Cherreads

Chapter 60 - 60

Sayash pov....

ම්හුක්.....නිරූ

ම්න්.....

දෙන්නකො අනෙ ඕක...

දෙන්නම් ආ ගාපන්.....

යෝහ්...මේ ගිනි මද්දහනෙ නොදරු පැංචට බයින්න එපානෙ නිරූ...අනික මේ පුතු පැටියෙකුත් ඉන්න අම්මෙක්ට නේත වැදි බාසාවෙන් ආමන්ත්‍රනේ කරන්නෙ.....යෝහ්...නලුවෙක්ට කතා කරන අසිරිය....

ම්න්...ම්න්... අසිරිය දකිම්න පුලුවන් උඹට පස්සෙ දැන් හොදට ආ...ආ....ආගාපන් කට නැද්ද උඹට

යෝහ්.....පලි ගන්නවා.....පලි ගන්නවා අප්ප...අනික ..ඔතන....උම්මිය දෙන්නෙ නලලටනෙ....වදේ.....ඊටත් ඒක මට පස්සෙ පිහාගන්නත් පුලුවන් නෙ.....යෝ...තේරුම් ගැනීම අතින් නම් බින්දුවයි...නේහ්.....ඇයි වදේ.....ඔහොම කොහොමද අනේ.....හොද වෙලේට මං දීපිකා පාදුකෝන් නොවුනෙ...එහෙම උනානම් මේ මිනිහා මට ඇසිඩ් ගහලා.....මගෙ සහයක නලුවටත් ඇසිඩ් ගහලා...ඇයි අනේ..අහන්නකො....දැන් ඔයා භ්න්හ්න්හ්....භ්භ්...ම්හුක්..කියව..කියව...ඉද්දි...කටට...එබු...වාහ්.....

මං උන්නෙ මගෙ අඩු දෙකම උඩ තියාගන බලු කෙල්ලව කකුල් අස්සෙ ගහන්...මං ලව්ව පොල් ගාවගන මාව බාගෙට මරව මරව උයපු නිර්වානයා මං ලව්වාම වලනුත් හේදෙව්වා .....මං හිතන්නෙ මූ මගෙන් කුමක් හෝ...පුද්ගලීක තරහවක් පිරිමැහුවද කොහෙද ....ඇස් දෙකත් පුලුවන් අන්තෙටම රැලි කරන් උන්න නිර්වාන් අර ඉස්කොලේ යන කාලෙ නරකයා වේගන එනගමන් ඉන්නකොට මං ඇස් කැරකෙව්වා.....

ගිනි මද්දහනෙ ඇදිවත ගලවන් කාටත් හොරාවට අප්පුඩි ගහපු සැලයි ඩිපූටියගෙනුයි මීක් සද්දයක් නැතිවෙනකොට සිප් කිරි පෙවූ මූසල කපල් එකගෙ නූල් පටක් වත් මට හොයා ගන්න බැරි උනා...මට කාගෙවත්

"how " හරනක් නැති උනා....මං තනි උනා....

කොච්චර කොහොම මගෙ ළමයා...මගෙ චූටි ගගා උන්නත්...හීන් නූලෙන් නිර්වානයා මගෙ රංගන ජීවිතේ ගැන අහ අහ ඉදලා....ඉදිරි අනාගතයේදි රගපාන්න තියන අමුතු ඇටේ මිනිස්සුන්ට තහනම් මාතෘකාවක් වෙච්ච දේදුන්නලාගෙ කතාවෙ සම ප්‍රධාන නලුවට ඉන්නෙ සාක්‍ය අයියා කියන එක දැනගත්තු වෙලේ ඉදන් දුම්මලන වරම අතට අරන් උන්නා.....

ඒ විතරක් නෙවෙ.....මටත් ඉන්න බැරි කැහියාවට වඩා තියන නලු ඌස්නෙ ඉහට ගහපු සෝබනේට අරන් ආව ස්ක්‍රිප්ට් එක උඩ ඉදන් අගටත් අග ඉදන් උඩත් සිය දහස් වාරයක් කියවපු නිර්වානයට තනිකරම දොස්තර සාෆි වැහිලා උන්නා...කොටින්ම දැන් නිර්වානයට ස්ක්‍රිප්ට් එක ලියපු එකාට වඩා ඒක පාඩම්.....!

බත් කටක් කැව්වෙත් රව රව....බත් කට ඇනුවෙත් රව රව....උඹත් එක්ක ජීවත් වෙන්න ආසයි යැයි යැයි ගගා මට එක එක හීන පෙන්නපු නිර්වානයා ඒ හීන සබන් බෝල කුඩු කරනව වගේ බිදින්න ගත්තා ....නිකන් නෙවෙ උල් කටු වලින්....ව්ස කටු වලින් ඇන ඇන....

සයාශ් ...උඹ ලබන අවුරුද්දෙ බදින්න ලෑස්ති වෙයන් ...

අ...ඈ....හ්..අනේ...නිරූ.....හ්....බ්..බදින්න.. අනේ...බදින්න....තරම්...මගෙ....මොලෙ...මෝරලා නෑනෙ....චූචියගෙ...මොලේ....තාම...

ලපටිනේ....නිරූ ...

ඉස්සව පොතු පිටින් කටට ඔබපු නිර්වානයා විසි පහෙන් බදින්න කිය කිය ඉදලා එක පාරම ලබන අවුරුද්දෙ බදින්න ලෑස්ති වෙන්න කියනවත් එක්කම මගෙ සිහිකල්පනාව එහෙනම් අපි ගියා කොල්ලො කියන ගමන් හිමින් සීරුවෙ මාරුවෙනකොට මං කසාදෙ කල් දාගන්න මගෙ මොලේ මොර්‍ර්ළා නෑ කියනවත් එක්කම නිර්වාන් ඇහිබැමක් උස්සලා මගෙ දිහා බලන් උන්නා...ඒක හරියටම ....මෝරන්නත් උඹට මොලයක් තියනවද වගේ ලයින් එකකින් ...

