් වෙලා මං අවසානෙදි පඩි පෙල උඩ ඉදන් බිත්තියට ඔලුව ගහ ගත්තා ... නිරූ....අනෙ වරෙන් කෝ....මට හරි මහන්සී අයියෙ කිය කිය පඩි නැග නැග බැහැ බැහැ හොයලා හොයලා අවසානෙදි පඩිපෙලෙ අවසානම පඩියෙ ඉදගන උන්නා ...

....සෙනූ . .....ඉන්නවද සෙනූ

නෑ බබී...සුදූත් හැම තැනම බැලුවා මූ ගෙදර වත් ගිහින්ද ...මේ ඔක්කොටම පලි අර කාලකන්නියා ...උගෙ අම්මා ..උන් මූව මරා ගන්න හදනවා මැරිල වත් යන්නෙ නෑ මූසල මගුල් දෙක.....

මං අහන් උන්නා...බිත්තියට හේත්තු වෙලා හෙම්බත් වෙල උන්න මන් ශෙනිරු තරහවෙන් දත් මිටි කකා බනින හැටි අහන් උන්නා....

...එයා ගෙදර ගිහින් ඇතිලු....

මෙ ඔක්කොටම වග කියන්න ඕනෙ උගෙ අම්මයි අර කාල කන්නි ඇමතියයි ගගා ඌ පුලුවන් තරම් කියවනකොට මුලු ඉස්පිරිතාලෙ අස්සෙම හති වැටෙන කම්ම හොයපු මං උන් දෙන්නව එතනම දාලා නැගිට්ටා ....මට මහන්සි ....

මගෙ පපුවට පුදුම මහන්සි....

නිර්...වාන්...අනෙ මාව මැරෙන්න වගෙ....නිර්වාන් .....මැරුනත් කමක් නෑ...මට.. එක පාරක්...හරි....උඹව...බලන්න දියන් මගෙ අයියෙ...මට...පුදුම තරම් මහන්සි ....

ශෙනිරු කිව්වෙ මූ ගෙදර ගිහින් වගෙ කියලා වෙද්දි මං බිත්ති වලට වාරු වෙවී වෙවී ඉස්පිරිතාලෙ අස්සෙන් එලියට ආවා... රෑ අන්දකාරෙ එලවන්න හතර වටේම බල්බ් එලි ඇව්ලුනා. .මං ඒත් බැලුවා ....ඒත් බැලුවා....වත්තෙ කොහෙ හරි වත් ඉන්නවද කියලා ඒත් නෑ....

මට හරි මහන්සි ...

.අඩියක් තියලා අඩියක් යාගන්න බැරි තරමට මහන්සි ....

මං එයාගෙ සිහියෙන් දුවපු දිවිලි වලට කකුලෙ තිබුන සෙරෙප්පු පවා නැති වෙනකොට ලෙලි ගියපු දනහිස් දැවිල්ල ගත්තා ... 

නිර්....වාන්.....චූටි....ව....මෙහෙම...මහන්සී කරවන්නෙ...අ.... ඇයි....උඹ උඹගෙ...ලමයව මෙහෙම...අඩවන්නෙ....නිර්වාන් ...

.මාව වැටුනා ....ඉසිපිරිතාලෙ ඉස්සරහා තාර පාරෙ ආයමත් මාව වැටුනා ගල් ඇනුන කකුල් වේදනා දෙනකොට මං හිගන පැටියෙක් වගෙ බිම ඉදන් එහෙම්ම පායපු හද දිහා බලන්න ඔලුව ඉස්සුවා ....

මෙච්චර වෙලා බාගෙට වගෙ හුස්ම ඇද ඇද මග මැරිලා උන්න මගෙ නහරයක් පුපුරලා යන්න ආවා..... 

අනෙ....අප්පච්චි ....නිර්වාන්

මට කෑ ගැස්සුනා ....

..පායපු හද දිහ බලන්න ඔලුව උස්සපු මට ඉසිපිරිතාලෙ ස්ලැබ් එකෙ ගැට්ටෙ හිටන් උන්න නිර්වාන්ව දැකලා හදතෙ නහර පුපුරලා යන්න එනකොට ආපහු දුවනවා තියා හිතන්නවත් අමාරුවෙන් උන්න මන් අරුන්ට වත් අඩ නොගහ එලියෙ පඩිපෙල ද්ගෙ උඩට ගාටන්න ගත්තා...

අනෙ....ඇයි....ඇයි...නිර්වාන් ...

රවුමට කැරකි කැරකි උඩටම තිබුන යකඩ පඩි පෙල දිගෙ මං ගාට ගාට වගේ උඩම දිව්වා...

