සංජන යන්න ගියා...මං තවමත් සිමෙන්ති බංකුවෙ...සංජන හොද කෙනෙක් වෙයිද ...නරක කෙනෙක් වෙයිද....මගෙ නිරූ කිව්වා වගේ.....අපි හැමෝටම බලන් ඉන්න වෙනවා...මොන දේ කෙරුවත් අර ගෑනි කොහොම ආදරේ දුන්නත් ...ඒ දෙන්නම තේරුම් අරන් තියෙන්නෙ එතන තියෙන්නෙ ආදරයක් නෙවෙ මායාවක් කියලා .....රැවටීමක් ...පාවිච්චි කිරීමක් කියලා ....
මං ඉදගන උන්න තැනින් නැගිට්ටා. .අරූව ඇදන් ගිය විදිහට ඌව මරල හංගලද දන්නෙ නෑ...නිර්වාන්ට හපන්...ඌට තියෙන්නෙ උගෙ අප්පච්චි ගෙ මිලිටරි ගති....කවදා හරි අරූට වෙන්නෙ විසි හතර පැයම ගෙ දොර අතුගාගනම ඉන්න....පුකට එලිය වැටෙනකන් නිදියලත් හමාරයි... උන්ගාව නීති වැඩී...උන්ගෙ නීති තදයි ....නීට් එක නම් උපරිමයි....මාත් උඩ පැන්නත් මටත් දවසක නිර්වානයා ගහාවි සඳ බොද වෙන්න...
මොනව කරන්නද චින්තක්ගෙ දරුපැටව් දෙන්නා දැන් ප්‍රේමෙන් මුසපත් වෙලා අන්ධ වෙලා ඉවරයිනෙ....අප්පච්චිට කියන්න ඕනෙ අපි දෙන්නව බන්දලා දෙන දාට දෑවැද්දට දම්මික පැනි අරන් දෙන්න කියලා ...
ඇත්තටම නිර්වානයා ලොකු උනහම මාව බදීද.. .???
ආ..ආ...ආ..නොබැන්දොත්නෙ වැඩේ වෙන්නෙ ....ඇත්තමයි ඕකා මට බූට් එකක් තියන්න හැදුවොත් ගේ ඉස්සරහට ගිහින් ගිනිතියාගන්නවා....ඇයි යකො.....
ඒ උනාට...කොහොම උනත්..මට ඕනෙ බදින දාට මනමාලිව දැක්කම අඩන මනමාලයා වගෙර් නිර්වානුත් මාව දැකලා අඩන්න.....ඇයි යකො...ෆුල් සූට් ගහලා මේ යන්නෙ ඌට බත් තම්බන්න රෙදි හෝදලා දෙන්නනෙ.....
මට උඹ නැතුව හරි පාලුයි නිර්වාන් .....උඹ ළඟ ඉන්නකොට කල්පයත් තත්පරයක් වගේ....
උඹ දුර ඉන්නකොට ...ගෙවෙන තත්පරෙත් කල්පයක් වගේ.....කොච්චර නපුරු උනත් උඹගෙ වයසට උඹ දෙන ආදරේ හරි බරයි නිර්වාන් ....උඹ කිව්වා වගේම මමත් හොදට ඉගන ගන්නවා.....මන් හිතන්නෙ අද ගුරුවරුන්ට රැස්වීම තිබ්නෙත් වාර විභහගෙ ගැන කතා කරන්න වෙන්න ඇති.....අනේ මන්දා මොනවා ලියන්නද කියලා ....විචාර ලියනකොට හිතේ තියන දේ එක පාර බස බස ගාලා කොලෙ උඩ ලියවෙනවා නම්....ඒකත් එකක්.....ඇයි යකො අත කඩාගන ලියන්න ගියහම එපා වෙනවා...
පලවෙනි පිටුවෙ තියන බෝල අකුරු නෙවෙ රසාස් වාදෙ ඉවරවෙනකොට තියෙන්නෙ...තනිකරම වෙද අකුරු...දයනු තනිකර ගැරඩි වගේ...නයනු කාක්කො වගේ...
බෙල් එක ගැහුවත් හරි කඩි ගුල වගෙ ඇවිස්සිලා උන්න ළමයි එක පාරම පන්ති වලට ගාල් වෙලා යනකොට මං පඩි පෙල දිගේ හිමින් හිමින් උඩට නගින්න ගත්තා ....ඩියුටි යන ෆ්‍රිෆෙක්ට් ලා තනිකරම කැබිනට් අමාත්‍ය වරු වගෙ හෙනම ගැම්මෙන් යනකොට සමහරු නම් අවදානෙ ගන්න බොරුවටත් රැගුවා...නැති වැරදිත් කිව්වා...සෙනුගෙ බබියටයි....නිරූගෙ චූටියටයි ඔවුන් මොකක් හරි කිව්ව දාට තමයි වැඩේ වෙන්නෙ....බැජ් නැතුව යන්න වෙයි....ඔව්...ඔව්....ආය...උන් දෙන්නා අපිට බැන්නට.....වෙන කවුරුත් අපිට බයිනවට කැමති නැනෙ....
චූටියා.....
.....
චූටියා උඹ කොහෙද ගියෙ ..
පඩි පෙලේ අවසානම පඩි දෙක තුන නැගන් ආව මට චූටියාචූටියා ගාගාන එන සැලාව හම්බුනා...ඌ පඩිපෙල දිගෙ පහලට බැස්සා...හැබැයි අතක් උස්සගන..අරූ මුගෙ අත අඹරලවත්ද??
සනාශ්...මොකද ඔය අත....
එ...ඒ...හෝව්....හෝව්...අල්ලන්නඩ නම් එපා....අල්ලන්ඩ නම් එපා...
ඇයි අඩෙ...අරූ උඹගෙ අත අනිත් අතට ඇරියද...කෝ බලන්ඩ පෙන්නපිය
සැලා උගෙ දකුනු අත ඉස්සරහා අත කඩාගත්තු බල්ලෙක් වගේ ඌ අත උස්සගන ඒක අල්ලන්න නොදි කෑ ගහන්න ගත්තා ....
පොඩ්ඩක් ඉදුකො...කිව්වම අහලා...