අනේ සුතර්මා .....නොදරු පැංචගෙ රංගන ජීවිතේ ස්වර්ණමය යුගය පටන් ගත්තා පමනයිනේ....

යෝ ....හ් චිම්තක...දෙවනි දරු පැන්චවට කසාද ජීවිතෙ දුක් කදුලක් වෙයිතෝ.....මන්තා...සෑම දාකම....මා හට අඩන්න සිතුවෙයිතෝ....මන්තා......

කෝ ආගපාන්.....

නිරූ .....චුච්චක් ඉන්නකො....ඉස්සා තාම කටේනෙ....

උඹට ඉස්සව කා ගන්න ඔය කට මදි නම් තව එව්වා කටේ දාගන්නෙ කොහොමද ?

........ම්..මුකක්.....?

.......

මගෙ ඇස් දෙක එක පාරම ලොකු උනා.....බුක්බුක් ගාලා ඇහිපිල්ලම් දෙක තුනකුත් ගහපු මං නිර්වාන් දිහා කටත් ඇරන් බලාගන ඉන්නකොට බාගෙට හපපු ඉස්සව යටි තොලෙන් පහලට වැටුනා විතරයි මගෙ කකුල් අස්සෙ උන්න බලු කික්කි දත් නැති බව දැන දැන ඒකට ඉව කරලා ඉස්සව හපන්න ගත්තා ...

එයා ඇහුවා තව ඒවා කටේ දාගන්නෙ කොහොමද කියලා...

තව ඒවා.....තව ඒවා කිව්වෙ.....ඒ මොනාත ඒ.......

කට ඇරන් උන්න මං නිර්වාන් දිහා බැලුවා...ඒ ඇහි බැම හීනි වෙලා.....ඇසුත් එක්ක හීනි වෙලා....බත් එක අනනවා නෙවෙ.....බත් එක කැද කරනවා....අපරාදෙ ලස්සනට උයාපු එලවලු බත් එක.....

මං මීක් නොගා තත්පර ගානක් බලන් උන්නා.....එයාමයි මේ ඔක්කොම ඉව්වෙ....මං දන්නෙ නෑ...වෙන උන්ට් කොහොමද කියලා ....මං හිත්නනෙ ....එයා රෑ එලිවෙනකම්ම කරලා තියෙන්නෙ දේවක ලව්වා මේ කබානා එකට බඩු පුරවපු එකද කොහෙද .....කොටින්ම මේක අංග සම්පූරනම ගෙයක් කරලා.....

එයාගෙම අත් වලින්මයි ඉව්වෙ....එලවලු බත් ....අල.....පපඩම් එක්ක....චිකන් තිබ්බා... ඉස්සො තිබුනා...අනේ පරිප්පු නම් උයන්ඩ බෑ කිව්වා..කැම්පස් එකෙත් හැමදාම පරිප්පුමයි කිව්වා.....මොනවා උනත්....ඇත්තම කිව්වොත්.....නිර්වාන්ට රසට උයන්න පුලුවන් කම තිබුනා.....

කෝ...ආගාපන්.....

ම්හුක්....සැර වෙන්නෙ...

සැර වෙන්නෙ කියන්නෙ....ආ ඕයි මේ කතාවෙ පටන් ගත්තු තැන ඉදන් ඉවර වෙනකම්ම කිස් කරන සීන් විතරනෙ....අනික.....බලපන් මේකෙ ස්ක්‍රින් ටයිම් එක විනාඩි 20යි.....හරි....ශෝර්ට් ෆිල්ම් එකක්...එතකොට බලනවා...මේකෙ kiss scenes විතරක් පහලවකට වැඩි.....ස්ක්‍රින් ටයිම් එක විනාඩි විස්සයි...කෝ අයිසෙ මේකෙ කතාව???තමුසෙ දෙන ඕන මගුලක් බාර ගන්නවද?? අඩුම ගානෙ තමුසෙගෙ ඔය මෝරලා නෑයි කියන මොලේට මේක අස්සෙ කතාවක් තියනවද කියලා වත් තේරෙනවද.....???අනික...අනික....මොකක්ද ඕයි තමුසෙගෙ කැරැක්ටර් එක....?? තමුසෙ පොඩි එකෙක්.....එතකොට තමුසෙගෙ කොල්ලා ....ඌ මහ එකෙක්....සීනි තාත්තා සීන් එකක් යන්නෙ....හරි ඒක අවුලක් නෑ කියමුකො...හරි...මට කියනවා..මොන ලබ්බටද ඕයි මෙච්චර ඉඹින තුරුල් කරගන්න ඒවා තියෙන්නෙ මොකාද කියපන් මේ ස්ක්‍රිප්ට් එක ලියපු මන්දබුද්දිකයා??උඹට සම්භාව්‍ය එකක් රගපාන්න ඕනයි කියලා හැම ලබ්බටම හා කියන්න එපා ඕයි...අමු පිස්සෙක්නෙ ඕයි තමුසෙ.....හම්බෙන හැම රෙද්දටම ගිහින් විරිත්තන් ඉන්ඩ නම් ඕයි මුලු ලන්කාවෙම උන් නලුවො වෙන්ඩ ගියානෙ....ආ ඕයි තමුසෙ දැන් මං දන්න කාලෙ ඉදන් ඇකඩමි ගියා අරකෙ ගියා මේකෙ ගියා.....උන්වත් ඉගැන්නුවෙ නැද්ද වැඩක් බාරගන්නකොට ගුන දොස් බලන්ඩ...මේ බලපන්.....මේකෙ උඹට දෙබස් කීයද....ඌට දෙබස් කීයද....පිටුවෙන් පිටුවටම තියෙන්නෙ උඹ අඩනකොට ඌ ඉඹින ඒවා.....