දඩ බඩ..දඩ බ්ඩ...දඩ බඩ...

අඩියක් අඩියක් තියන වාරයක් පාසාම යකඩ පඩි පෙලේ පඩි යකඩ දඩ බඩ සද්දෙ එනකොට මං ගරාදි වැට අල්ලගන උඩ දිව්වා...

මට බයයි....

අනේ මට බයයි....

දරාගන්න බැරිම තැන මිනිස්සු කරන්නෙ තමන් වෙනුවෙන් එකෙක් හරි ඉන්නවා කියලා අමතක කරලා වේදනාවෙන් නිදහස් වෙන්න හදන එක....මට මගෙ නිර්වාන් ගැන දැනුනෙත් ඒ වගේම.බයක් වෙනකොට මං පුලුවන් ඉක්මනට උඩට දිව්වා ...

ඒත් පඩි පහ හයක් එක දිගට නැග්ගොත් මට ඊලග පඩි නැගගන්න බැරි තරමට හති වැටුනා...මට බලු හති...පඩි පෙල උඩ වැටි වැටි උඩට නැග්ග මං ආවෙ ඇගේ හයිය කෙසේ වෙතත් හිතේ හයියට වෙනකොට උඩට නගින්න තිබ්බ අවසානම පඩිය උඩ වැටිලා මං යකඩ කූරු බදාගන උන්නා....

නි....ර්වා....න්...මං..ආවා....

අනේ...එපා...නෙ...නිර්....වාන්....

එපා...මගෙ...නිර්....වාන්..අනේ...

මං ඇඩුවා...එපා කිය කිය මෙතන ඉදන් හීල්ලුවා...මට මහන්සි ..මට මහන්සි කියන්නෙ මගෙ හුස්ම යන්න තරම් මහන්සී...එයා ඉන්නවා....ඉරි ඉරි පිජාමා සූට් එකක් ඇදගන මගෙ නිර්වාන් ගැට්ටට වෙලා හිටගන ඉන්නවා.....

මට කතා කරන්න බයයි....නිර්වාන් පනින්න එපා කියන්නත් බයයි.....මොකද....එයාගෙ හිත ගැස්සුනොත්...බය වෙයි කියන බයට මම අනේ බිම දිගේ බඩගාගන වගේ එයා ගාවට ගියා...

න්...නිරූ....

මගෙ....න්.නිර්වාන් .....

මං ගොත ගැහුවා...එයා ගැට්ට උඩ හිටගන ඔහේ බලන් ඉන්නවා..අඩුමගානෙ මගෙ දිහාවත් බැලුවෙනෑ...කතා කෙරුවෙත් නෑ....සේලයින් කටුව ගැලවුනතැනින් එලියට ආව ලේ අවසානෙදි ගල් වෙලා අතටම ඇලිලා තියනකොට පිජාමා ඇදුමෙ පවා ලේ බින්දු තිබුනා.....

එයා අඩනවා..ඒ ඇස් වල කදුලු පිරිලා ....

නිර්වාන් ....මම...චූටි....අනේ...මං..උඹගෙ චූටිනෙ අයියෙ....

මං...ආවා.....

මං...ආවෙ උඹව බලන්න...නෙ..නිර්වාන් ..

මාව...දාලා යන්න....එපා...නිරූ.....උඹව...හොයන්...ඇවිල්ලා...මට...දැන්...හරි...මහන්සී.....

නිර්වාන් ...

උඹ...ඔහොම...ඉන්නකොට ...මට....

රිදෙනවා ....නිර්වාන් .....

අනේ.....මා...දිහා....බලපන්කෝ.....

මං..මෙච්චර දුරක්..ආවෙ...උඹව නැති කරගන්න..නෙවෙ....අනේ...නිරූ....වදින්නම්...වදින්නම්...මගෙ...ගාවට...වරෙන්කො...උඹගෙ...චූටිට..මහන්සී...නිර්වාන් ....උඹට..මං...ඉන්නවනේ...

චූටි ඉන්නවනේ.....

ඇයි මාව දාලා යන්න හදන්නෙ...නිර්වාන් ...

ඇයි උඹ මාව අතාරින්න හදන්නෙ...

උඹට මම මොන වරද කරාටද....

ඇයි නිර්වාන් ....

මං අහන්නෙ....ඇයි....

නි...රූ...

මට...තවත්...නම්...බෑ.....න්...නිරූ...මට....තව...ත්...බෑ..මගෙ...අයියෙ....

