Cherreads

Chapter 57 - 57

බබා....

ම්ම්ම්....

ඔයාට දොයි මත නම් දොයියන්න.....

මං නිර්වාන් දිහා බැලුවා...මොකද ...මගෙ සයාශ් ...මගෙ චූටි අවාරෙට පොල් වැටෙනවා වගේ මගෙ ලමයා කියන එයා හරීම කලාතුරකින් මට ඔය වගේ කතාවක් කියන්නෙ...ශෙනිරු එහෙම නෑ...අරූට රටේම තියන නම් කියනවා...එකක් කියලා නෑ.....ඒත් මගෙ නිර්වාන් හැම වෙලේම එක නමක් ගාව සීමා උනා....

තනි අතින් ඩ්‍රයිව් කරන ගමන් මා දිහාවත් නොබලම බබා ටිකක් දොයියන්න කියනකොට මට පුදුම හිතුනා..මොකද ...මමයි හැමදාම හුරතල් කතා කිව්වෙ.....මමයි හැමදාම දොන්ත කතා කිව්වෙ...ඒත්..මගෙ නිර්වාන් දැන් වෙනස් වෙලා....

මංදා...මං ඒ වෙනස් වීමට සතුටු වෙන්නද...නැත්තන්...දුක් වෙන්නද...කියන්න මට තේරුම් ගන්න අමාරු උනා...

නිර්වාන් ...

මං මිමිනුවා...මෙච්චර වෙලාම හුරතල් වදන් මගෙ ඔලුව කරකවන කතා කිය කිය හුරතල් උන ලොකුවා ශෙනිරුට ගුලි වෙලා පස්සෙම ශිට් එකේ නිදාගන උන්නා.. එතන උන්ට ගුලි වෙන්න ඉඩක් නෑ.....තුරුල් වෙන්න සැපට නිදාගන්න විදිහක් නෑ...බෙලි කඩා එක්කො වැටෙනවා නැත්තන් අත පය හිරි වැටෙනවා....ඒත්.....මං බලාගන ශෙනිරු සනාශ්ව අත්දෙකෙම්ම තුරුල් කරන් උන්නා....ඌට ඇත්තටම නින්ද ගිහිල්ලා....උන් දෙන්නටම ඇත්තටම නින්ද ගිහිල්ලා...

නිර්වාන් ....

කලින් පාර මුමුනපු මං ඊලග පාර ටිකක් කනට ඇහෙන ගානට කතා කෙරුවා ....

ම්න්...කියන්න බබා....ඇයි....මගෙ බබාට දොයිය මත නැද්ද.....

නිර්වාන් ...ඇයි ඔයා ඔහොම කතා කරන්නෙ...

ඔහොම කියන්නෙ....

ඔය විදිහට ...මං අහන්නෙ....ඔයා...කවදාවත් ඔය වගේ හුරතල් වචන නොකියපු හන්දා.....

මං නිර්වාන් දිහා බලාගන උන්නා..එක අතකින් ඩ්‍රයිව් කරපු නිර්වාන් අනිත් අතට මගෙ අත පටලව ගත්තා ...හැබැයි මන් දිහා බැලුවෙ නෑ...

මං හුරතල් වචන කියන්නෙ...උඹ බරපතල වචන කියන හන්දා....

නිරූ....

එක ඔයාට ගැලපෙන්නෙ නෑ සයාශ් ...හරියටම හිට්ලර් ජෝක් කරනවා වගේ මං හුරතල් වචම කියනකොට ....එහෙම නේද....න්න ඒ වගෙමයි....උඹත්....හුරතල් වෙන්න පුලුවන් වයසක් නෙවෙ...ඒත්.....උඹට පුලුවන් නෙ මගෙ ගාව උඹම වෙන්න...උඹට පුලුවන් නම් කතා පොත්වල චරිත බබ්බු කරලා ලියන්න....ඇයි සයාශ් මගෙ ගාව බැරි උඹට ආයම බබෙක් වෙන්න...

මං නිර්වාන් දිහා ඇස්පිල්ලමක් වත් නොගහම බලන් උන්නා.....නිර්වාන් ට මේ තරමට මාව මග ඇරිලාද.....

සයාශ් ....කොච්චර උනත්....මං දැන් ඉන්නෙ හරි බයෙන්.....මහ මිනිස්සු නොවුන කාලෙක..උඹ මගෙ උරහිසට ඔලුව ගහගත්තු දාක...මං උඹට කිව්වා...උඹ කියන්නෙ මගෙ වගකීමක් කියලා ..මගෙ උරහිස් උඩට වැටුනෙ උඹගෙ බර මට තියන එකම වගකීම කියලා ....ලොකු නැන්දා ඇවිදින් ඒ ගහේ මුදුන් මුල තියලා....උඩින් විතරයි කපලා අරගන තියෙන්නෙ...දැන්... .. මට උඹව බාර දීලා ඉවරයි චූටි....උඹ හිතන්නෙ උඹගෙ අම්මා අප්පා නොදැනුවත්ව නැන්දා ඔය තීරනේ ගත්තා කියලද...

.....

නෑ.....චූටි..අනිවාර්යයෙන්ම ...අම්මා අප්පච්චි දන්නවා...උඹගෙ හිනහවහටත්....කදුලටත් දැන් මමයි සයාශ් වගකියන්න ඕනෙ...උඹගෙ හැම දේටම වග උත්තර බදින්න ඕනෙ මං.....මන් දන්නවා...මට උඹව මගඇරුනා...උඹට මාව මග ඇරුනා... 

ඒක මහ අපරාදයක් සයාශ් ....මනුස්සයෙක්ට....තමුන් වැඩියෙම්ම ආදරේ කරන මනුස්සයව මග ඇරෙනවා කියන්නෙ...ඒක මහ අපරාදයක් ....මෙතනින් ඉස්සරහට මං හැමදාම උඹ ගාව ඉදී චූටි.....ඒත්.....අර මග ඇරුන සයාශ් ...????මට ඕනෙ ඒ කොල්ලව...එතනයි සයාශ් ...මං තව අවුරුදු ගානක් උඹ එක්ක ජීවත් උනත්.....මට ඕනෙ අර මග ඇරුන තැන....ඒක කවදාවත් ආයාම ගන්න නෑ සයාශ් ..හරියටම ...එක රැයක් නිදි මරපු අපි..ඒකට හරියන්න මුලු දවාලක්ම නිදා ගත්තා උනත්....අර මග ඇරුන රෑ ආයම අල්ලන්න බෑ වගේ සයාශ් ...

නිරූ.....

මට උඹව සතුටින් තියන්න ඕනෙ සයාශ් ....උඹ ලොකු වෙලා....අපි අතර අවුරුද්දක පරතරයයි තියෙන්නෙ...ඒත් උඹ ඉස්සර හැසිරුනෙ උඹ මට වඩා අවුරුදු දහය දොලහක් බාලයි වගෙ...ඒත්..අද....අද...එහෙම නෑ සයාශ් .....කෝල් එකක් ආවම කියන්නෙ....අරයා මෙයා...අර නලුවා...මේ නලුවා....අර ඩිරෙක්ටර් ....අර ඩබින් කරන කෙනා...මෙයා ගගා...

සයාශ් මට අල්පමාත්‍රයකින් වත් ඊරිසියාවක් නෑ.....උඹ ලෝකයක්ම දිනන්න ඕනෙ මං බලන් ඉන්නවා..උඹ වෙනුවෙන් මං අත්පුඩි ගහනවා....ඒත්...උඹ වටේ තිබුන පුංචි ලෝකෙ දැන් ලොකු වෙලා සයාශ් ....ඉස්සර..අම්මා අප්පච්චි මම විතරක් ගත්තු ඵෝන් එකට...එක එකාගෙන් කෝල් ආවම උඹගෙ මූන වෙනස් වෙන විදිහ දැක්කම.....මට උඹ...මගෙ පොඩි කොලුවා නෙවෙ කියලා යටි හිත හරියට වද දෙනවා සයාශ් ... සුතර්මා ..සුතර්මා ගෑවට...උඹ ඔය ඇත්තටමද එහෙම කතා කරන්නෙ කියලා මගෙ හිත වද දෙනවා සයාශ් ...