උඹ බාරගත්තෙ කනවැන්දුම් චරිතයක්ද??

න්..නි...නිරූ....

කටවහපන්.....කටවහන් මේක කාපන්..කාලා නාගන ඇදට පලයන් ....මං එන්නම්....ඇවිත් මං උඹව අල්ලගන්නම්.....

නිර්වාන් ....අනේ...ඇයි අයියෙ 

.චූටි....මාව නිස්කාරනේ කෑ නොගස්සා කාලා කිව්ව දේ කරපන් හොදද.....ම්ම්...මං දැන් එක පාරයි කියන්නෙ දෙවනි පාර උඹ ඒක කරලා තියන්ඩ ඕනෙ....තේරුනාද උඹට ... .හදන්ඩ බැරි උනොත් උඹව මං මකනවා....

මාව ගැස්සිලා ගියා.....මං හිතුවෙ නෑ නිර්වාන් ඇත්තටම එහෙම කතා කරාවි කියලා .....මට කවන ගමන් සිය වතාවකට වඩා අර ස්ක්‍රිප්ට් එක කියවලා කියවලා අවසානෙදි යක්සාරූඩ උන එකා වගේ දත් මිටි කාගන කියවලා කියවලා බත් කටක් අනන්න ගත්තා ...

මට ඇති....මට මීටත් වඩා කන්න බෑ...මගෙ හිත රිදුනා...මං ආවෙ එයා එක්ක සතුටින් ඉන්න....ඉස්සර වගේ ආදරෙන් ඉන්න...අපිට අපිවම හම්බුන් නැති උනත්....මට ඕන උනේ මෙතන ඉදන් මගෙ නිර්වාන් එක්ක සතුටින් ජීවත් වෙන්න....ඒත් ඒ සතුට හොරු අරන් ගියා වගේ උනා.....සනාශ්ට වගේ නෙවෙ ...ශෙනිරු මොන තරම් නපුරා උනත් මෙහෙම නෑ.....

මං ඉල්ලුවෙ මගෙම නිර්වාන්ව...ඒත්...

ඒත්.....මං හිතන්නෙ මමයි වැරදි...මටයි තේරුම් ගන්න බැරි උනේ...මේ ඉන්න නිර්වාන් ඉස්සරත් මෙහෙමයි...පොඩ්ඩ බැරි වෙනකොට ගෙදර එනවා...පොඩ්ඩ බැරි වෙනකොට මාව කන්න හදනවා....පොඩ්ඩ ඇත්නම් ඔක්කොම එකවුන්ට් නැතිකරලා දානවා...

මගෙත් වැරදි තිබ්බා.....මං ඒක පිලිගන්නවා..එයා එපා කියපු උන් එක්ක මං කතා බහා කෙරුවා ...ඒත්.....මං උන් එක්ක යාලු කමක් මිසක්....වෙන මොකුත් ගෙනිච්චෙ නෑනෙ....

ආ ගානවා.....

ර්‍එයා ඉන්නෙ තරහවෙන්...ලගට අරන් තුරුල් කරන් මගෙ චූටි ගගා හාදු තියපු නිර්වාන් උන්නෙ පුපුරන තරහෙන්....

මට ඇති නිර්වාන් ....

ඉදගන්න...

මට...ඇති....නි....ර්වා...න්

කදුලු පිහදගන ...ඉ|ද| ග |න් |න....

ඒක අනක්....ඒක තනිකරම නිර්වාන් දුන්න අනක්...කෑමත් එපා උන මං බලු පැටියව බිමින් තියලා යන්න නැගිටින්කොට මා දිහා බලපු නිර්වාන් දෙපාරයි මට ඉදගන්න කිව්වෙ.....මං ඉදගත්තා .....ඒ විතරක් නෙවෙ...මන් ඇස්වලට උනපු කදුලු පිහදාගත්තා ...

මං තමුසෙට හරි ආදරෙයි ඕයි.....එහෙම කියලා උඹ හිතුවද උඹට ඕන ඕන නැටුම මං නටන්න දෙයි කියලා ....චූටි....නිකන් මෝඩයා වෙන්ඩ එපා...උඹට නලුවෙක් වෙන්ඩ ඔය තරම් උන තිබුනට...දෙන දෙන හැම ලබ්බටම හා කියන්ඩ එපා ඕයි...පොඩ්ඩක් හිතනවකො....ආ ඕයි උන් කිව්වොත් තමුසෙට අඩ හෙලුවෙන් එන්න කියලා ...තමුසෙ අශෝක හදගමගෙ ගෑනිද?? බලනවා...තමුසෙ පැල්බැදන් බලනවා....තනි තටුවෙන් පියාඹපු ජිනාදරීට මොනාද නොකිව්වෙ කියලා ...ඒ ගෑනිගෙ මිනිහා හඳගම වෙලත් මඩ ගැහුවා...උඹට දැන් මාවත් පේන්නෙ හඳ ගම වගේද????ආ ඕයි...නැත්තන් තමුසෙ හිතුවද මේක මේ තායිලන්තෙ කියලා??

........

නැ....නෑ....මං තමුසෙට කන්න දීලම කියලා දෙන්නම්....මොකද ....කනකොට සතෙක්ට වත් ගහන්න බනින්න බෑනෙ.....ආ ගානවා....තමුසෙ නොකා උන්නම ඒකත් මටමයි රිදෙන්නෙ...කනවකො...කනවකො...