ඉතින් තෝ ඕක උස්සන් නහින වෙලෙ පෙන්නපියකො පගයො...අරූ තොගෙ අත අනිත් අතට ඇඹරුවද...එක අතකට තොට හොදවැඩේ බේසමා මං කොච්චර ඇන්නද දැන් ඇති ඔය කියවිල්ල ගගා...නෑ....නෑ...අවදානෙ ඕනා උනානෙ.....ජොකර් වෙන්ඩ ඕනා උනානෙ...අපරාදෙ තොට අප්පච්චි සනාශ් කියලා නමදාපු වෙලේ අන්දරේ කියලා නම දාන්ඩ තිබුනේ...සනාශ් නිහාර කියනවට වඩා හොදයි අන්දරේ නිහාර කියන එක...
ඒක එච්චර ගැලපෙන්නෙ නෑනෙ.....නේ....මට අන්දරේ කියලා දැම්ම නම් තොට දාන්න වෙන්නෙ කයිතන් අප්පු කියලා...
ආ...ඇත්තදූ....පව්....ගියා මෙතන විහිලු සපයන්ඩ...අමොර් ....අමොර් ...අන්දරේ.....තොගෙ අත නෙවෙ කඩන්න තිබ්බෙ බෙල්ල...වරකො ආය.....
යෝ....හ්..අත කැඩුවෙ නැ ගොබිලයො කියන්ඩ කලියෙන් මැද්දෙන් ඇඩ් නොදා ඉදුකො....
කියකො බලන්ඩ.....
මං අරකගෙ අල්ලන්ඩ නොදෙන අත දිහා බලාගන ඉදලා අවසානෙදි ඌට කියන්ඩ තියන දෙයක් කියන්ඩ දීලා බලන් උන්නා....
මේ අත කඩලා නෙවෙ අනේ....
ඒව්...මේ...අනේ..පනේ...නොගා කියනවද....
සෙනූ..ඉන්නෙ...බබීගෙ සෙනූ.....සෙනූ...බබීගෙ අතට උම්මියෙක් දුන්නනෙ...
...එව්...
මේ අතට උම්මි ගොඩාක් දුන්නනෙ....ඒකනෙ අත උස්සන් ඉන්නෙ...
එව් මට මෝනින් සික්නස් වගේ.....හරියට හිටහන කියකො ඕක.....සෙනු මගෙ අතට උම්මා එකක් දුන්නා කියලා .....රගන්නෙ පුදුම වේස නිරූපනයක් තමයි මේක නම්...
.පැලියාව තොගෙ...අද මහ කනුව නෑනෙ...ඒකයි...
අම්මෙ...පැලියාව....මට හම්බෙනවනෙ මේක....නිකන් ඉදු ලොකුවා.....මට කියපන් ඇයි උඹ මාව හොයන් ආවෙ.....
ඩ්‍රාමා සර් උඹව හොයනව.....
ඩ්‍රාමා සර්....
ම්ම්ම්...අන්න උඹ අර වහ වැටීගන ඉන්න නලු බට්ටා බලු නට්ටත් ඇවිත්...
සාක්‍ය අයියා....?
සාක්‍ය නෙවෙ ශාක්‍ය ..හරියට නම කියපිය ඇයි තොගෙ ඉස්සරහා දත් දෙකේ හිඩැස්ද...මේ....මේ චූටියා....රගපාන්ඩ ගියා වගේ නෙවෙ...වෙන වෙන මස්සිනාලා හොයන් එනවා නෙවෙ...අපෙ අප්පච්චි ගෙ පොඩි බෑනා නිරූ...එච්චරයි ...
.මටත් තොට කියන්ඩ තියෙන්නෙ එච්චරයි ....අපේ චින්තකගෙ ලොකු බෑනා සෙනූ....රෑ එලිවෙනකන් වට බඩ්ඩ වගේ පරන උන් එක්කත් හුරතල් වෙලා දැන් එන්වා සෙනූ උම්මියක්.දුන්නා යැයි යැයි ගාන්ඩ...
හා..හා...පල....පල...පැලියාව නැතුව...උඹට මතකනෙ.....අපි අවදානෙන් ඈ....රගපාන්ඩ ගියා වගෙ නෙවෙ...නම රැකන්..පතිවත රැකන් වරෙන්...උඹ නිරුවට පිටින් ගියොත් මං යනවා එක ගෙයි කන්ඩ.....සදුද සෙනු අගහරුවාදට නිරූ බදාදාට දෙන්න එක්කම....
එව්...සාපකාරයා....
කොයි වෙලෙත් බල්ලො බලල්ලු වගේ කාගන්න අපිදෙන්නට ප්‍රේමවන්තයි හම්බුනත් හරි හුග කාලෙකින් කාගන්න බැරි වෙනකොට අපි දෙන්නා කාලෙකට පස්සෙ වචන වලින් ගහගන ආපහු මං ඉහලට නගින්න ගත්තු පඩි පෙල පහලට බහින්න ගත්තා... හය හත පන්ති වලට සිංහල වලටයි ලොකු පන්ති වල ඩ්‍රාමා වලටයි දෙකටම උන්නෙ එකම එකා වෙනකොට මගෙ කෙරුවාව ඕනවටත් වඩා දන්න අයාන් සර්ව හොයන් මං සයන්ස් එක ගාවින් කෙලිම්ම සර්ගෙ පන්ති කාමරේට ගියා...
..එයාගෙ පුටුව අද හිස්....වෙනදට ඔතන ඉදගන ඔලුව නවාගන පොතක් බලන මගෙ නිර්වාන් නැ...
සර්....
ආ තාරාවා..... ආවද වරෙන් වරෙන්.....
දොරට තට්ටුවක් දාලා ඇතුලට යනවත් එක්කම මොකක් හරි බල බල උන්න අයාන් සර් නලුවා එක්ක මොනව හරි කතා කර කර ඉදලා මාව දැකලා ඇතුලට අඩගැහුවා ...
මං ඇතුලට එනවත් එක්කම සර් දිහා බලන් උන්න නලුවා එකම එක පාරක්.මා දිහා බලලා ඇහැට නොපෙනෙන මහ අහංකාර හිනාවක් දීලා ආයම සර් දිහා බැලුවා...කොටින්ම ඌට මගෙන් උත්තරයක් විදිහට ආපහු හිනාවක් දෙනකන් වත් ඉන්න බැරි උනා...