මට මහා වේදනාවක් දැනුනා..නිර්වාන් කියපු කතාව ඇත්ත.....මටම මාව මග ඇරුනා...උන්න විදිහට...මං දැන් ඉන්න විදිහ ගැලපෙන්නෙ නැතිව ඇති සීයට දාහක්ම....ඒත්....නිර්වානට වගේම මටත් මාව හොයා ගන්න ඕනා...

නිරූ...

ම්ම්ම්....

ඔච්චර කියවන්න එපා නිර්වාන් .....ඒක උඹටත් ගැලපෙන්නෙ නෑ...මට ඕනෙ....ආයම ගොලු නිර්වාන්ව....මං කොච්චර කියෙව්වත්....හැම දේයම ම්න්..ම්න් ගාන අර නපුරව....

ම්න්.....එහෙම වෙන්නම්....උඹත්....ආයම...අර පරන වක්ක්ඩේම උනෝතින් ...

මං හිනා උනා...ඒ එක්කම මං චුට්ටක් එයාගෙ දිහාවට නැවිලා කලින් තිබුනටත් වඩා ලොකු අත් ගොබේට ආදරෙන් හාදුවක් තිබ්නා....

ම්හුක්....නිරූ.....

ම්න්....

ඔයා තාම මරාගන්න යනවද අනේ...

.....

ඈ...නිරු....පලිගුවගෙ අප්පච්චි යේ....

...

..චූචියගෙ නිරූ ....

......

ම්හුක්...

ආ...ආ....නිර්වාන් ...මේ.....ඔයා සීරියස් ගත්තද...ඈ...නිරූ ..මං කිව්වෙ.....අඩේ...නිරූ...අනේ...ම්හුක්....හරිම අගෙයි...හරිම අගෙයි...මං කිව්වෙ....නෑනෙ මේ අදම ගොලු වෙන්න කියලා ....ඈ....හරිම අගෙයි....නිර්වාන් ...දරුපැටියෙකුත් ගෙනත් දීලා කිවූ පමනට ගොලු වූ අයුරු නම්...හරිම අගෙයි...නිර්වාන් ....ප්‍රීතී ...ප්‍රීතී .ඈ....

මං නිර්වාන්ට අතට එකක් ගැහුවා...අහන්න දෙවල්...කියන්න.දේවල් හුගාක්....ඉස්සර වගේම ගොලු වෙයන් කියපු තත්පරේට ගොලු උන නිර්වාගෙන් ආපිට වචනයක් ගන්න බැරිව වැඩ වරද්ද ගත්ත මං කෙදිරි ගාලා....කෙදිරි ගාලා අවසානෙදි යන්තම් ආයම ගොලු හදවත විවර කරගත්තා ....

නිරූ.....ම්හුක්....චූචියට කියන්නකො නිරූ. 

මොනවද....චූචියට කියන්න ඕනෙ....

මේ මෙතන ඉන්න නිරූගෙ චූචියට කියන්නකො....තාමත් මරාගන්න යනවද කියලා ....

ම්ම්ම්...යනවා....ඇයි.... මෙතන ඉන්න චූචියගෙ නිරූ.. දැන් බින්දු හතරට නෙවෙ මරාගන්න යන්නෙ...

.ඒ කියන්නෙ...

පස්සෙ කියන්නම්...මට උඹව තුරුල් කරන් කියන්න හුගාක් දේවල් තියනවා මගෙ චූටි..ඒත්.....දෙතැක ඉදන් කියනකොට ...ඒක දැනෙන්නෙ නෑ.....ලගට අරගනම කියනකන් ඔය වක්කඩේ වහගනින්....

.යෝ.....හ්...නිර්වාන් ...ම්හුක්...නරකයා....අනෙ...උඹ...සුතර්මා කියලා නේත දුන්නෙ..ඇස් දෙකෙ තියන් රැකපු දරු පැංචට අරියාදු කරන්න..ගහන්න බයින්න එපා කියලා ....

ම්න්...ම්න්...කිව්වා...ගහන්න...එපා..

කිව්වට...පලන්න එපා කියලා කොතනකවත් සුතර්මා කිව්වෙ නෑනෙ මගෙ චූචියට...ම්ම්ම්.....

නිර්වාන් කට කොනකින් හිනා උනා...මගෙ අත අරගන හාදුවක් තියලා ආදරෙයි කිව්වා ....ඒ අස්සෙන් නින්දෙ සැප කොයි තරම්ද කියනව නම් ලොකුවා හීනෙනුත් කියවන්න ගද්දි මං පලිගුවව අතට අරන් පට්ට පෙට්ටිය පස්සෙ ශීට් එකට විසික් කරනකොට ඒක ගිහින් ශෙනිරුවගෙ ඔලුව උඩට වැටුනා ...

ක්...ක්..කවද...යකො...මො..මොකාද....ම්...මොකාද ....මේ මගුලෙන් ගැහුවෙ ....

ම්හ්....ස්..සෙනු.....ස්...ස්ස්..සෙනු...බබී...බබීනෙ...මේ..බ්...බී නෙවෙනේහ්....!!!

යා....හ් නිර්වානයා උඹගෙ ඔය පොඩි මෝඩයව පරිස්සම් කරගනින්.....

තත්පර විනාඩි උනා...විනාඩි පැය උනා....මහ පාන්දර තියන අන්දකාර අහසට එලිවෙන්න තව හුගාක් වෙලා තියනකොට මං නිතර දෙවෙලෙ බනින පුත්තලම පහු උනා විතරයි ....පෙට්ටිය අස්සෙ උන්න මගෙ පලිගුවා අනිත් පාර උන්නෙ මගෙ ටීශර්ට් එක අස්සෙ වෙනකොට අනේ ඌ මගෙ පපුවෙ රස්නෙට ගුලි උනා....නින්දෙනුත් ඇඩුවා...අම්මගෙන් කුක්කු බීපු පුරුද්දට ඌ අර ඇබිත්තට නැති කට ඇර ඇර මගෙ පපුව දත් නැති කටෙන් ලෑටි ගාන්න ගත්තා ...චූටි අත් දෙකෙන් පපුවම තද කරන්න ගත්තා .....අනේ පැටියට බඩගිනි වෙලා...

..නිරූ.....

ම්න්.....

අනේ මේ බලු පැටියට බඩගිනී නිර්වාන් .....

මං කුක්කට තට්ටුවක් දදා නිර්වාන් දිහා බැලුවා...

.ඇයි ඔය දෙකක් තියෙන්නෙ....වම පැටියට දීලා දකුන මට තියපන්....

.අනේ නිර්වාන් ...මහ වලෙක් ....නිරූ...

ඇයි.....දැන් මට දෙන්නෙ නැද්ද.....මෙච්චර පාන්දර නැගිටන්...පෙට්‍රල් පුච්චන්...උඹව අරන් යන්නෙ ගහන්න කියල දන්නව නම් පැටියා තාත්තට පුකෙන් හිනාවෙයි...

.අනේ....නිර්වානයා....හ් ...ම්හුක්...වලෝ....

මං නිර්වාන්ගෙ අතට ගැහුවා...කෙනිත්තුවා....කට පියන් ඉදල..ඉදල කිව්වොත් මගෙ ලේ පුච්චන කතාවක් වෙනකොට මං නිර්වාන්ට අල්ලන් ගැහුවා...හැබැයි...තව පැත්තකින් මට සතුටු හිතුනා. එයා කිව්වෙ පැටියගෙ තාත්තා කියලා ...ඒකියන්නෙ.....කව්ද.....ඒ එයානෙ....එහෙම නෙවෙද....!!