මන් කතා කෙරුවා ..හති වැටුන පපුවෙන් හුස්ම අල්ල අල්ල මං කතා කෙරුවා ....එයා නෙවෙ හැරිලා බැලුවෙ....එයා නෙවෙ කනකට ගත්තෙ.....මගෙ කටේ කෙල හිදෙන්න ආවා....ලෙලි ගියපු දනහිස් ඔක්කොටම වඩා වේදනා දෙනකොට එයාගෙ හිත වෙනස් කරගන්න මං නොසෑහෙන්න දේවල් කියලා කියලා අවසානෙදි මං හිටගත්තා ....

මට හිටගන ඉන්න බැරි උනා.....දුවලා...දුවලා...හති වැටුන මට මගෙ කකුල් වත් හයිය නැති වෙනකොට මගෙ කකුල් වෙව්ලන්න ගත්තා ....

ඒ කොහොම උනත් මං ගැට්ට අල්ල අල්ල එයා ගාවට ලන් උනා...හැබැයි අඩි දෙක තුනයි....උස තැන් වලට බය මම මේ පඩි පෙල දිගේ නැග්ගෙ කොහොමද කියන්නවත් නොදන්නකොට අහම්බෙන් වගේ බිම බලපු මට කකුල් වෙව්ලනව මදිවට කලන්තෙටත් ආවා...

න්..නිරු...මට....ක්...මාව...අල්.....

මට කතා කරගන්න බැරි උනා.....පහල දැකපු මට ඔලුව කැරකෙන්න ගත්තා වගේම වෙව්ලන කකුල් තවත් වෙව්ලන්න ගත්තා ..ඒ එක්කම මාව අනිත් අතට ගියා....

සයා....ශ්....!!!!

ම්..මාව.....

මං අතාරින් නෑ.....

මං උඹව අතාරින්නෙ නෑ....ඇස් ඇරලා බලපන් චූටි....මන් අල්ලන් ඉන්නෙ....

එයා මාව අල්ල ගත්තා ...වැටෙන්න ගියේ මාව ස්ලැබ් එකෙන් පහලට උනත් එයා මාව අහකට තල්ලු කෙරුවා විතරක් නෙවෙ ගැට්ටෙන් බිමට පැනල මාව කිටි කිටියට අල්ලගත්තා .....

මට කලන්තෙට වගේ....ඇගම පනනෑ... එ ඔක්කොටම වඩා.එයා නැති වෙයි කියන බය තිබ්බ මං මාව අල්ලන්.උන්න එයාගෙ කකුල් දෙක උඩ ඉදගන මගෙ කකුල් වලින් එයාගෙ ඉන තදිම්ම අල්ල ගත්තා ....අත් වලින් එයාගෙ බෙල්ල තදිම්ම ඔතා ගත්තා ....

ම්..මාව..දාලා...යන්න...එපා....

මාව..දාල...යන්න....එපා....

අනේ...මාව..දාලා..යන්න...එපා..මගෙ...

නිර්වාන් ....

මාව දාල යන්න එපා.....!!

මං කෑ ගැහුවා..මාව අල්ල ගත්තු පාර එයාගෙ කකුල් දෙක උඩ ඉදන් උන්න මං ඒ උරහිස් වල මූන ගහන් ඇඩුවා....ඉකි ගැහුවා....දාලා යන්න එපා කියලා බෙරිහන් දුන්නා....එයා මොකුත් නොකියම මාව තුරුල් කරන් උන්නා.....

මගෙ පිට දිගෙ අත ගෑවා....

මගෙ ඔලුව අත ගෑවා...අවසානෙදි මගෙ දුක අහලා අහලා මට අඩන එක නවත්තන්න කිව්වා.....

දැන් ඇති චූටි....මං ඉන්නවනේ.....නාඩා ඉන්න....

මං ඉන්නවනෙ..මං ඉනවනෙ කියන්නෙ...උඹ හැදුවෙ පනින්න.....

උඹ හැදුවෙ මාව දාලා යන්න.....උඹ හැදුවෙ..චූටිව දාලා යන්න...ඇයි මට මෙහෙම කරන්නෙ...මට.....මහනසී...නිරූ...මගෙ පපුව පැලෙන්න වගේ...අනේ...මගෙ පපුව...පුපුරන්න වගේ...

එයා මගෙ කදුලු පිහ දැම්මා.....ලෙලි ගියපු වැලමිටවල් අත ගෑවා...ඒ ඇස් වල දුක පිරිලා .....ඒ ඇස් ඉදිමිලා.....

මූන ඉදිමිලා ...කොටිම්ම මගෙ නිර්වාන්ගෙ මූන කැත වෙලා...