පුදුම කැටයමක් ...දැන් නම් අර තිබුන ක්‍රශ් ගතියත් යාගන එන්නෙ....අනික.මූ සංජනයගෙ යාලුවෙක් ....නිර්වාන්ව දන්නවා...අපි හැමෝම එකට ඉන්නෙ කියල දැන දැනනෙ මූ මට මේ ටූ ෆිෆ්ටි වැඩේ කෙරුවෙ.....
මං නලුවා දිහා බලාගන උන්නා...ඌ නෙවෙ මාව තඹේකට වත් ගනන් ගත්තෙ.....අහංකාර කම...
හරිම අගෙයි...ආ...හරිම අගෙයිම්.....ආධුනික නලුවගෙ හැසිරීම් රටාව නම් හරිම අගෙයි...අමොර්..අමොර්.....ඔස්කාර් සම්මාන ලාභියා....හොදම වේස නිරූපන කාරයා...ම්ම්...නලුවන්ගෙත් නලු අප්පච්චි ගෙ උද්දච්ච හැසිරීම රටාව නම් .....ප්‍රීතී....ප්‍රීති...
ඔහොම යන්....ඔහොම යන්...අපටත් දවසක ඉරපායාදෝ කියලා සුරවීර මහත්තයා කිව්වෙ නිකන් නෙවෙනෙ...මමත් කවදහරි දවසක නලුවෙක් වෙයිනෙ....අන්න එදාට මන් එනමගක උඹ හිටියොත් මම උඹ ගාවින් යනකොට අහක බලා ගන්නවා ...
අයාන් සර් මට එන්න කිව්වෙ...
පුටුවක් අරන් ඉදගනින්කො...
ටිකෙන් ටික ක්‍රශ් ගතිය හේදීගන යන නලුවා දිහා බලන් උන්න මන් අවසානෙදි ඌට වඩා සිය දහස් ගුනේකින් මගෙ නිරූ ලස්සනයි කියලා තදිම්ම හිතෙ තැම්පත් කරගත්තු මන් අයාන් සර් දිහාවට හැරිලා ඇයි සර් ආවෙ අහනකොට සර් මට පුටුවක් අරන් වාඩි වෙන්න කිව්වා වගේම මමත් ඉදගත්තා ...
සයාශ් ....
සර්.....
ලබන සතියෙ තරගයක් තියනවා ...ස්ක්‍රිප්ට් තෝරගන්න එකෙන් පලවෙනි වටේට ස්ක්‍රිප්ට් එක තේරිලා ....පුලුවන්ද දවස් දෙක තුනක් හවස ප්‍රැක්ටිස් වෙන්න එන්න. පුලුවන්ද නෙවෙ වරෙන්....
පුලුවන් සර්...
ම්ම්...හොදයි මං අනිත් උන්ටත් පනිවිඩෙ දුන්නා ....මේක තවම පලවෙනි වටේ නිසා කොස්ටියුම් එක ලොකූවට හිතන්න ඕන් නෑ....මියුසික් ටීම් එක එකක් ..තියන සින්දු අටට මෙලඩි දාගන්න එක තමයි මේ දවස් වල කරන්න තියෙන්නෙ. ....
.....
මං අහගන උන්නා....වෙනදට නම් නානප්රාකාර විකාර හිතන කරන මං අද අහගන උන්නා.....නලුවා මොකක්ද.කොලයක් බලාගන ඉන්නකොට මං ආයම නලුවව තඹෙකට වත් මායිම් නොකර උන්නා...ලබන සතියෙ තරගයක් තියනවා කියන්නෙ ඉස්කෝල කීයකින් ඒවිද...රාජ්‍ය ලමානාට්‍ය උළෙලට මාස කීයද...මාස කීයද කියන්නෙ මහා ලොකු ගානක් නැ.....මේ දවස් ටිකේම සර් ප්‍රැක්ටිස් කෙරෙව්වෙ සින්දු තියන කෑලි යනකොට ඩ්‍රම් එකක් ගගහා ඒ උනාට සංගීත කණ්ඩායමක් ඉන්න ඕනා දන්න විදිහට කොස්ටියුම් හදන්නෙ නැටුම් ටීච.....එතකොට පසුතල නිර්මාන ඔව්වත් මේ හැමෝම එකතු වෙලා කරන්නෙ...
සයාශ් ....
සර් ....
අහගනද ඉන්නෙ....
ඔව් සර්....
මං අහගන ඉන්නෙ...ඒත්...කොච්චර නාට්ටි වලට උන්නත්. සෙසු චරිතයක් වගෙ දේකට ඇරුනම...ප්‍රධන චරිතයක් කරන්න හම්බුන අවස්තා හරිම අඩු වෙද්දි....පිට ඉස්කෝලෙක එහෙම තැනක් හම්බ උනහම හිතට බයක් දැනුනා..මූනට වදින ලයිට් එක්ක.....කටහඩේ හයිය විතරක් අරන් සම්පූරනම ඕඩියන්ස් එකකටම කතවක් කියනවා කියන්නෙ....
ඒක වෙනමම ලෙවල් එකක්....ෆිල්ම් වල කතාවල වරදින වරදින පාර ඒ ශොට් එක ආයම ගත්තා උනත්...මෙතන වෙනස්...වැරදුනොත්....වැරදුනාමයි.....
දැන් යන්න..හෙට හවස ඉදන් එක දිගට ප්‍රැක්ටිස් තියනවා...මේ දවස් ටිකෙ උඹ ඔය ජරාව ගිලලා උගුර සවුත්තු කරගන්නවා නෙවෙ තේරුනාද
තේරුනා සර් .....
ශාක්‍ය මෙයාගෙ අර සින්දු ටික බලන්නෙ කවදද..ඒකත් හෙට හවසම වගේ...
ම්ම්ම්...පුලුවන් ....
මං මගෙ ඇගිලින්වල නියපොතු දිහා බැලුවා..අද නම් කන්න එක නියපොත්තක් වත් නෑ....අයාන් සර් ආයම නලුවා එක්ක මට තනියෙන් කියන්න තියන සින්දු ගැන කතා කරන්න ගත්තා ....හොදම නලුවට සම්ම්නෙ හම්බ වෙන්නෙ එක්කෙනෙක්ට උනට...ඌව හයිලට් කරල පෙන්නන්න අත් සීයක් විතර ඕනා...