ඔය බෑග් එකෙ කිරි බෝතලයක් ඇති....පොවන්න මෝඩකමට එකපාර කටට ඔබන්නෙ නැතුව හෙමින් පොවපන්...

මන් නිර්වාන් දිහා බැලුවා....කැම්පස් ගියත් හරි මුගෙ ගොලුබේත මොකෙක් හරි හොරකන් කරලා....ඇයි අඩෙ...ඉස්සර වචනයයි කිව්වෙ...ඒකත් හරි අමාරුවෙන් ....අනික මතකනෙ...මුල්ම දවසෙ මූ මාව බ්ලොක් කෙරුවා ...මං ස්ටඩීස් කරනවා....යැයියැයි ගෑව පොත් ගුල්ලා....

එක්කො...මූ දැන් කතා කරන්න පටන් අරන්...අනිත් යාලුවො පාඩම් කරන වෙලාවට මූ කතා කර කර වද දෙනවද දන්නෙ නෑ....assignment ඔක්කොම කරලා ..අනිත් උන් අහනකොට කෙරුවෙ නෑ කියලා උන් කරන වෙලේට් මූ කරන්න නොදී වද දෙනවද දන්නෙ නෑ...මොනා උනත් ..මේ අලුත් නිර්වානයගෙ පොඩි අල්කයිඩා ගතියක් තියනවා...ම්ම්ම්...ම්ම්...

ඒකත් එකට ඇමති ලේයි...මන්ත්‍රී ලේයි නෙ..මේ...අමොර්..අමොර්...හිම්චි ඔසාමා කෙනෙක්!!!!!

නිරූ . ....මේ අනේ.....

ම්න්.....

දැන් ඔයා...අපේ පලිගුවගෙ තාත්තියනෙ . නේත .ඈ නිරූ ....එතකොට ..මන්නේත අපේ දූ පැටික්කිගෙ චූටි තාත්තියා . 

දොන්තෙ නැතුව කතා කරපන්...අනික ලමයිට තාත්තලා දෙන්නෙක් නෑ...අම්මයි තාත්තයි මිසක්..මසක්කන්ද උඹට?

ආ...ආ.....ආ....හරිම අගෙයි...දැන් උඹමනේ අඩේ කිව්වෙ මට පරන සයාශ් ව ඕනෙ පරිනත එකෙක් එපා කිව්වෙ...ඈ නිර්වාන් ...හරිම අගෙයි .....පීතෲත්වය පසෙකලා වදන් හසුරවන අයුරු නම්..අම්මට සිරිවෙන්න අගෙයි...ප්‍රීතී....ඈ නිර්වාන් ...ප්‍රීතී.....ම්ම්ම්....

මං අහක බලාගත්තා ....මගෙ ටීශර්ට් එක ඇතුලෙ ඉදන් චූට්ටකට නැති අත්වලින් නොකා නොබී ඉදලා නටරාජ් කවකටු පෙට්ටියක් උන මගෙ සැකිල්ල තද කර කර චූටි කට ගහන්න තැනක් හොයපු අල්ලක් සයිස් බලු පැංචව එලියට ගත්තු මං නිර්වාන් ගෙනත් තිබුන රෝස පාට බෑග් එක ඇරියා...

කහපාට රබර් තාරාවෙක්...අඩුම ගානෙ ලේබල් එකවත් ගලවලා නෑ....ප්ලාස්ටික් බෝලයක්....රබර් මස් කටුවක්.....බලු පියරු එකක්....ඒ විතරක් නෙවෙ..චූටි දිව මදින්න බුරුසුවක් එක්ක කුක්කු බෝතලයක් ...මං හිතන්නෙ ....ඩියෝනයගෙ දෝනියා ගැන හොද අද්‍යනේක ඉදලා තියනවා වගෙ...ම්ම්ම්...

මෙහෙ එන්න පුතුකියෙ කුක්කු පොවන්න....උඹලගෙ තාත්තට දැන් හරියට වැඩනෙ ...පේනවනෙ....වචනයක් ඇහුවොත් හරහට....ඒකට මොකද අම්මට කියන්නෙ නම් පරන අම්මියම වෙන්න කියලා ...මං ඉතින් උඹගෙ අම්මියනෙ පුතේ....මං හිතන්නෙ....තාත්තියා කැම්පස් ගියාට පස්සෙ....මොකක් හරි මාරු වෙලා....යම් කිසි දෙයක් සිත්ත වෙලාතෝ...මන්තා...පුචූ.....

මං තනියෙන් කියෙව්වා ...මං කියන් දේවල් ඇහුනත් නෑ සුනා හා සමානව ඉන්න නිර්වාන් මන් බලාගන මට නොපෙන්නෙන හිමීට කට කොනකින් හිනා වෙනවා...

මොන දේ උනත් මට සතුටුයි...අපි හැමෝගෙම චරිත දැන් කලවම් වෙලා...වෙනස් වීම් හුගාක් තියනවා....පරන නිර්වාන්ව අලුත් නිර්වාන්ට යට වෙලා.....පරන සයාශ් උඩට් මතුවෙන්න ආවත්...අලුත් සයාශ් හන්දා සමහර තැන් වලදි මට පරන සයාශ්ගෙ හැසීරීම් මට ආයාසෙම්ම අරගන්න වෙනවා.....

..ලොකූ කියන්නෙම දැන් හරි වෙනස් චරිතයක් .....ශෙනිරු කියන්නෙ...තනිකරම වටපිටාව එක්ක ගැටෙන....බිස්නස් මත්තෙ නැහෙන වෙනම චරිතයක් ...කොටිම්ම...වයසත් එක්ක...අපි හැමෝම දැන් පරිනත වෙලා...ඒත්...අපි තවම අපිට නැති උන අර ලපටි මුරන්ඩු චරිත වලට පන දෙන්න හදනවා...

ඇයි චූටි.....

ඇබිත්තන් සයිස් බලු පැටියට සූප්පුව පවා ලොකු වෙනකොට අනේ ඒකි හරි අමරුවෙන් චූටි කට උල් කර කර කිරි ඉරෙව්වා .....සිදුර ඌට පොඩ් මදි හන්දම තල්ල හිල්වෙනකන් උරවන පැටියව දැකපු මට නොසැහෙන්න දුක හිතුනා..මොකද ..මට වැඩියෙන් කිරි එන්නයි කියලා බෝතලේ මිරිකන්න බෑ...අම්ම කෙනෙක් නම් හරහට ගත්තම දරුවට ලේසි වෙන්න කියලා තනක් හරි මිරිකනවා..ඒත් මං මොනවද කරන්නෙ....කිරි බෝතලේ කටේ ගැහුවයිනුත් පස්සෙ...ආපිට ඇදල ගත්තු මං සූප්පුව කලිසමෙන් පිහදගන තවත් තැනක් මගෙ දත් වලින් හිල් කෙරුවා ...

අනේ දැන් කිරි එනවා.....

චූටි ඇස් වල කදුලු පටල බැදිලා ඇස් දිලිසෙනවා..... අත් දෙකෙ බෝතලේට තිය තිය කිරි බොන පලිගු මැනිකට බඩගින්නෙ තරමටද කොහෙද ඉවසුමක් නැති වෙනකොට මං ඌට පිට උගුරෙ නොයන විදිහට තියාගන එහෙම්ම නිර්වාන්ගෙ අත් ගොබේට හේත්තු උනා...

මහ වෙලාවකට නෙවෙ....ඒත් එකම තත්පරයක් ඇති....මට ඒ සුවදින් නිවෙන්න.....මට මග ඇරුන සුවද ඒ උනුහුම එක තත්පරේකට දැනුනත් ඇති නිවෙන්න.... 