ඇයි...නිරූ.....

ශ්ශ්...උඹ...ආවනෙ.....දැන් ඇති...චූටි...උඹට රිදෙනවා.....

මට...රිදෙනවා.කියලා ...දැන්ද තේරෙන්නෙ නිර්වාන් ....උඹට...මගෙ වේදනාව දැන්ද තේරෙන්නෙ.....මගෙ හිතේ වේදනාව....දැ.....

මට ඔය තරම්ම ආදරෙයිද සයාශ් ....

මන් බලාගන උන්නා...එ ඇස් වල කදුලු පිරිලා....ඉදිමිලා රතු උන ඇස් වල කදුලු කැට උතුරන්න ...එයා අහනවා මට ඔය තරම්ම ආදරේද කියලා ..අනේ දෙයියනේ ආදරෙ හින්දනෙ මම මග මැරි මැරි ඌව හොයන් ආවෙ....

න්..නිර්වාන් ...අනේ...මං...උඹට.....මහ

ඇස් දෙක වහගන්න....

න්...

ඇස් දෙක වහගන්න...ඇයි අහන්න එපා.....

එයා මගෙ මූන එයාගෙ තුවාල උන පිට අල්ලෙන් අතගාන ගමන් ඇස් දෙක පියාගන්න කියලා මුමුනකොට මම ඇස් දෙක පියා ගත්තා ..එයා එහෙම්ම මගෙ මූන ඒ ගොරෝසු අත් දෙකෙම්ම අල්ල ගත්තා ...

"සමාවෙයන් ...මං උඹට නොසෑහෙන්න ආදරෙයි මගෙ ලමයො....!"

මගෙ ඇගත් හිරිවැටිලා ගියා....ඇස් පියාගන්න කියපු එයා අනිත් පාර මගෙ මූනම අත් දෙකෙන් අල්ලගන මගෙ නලලට එයාගෙ නලල තියාගත්ත නිර්වාන් අනිත් පාර මම උඹට නොසෑහෙන්න ආදරෙයි කියනවත් එක්කම මෙච්චර දවසක් නොදුන්න මුල්ම හාදුවෙන් මගෙ වේලිලා ගියපු දෙතොලම තෙමනකොට එයාගෙ නපුරු ආදරෙ බර දැනුන මට ඉබේම ඇඩුනා...මගෙ ඇස් දෙකම තෙමිලා ගියා....

තත්පර ගානක් ....ඇස් අරින්න වත් නොදීම එයා මාව සිප ගත්තා ...අවසානෙදි ....එහෙම්ම මාව එයාගෙ පපුවට තද කරලම තුරුල් කරගන එහෙම්ම බිත්ති කන්දට පිට දීලා හේත්තු වෙනකොට මං දුකට බයට තවත් ඇඩුවා.....

මාව..දාලා...යන්න..එපා...නිරූ...අනේ....චූටිව....දාලා...යන්න...එපානෙ....

නෑ..දාලා යන්නෙ නෑ..දැන් නාඩා ඉන්න.....

ම්හුක්...මගෙ...අත..පය....ඔක්කොම...

.රිදෙනවා...නෙ..නිර්වාන් .....

සමාවෙන්න....

සමාව...ඉල්ලන්නෙ...සමාව...දෙන්න...වටින්...නෑ...නිර්වාන් උඹට....සමාව..දෙන්න වටින් නෑ...ඇයි...උඹ මට මෙහෙම කරන්නෙ...

......

එකෙක් කරපු දේකට...ඇයි අයියෙ....උඹ..මටත්..

රිදවන්නෙ.....

සමාවෙන්න....දැන් ඇති...

දැන් ඇති...දැන්..ඇති..නෑ...දැන්..මදි....මට

මදි.....

මං එයාට ගැහුවා..එයා නාඩා ඉන්න නාඩා ඉන්න කිය කිය මගෙ කදුලු පිහ දදා මගෙ මූන පුරාවටම පුංචි පුංචි හාදු ගොඩාක් තියන්න්න ගත්තා ....

.නිර්වාන්ගෙ ආදරෙ උතුරනවා....

නපුරු නිර්වාන් අද ලෝබ කමක් නැතුවම ආදරේ දෙනවා...අඩන මාව නලවන්න හදනවා...ඒත් මම නෙවෙ නැවැත්තුවෙ...එයා මගෙ ගාව කියන හැගීමත් එක්ක පන ගියපු කුඩික්කි කට ආයම පන ගහන්න ගත්තා .....මන් එයාගෙ ඔලුව කැක්කුම අල්ලන කම්ම කියෙව්වා ....