සර් ගාව තිබුන් මගෙ ස්ක්‍රිප්ට් එක අතට අරගත්තු මං හිමින් සැරේ පන්තියට එන්න ආවා.....
ළමයි කෑකෝ ගහනවා.....විශයන් වලින් විශයන් වලට් මාරු වෙනවා.....ස්ක්‍රිප්ට් එකේ තියන විදිහය මං අකමැති නමක් තිබුනත් අවසානෙදි ඒ ඉන්නෙ මගෙ චරිතෙ හන්දා මං ඒ නමට ආදරේ කෙරුවා ....පාට හතක් පිරුන දේදුන්නක් පායන්න වැස්සක් ඕනමයි...
මම දේදුන්නක් නම් මහෙ වැස්ස කව්ද.....
නිරූ...
මගෙ මූනට හිනාවක් මතු උනා...එයා නැතිව පාලු උනත්...මට එයාව මතක් වෙනකොට හිතට සන්තෝසයක් දැනුනා....පාසල්.ප්‍රේමෙ හරි සුන්දරයි කියනවා....හොරෙන් බලන තැනක...කාටත් හොරාවට ඇගිල්ලකින් අල්ලන තැනක....ඩෙස්ක් එකේ කොනක එයාගෙ නමේ නමේ මුල් අකුරු එකට කරලා ලියලා හංගන් ඉන්න තැනක...ඒ ආදරෙ හරි ලස්සනයි කියලා දැනෙනවා...
මං එහෙම්ම මගෙ මේසෙ කොන දිහා බැලුවා...N+S හදවතයි..පුංචි තිතයි....ඒක තියනවා..මේක ලිව්වෙ මගෙ නිරූ....නපුරු නිර්වාන් ...ගල් ගිලලා වගේ ඔන්න නිර්වාන් හිටපු ගමන් රෝමාන්තික වෙනකොට අනෙ මන්දා....හරි හුරතල්.....
චූටියා....
.....
චූටියා.....
මොකද යකො..
ගෙදර යන්නෙ නැද්ද? බෙල් එකත් ගහලා ලමයිනුත් ඔක්කොම.ගිහින් මං පන්තිය අතුගාලා එනකනුත් මෙතන..මොන සිහියෙන්ද ඉන්නෙ..
අවසිහියෙන්.....ඇයි....?
ඇත්තද පේනවා.....පේනවා...උඹට අද බඩු බනිස් ඈ...
ඇයි....
ඇයි තමයි...අපේ සෙනු මගෙ අතට උම්මියක් දෙන වෙලේ උඹ පිහිඹියා ගහ යට ඉදගන අර්ධ මස්සිනා එක්ක කතා කර කර ඉන්නවා ඒමිනිහගෙ රේඩාර් එකට අහුවෙලා..ඌට මාව පරිස්සම් කරනවට වඩා උඹව පරිස්සම් කරන්න තියනවනෙ.....
මගෙ කල්පනාවෙ තරම.....!....මගෙ කල්පනාවෙ තරම කොයි තරම්ද කියනව නම් ඉස්කොලේ ඇරිලා ළමයි ගිහින් ලොකුවා මාව හොයන් එනකනුත් දන්නෙ නෑ....
මං සනාශ් දිහා බැලුවා.....ශෙනිරු මාව දැකලලු...ඒත් මුනට මූන හම්බ උනහම කතා නොකර මූනට දමලා ගැහුවා වගේ යන්න පුලුවන්ද ??
විකාර ඌ ලොකුව ගාව උන්නත් ඇස් දෙක තිබිලා තියෙන්නෙ මගෙ ගාව....
වරෙන් යන්න තවත් බලන් ඉන්නවා ගොන් බිජ්ජා....
මං බැග් එක දාගත්තා ...වෙලාව දෙකහමාරත් පහු වෙන්ඩ එනවා....
ආ බන්....
ම්ම්
උඹට වෙනදට මෙච්චර වෙලා යන්නෙ නෑනෙ අතු ගාන්ඩ??එකහමාරට ඇරුනම උඹ අරූ එක්ක එහයි හතලිස් පහ වෙනකොට අතුගාලා ඉවර කරනවනෙ...?
මං පඩි පෙල බහින ගමන් සනාශය්ගෙ මූන දිහා බැලුවා...හොර පාටයි...!!මනමාල පාටයි...!!මුගෙ යටි තොලේ වම් කොන රතූ වෙලා.....අතුගාන්න ගිහින් කොස්ස වදින්න ඇති..පව්....අමොර්.අමොර්...හරි...පව්...ඈ.....
මං අතු ගෑවෙ ඌත් එක්ක නෙවෙ
එහෙනම්...
අවසානම පඩි දෙක බහින් නැතුව එතනින් බිමට පැනපු මං චුට්ටක් පහලට රූටපු කලිසම උස්සන් මෙච්චර වෙලාම යට කරන් උන්න ශර්ට් එක උඩින් දාගන උඩ බොත්තම් දෙකත් ඇරගත්තා ...තනිකරම නගරන් කෙනෙක් වගෙ....
සෙනූ එක්ක.....අනික සෙනූ මට මග ඇරුන පාඩම් වගයක් කියලා දුන්නා....
ආ...ආ..ආ....ඔය එන්නෙ...ඔය එන්නෙ....අමොර් ..අමොර් ...මග ඇරුන පාඩම් කියලා දුන්නලු..ඇයි උඹගෙ මිනිහා කාල් මාක්ස් නෙමැයි...පාඩම් ඉගැන්නුවෙ කටින්ද...ඔය කට තුවාල වෙලා තියෙන්නෙ....
ආ....මොකක්ද....
නෑ..නැ..මොකුත් නෑ...හොදටම කියලා දීලා තියනව වගෙ කියලා කිව්වෙ....
යෝ...නෑ ....අනේ....උම්මියක් දුන්නා ඉතින්....
එව්...විතරක්....තොපි දෙන්නා...එව්...
.
සනාශ් .....