.ඇයි චූටි....ඇයි මගෙ බලු අම්මියට දොයිය මතද බඩගිනිද .....

නෑ.....මට පාලුයි....නිර්වාන් ...

පාලුයි...????

එයා එකපාරම මගෙ දිහා බැලුවා ...මං පාලුයි කියනවත් එක්කම නිදිමත කියන දේ අහලකවත් නැති නිර්වාන් ගැස්සිලා වගෙ මගෙ දිහා බැලුවා ...

මං ළඟ ඉන්නකොටත් උඹට පාලුයි ද චූටි....?

නෑ....ඒත්....දන්නවද අයියෙ...මට මේ සුවද ...මග ඇරුනා හුගාක් තැන්වල ...ඉන්න ඕනමයි කියන තැන්වලමයි.....මට උඹව මග ඇරුනෙ...මගෙ ඇස් දෙක උඹව හොයන තැන්වලමයි....මගෙ අතට මේ අත පැටලෙන්න ඕන තැන්වලදිමයි මට උඹව මග ඇරුනෙ.... 

ආය එහෙම වෙන්නෙ නෑ..මේ පාර එහෙම වෙන්නෙ නෑ...මේ අත මං ආය මැරුනත්. .මාව මැරුවත් අතාරින් නෑ වස්තුව ...

මං හරි ආදරෙයි අයියෙ....

මං එයාගෙ අත් ගොබේට හාදුවක් තිබ්බා...එකක් නෙවෙ....දහයක් ....මට එක තත්පරෙත් ඇති නිවෙන්න....මගෙ නිර්වාන් කියන්නෙම නිවනක්...

චූටි...

ම්ම්ම්....

වීරයෙක්ට ලෝකයක් බේරගන්න ඔයාව අතාරින්න පුලුවන් ....දුශ්ඨයෙක්ට ඔයා වෙනුවෙන් ලෝකයක් උනත් මරන්න පුලුවන් ...

මං නිර්වාන් දිහා බලන් උන්නා.....ඒ කතාව අහලා පුරුදුයි.....එයාගෙ හැගීම් වලින් කිව්වා උනත්.....මගෙ නිරූ කියපු වචන මට අහල පුරුදුයි ...

මොකද මගෙ දිහා බලන් ඉන්නෙ ....අර නාකියා නේද ඕක කිව්වෙ.....ම්ම්ම්ම්ම්

න්..නිරූ ....

.ඒක ඇබිත්තමාට කිව්වා උනත්...මෙතන තියෙන්නෙ උඹගෙ නිරූගෙ අවංක හැගීම්....අපි දෙන්නා සින්දුවක් අහමුද .....මට මගෙ ලමයව ළඟ තියන් සින්දුවක් අහන්න ඕනෙ....උඹ නැති දවස් වලයි මං උඹට මේතරම්ම ආදරේ කියලා ....මගෙ සයාශ් .....හැමදාම ලෝකෙ දිනන්න...මං ආසයි මගෙ කොල්ල වටේට හුගාක් මිනිස්සු පොරකනවා බලන්න...මං උඹගෙ හීනෙ ගැන දන්නවා...උඹගෙ නිරූ ඕනම තැනක ඉන්නවා...ඊරිසියා හිතුන දාකට චූට්ටක් බැන්නට කෙරුවට තරහවක් ගන්න එපා මගෙ සයාශ් .....මගෙ හින්දනෙ මට හොස්ස ගාවින් මැස්සා යන්න බැරි...මං ආදරෙයි .....මේ නිර්වාන් මගෙ මෝඩ කොල්ලට හැමදාමත් ආදරෙයි...අදත්....හෙටත්....තව ඉස්සරහටත්.....ඒක විතරක් මතක තියාගන... .ඔලුවෙ තියන හැම ප්‍රශ්නයක්ම අමතක කරන්න...මං ආවෙ...මගෙ චූටි එක්ක හිනා වෙලා ඉන්න...

ආදරෙන් ඉන්න.....අයියා අද චුට්ටක් කියවනව වැඩී...මං දන්නවා..ඒක....පෙරේදා ගසපුවල පවර් එකද කොහෙද ..ඒ උනාට මැනිකෙ...මේ දවස් ටිකටත් මට බොන්න දියන්...මොකද ...මෙච්චර කල් මං බිව්වෙ දුකට.....වේදනාවට...ඒත්..මට සතුටටත් බොන්න දියන්....හොදද....

හදවත හන්දා විදවන මගෙ අක්මාවයි පෙනහැල්ලයි නොසෑහෙන පව්...ඒත්...උඹ ආව එකේ සතුටත් උන්ට දෙන්න එපැයිනෙ....නෙ. 

මං උඹට මැරෙන්න තරම් අදරෙයි මගෙ සයාශ් .....!!!

මට දුක හිතුනා...මමම ලියපුවල වචනත් හොරකන් කරන් පිස්සට හැතැම්ම නැ කියපු මගෙ නිර්වාන් හදවත හන්දා දුක් විදින පෙනහැල්ලටයි අක්මාව ගැනයි කියලා අවසානෙදි මං උඹට මැරෙන්න තරම් ආදරෙයි කියද්දි මට වාවන්න බැරි උනා...එහෙම්ම ඉස්සුන මං ඒ කම්මුලට හාදුවක් තිබ්බා.. 

සින්දුවක් අහමුද අහපු නිර්වාන් සින්දුවක් දැම්මා...පොතේම උන්න මගෙ නිර්වාන් වෙන්ස් වෙලා...

එච්චරයි මගෙ පපුව කිව්වෙ ...කිරි බීලම බඩ පිරුන චූටි මැනිකට නින්ද යනකොට මං ඒකිව තුරුල් කරන් ආපිට ශීට් එකට ආවා .....සඳනිගෙ පියත් හීනවලට යනකොට ඒ හැමදාකම ළඟින් ඉන්න කිව්වා ...

ජීවිතයෙ තැන් තිබුනා

අපිටම අපිවම නැතිවුන....

ඒ ගැන මං හිතනා විට

කදුලක් උනනවා මට නොදැනිම...

ඔබ හින්දා මං ගැයු පෙම් වදන්

දෝරේ ගලා ගියා....

ඔබෙන් මං විදිමි හැගුමන්

මා හද නිවාලනා.....

 මට ඈනුමක් ගියා.....ලස්සනම ලස්සන ආදරනීයම සින්දුවක් එක්ක මගෙ පිට අල්ලට නම් නිර්වාන්ගෙන් හාදු පිට හාදු කෝටියක් හම්බුනා....පිටිපස්සෙ උන්න උන් දෙන්නා දැන් ඩබල් බනිස් වගේ ඇලිලා ...කොටිම්ම කියනවා නම්...ඩිපූටුයා සම්පූරනම ශීට් එකේ හරි අමාරුවෙන් දිගෑදිලා ඉන්නකොට අපේ එකා උගෙ ඇගේම බර ඩිපූටියට දීලා තිබුනා....

අමාරු උනත්....ශෙනිරු ඌව දරාගත්තා ...බදාගත්තා ...හාදුවක් දෙකක් නෙවෙ...නින්ද යනකම්ම උන් අනිවාර්යයෙන්ම හාදු සීයක් වත් තියා ගන්න ඇති....ඒත් උන් දෙන්නා හාදුවකින් මෙහා නැවතිලා හොදටම නිදාගන උන්නා...

සමහර විට සනාශ් මේ අවුරුදු ගානටම හොදටම නිදාගත්තෙ අද වෙන්න ඇති... .ඌට සැනසීමෙන් හුස්ම වැටෙන්න ඇත්තෙ අද වෙන්න ඇති....නම් ගම් වෙනස් උනාට.....කතාව වෙනස් උනාට.....චරිත මාරු උනාට මොකද ඒ ඉන්නෙත් තව ශෙනෝන් කෙනෙක් එක්ක ඩියෝන් කෙනෙක් ද කොහෙද ...