......

මං ආ ගෑවා.....මෙච්චර දවස් stage drama කරපු මගෙ පලවෙනි ශෝර්ට් ෆිල්ම් එක...ඒකත්...වෙනස් කැටගරි එකකින්....මං හා කිව්වා...මන් උන්න තත්වෙ අනුව...මට ඕනා උනේ හුස්ම ගන්න තත්පරයක් වත් ඉතිරි කරගන්නෙ නැතුව වැඩ කරන්න....

ආ ගාන්න...

මං උන්නෙ බිම බලාගන.....නිර්වාන් දිහා නෙවෙ මං ඇහැක් ඇරල බැලුවෙ.....කොටිම්ම මට ඒ මූන දිහා බලන්න කොහොමත් බය හිතුනා...අම්මා එක්ක තරහා ගියහම මුලු කාමරේම අනිත් පැත්ත හරවන නිර්වාන්ට එදත් තරහා ගියහම බලන්න බය මම...අදත් බලන්න බය උනා....

මං දැන් ඔයාට හොදින් කතා කරනකොට ආ ගාන්න...හොදද...ම්ම්ම්....අඩ අඩ මිනිස්සු කන සිරිතක් නෑනෙ...අඩ අඩ කන්නෙ...මරනෙට නියම වෙච්ච මිනිස්සු අන්තීම කෑම වෙලේදි විතරයි ...මං ඔයාව මරනවා කිව්වෙ නෑනෙ...

මම බිම බලාගනම උන්නා...එයා කියනවා...එයා කතා කරන්නෙ හොදින්ලුම්...ඔය කියන්නෙ බොරු...ඔය කියන්නෙ අමූලික බොරු ....මගෙ නිර්වාන් හොදින් කතා කරනකොට ඒ ඇස් පවා ආදරෙන් පිරෙනවා...ඒත්....මෙතන ඉන්න නිර්වාන් ....නෑ....නෑ...හරියටම ඇත්ත කියපන් උඹට ගහන්නෙ නෑ කියලා ලගට ගෙන්නන් ගහන අම්මා වගේ නිර්වාන් හිත යට තරහව තියාගන හිත උඩින් මාව රවට්ටනවා....

..සයාශ් ....කෝ ආ ගාන්න කිව්වම අහලා...දෙකත් වෙලා වෙලාව....නාගන්නෙ ඇගහෝදන්නෙ නැද්ද....ටිකක් නිදා ගන්නෙ නැද්ද....

ඔයා....තරහෙ...න්...ඉන්නෙ...නිරූ.....

නෑ...මං තරහෙන් නෙවෙ...කව්ද කියන්නෙ....ආ ගාන්න....

මමයි...කියන්නෙ...නිර්...වාන්...ඔයා....තර....හවෙන්

ඔව්...මං තරහෙන් ඉන්නෙ...දැන් උත්තරේ හම්බ උනානෙ...නේ...ම්ම්.....ආ ගාන්න....තව මෙච්චරයි තියෙන්නෙ..මන් ආස නෑ තවත් තමුසෙ බඩගින්නෙ ඉන්නවට...මට දුන්නට පස්සෙත් කටු ගැහිලා ඉන්නවා නම්...අම්මා අප්පච්චි හිතයි මං උඹට ආදරෙ නෑ කියලා ...නිස්කාරනේ ඒ දෙමව්පියන්ගෙන් බැනුම් අහන්න බෑ...කනවා එක නිසා.....

මම ආ...ගෑවා.....මෙච්චර වෙලාම රසට තිබුන බත් එකේ රස හිදිලා ගියා...පැත්තක තිබුන ස්ක්‍රිප්ට් එකදිහා බලන්නත් බය හිතුන මට...මෙතනින් එහා බැනුම් අහන්න තව අය ඉන්නව විතරක් නෙවෙ...ස්ක්‍රිප්ට් එක දිහාවත් නොබලා ගනින් බන් කියපු චූටි අයියගෙ රන් කදවත් මතක් උනා...

අනේ...අයාන් සර්...උඹටත් අද ගෞරවයෙන් බුදු සරනයි ....අද අපේ මිනිහගෙ මූඩ් එකේ හැටියට අපිට ඇත්තටම පිරිත් ගෙදරකට යන්න වෙයි වගේ....

වතුර....වතුර බොන්ඩත් දැන් සිහිය නැද්ද....ආ....?

..බ්..බොන්නම්...නිරූ....

මට අමතක උනා..බැනුම් අහපු ප්‍රමානෙටයි අහන්න තියන ප්‍රමානෙයි මතක් උන මට...මං එක දවසක් රිහසල් ගියා කියලා දැනගත්තොත් මාව මරල හංගයි කියන එක දැනෙනවත් එක්කම මට වතුර බොන එකත් අමතක උනා....

කැහ්...කැහ්.....

මට හිර උනා....උගුරෙන් පහලට ගියපු පලවෙනිම.උගුර හිර උනා...අනේ මාව මෙච්චර දුර එක්ක ආවෙ මරලා දාන්නවත්ද දෙයියනෙ. .

වතුර විදුරුව අතේ තියාගන උන්න මං පිගාන හෝදන නිර්වාන් දිහා බලලා ඉක්මනට ශාක්‍යට මැසේජ් එකක් කොටන්න ගත්තා ....

"අනේ ශාක්‍ය අයියෙ....."

"ඔයා ඔන්ලයින් ඉන්නවද..."

"..ඉන්නවා නම් මැසෙජ් එකක් දාන්නකො ....."

"අනෙ හදිස්සියක් ...."