සෙනූ...බබී...බබී..මෙහෙ....මේ පහල.....මේ...පහලනෙ...බබී...පහලනෙ ....
එව්.....විතරක් තිරිසන්නු වගෙ.....
පහලට බැහැලා අඩි දෙක තුනක් යන්න හම්බුන් නෑ..කාල් මාක්ස් උඩ තට්ටුවෙ ඉදන් සනාශ් කියලා කෑගැහුවා විතරයි පහල උන්න සැලා උගෙ පිහාටු විසි කර කර පෙට්ටි කටත් එහා මෙහා කරන් බබී මෙහෙ බබී මෙහෙ ගගා උඩ පැන්නා....බබීගෙ රෙද්ද...දැන් ඉතින් මෙ නාඩගනුත් බලන්ඩ එපැයිනෙ....
සයාශ් ....
ආ..සෙනූ.....කොහොමතේ.....හොදින් ඉන්නවතේ ...
කොහොමතේ තමයි ...තමුසෙ මොනවද අරූ එක්ක කියව කියව උන්නෙ...
ආ...විශේශයක් නෑ.....නිරූට කොහොමද ඇහුවා...
ඉතින් තමුසෙට තිබුනනෙ මගෙන් අහන්න....ආ ඕයි මං තමුසෙට කිව්වනෙ...අරූ දෙයක් කිය්න්නෙ කට කහනවට නෙවෙ කියල...
නිකන් ඉන්න සෙනූ ..චූටියා වෙන මොකුත් අහලා නැ...අපේ චූටියා .....
සනාශ් උඹට උඩදි කාපු පාරවල් ආය කන්න ඕනෙද???
ස් ...ස්..සෙනු...ග් ගැහුවා කියලා...කිය..න්න...එපා...අනේ....ම්..මං...කි...ව්
මූ ගුටි කාලද.....එතකොට පාඩම් වැඩ කියලා දෙනවා කියලා කියලා දීලා තියෙන්නෙ වටේ ගියොත් වෙන දේ වෙන්න ඇති.....එතකොට කටට...ඒකට මොකද උනේ....මූ මුගෙ අත පය අල්ලන්න දුන්නෙ නැත්තෙ....අම්මටම සිරි....
අනේ චිම්තක....ලොකු බෑනා...ලොකු දරුවට අම්බානෙට පාඩම් උගන්නලා වගේ...චිම්තක.....
මං අඩියක් පස්සට ගියා...කාල් මාක්ස්ගෙ මූන එච්චර හොද නෑ...නිර්වාන් දෙයක් කියන්නෙ කටකහනවට නෙවෙ කියපු ඒකගෙ මූන නිරුවට තරහ ගියාට හපන් වගේ වෙනකොට සටපට සත්තපඩි වෙන්න ඩෑස් කාල උන්න ලොකුවා අනිත් පැත්ත හැරිලා උගෙ ඉදිමුන කට හොරාවට පිහන ගමන් අඩන්න කට හද හද උන්නා.....
මට ඌ මගෙ ගාවට එනකොට මූනට දමලා අරින්න වගේ යන්න බෑනෙ ශෙනිරු.....ඌ මගෙ ගාවට ආවා...මං නිර්වාන් ගැන ඇහුවා....
එතකොට එක ප්‍රශ්නෙකින් තමුසෙගෙ කතා බහ ඉවර උනාද?
මං ඉතින් අම්මා ගැන ඇහුවා
ඒ ගෑනි ගැන මොනව අහන්නද ..ඒ ගෑනි නිර්වාන්ට සලකනවද අහන්නද...නැත්තම් දෙන්නටම එක වගේ සලකනවද ඇහුවද.....
නෑ ඉතින්
මේ සයාශ් මේ....තමුසෙටත් දෙයක් කිව්වම අහනවා...නිකන් බොරුවට එක වචනෙකින් දෙකකින් ඉවර කරන්න ඕන කතවක් වැල් වටාරම් ගෙනියලා තව තව කතා කරන්න මාතෘකා හොයා ගන්නෙ නැතිව...
ශෙනිරු
සයාශ් .....ඌට සිද්ද උනේ වෙන්න ඕනා නරකම දේ....අන්න ඒක මතක තියා ගන්නවා.....ඌ නරක නෑ...හැබැයි....මිනිස්සුන්ට තමන්ට තමන්ට ඉන්න වටිනම දෙ නැති උනයින් පස්සෙ ....ඌ තරම් නරක එකෙක් මේ ලෝකෙ කොහෙවත් නැතිව ඇති...සංජනට උගෙ අම්මා.....එ වගේම...නිර්වාන්ට තමුසෙ...අන්න ඒක ඔය ඔලුවට දාගන්නවා සයාශ් ...හරිද....
මම බිම බලාගත්තා ....මට කියන්න දෙයක් ඉතිරි වෙලා නෑ....නිර්වාන් කිව්වෙත් ඔය කතාවමයි.....
ශෙනිරු ..ඒත්...අපි මෙහෙම කරන එකෙන්.....සංජනව තනිකරනවා වගේ නෙවෙද ...අපි ....අපි නේද දැන් එයාගෙ ගාව ඉන්න ඕනෙ...
ඇයි උඹ දුක අහන අයියද....ඌ ගැන නිර්වාන් බලා ගනී....උන් දෙන්නා ඉන්නෙ එක ගෙදර ...උන් දෙන්නා කටින් කොච්චර කියව ගත්තා උනත්.....අපි හැමෝටම උන් දෙන්නට කාලයක් දෙන්න වෙනවා සයාශ් ....නිර්වාන් මාව විස්වාස කරන්නෙ කොයි තරමටද....අන්න ඒ තරමටම ඌවත් විස්වාස කරන කන්.....ඒ වගෙම නිර්වාන් කියන්නෙත් තමන් වගේම අසරන උන එකෙක් කියලා සංජනට තේරුම් යනකන් අපිට බලන් ඉන්නවා වෙනවා...ඒ ඇරෙන්න අපි ගිහින් නිර්වාන් පව් නිර්වාන් හොදයි සංජන කිව්වත්....සංජන හොදයි...සංජන පව් කිව්වත් වැඩක් නෑ...උන් දෙන්නට තියෙනෙ එක ලේ....ලේ වලට ලේ කවදම හරි කකියනවා සයාශ් .....එතකන්....අරූගෙන් ගුටි නොකෑවත් මගෙන් ගුටි නොකා ඉන්න බලනවා...මං කිව්වොත් කිව්වා...ගැහුවොත් ගැහුවා එච්චරයි .....