හැබැයි...ජීවිතේ කොතනකදි වත්...මට විතෙන් කෙනෙක් නම් වෙන්න බෑ...ඒ.දරාගත්තු දරාගැනිල්ල.....ෆික්ශනල් කැරැක්ටර් එකකට මිසක් මගෙ ජීවිතේට නම් දරා ගන්න බැරිවේවි ...මට වෙන්නෙත් අර ස්නොව්බෝල් ගෙ පපාට වගෙ මහ මුහුදට පනින්න....

.බලු පැටියව උරහිස උඩට ගත්තු මං ශටර් එකත් ඇරගන ලාවට වගෙ හුරුවමක් බාන ගමන් ආතල් එකෙ ඩ්‍රයිව් කරන මට එකපාරම යෙවීනයව වැහුනා ....මට මල පැන්නා...

මන් නැති ටිකට මූ ලස්සනත් වෙලා පගයා....

කොයි පැත්තෙන් බැලුවත් ලස්සනයි හති දාන වලව්වට ගිහින් යකඩ කදන් උස්සලද කොහෙද චුම්චුත් ලොකුයි.. ම්ම්ම්.....මගෙනෙ මගෙනෙ...පුතුකියට වම්පැත්ත....අම්මියට දකුනු පැත්ත...

එක එක මනස්ගාත හිත හිත උන්න මං පොර කුකුලා වගෙ මගෙ නිර්වාන් දිහා බලන් රවාගන උන්නා....ම්හුක්....ලස්සන...මොකියෙක් හරි උතුරන් යයිතෝ මන්තා....හිතෙ ඇති ....දරු පැටියවයි මාවයි අනාත කරලා යන්න.... මං මෙච්චර කල් නැහුනෙ දීලා දාන්නනෙ රන් කැටියව ....

මං තවත් ඇහි බැම හීනි කර ගත්තා ....

කොහෝම හරි මූ ලව්වා පතිවත කඩා ගන්න ඕනා...

එතකොට දාලා යන්න බෑනෙ...

බඩ වෙනවා නම් වඩාත් හොදයි....ඒත් ඉතින් මං ලිව්වට එහෙම බඩ වෙන්නෙත් නෑනෙ... ම්හුක්....අපරාතෙ...!!!

යිඔ..මුනිතාස අයියේ....මිනිහෙක් හොයාගන් මට තියන වදයක්....පාසල් ප්‍රේමෙ තමා....ඒත්...අනේ.....ම්හුක්...යෝහ්.....උඹ මගෙ කතා කියෙව්වට කමක් නෑ...අතාරින අතාරින පාරට ගෙන්න ගන්න මං දෙයියා නෙවෙ..නෙ....

උඹ මාව එක්ක ගිහින් අද මොනවත් නොකෙරුවත් ..මට සිත්ත වෙනවා...කුරුලු අන්ඩා වස්ස ගන්න...අත පය හතර ගැට ගහලා...මමම උඹව දූසනේ කරනවා නිර්වාන් ....

මේ ඔක්කොම අකටයුතු කම් ආතරේ නිසානෙ.....!

අනෙ චිම්තක.....බාල බෑණනුවන් පුතූ...ම ලස්සනක් තියෙන්නෙ ...දෙවනි දරු පැටියටත් ඔටු කිරි ටිකක් වත් එව්වා නම්....ම්ම්ම්ම්.....

සුතර්මා ...මාව උඹට බාර දීලා ඉවරයි..හිතෙ ඇති නිතේස් කෙනෙක් වෙන්න....හිටපන්....හිටපන්කො.....ම්ම්ම්.....

මං උගුර පෑදුවා ...ඔක්කොම කරුනු එක පෙලට හදාගත්තු මන් උගුර පාදන් තනියම සින්දුවක් කිය කිය මයිනා වගේ ඔලුව වනන නිරුවාන්ට මං කතා කෙරුවා ....

නිර්වාන් ...

ම්න්...

මේ පැත්ත බලපන්...

?????

(චටාස් )අ...ආ...ආ...ව්හ්...මො..මොන....මගුලක්ද ..... චූටී...කරන්නෙ....හ්....

..ම්හුක්....එහෙම කරන්න ඕන් නෑනෙ මං කියන්නෙ...

මො.. ...මොනවද ....මං මොනවද කෙරුවෙ...කියපන්....ඇහැත් එක්ක පොට්ට උනාද මන්දා ...

කමක් නෑ.....එතකොට ඒ වගෙ වෙන්නෙ නෑනෙ....

මොනවද සයාශ් උඹ ඔය කියවන්නෙ...හැරෙන්ඩ කියලා කනට ගහලා....

ඔව්.....එතකොටයි උඹ මට එහෙම කරන් නෑනෙ.....

Wtf....!! සයාශ් ...මොන මගුලද ලමයො කියවන්නෙ...ඇහැත් එක්ක මොනාද උනා....

 නෑ මං කියන්නෙ....එතෝට ඔයාට එහෙම වෙන්න බෑනෙ...එහෙම ඕන් නෑනෙ...නේත....ඈ නිරූ...

උඹට නම් සහවලා පිස්සු ලමයො....

ම්හුක්.....නෑ...ඉති භ්භ්භ්.....ඌ..ව්හ්...ඌ....යියා.....හ් ගහන්නෙ....

කටවහපිය....එක්කො කියන එක කියපිය...

ඩෑස් එකක් කටටම කෑව මන් ඇඹරිලා ගියා...මං දන්නවා නිර්වාන්ට අනිවාර්යයෙන්ම රිදෙන්න ඇති....ඒ උනත්...මං කියන්නෙ...ම්හුක්....මේ ඔක්කොම දරු පව්ල රැකගන්නනෙ....!!!

හිටපන්...හිටපන්....මං අද උඹගෙ....

පලනවනේත....ඈ අනේ...

...??

නෑ...මං අහන්නෙ...ඔයාම කිව්ව්නෙ...ඔයා අග්නියා කියලා....ඇ නිරූ ...චූචියගෙ...මෙතන ඉන්න චූචියගෙ....නිරූගෙ...ඔව්...මෙතන ඉන්න....නිරූගෙ චූචියගෙ...පලනවා....නේද.....

......

ම්හුක්...ප්‍රොමිස් කියන්න...නිරූ...පලනවමයි කියන්න.....ඔන්න අනේ...පොරොන්දු තියෙන්නෙ රකින්න...ඈ....

මොනව කියනවද මන්දා...බැහැපිය....

ම්හුක්.....නිරූ

බැහු බැහු...ඔක්කොටම වඩා මට චූ බරයි...

මගෙ මඥ්ඥන් කතා අහන් ඉදපු නිර්වාන් මගෙ උරහිසට ගහලා වාහනෙන් බැස්සා...මේ කොහෙද මේ...නමක් ගමක් දන්නෙත් නෑ....ඉන්නෙ කොහෙද හොයන්නත් බෑ...

මං වාහනෙන් බැස්සා.....නින්ද ගිහින් උන්න බලු පැංචට මං ගැස්සුන හන්දද කොහෙදෝ ඇහැරිලා එකම.එක පාරක් කෙදිරි ගාලා ආපිට මගෙ ටිකක් වැවුන කොන්ඩෙයි බෙල්ලයි අස්සට රිංගගත්තා ..අනේ ඉතින් ඌට මගෙ ආදරෙ දැනෙන තරම.....!!!

චූටි....වොශ් රූම් යනවද....?

මං උන්නෙ තාමත් අනතමනත වෙලා....මොකද කෑලිකපන්න පුලුවන් අන්දකාර නොවුනත්...පාන්දර පහේ කනිසම පහුවේගන එන්නෙ කියන්න වටපිටාවෙම්ම තේරුනා....