"මේ දැම්ම දාන්නකො....."

"ප්ලීස් ...ප්ලීස් ....ලොකු හදිස්සියක් අයියෙ..."

තත්පරයක් ඇතුලත මං සට පට ගාලා මැසේජ් පනහක් විතර දැම්මා....ඒ අස්සෙන් ඌ ඔන්ලයින් ඉදලා තියෙන්නෙ විනාඩි පහකට කලින්...ඒත් දැන් ඕෆ් ලයින් ගිය එකාට මේක පේන්නෙ නැද්ද දෙයියනේ.....

තනි අතින් ඵෝන් එක අල්ලන් උන්න මට දාඩියත් දාන්න ගත්තා . මැසේජ් එක දදා ඩිලීට් කරන්නත් බෑ එයා මැසේජ් එක බැලුවද කියන්න හොයා ගන්නත් බැරි හන්දා.. 

අවංකවම මගෙ බඩ රිදෙනවා... 

බඩ කොර වෙනවා...

කාපුවා ආපිටට යන්න යන්න වගේ එනවා.....මට නිකන් ඇඩෙන්න වගේ...හරියටම මං නිකන් වෙන කෙනෙක් එක්ක ඉදලා අහු උනා වගේ බයක් මට දැනෙන්නෙ...

ශාක්‍ය ...

අනේ ඔයා කොහෙද ....

මං තවත් මැසේජ් එකක් දැම්මා.....බැරිම තැන මිස්කෝල් එකක් ගැහුවා...මගෙ වෙලාව හොද ණෑ දෙයියනේ...දැන් ringing වැටෙන්නෙ නෑ....calling විතරයි ...

සංජනට ගන්නවද නැද්ද....

සංජනට අරන් මාව මරයිද.....

මං කල්පනා කෙරුවා ...ඕන මගුලක් කියලා අවසානෙදි මන් සංජනගෙ නම්බර් එකට මැසේජ් එකක්.කොටන්න ගත්තා ....

සංජන...මං සයාශ් ....ශාක්‍ය අයියා ඉන්නවා නම් ඔන්ලයින් එන්න කියන්නකො ලොකු හදිස්සියක්...

එයාලා දෙන්නා ගෙදර නෑ....ඵෝන් එක ඔය තියන විදිහටම දීලා කෙලින්ම කාමරේට යන්න...අරහෙ මෙහෙ නෙවෙ කාමරේට.....

න්..නි.....

මං අඩියක් දෙකක් පස්සට ගියා .මං හිතලා ගියෙ නෑ අනේ මාව ඉබේටම පිටිපස්සට ගියා වගේ වෙනකොට මගෙ අතෙ තිබුන ඵෝන් එක නිර්වාන් අරගත්තා ....

න්...නිර්වාන් අහන්නකො නිර්වාන් ...

මම මොකුත් කිව්වෙත් නෑ...මං මොනවත් කෙරුවෙත් නෑ.....හොදද...හැබැයි මොනවත් කරන තැනට මාව ගේන්න එපා...මං ඔයාගෙ ස්ක්‍රිප්ට් එක කියෙව්වා ...එච්චරයි ...ම්ම්...දැන් නිස්කාරනේ එක එකාට මැසෙජ් දාලා මං ලව්වා මොකුත් කරගන්න එපා.....මොකද ...මට උඹ පැනි හලපු ඉංග්‍රිසි මිස්ව ඉස්කෝලෙන් යැව්වට මෙතන ඉන්න මිනිස්සුන්ව යවන්න තැන් නෑනෙ ම්ම්ම්....යන්න ගිහින් නාගන්න....නාලා නිදා ගන්න මං එන්නම්.....

නිර්වාන් ...මං යන්නම්...ඒත්....එක දෙයක් අහන්න...අනෙ මං කරපු වැරද්දකට කාටවත් බනින්න එපා අයියෙ...

වැරද්දක් ....ම්ම්...එතකොට මගෙ ලමයා දන්නවද මේක වරදක් කියලා ....

මට කට උත්තර නැති උනා....නිර්වාන් මගෙ ගාවට අඩියෙන් අඩිය එනකොට පස්සෙන් පස්සට ගියපු මං යන්න එන්න තැනක් නැතිව බිත්තියටයි එයාටයි හිරවෙලා අසරන උනා...

නිර්...වාන්..මං ආවෙ උඹ එක්ක සතුටින් ඉන්න...මෙච්චර කාලයක් අඩපු...මං ආවෙ උඹ එක්ක සතුටින් ඉන්න අයියෙ ..එහෙම එකේ....ඒ සතුට....උදුර ගන්න එපා...නිර්....වාන්...අනෙ ප්ලීස් ...මාව...

එතකොට ....උඹ මේ මගුලට ගියාට පස්සෙ උඹව හොයන් යූ ටියුබ් කාරයො ඇවිත් කෙලින්ම ඇහුවොත්....උඹ මෙහෙමද...අරහෙමද කියලා ...එතකොට ....එතකොට මොකද කරන්නෙ ම්ම්ම්.....දෙන්න උත්තර තියනවද ...??මංගල දර්ශනෙම්ම චොර උනොත් .....උඹට පාරට බහින්ඩ තරම් හයියක් තියනවද .....හැම තැනම උඹට මඩ වැදෙන්න ගත්තොත්....එව්වා දරා ගන්න උඹට හයියක් තියනවද කියපන් ..ම්ම්ම්??උඹ දෙවියන්වහන්සෙගෙන් බේරුනත්....උඹට ඔය නලේ උන්ගෙනුයි පේජ් කාරයන්ගෙනුයි බේරුමක් නෑ සයාශ් ....