හ්ම්....
මම.මීයා වගේ උනා.....මීක් නොකියා උන්නා.....කිවත් වගේ මම දුක අහල වත්..එයා හොදයි මෙයා හොදයි කියලවත් තේරුමක් නෑ....ඒ දෙන්නට ඒ දෙන්නව තේරුම් ගන්න ඉඩ දෙනවා මිසක්...ශෙනිරු කිව්වත් වගේ...ලේ වලට ලේ කකියන දවසක් එනවනෙ...
බබී.....
ඕන් නැ.....
.හරි හරි ඉතින්....සෙනූට තරහා ගියානෙ වස්තුව....
ඕන්..නැ....මං....කිව්වනෙ.....ඕන් නෑ....
කෝ...පෙන්නන....ඉතින් වස්තුව තරහා යන්නෙ නැද්ද කියපන්කො උඹ කරන වැඩවලට....
....ඒ.උනාට...ගහන්න...ඕන්....නෑනෙ....
හා...හා...ආය ගහන්නෙ නෑ....සෙනූ ආදරෙයිනෙ බබීට...කෝ පෙන්නන්න...
බස් හෝල්ට් එකට චුට්ටක් මෙහයින් නැවතුන ශෙනිරුවා අඩන්න ඔන්න මෙන්න උන්න සැලාගෙ ගහපු පාරවල අත ගගා ඌව ආයම හුරතල් කරන්න ගත්තා ...ආය ගහන්නෙ නෑනෙ...බබීට ආදරෙයිනෙ කිය කිය ඌ සියපාරකට වඩා කියන්කොට මන් බලාගන අපේ එකාට කාපු ගුටි වලට වඩා ශෙනිරුවගෙ වචන වලට රිදිලද කොහෙද ඌ බිම බලාගන ඉන්නවා...
එපා අල්ලන්න....
අනේ වස්තුව ...හරි....හරි ඉතින් ...කෝ..හොදලමයනෙ...මුරන්ඩු කම් කරන්න එපා.....
ගහලා මෙතන...
හරි ඉතින්..ගැහුවට ගොඩක් ආදරෙයිනෙ..සෙනූගෙ වස්තුවනෙ ඔයා....
මන් එන්න ආවා...ගහ මරා ගත්තු උන් දෙන්නා ආයම.ආදරේ කරනවා බලන් ඉන්නකොට මට වෙනදටත් වඩා මගෙ නිරූව මතක් උනා...මට එයා නැතුව පාලුවක් තනිකමක් වේදනාවක් දැනුනා වගේම තව දුරටත් මට එතන ඉන්න බැරි කමට මං බිම බලාගනම එන්න ආවා වගේම බිම බලන් ආව මාව කාගෙ හරි ඇගක හැප්පුනා.....
චූටි.....
න්...න්..නිරූ.....
දෙවියනේ...නිර්වාන් .....පැය ගානක් නොදැක්කා උනත්...කල්ප කාලාන්තරයක් නොදැක්කා වගේ හැගීමක් දැනුන මගෙ නිර්වාන් .....මගෙ ඇස්වලට මං හිතන්නත් කලින් කදුලු පිරුනා.....මට එයාගෙ ඇගේ එල්ලෙන්න ඕනා උනා....අනේ මට උඹව හුගාක් මතක් උනා කියන්න ඕනා උනා....ඉස්කෝලේ නෑවිදින් ඉන්න එපා නිර්වාන් මට පිස්සු හැදෙන්න වගේ ආවා කියන්න ඕන.උනා....ඒත් මං හිතින් හිතාපු හැම වචනෙම කියාගන්න බැරි උනා.....මං හරි අමාරුවෙන් එක වචනෙකට විතරක් අකුරු ඇහින්දා....
මට...පාලු...යිනෙ...නිර්වාන් .....
.....
මං එයාට වචනයක් වත් කියන්න නොදී මට හරි පාලුයිනෙ කියනකොට මොකුත් නොකියම එයාමගෙ කරේ තිබුන බෑග් එක ගලවගත්තා හරියටම අප්පච්චි වගේ.....චූටිම කාලෙ ඉස්කෝලේ ඇරුනම අපිව ගන්න එන අප්පච්චි ගෙට්ටුව ගාවදි කරන්නෙ අපි දෙන්නගෙම බෑග් දෙක අරන් කරේ දාගන්න එක....එදා එහෙම කෙරුවෙ අප්පච්චි වෙනකොට ...අද නිර්වාන් මගෙ බෑග් එක ගලවගත්තා ....
එහෙම කරපු එයා දිහා මං ඇස් පිල්ලමක් වත් නොගහා බලන් උන්නා....
වෙන්දා වගේම කලුම ඇදන් උන්න නිර්වාන් ගෙ අතෙ ඇඩිදාස් ස්පෝර්ට් බෑග් එකක් තිබුනා....
එයා ප්‍රැක්ටිස් යනවද.....

නිරූ....
ශ්ශ්.....ආව්හ්.....
ඇ...ඇ...අනේ...ඇයි නිරූ...
මං එයාගෙ අත් ගොබෙන් ඇල්ලුවා විතරයි නිර්වාන් ඇස් දෙකත් තදකරන් ආව්හ් ගෑවා.....
ඇයි නිර්වාන් ...
නෑනෑ...එතන ටිකක් රිදෙනවා..ඒකයි....
එතන ටිකක් රිදෙනවාලු...ඒත්...නිර්වාන්ගෙ ඇස් වල නම් ටිකක් නෙවෙ....මහ හුගක් රිදෙනවයි කියන්න වේදනාවක් තියනකොට මං එයා ඇදන් උන්න ඇදුම එහා මෙහා කර කර බලන්න හැදුවා.....
කෝ පෙන්නන්න...
නැ නෑ...ලොකු දෙයක් නෙවෙ දරුවො.....