නිරූ...මේ කොහෙද ...නිරූ.... 

දැන් ලගයි...කැබ් එක දාලා යන්න වෙන්නෙ.....

ඔව්නෙ...කැබ් එක දාලා තමා යන්න වෙන්නෙ.....මමත් ලිව්වෙ එහෙමනෙ....ඒතරම් පැය ගානක් ගියාද...නැතිනම්...මගෙ නිර්වාන් ලග නිසා මට වෙලාව යනව දැනුන් නැතිද....

මං ඇස් පොඩි කරලා වටපිට බැලුවා....දෙමල කඩයක් ...සයිවර් කඩයක් ....බවාන් එකක්....හැබැයි pure vegetarian එකක්..අනිවාර්යයෙන්ම අර මුරුංගා සාම්බාරු එක ඇති...අර...ලොකූම ලොකු තෝසෙ එක් කන්න.....සුදු පාට ඉට්ලිය කන්න....අනිවාර්යයෙන්ම පරිප්පුයි මුරුංගයි දාපු සාම්බාරුව ඇති....

නිල්ම නිල්පාට ටියුබ් ලයිට් මුලු සයිවර් කඩේම එලි කරනකොට මං බලු පැටියව ආපිට පිටිපස්සෙන් තිබ්බා...

ම්ම්ම්...සෙ...නූ.....

නැගිටින්න....

මේ..කොහෙද...සෙ...නු...

කෝ මෙහෙ එන්න ඔය කොන්ඩෙ හදන්න...මහෙ අතකුත් හිරි වැටිලා ...

ඒ ඇයි...ඇයි සෙනූඒ...බබී....දොයිය පුතා උන හන්දද....උම්මියක් දුන්නොත් හිරිය හරියයිද....ආ..මගෙ සෙනූ...සෙනූගෙ රන් කද උම්මියක් දුන්නොත්

මගෙ දත කට පූට්ටූ උනා අනේ මාත් මේවා බලන්ඩ තරම් පවුකාර උනානෙ....

ඒව්...විතරක් තොපි...තිරිසන්නු වගෙ අනේ....එව්....

ආ.....ආ....තිරිසන්නු වගෙ කියන්නෙ...ඇයි උඹට ඊරිසියද....අර ගොලුවා තුරුල් කරගත්තෙ නැතිහන්දා....

එයා දැන් ගොලු නෑ..හරිද....දෙන්නෙ තොට පුක පුපුරන්ඩ...

යෝ.....සෙනූ...බලන්කො...බයිනානෙ...

නිර්වාන්ගෙ පොඩි මෝඩයා...මගෙ බබීට බනින්නෙ නෑ ආ...හප්....චුප්!!!

ඒක ඊටත් හපන්...ඒක ඊටත් හපන්..ආදරෙන් මත් වෙලාද කොහෙද ...යසයි මිලිටරි කාරයගෙ පුතා අපෙ එකා ගාව ඇබරෙන ඇබරිල්ල....බිස්නස්මන් දැල් නාන් වලන් හේදුවෙ මූව අයිතිකරගන්න කියලා දන්නවා නම් කාලගෝලයා පවා මූට හූ කියනවා...

අමොර්...අමොර්...සත් වසක් වලන් හෝදා අයිති කරගත් සැලලිහිනි දික්තලා...

මගෙ මූනට මහ පඩත්තර හිනාවක් ආවා.....දැලිනාන්...වලන් හෝදන් සුතර්මගෙන් දේශානා අහගන අයිති කරගත්තු දික්තලාගෙ දික්පිටියා මොකා වෙයිද කියලා හිතපු මට මහ පඩත්තර හිනාවක් ආවා....

දික්පිටියගෙ ඇට ලෙෆ්ට් වෙයි මූට අහු උනොත්...අපෙ එකාටත් එක්තැන් වෙන්න වෙයි..අම්මො...මෙහෙම උන්නට මුන් මහ දරුනු මිනිස්සු.....

චූටී.....

මගෙ නිර්වාන් ආයම කතා කෙරුවා ...මෙතනින් එහා මට මැවුනෙම නිතේශ් කෙනෙක්....නිර්වාන් අබේසේකර වෙනුවට මට මැවුනෙම නිතේශ් දිසානායක කෙනෙක්...ඒ හාමු දුන්න ආදරේ.. අනේ දෙයියනේ....විතේන් මොන තරම් වාසනාවන්තද ...මැනිකෙ ..මැනිකෙ....මැනිකෙ කියලා කතා කරනකොට ....මටම ලෝබ හිතුනා...මං කොහොමද මේ තරම් ආදරේ කැව්වෙ කියලා .....

අනේ විතේන් මට උඹ ගැන ලෝබයි....සිද්දාර්ත් ගැන ලෝභයි.....ඇසල ගැන ලෝභයි.....වික්‍රමසිංහ මැනිකෙ ගැන ලෝබයි....ඇයි දෙයියනෙ මං උන්ට මේ තරම් ආදරේ කැව්වෙ....

ඔක්කොමත් හොදයි...මං මොන සිහියෙන්ද යකෙක් ගෙ ආදරයක් ගැන ලිව්වෙ...සංධීර් කෙනෙක්ගෙ....

මං එක තත්පරයක් දෙකක් බලාගන උන්නා...ඇත්තටම උන්ට පන දුන්නෙ මමනෙ ...එතකොට මං ...මගෙ ගාව...මගෙ ගාව මොන තරම් ආදරයක් ඇතිද 

මං නිර්වාන් ලගට ගියා ..පිටිපස්සෙ ශීට් එකේ රංජිත් කුරුප්පු මහත්තයගෙ ට්‍රාන්ස්ලේට් එකක් උන ප්‍රේම සැදෑවන්ට බාගෙට පන පොවාපු සැලටනික් කපල් එක නිදි මරගාතෙම ටොයිලට් එකක් හොයන් යනකොට මෙච්චර කාලෙකට ලියපු හැම චරිතෙම මං පැත්තකින් දාලා...ෆික්ශනල් කැරැක්ටර් එකක් නොවුන මගෙ නිර්වාන් ගාවට ගියා....

නිරූ ...

ඔයාට යන්න ඕනෙ නැද්ද ....අතපය චුට්ටක් හෝදගන්න මේ ඇසුත් රතු වෙලා....

මං උඹට මගෙ මහත්තයා කියන්නම්?

මන්දා....මට එකපාරම ආදරේ පිටාර දාන්න ඕනා උනා.....තව චුට්ට දුරයි...නිතේශ් විතේන් ආදරේ කරපු ඒ දූපතට..... අමුතුවෙන් ශෙනෝන් ඩියෝන් කෙනෙක් ඕන් නෑ...උන් තව දුරටත් ෆික්ශනල් කැරැක්ටර්ස් නොවී අපි ගාවම උන්නත් ..මට නිතේශ් වෙනුවට.....මමම හොයාගත්තු ආදරනියම මනුස්සයගෙ අතින් අල්ල ගත්තා .....

නිර්වාන් උන්නෙ මං මොන නමින්ද එයාට කතා කෙරුවෙ කියලා හිතා ගන්න බැරිව...

නිර්වාන් ...මට..පුලුවන්ද උඹට...මගෙ මහත්තයා කියන්න.....මං හරි ආදරෙයි.....නිර්වාන් උඹට. ..මාව හොයා ගන්න ආව ගමනෙ...මාව සතුටින් තියන්න ආව ගමනෙ....නිතේශ් හාමු කෙනෙක් වෙනුවට....උඹට බැරිද..මට.....නිර්වාන් වෙනම ආදරනීය කෙනෙක් වෙන්න....