ඇත්තමයි ...ඇත්තමයි නිර්වාන් ...මං ආය කියන්නෙ නෑ....අනෙ මං උඹට ආදරෙයිනෙ....නිරූ....මං තොට ආදරෙයිනෙ....යකො...එපානෙ....එපානෙ...අනේ...එපා..නේ..චූටිට දුකයිනෙ.....මං ආදරෙයි නෙ...අප්පා ....මං....ආදරෙයිනෙ...පුත්තලමේ වැවෙන ගෝවා තරම්...ආදරෙයිනෙ.....අනේ...හ්....

තේරුම් ගනින්කෝ....ඇයි මාව අඩවන්නෙ.....

.......

උඹට මොනවා හරි උනා නම්....මට මොකද වෙන්නෙ නිර්වාන් ....

.....දැන් ඇති චූටි....නාඩා ඉන්න.....ඒක ඉවරයි....

අපූරුයි ....ආ...හරිම අගෙයි.....දැන් ඇති....උඹට කියන්න ලේසීයි ...මමනෙ වේදනාව දන්නෙ.....ඒක ඉවරයි...ඒ.උඹට...මට නෙවෙ....මං..මේක මැරෙනතාක් මතක් කර කර උඹට බනිනවා...

........

ඔක්කොම කරලා දැන් ඇතිලු..උඹලට කියනකොට ලේසියි...අහන් ඉන්න අමාරුයි....මාත් එක්ක නටන්න හදන්න එපා නිර්වාන් ....නටන්න නම් එන්න එපා....උඹ කියන දේ නෑහුවොත් දානවා කලිසම අස්සට අලි වෙඩිල්ලක්.....ඇයි.යකො...මං බය උනානෙ...

......ම්න්

ම්න්..ගන්නෙ..ම්න්..ගාන්නෙ.....උඹ දන්නෙ නෑ.....අනේ...නිරූ....එපානෙ.....ආය එහෙම කරන්න...එපා...නෙ...නිරූ ...චූචිට....

චූචිට...පිස්සු හැදෙන්න ආවනෙ....

දැන් පිස්සු නැද්ද එතකොට ම්ම්ම්ම්ම්ම්ම්

ආදරේ ඉවරයි.....අර උතුරන්න තිබ්බ ආදරේ ඉවර උනා...මෙච්චර වෙලාම මාව ඉඹ ඉඹ මගෙ කදුලු පිහාපු නිර්වානයා ආයම පරන යකාම වෙනකොට මං මැරෙන්න හැදුවා.....අඩු බඩු වල තුවාල පාරන් එයාගෙම කකුල් උඩ ඉදන් නහින්න හැදුවා....

ආ..ආ..ආ.නිර්වානයා.....හරිම අගෙයි...ආ....හරිම අගෙයි...කකුල් කඩාගන...මහ මග වැටි වැටි උඹව බලන්න ආව පියෝන්සෙට කියපු කතාව හරිම අගෙයි...ආ...බාල බෑනෝ...ප්‍රීතී....ප්‍රීතී......

.....

අතෑරපන්...අතෑරපිය මාව....උඹ මට ආදරේ නෑ...නැත්තන් මාව දාලා යන්න යන්නෙ නෑනෙ....අතැරපන්....උඹට මගෙ අගෙ දැනෙන්නෙ මං නැති දාක.....

.....

උඹට මේ මෝඩයා ආදරේ කරන තරම දැනෙන්නෙ මං නැති දාක....

උඹව මට නැති වෙන්නෙ නෑ....

නෑ..නෑ....උඹගෙ....කෙරුවාව....වැඩි..නිරූ....අහකට පලයන්...ගනින් අත...

ම්න්.....

උඹට..මගෙ ආදරෙ...දැනෙන්න....මාව..නැති..වෙන්නම...ඕනෙ...බලන් ඉදපන්..මං..මෙ...දැන්...උඹගෙ ඇස් පනා පිට...මෙතනින් ....බිමට පනිනව.....හොදට බලන් ඉදින්...අදින් පස්සෙ උඹට ලමයෙක් නැ ...අදින්...පස්සෙ ....උඹට....මාව...නෑ....නිර්වාන් ....මං..පනිනවා.....

ම්න්.....වටයක් කැරකිලා පැනපන්

නිර්වානයා...හ්!!!!!

😌ආය....එන්නම්.....

ආතරෙයි...

පයිස්සමින් ....

මම ජොබී වීස්ලි....🤭🤭🤭

Nedeesha !

More Chapters