පෙන්නනන...උඹ මට බොරු කරනවා...නිර්වාන් ....පෙන්නපන්....මට ...පෙන්නප...අනේ...නිර්වාන් .....
මගෙ අත එක පාරම කටට ආව.....පෙන්නපන්.
පෙන්නපන් කිය කිය බලෙන් බලපු මට නිර්වාන්ගෙ අත දැකල මාව ගැස්සුනා....තනිකරම ලොවි ගෙඩ්ඩියෙ පාට.....
නිර්...වාන්....
චූටී....
නෑ..නෑ...පොඩ්ඩක්...ඉදපන්.....
මං නිර්වාන්ගෙ අතේ තිබුන බෑග් එක උදුරන් බිමට දැම්මා...ඉන්නෙ බස් හෝල්ට් එකේ ...මිනිස්සු දකිනවා...මේ.මොකුත් මට වැඩක් උනේ.නෑ...මං කෙලිම්ම එයාගෙ ඇදුම ඉස්සුවා...
මොනව බලන්නද....
තිරිවානා පාට ඇගෙ තැල්මවල්...
සයාශ් ...චූටි....
කරුනාකරලා පැත්තකට වෙලා ඉදපන්...මට උඹෙන් අහන්න දේවල් නෑ අයියෙ...
ඇස්වලට කදුලු පිරුනෙත්...වේදනාව දැනුනෙත්....තරහවක් වගේම හිත පාරවම දුකක් ආවෙත් එකම වෙලාවක වෙනකොට මං එයාගෙන් ඈතට උනා....ආවෙ මාව බලන්න කියන්න දැන දැනම මම එයාගෙන් ඈත් උනා.....
චූටී...
නිර්වාන් .....මේකද උඹ සල්ලි හම්බකරන විදිහ...මට හොදට ඉගන ගන්න කියපු උඹ මේකද සල්ලි හම්බකරන විදිහ.....උඹ ආස කරන දේ යට කරලා....
චූටි....මේ අහන්න...
අහන්න දෙයක් නෑ....මට උඹගෙන් අහන්න දෙයක් නෑ...නිර්වාන් ....මට...අහන්න දෙයක් ඇත්තෙම නෑ....මගෙ චූටි ආස දේ කරපන්..හැබැයි හොදට ඉගන ගනින් කියපු....උඹ.....මේ...මොනවද.....
චූටි...මේ අහන්නකො....සයාශ් .....දරුවො....
නිර්වාන් ....
මගෙ යටි තොල් වෙව්ලන්න ගත්තා ...කට ගාව පැලුන පාරක්...කොන්ඩෙන් වහන් උන්නත් එලියට පේන නලල පැත්තකින් දම් වෙච්ච පාරක්...අත් ගොබ වල තැලුම් පාරවල් දැකපු මට ඉවසුම් නැතිව යනකොට මාව අල්ලඅල්ල මට කතා කරන්න හදපු නිර්වානට මං කතා කරන්න ඉඩක් නොදී බනිනකොට මං බලාගන ඒ ඇස් දුකෙන් බර වෙනවා....එයා කතා කරන්න හදනවා...බැන බැන උනත් අඩන්න හදන මාව සනසවන්න හදපු නිර්වානට වචනයක් වත් කියන්න ඉඩක් නොදී ආයමත් එයාට බනින්න හදපු මට බැනගන්න බැරි උනා.....
කලු වීදුරු දාපු තනි සුදුපාට RANGE ROVER එකක් අපි ඉස්සරහින් නැවතුනා....
නිර්වාන් ....
නිර්වාන් ගෙ අම්මා...සාරියක් ඇදලා සන්ග්ලාස් දෙකක් දාගන කොන්ඩ ගෙඩියක් බැදන් උන්න අනෝමා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රී තුමී.....ශටර් එක බාගෙට ඇරපු එයාගෙ අම්මා නිර්වාන් දිහාවත් නොබලා ඉස්සරහා බලාගන නිර්වාන් කියනකොට නිර්වාන් මොකුත් නොකිය බලාගන උන්නා....
සංජන කොහෙද ...
දන්නෙ නෑ...
ඇයි මෙතන උන්නෙ නැද්ද....
උන්නා නම් ඉන්නවනෙ...
මන් කිව්වා මේ ලමයට එක්ක යන්න එනකන් ඉන්න කියලා ....
......
සිල්වා අපි ....යමු...ලොකු පුතා ගෙදර ගිහින්...
කලු වීදුරු වැහුනා....දූවිලි වලාවක් අහසට නැග්ගා....මායි නිර්වානුයි විතරක් ඉතිරි උනා...
මේ හැම දෙබසක්ම කතා බස් වෙන්න තත්පර ගානක් යන්න ඇති...නිර්වාන්ගෙ අම්මා ආවා...සංජන කෝ ඇහුවා...මේ ලමයට ඉන්න කිව්වනෙ කියන ගමන් ඵෝන් එක එබුවා.....ලොකු පුතා ගෙදර ගිහින් කිව්වා....අර කලු ශටර් එක ආයම වැහුනා...එතනින් අම්මෙක්ගෙයි පුතෙක්ගෙයි කතා බහට තිත වැටුනා...
පුතේ උඹ කොහෙද යන්නෙ...
අම්මා ගිහින් දාන්නද....
උඹ ඔය යන ගමනක් යන්නෙ කාලද....
පරිස්සමින් ගිහින් වරෙන් පුතෙ.....
මේ එක වචනයක් වත් ඇහුන් නෑ....ස්ටේජ් වල නැගන් අනුන්ගෙ දරුවන්ගෙ අනාගතේ ගැන කෑ ගහන අනෝමා ප්‍රේමචන්ද්‍ර දේශපාලන ජීවිතේදි සාර්තක උනත් අම්මෙක්ගෙ චරිතෙදි හැම අතිම්ම පරාදයි කියන්න මට වත්.....මේක දකින අනිත් කාටවත් ඇගිල්ලෙන් ඇන ඇන පෙන්නන්න ඕනා උනේ නෑ....
සුදුපාට ජිප් එක යන්න ගියා....මං නිකමට වගේ නිර්වාන්ගෙ මූන දිහා බැලුවා....
ඒ ඇස්වල කදුලු පටලයක් බැදිලා...මම නොදැන උන්නත්...මට නොකියා උන්නත්.....පලවෙනි පාරට මම දැක්කා...අම්මව හොයන නිර්වාන් කෙනෙක්ව....