මන් නිර්වාන්ගෙ අත් දෙක තදිම්ම අල්ල ගත්තා .....එයා බලාගන උන්නා..එක තත්පරයක් දෙකක්....තුනක් හතර පහක් ..අවසානෙදි එක අතක් මගෙන් ගලවගන එය මගෙ කම්මුලක් හරි හිමීට ඒ පිට අල්ලෙන් පිරිමැද්දා....

චූටිආස මගෙ මහත්තයා කියන්නද.....

හ්ම්ම්.....පුලුවන්ද ....

මොකද බැරි....මගෙනෙ...එහෙනම්...චූටිටත් මං .....මගෙ චූටි මැනික කියනන්ද....

චූටි මැනික....

කෝ ඉතින් මගෙ කෑල්ල....ඉදලා හිටලා මගෙ ළමයා කියලත් කියන්නම්...ඉතින්.....

මං හිනා උනා..මහ පාන්දරම ඒ පපුවට තුරුල් උනා...තවම පින්නක් වත්න්වැටෙන්න හිතලා නැතිඋනත්...මගෙ හිතට නම් පිනි වැටුනා....නිකන් නෙවෙ...ආදරයේ පිනි බින්දු .....උනුසුම් හාදුවක් ...ඉර නගින්නත් කලියෙන් දවසෙ පලවෙනි උනුසුම් හාදුව නලලටම තියපු මගෙ නිර්වාන් අවසානෙදි හරි ලස්සනට හිනාඋනා. මගෙ හදවත ඒ හිනාව ගාව හැමදාමත් කඩා වැටුනා...

මොකද ....නිතර දෙවේලෙ දකින හිනාවක් නෙවෙ ඒක...හරි සාරසොභාවයි ..

මාව දියවෙනවා ..මේ හිනාවෙ අයිතිකාරයා මම නේද...කියලා හිතෙනකොට සයාශ් වෙච්ච මට හරි ආඩම්බරදැනුනා....

කෝ...ආගන්න...දැන් මේවා ඕනා කිව්වා නේද

ම්හු..ක්...ඇතිනෙ...නිරු...

එක.කටනෙ කෑවෙ...

මට ඕනෙ දැවිල්ල දෙයක්

එහෙනම් මිරිස් හොදි ටිකක් බීපන් ගිහින්...

මහ ඕන් නෑ...අප්පාවෙ....නිරූ...

මං මූන දෙක කරගත්තා ....උදේ පාන්දරම නිසාද කොහෙද මිරිස් රසට රසම් එකක් වත් නැති වෙනකොට දැන් පුච්චපු තෝසයක් එක්ක මං අර කියාපු මුරුංගා සාම්බාරුවයි ..කරපිංචා පාවෙන පරිප්පු හොද්දයි තියනකොට මං පොඩ්ඩක් මූන ඇබුල් කරගත්තා ..... ..ඒඋනත් අපේ අරකා නම් බබීත බබීත ගගා අවුරුදු ගානක ඇරියස් එකක් කවර් කරන ගමන් උන්නා...

සෙනූ...මුරුංගයක්...මුරුංගයක්...

අදින්නාදානාවක්...

ආ..ආ..මේ තියෙන්නෙ.....ඔයා අත්වල ඉදුල් ගෑවෙනවා...සෙනූ කවන්නම් හොදද....

එව්....විතරක් පටන් ගත්තා මෙතනත් නහින්ඩ.....මගුල...කන්න තිබ්බ පිරියත් නැති උනා...

..නිරූ....චූචියත....එපානෙ...නිරූ.....ඔව්....එපානෙ...නේත.. ආ.....නිරූ....අපානේනේත...

අනේ විකාර නොකර ආගපන් මේකෙන්ම්ම කෙලලා අරින්ඩ කලින්...

එව්...උඹට නම් රොමැන්ටික් කියන දේ කොටලා පොවන්ඩ ඕනෙ....ඒකට මොකද වදන් දුන්නෙ නම් කොහොමද සුතර්මවත් පදන් වෙන්ඩ....මට ඕන් නැහ්....මං ආය උඹට මගෙ මහත්තයා කියන්නෙත් නෑ...උඹට ආය චූටි මැනිකකුත් නෑ...

අදින් පස්සෙ උඹගෙයි මගෙයි සම්බන්දෙකුත් නෑ කියලා හයියෙම්ම කියලා කැබ් එකට දුවපන්.....

න්..නි..නිරූ....

මගෙ ඇස් දෙක ලොකු උනා..මං හිතුවා වගේම මූ මහ ප්‍රෝඩාකාරයෙක් වෙලා....අරුන් දෙන්නා නම් මේ දැන් රමනය කරන්න හදන කහ ගැරඩි දෙන්නෙක් වගේ වල්ගෙ ඉදන් එතිගන වටෙ ඉන්න උන්වත් ගර්භණී කරන්න හදනකොට මං නිර්වාන්ට ගස්සන් එන්න හැරුනා...හැබැයි ආයම නිර්වාන් දිහාවට ඇස් කැරකෙව්වා ....මාව තඹේකට ගනන් නොගෙන මුරුංගා සූප්පනවා...

ම්.....දැනට ඔව්වා සූප්පපන්කො...ලග තියන මුරුංගෙ සූප්පන්න දුන්නොතින් කෙලලා අරින්නම්...දත් ඇන්ද හිටින්නම....කාතුන් කතා බලලා බලලම...දරු පැංචගෙ ඔලුව තනිකරම කාමලෝකයක් නිරූ...ම්ම්ම්...ම්ම්...

උඹ මට තවත් රිදෙව්වොත්...ඇත්තමයි නිර්වාන් මං පනිනවා උඹ එදා පනින්න ගිය බිල්ඩිම වගේ දහගුනයක් උස තැනකින්.....

ම්ම්....බල්ටියක් ගහලම පැනපන්...

මං එන්න ආවා ....මූනට ඉරිගු කරලකින් ගැහුවොත් පොරි විසිවෙන තරම් තරහ ගියපු මං පස්සෙම ශීට් එකට ගිහින් බලු කුක්කවත් තුරුල් කරන් ගුලි උනා....

නිර්වානයා....දියන් මං ගන්නම්...බබි එන්ඩ....

මං තවත් ගුලි උනා...අම්මගෙම දෝනියන්දා කියන්ඩ මගෙ ගාව උන්න චූටි පලිගුවත් හොදට ඇකිලුනා....

දොර ඇරුනා....

දොර වැහුනා.....

ඔන්න වැනිලා සුවද ළඟ ලගම එනවා.....

ඔන්න...ශිට් එක බර වෙනවා.....

මං තවත් ඇස් දෙක තද කරගත්තා ....

නින්ද ගිහින් අප්පා....චූටි...

.......( ඔන්න ඉතින් මුගෙ බොරුව....ම්හුක්...මටෝන් නැහ්)

.චූටි මැනික....මගෙ ලමයො...

...(ම්හුක්...නෑ ඕන් නෑ)

මේ.මයිලෝත් ගෙනාව....දැන් ඉතින් කවුරු බොන්නද....මගෙ ලමයට නින්ද ගිහින්නෙ....සනාශ්ට වත්.....

..නෑ.නෑ...ළමයා නිදි නෑ.....ළමයා නිදි නෑනෙ....!නිරූ ...චූචියා....නිදි නෑනෙ.....

මං නැගිට්ටා....ආය තිස්තුන්දාහෙන් වැදුන කිරිසමනා වගේ...මං නැගිට්ටා....නිර්වාන් ඇවිල්ලා...සික් රූම් එකේදි මාව බලන්න මයිලෝ එකක් අරන් ආවා වගේම මාව බලන්න එයා ඇවිල්ලා උන්නා.....

නිරූ....

මං උන්නෙ නිර්වාන් ගෙ උකුල උඩ...බලු පැටියා මගෙ උකුල උඩ....

මතකයිද....උඹ මාව ග්‍රවුන්ඩ් එක වටේ දිව්වෙව්වා....

.....