උඹ නොදැකපු උප්පැන්න සහතික පවා ඔවුන් උඹට දෙයි සයාශ්...කියපන්....දැන් ඔව්වා එක පිට එක පිට එනකොට උඹ කියපු සතුට එහෙම තියනවද...????

යමන් යමන්...මං ගැහුවෙ නෑනෙ...බැන්නෙත් නෑ...ගිහින් නාපන්..නාලා නිදා ගනින්...මං ගහනවා බනිනව නම් කවලා පොවලා නිදි කරවන්නෙ නෑ...යමන්කො යමන්කො මං එන්නම් ම්ම්ම්ම්

මං එන්න හැරුනා... අනේ ලොකූ මාව බේරගනින්කො කියන්න මට උන්ගෙ කාමරේට දුවන්න හිතුනා...ඒත්.....උන් දෙන්නම ඉන්නෙ මෙවෙලෙ මැරිලා වගෙ නින්දෙ වෙනකොට කාමරේට ආව මං කෙලිම්ම වතුර මල යට හිට ගත්තා ...ඒකත්...ඇදිවත පිටිම්ම....

අනේ මන් දන්නවා නිර්වාන් ....මං දන්නවා.. උඹ ඔය කොහොම කතා කෙරුවත් අවසානෙදි මට වෙන්නෙ අඩාගන යන්න තමයි.....

ඇයි දෙයියනෙ මට බැරි උනේ මේ මගුල සිහි කල්පනාවෙන් කියවන්න...මං කොහොමද උඹ නැතින් හන්දයි මං හැම දේටම ඔලුව වැනුවෙ කියන නිදහසට කාරනාව එලියට දාන්නෙ...මට මැරෙනකම්ම ගහයි...

අතට ගත්තු ශැම්පු අහුර අතෙනුත් පහලට වැක්කෙරිලා යනකොට මං හිතු මනාපෙට මුලු බෝතලෙන් බාගයක්ම ඔලුවට මිරිකගත්තා .....මට ඕන උනේ හෙට එලිවෙනකන් හරි නාන්න...නිරුවාන්ගෙන් හැංගිලා ඉන්න...

පිලිගන්න කොච්චර අකමැතු උනත් නිර්වාන්ට ගිහින් තියෙන්නෙම ඇමතියගෙ යක්ස ගති වෙනකොට පැය තුන හතරක් විතර නාපු මං එලියට ආවා.....

ඇති යාන්තන් එයා නැ.....

එයා නෑ....හැබැයි මගෙ ඵෝන් එකත් නෑ.....

වට පිට බලපු මං ඇදුමක් දාගන ඔලුව වත් පිහන් නැතුවම ඇදරෙද්ද අස්සට රිංගුවා.....

සෙනූ....බබීතත් මත් වෙන බීම ඕනනෙ....

.මොන මත් වෙන බීමද?.උඹ දැන් ඔය බීපුවා මදිද සනාශ් මැරුන් නොකා ඕක පැත්තකින් තියපන් තවත් මගුලක් කියවනවා....

යෝ...හ්...සෙනූ...බබිත ගසලා පුරුදුයි අනේ.....වෙරි හැදෙන්නෙ නෑ.....

මාව ගෙන්න ගන්ඩ එපා සනාශ් ඕක තියල පලයන් ගිහින් නිදියපන් කෑව නම් බිව්වා නම් තවත් අතපත ගානවා....

සෙනූ.....අද...විතර ..යි ...හෙත ....නෑ....බො....ඥ්ඥේ.....හ්....නිල්...කතරොලු...මලෙන්...උපන්.....කිරි...සමන්ත ..බඩ්ඩ.....මුනි....ද්‍රයා...නනී ...නින්...ද්‍රයා...නනි...ලතා...ලතා..මගෙ...සෙනෙහෙ...ලතා...

සනාශ් ...!

මං ඔලුවෙ ඉදන් වහගන අහන් උන්නා...සැලාට නම් වෙරි ගුඩ්ද මන්දා ...මෙච්චර මගුලක් මට වෙලා තියනකොට මූ කොහොම බිව්වද මන්දා ...

ඇදෙ උන්න මන් ඇදෙන් බැහැලා හිමින් සැරේ දොරකොඩට ගියා..

අර ඉන්නෙ....

නාලා.....ආ බොනවා නේද .....හරිම අගෙයි....ජීවක වෙදදුරාගෙ අතෙ මද්‍යපානෙ නේද.....

මං දොරකොඩ ගාවින් බෙල්ල දාලා බලන් උන්නා.....සුදුපාට රොබ් එකක් ඇදන් වයින් ග්ලාස් එකක් හොලව හොලව ඩිපූටියා එක්ක කියවන නිර්වාන්ගෙ මූන දිහා මං බැලුවා ..වෙනසක් නෑ....තවමත් ඒ වගේමයි...

ආ යකො නිර්වානයා මූව හමගහන්ඩ එපැයි ...දැන් සංජනයා ඌ මොකද කියන්නෙ අර නලුවා ඌ රිජෙක්ට් කරලලුද?

ඔව් කියන්නෙ...මට නම් ඒකව ඉස්සරත් පේන්ඩ බෑ.... දැන් කොහොමත් පේන්ඩ බෑ...සංජනයා හන්දා ඉවසන් කටපියන් ඉන්නවා මිසක්....මූ මට කිව්වෙ නෑ ඒකගෙ නලුවා මේක රිජෙක්ට් කරලා කියලා .....නැත්තන් මූ දන්නෙ නෑ...