මොනවා කියන්නද.....මොනවා අහන්නද කියන්න මටම හිතන්න වෙලා.මදිවෙනකොට මිට කලින් තදින් අල්ලපු අත් ගොබේ හරි පරිස්සමින් අල්ලනවත් එක්කම....රත් පාට ගැහුන යටි තොල තෙමාගන කදුලු කැටයක් බිමට වැටෙනකොට නිර්වාන් කතා කෙරුවා ....
පරිස්සමින් ගිහින් වරෙන්....කියන වචන ටික කවදාවත් මගෙ අම්මගෙ ශබ්ධකෝශෙ තිබුන වචන නෙවෙ චූටි....
නිරූ.....
බස් එකක් එනවා....
අරුන් දෙන්නා දුවන් එනවා .....සීටිබී බස් එකක් ඈත එනවා..බිම තිබ්බ් ස්පෝර්ට් බෑග් එකයි...මගෙ ඉස්කෝලේ බෑග් එකයි දෙකම කරට ගත්තා මදිවට මගෙ අතිනුත් අල්ලගත්තු නිර්වාන් හිතේ වේදනාවටද කොහෙද මගෙ අත මිරිකගන බස් එකට නැග්ගා...ඉස්කෝලේ ළමයි නැති හන්දමද කොහෙද බස් එකේ ශීට් පේලි ගානක් හිස් වෙලා තියනකොට මගෙ අත අතින් අතනෑරපු නිර්වාන් කෙලිම්ම ගියෙ අවසානම ශීට් එකට වෙනකොට වචනයක් නොකියම මාව මුල්ලට දාලා මගෙ ගාවින් ඉදගත්තා .....
නිර්වාන් .....
එයා හුස්ම ගන්නවා....ඇස් පිල්ලමක් වත් නොගහම ඉස්සරහා බලාගන ඉන්නවා.....
ඇස්වල බැදුන කදුලු කැට එහෙම්ම වෙනකොට ඇස් පිල්ලම්.ගැහුවොතින් කදුලු වැටේවි කියන බයටද කොහෙද එයා ඇස් පිල්ලමක් නොගහම බලන් ඉන්නකොට මං එයාගෙ අත් අරගන මගෙ අතට පටලව ගන්නකොට ඒ අත් වෙව්ලනවා මට දැනුනා.....
මං දැනන් උන්නෙ නෑ.....
සංජන තාත්තා පස්සෙන් ගියා වගේම...නිර්වාන් අම්මා පස්සෙ යන බව....
මං දැනන් උන්නෙ නෑ....අතැරියා...අත ඇරියා කිව්වත්...
සංජන වගේම...එයත්.....නොලැබෙන ආදරයක් ගැන බලන් උන්නා කියලා ....
මගෙ..නිර්වාන් ....
මන් එයාගෙ පිට අල්ල පිරිමැද්දා....මට බය හිතුනා...කොයි වෙලෙත් හිනා වෙන මිනිස්සු සදහටම හිනාව මරලා දානවා වගේමයි...කවදාවත් නාඩන මිනිස්සු අඩන්න ගත්තම...එවා දරාගන්න පපු කැහුතු අමුතුවෙන් ගේන්න වෙනවා...සුදු කලිසමට අත දාපු මං ලේන්සුව හෙව්වත් අද කරුමෙට ලෙන්සුවත් නැතිව යනකොට මං එයාගෙ කම්මුල මගෙ පිට අල්ලෙන් පිහනවත් එක්කම නිර්වාන් මගෙ දිහා බලලා එයාගෙ උරහිස ඇස්වලින් පෙන්නුවා...නොකියා කිව්වා මට එ උරහිස උඩ ඔලුව තියන්න කියලා ....ශීට් එකට හේත්තු උන නිර්වාන්ගෙ උරහිසට මං ඔලුව තියනකොට එයා තවත් ටිකක් තදින් මගෙ අත අල්ල ගත්තා වගෙම මගෙ ඔලුවට එයාගෙ නිකට තද උනා.....
වේදනාව ඉහවහ ගියපු උනුසුම් වගේම බරම බර හුස්මක් නිර්වාන්ගෙන් පිට වෙනකොට එයා මොනවා හරි මිමිනුවා....
මගෙ උරහිසට දැනෙන එකම බර...එකම වගකීම.....එකම බැදිම....මගෙ සැනිසීම.....මේ හැම දේම....දැන්....ඉඹ විතරයි සයාශ් ....
නිර්...වාන්...
මට කරන්ට් එකක් වැදුනා වගේ උනා...උරහිසට ඔලුව ගහන් උන්න මං නිර්වාන් දිහා බැලුවා.....ඒ ඇස් ලා රෝස වෙලා තිබුනා.....තැලුන යටි තොල් හිමින් වෙව්ලුවා....
මාව බලගනින්...චූටි.......උඹ....විතරයි ...දැන්...මට....ඉන්නෙ.....දාලා...
යන්න...එපා.....චූටි....කවදාවත් ....
මං....දාලා.යන්නෙ නෑ...නිර්වාන් ...මං...කවදාවත් දාලා යන්නෙ නෑ.....මං....ආදරෙයි නිර්වාන් ...
ම්න්.... දන්නවා...මට....දැනෙනවා...සයාශ් ....ආ...දරෙ....යි....ඔයාට.....මහ...
හුගක්.....

ප්‍රේමයෙන් අත් හැරුනු පසු
බෝ පළුදු වුණු හදවතක්
ස්නේහයෙ කටු ඇනී ලේ ගැලූ
සිදුරු වුණු හදවතක්
අවැසි නම් විමසන්න
ඉරුනු තැන් නොපෙනෙන්න
මසා නිමකල හදවතක්
විකිනිමට තිබේ
මගදි හමුවූ වෙදැදුරෙක් මෙය
පිලිසකර කර තිබෙ....
🌼ආයමත් කොටසකින් එන්නා...ම්
🌼බිබික්කම්.හාමු එක්ක එනකන් පයිස්සමින් ඉන්ඩෝ.....
මම
මාස්ටර් ජොබී😂👉👈
Nedeesha !