මාව වැටුනා...

....

මට සිහි නැති උනා...

.මං බය උනා චූටි එදා...කියන්න තේරෙන්නෙ නෑ.....මට....එකපාරම බය හිතුනා.....

ඒක වෙලා හුගක් කල්....

ඒත්...කවදාවත් මතක පරන වෙන්නෙ නැති හන්දම.....මට අද ඊයෙ වගෙ චූටි...

ඒ තරම්ම මට ආදරෙයිද මගෙ නිර්වාන් .....

හිතන්නවත් බැරි තරමට...මං හරි ආදරෙයි ඔයාට .....සතුටක් කියන දේ අංශුමාත්‍රයක් වත් විදපු නැති මට....සතුටක් ගෙනාවට....මං හැමදාම කියනවා....මං හරි වාසනාවන්තයි ....ඔයා මගෙ වෙන්න.....මාව.ජීවත් කෙරුවෙ උඹ ලියපු වචන .....ලස්සනම කතා පටන් ගන්නෙ හිතන්නෙ නැති පරිච්චේද වලින් කියලා උඹම ලියලා තියෙනකොට මං ඒ ලස්සනම කතාව පටන් ගන්නකන් මේ තාක් ඒ පරිච්චේදෙ පෙරෙලනක බලන් උන්න මගෙ සයාශ් ...

මන් නිර්වාන් දිහා අඩ අන්දකාරෙ බලාගන උන්නා.... ....එයා හරි ආදරනීයයි කියන්න කතා කරන වචන වලින් තේරුම්.යනකොට මන් එයා තවත් කියවනකන් බලාගන උන්නා....

..ආයම ලියනකොට ලියපන්.....අත හැරීමම නෙවෙ ප්‍රේමය...බලා ඉන්න එකමත් තමයි ප්‍රේමය කියලා ...තේරුනාද මගෙ චූටි මැනිකට...මං උඹ එනකන් ඒ මතක පිටු පෙරලා පෙරලා බලාගන උන්න චූටි...ඉතින්...එහෙම කරපු මගෙන්...කොහොමද අහන්නෙ ඒ තරම්ම ආදරේද කියලා ...

මං නිර්වාන් ගෙ මූනම අත් දෙකෙම්ම අල්ලගත්තා ....උකුලෙ උන්න බලු පැටියව වෙන තැනකින් තියනවත් එක්කම පස්සෙ ශීට් එකේ අඩ අන්දකාරෙක ආදරේ උතුරන්න හැදුවා....හාදුවක් ...හාදුවක් ...හාදුවක් ....නලලෙන් පටන් ගත්තු හාදු මූන පුරාවටම යනකොට මතක දිගේ ආයාමත් නාඹර ආදරෙ මතක් කරපු මගෙ නිර්වාන් මාව තල තල උනත් හාදු තිබ්බා....

අඩව අඩව බලන් උන්න කාලෙ මගඇරුන හැම හාදුවක්ම ආයම මුලක ඉදන් දෙන්න ගන්නකොට මම හිතා මතාම ශීට් එක උඩ උඩ බෙලි අතට පෙරලෙනවත් එක්කම....ඉඩ මදි බව දැන දැනම උනත් නිර්වාන් මාව යට කරගත්තා ...එතනින් එහා මං තනිකරම හාදුවැස්සක කුඩයක් නැතිවම තෙමෙන්න ගත්තා

මං හරි ආදරෙයි මගෙ චූටිමැනික...

සනසන්න ඔය දෙතොල් පහසින්...

නැලවෙන්න මා ගාව රහසින්...

තහනම් නේද මේ....මැරුණු ආත්මයේ...

සීමා නෑ.....

මායිම් නෑ....

දෑසින් කී කතා...

නිමා වෙන්නෙ නෑ....!!!...

..න්..නිරූ...

හොද හුස්මක් ගන්න...

 මගෙ ඇස් වලට කදුලු පිරුනා...දෙයියනේ...මං ඉන්නෙ එතන...නිර්වාන්ගෙ හාදු ඉවර වෙනකොට මගෙ මුනෙ පන ගිහින් තිබුනා...හෝරා ගානක්.....එදා මං ලියපුවා වගේමයි....මගින් නවතින වාහන.....නිල්ම නිල් කැටියට තියන වතුර කද දෙබෑ කරන් යන බෝට්ටුව....අවසානෙදි එ පුංචිම දූපත.....

ඔව්..මේ තියෙන්නෙ නිතේශ් විතේන් ආදරේ සීමා බිදපු තැන වෙනකොට මට මගෙ නිර්වාන්ගෙ අත තදින්ම මිරිකුනා...

කව්ද හිතුවෙ...එයා මගෙ පොතක පිටුවක් යතාර්තයක් කරයි කියලා....

ඉර පායන් එනවා....සිල්ලු කොල එකාකාරෙට වැවුන වැලි පොලව වැහෙන්න සිල්ලු මල් පිපිලා තියෙනකොට මං කටත් ඇරන් බලාගන උන්නා.....

ආරව්....බලාගන.....ඔයාව දැන් වැටෙනවා ආ.....

ආරව්.....?? කටත් ඇරන් සිල්ලු මල් දිහා බලන් උන්න මගෙ කන්දෙක පොඩ්ඩක් හෙලවිලා යනකොට මං සැල දිහා බැලුවා ඌ නිකක් හාලියෙක් වගෙ කටත් ඇරන් කොහෙදෝ බලන් උන්නා...උගෙ මූනත් සුදු මැලිවෙලා ....

ච්...චූටියා...

අයා...න්...සර්ගෙ...කටහඩ...නේද.. ලොකූ...

කටහඩ...නෙවෙ.....චූටියා....අර...ඉන්නෙ...සුධාගෙ....විනිල් මැනික...නේද...?

...ඔව්..මයි..... 

මං නිර්වාන් දිහා බැලුවා ...එහෙම්ම ශෙනිරු දිහාත් බැලුවා උන් දෙන්නත් ඇස් හීනි කරන් මේ උදේ පාන්දර හිස් බඩෙම්ම ආලවන්ත කම් පාන ගුරු තරු දෙක දිහා බලන් උන්නා...

ආ චූටියා ...ලොකු නැන්දා කිව්වෙ මූ පිරිත් ගෙදරක ගියා කියලනෙ....

.......

මට උත්තර නැති උනා...හැබැයි මං වෙනුවට ඩිපූටියා කට ඇරියා ...

පිරිත් දානවා ඇති තමයි.....කාමරේ අස්සෙන් ...

මං ඩිපූටියා දිහා ඇස් කැරකෙව්වා.....කුමක්...හෝ....සිත්ත වෙනවතෝ...මන්තා....සුතර්මා ....

මං ඒ එක්කම නිර්වාන් දිහා ඇස් කරකනවත් එක්කම නැහැදිලා උන්න මගෙ නිර්වානයත් කට කැඩිච්ච කතාවක් කිව්වා ...

ම්ම්ම්...උනුත් ....අපි වගේම අප්පුඩි ගහන්න ඇවිදින් තියන දුරක්....fighting ආරව් සර්...!..

නිර්වනයා සර්ටත්....දූරියන් බෑවක් දෙනවැයි...

.....???

ම්න්...පෙනඩෝල් කාර්ඩ් එකක් එක්ක රේන් කෝට් එකකුත් ගිහින් දීපන්....

දූරියන් ...පෙනඩෝල්.....රේන් කෝට්???!

..

😘ආයම කොටසකින් එනකන් පරිස්සමින් ඉන්න...

ආදරෙයි හුගාක්ම හුගාක් මාව විශ්වාස කරපු ඔයාලා හැමෝටම වගේම ස්තූතියි නොසෑහෙන්න මං වෙනුවෙන් කතා කරපු හැමෝටම ...

මං

ජොබී...

Nedeesha ...

More Chapters