දන්නෙ නෑ වෙන්න බැනෙ නිර්වානයා..දැන් ඔය කියන විදිහට මූ ස්ක්‍රිප්ට් රීඩින් වලට දවසක් ගිහින් තියනවලුනෙ....දැන් ඔය සංජනයා කිවේ මූ ගිහින් කියලා ....උඹට මං කිව්වා ඔය කැම්පස් එකේ පොත අස්සෙ ඉන්නකොට ගිහින් බලපන් බලපන් කියලා ඕකට හෙන මෝඩ මොලයක් තියෙන්නෙ ඕන මගුලකට ගොනා වගේ හා කියයි කියලා ...දැන් හරිනෙ....

....බලමු බලමු...එයාගෙ නැටිලි මං බලාගන්නම්කො දැන්....දැන් පැය තුනහතරක් තිස්සෙ නානවා....නාලා ආවදෙන්...ආවම ඕකවත් ඇදගන ඊලගට යන්නෙ පිරිත් ගෙදර ආව එකා ගාවට ...

මාව සීතල වෙලා ගියා....පැයකීයක්ද.....තාමත් ඒ කතාව...ඊටත්..අනේ මගෙ දවස නම් අද හොදම නෑ දෙයියනෙ.....ශාක්‍ය අයින් වෙලා කියන එකයි.....මං දවසක් ගියා කියන එකයි එක පිට දැනගන්නකොට මං අහගන අයාන් සර්ටත් දෙවියන්ගෙ පිහිටාශිර්වාදෙ ලැබෙන්න එනවා...

අන්න එනව එනවා....

දොර ගාව හැංගීගන උන්න මං ඇදට පැනලා ඔලුවෙ ඉදන් පොරව ගත්තා ....

නිර්වාන් ආවා...

දඩස් ගාන සද්දෙ එක්ක දොර වැහුවා ...ක්ලික්...ක්ලික් ගාන සද්දෙන් දොර අගුල දැම්මා...

චරස්....චරස්....චරස්.....චරස්...

මං ඇද රෙදි මිරිකන් ඇස් දෙක කිටි කිටියට පියා ගත්තා ....මෙච්චර වෙලාම ඇහුනෙ මුහුදු රැල්ල ගහන සද්දෙ විතරයි ...ඒත් දැන්.....ඒ වෙනුවට තනිකරම ඇහෙන්නෙ නිර්වාන්ගෙ සෙරෙප්පු සද්දෙ....

එයා එහාටත් යනවා මෙහාටත් යනවා....

මං හෙමින් සැරේ මගෙ පොරවන් උන්න රෙද්ද අහකට කරලා නිර්වාන් දිහා බැලුවා එක අතක් ඉනට තියන් ඵෝන් එකත් කනෙ ගහන් නිර්වාන් රැලි ගහන මහමුහුද දිහා බලන් ඉන්නවා ඒ පාර කාටද ..අනෙ මේ මිනිහා මෙහෙම හිහින් අම්මා අප්පච්චිටත් ගනීද ????

හෙලො....ආරව් සර්...

අනෙ යකෝ....චූටි අයියට නේද....

සර් පිරිත් ගෙදර වැඩ ඉවර වෙන්නෙ කීයටද කියනවද .....මට පොඩ්ඩක් හම්බෙන්න ඕනෙ ...

නෑ...නෑ..සර්ව නෙවෙ ...හැබැයි සර් එක්ක දැන් මහ සද්දෙන් සාධු කියන කෙනාව...අයාන් සර්ව....

අනෙ අයාන් සර්...උඹත් ඉවරයි අද මාත් ඉවරයි ...අයාන් සර්ව හම්බෙන්න එන්නම් කියපු නිර්වාන් ඵෝන් එක පැත්තට දාලා කෙලින්ම ඇද දිහා බැලුවා ....ඔන්න එනවා ඔන්න එනවා ....

බොරු නොකර නැගිටපන්.....තවත් බොරු කරනවා

 ........

සයාශ් .....කන ඇහුනද

ම්හ්ක්....චූචියට හොදටෝම නින්ද ගිහින්නෙ ..නිරූ ....

ඇත්තට.....චූචියට හොදටෝම නින්ද ගිහින්ද....කෝ බලන්න මෝඩ චූටියගෙ මෝඩ මූන...කෙරුවොත් කරන්නෙ මෝඩ වැඩක්.....වයසට ගියාට අකලෙට ගිහින් තියෙන්නෙ...හැරියන් මේ පැත්ත ඔලුවක් වත් පිහාගන නෑ....හැරියන්

මං හොරා වගේ ඇස් දෙක කැරකෙව්වා....යක්සාවේස වෙච්ච නිර්වාන් ඇදට නැගලා මගෙ ගාවට එනකොට මං තවත් අස්සට රිංගන්න ගිහින් පිට මැදටම ඩෑස් පාරකුත් කාගන ඇඹරීගන නිර්වාන් ගාවට පෙරලුනා....

ම්හුක්.....නිරූ

හුරතල් වෙන්ඩ එපා බොරුවට...මං තාම උඹගෙ නඩුව විසදලා ඉවර නෑ සයාශ් හුරතල් වෙන්ඩ එනවා....ඉදපන්කො..අනිත් දවසෙ උඹ මොන මගුලට ගියත්....මුලින්ම මට පෙන්නපන්....හරි....උඹව යවනවද නැද්ද තීරනේ කරන්නෙ මං.....හවසට කෝල් එකක් ගනින් අර බඩකඩිත්තුව දිපු එකාට අරන් කියනවා එන්න බෑ කියලා

න්..නිර්වාන් .....

මං නැගිටලා ඉදගත්තා .....බැන බැන උනත් මගෙ ඇගට අතක්.දාගත්තු නිර්වාන් රවාගන වගේ අරකට එන්න බෑ කියලා කියනවත් එක්කම මං නැගිටලා ඉදගත්තා ...

නිරූ....ඒකෙ.....ඒ තියන සීන් ටික අඩු කරන්න කියන්නම් නිර්වාන් ....අනේ මට එන්න බෑ කියලා කියන්න බෑ නිර්වාන් ...මේක....මග් පලවෙනි ෆිල්ම් එක..නිර්වාන්

හ්ම්....යන්න....හැබැයි....නිර්වාන් කෙනෙක් නැතුව හොදද ...චූටිට කැමති තීරනයක්.....කොහොම උනත් උඹ දවසක ලොකු තැනකට ගියහම මට හිතු මනාපෙට උඹව ලගට ගන්නවත් තුරුල් කරගන්නවත්...අඩුම ගානෙ අත් දෙක අල්ලන් වත් පාරක යන්න බැරි වේවිනෙ සයාශ් .... මොකද උඹට ඕන ඉහලම තැනට යන්නනෙ.....

....න්..නර්...වාන්...

අහල තියනවද....විවාහක රූ රැජින ගැන කතාවක්....කිරුල ඇත....කසාදෙ නැත කියලා ....දවසක මට වෙන්නෙත් ඔය ටික තමයි ...මට වෙන්නෙත් ගෙදර ඉදන් ටීවි එකෙන් උඹ දිහා බලන් ඉන්න....මං උඹට ආදරෙයි සයාශ් ...හැබැයි..මං ආසයි උඹ හැමදාම උඹ ආස තැනට යනවා දකින්න...

.පොඩ්ඩක් හිතලා බලපන්....නලුවෙක් .....ගෙ ජීවිතෙ කොයි තරම් හිස්ද කියලා ....ආදරෙ කරන්න ඕන මිනිස්සු කොයි තරන් ඈතින්ද ඉන්නෙ කියලා හොදට හිතලා බලපන් චූටි....උඹට ඔය ෆිල්ම් එකට යන්න ඕනෙම නම් ....

නැ මන් යන්නෙ නෑ නිර්වාන්

නෑ..නෑ....මං කියන හන්දා නෙවෙ.....මං කියන හන්දා උඹගෙ ගමන නැති කරගන්න එපා...කොහොමත් මට අනිත් මිනිස්සුන්ට වගේ සාමාන්‍ය පවුල් ජීවිතයක් පොඩි කාලෙ තිබුනෙත් නෑ ඉස්සරහට තියෙන්නෙත් නෑ...අම්මා අප්පච්චි මට හොද පවුලක් දුන්නෙත් නෑ...මට උඹගෙන් ලැබෙන එකකුත් නෑ.... 

නිර්...වාන්...

.ඇදන් උන්න රොබ් එකේ ඉන පටිය තදින් ගැට ගහගා උන්න නිර්වාන්ගෙ මූන වෙනස් උනා.. චූටි කාලෙ එයාට ඔඉන පවුල් ජීවිතේ ලැබුනෙත් නෑ කිව්වා...දැන් ඉස්සරහට ලැබෙන්නෙත් නෑ කිව්වා ....

නිර්වාන් ...නෙවෙ සයාශ් මං කියපු කතාව ඇත්ත....පොඩි කාලෙ අම්මා අප්පච්චිගෙ ආදරෙ නැති උනා...අම්මා උදේට ගියහම එන්නෙ කවදද කියන්න බෑ.....අහනකොට රැස්වීම්....අරක මේක..අප්පච්චි ඕ අයි සි උන දා ඉදන් ගෙදර නෑ.....අවසානෙදි ඒ මනුස්සයත් මාව දාලා යන්න ගියා ...ඒ වෙනුවට තව අප්පච්චි කෙනෙක් ආව...ඒ විතරක් නෙවෙ මට කියලා තව සහෝදරයෙකුත් ආවා...ඔය කිසිම දෙයක් සතුටත් එක්ක ආව බැදීම් නෙවෙ ...

උඹව හම්බුනා....උඹව නැති උනා....දවසක ලැබෙයිමයි කියලා බලන් උන්නා ....ඒ දවස වෙනකන් මං බලන් උන්නා.. ..උඹ හන්දමයි මන් ෆැමිලි මෙඩිසින් වල්න් නැවතුන් නැතුව කාඩියොලොජිස්ට් කෙනෙක් වෙන්න හිතුවෙ ....උඹ හින්දමයි මං රෑ තිස්සෙ නිදි මර මර පාඩම් කෙරුවෙ......

නැති උන උඹව මට ආපිට හම්බ උනාම මන් හිතුවා මාව මැරෙයි කියලා .....අවන්කවම මං මේ ගමන ආවෙ මාරම සතුටින් සයාශ්....මං ගාව හීන කොච්චර තිබුනද මන්දා සයාශ් ..මට තියන එකම හීනෙ පවුලක් විතරයි.....මං අසාදාරන ඇති.....ඒත්...මට නොලැබුන දෙයක් ගැන නෙවෙද සයාශ් මං හීන දකින්නෙ...

ඒත් මට හිතෙනවා...මං මැරෙන කන් වත් සාමාන්‍ය මිනිස්සුන්ට උරුම ඒ පවුල අයිති නෑ කියලා ...උඹට තියෙන්නෙ රෑ එලිවෙනකන් ඔය ශූටින් වලට යන්න...මට තියෙන්නෙ උදේ වරුව ඉස්පිරිතාලෙ ගෙවලා....රෑ වරුව චැනෙලින් සෙන්ටර් එකක ගෙවලා එලිවෙන්ඩ ඔන්න මෙන්න තියලා ගෙදර එන්න...

නිකම්ම නිකන් ගෙයක්...ළමයෙක් වත් මොකෙක් වත් නැති නිකන් පවුලක්....මං එහෙම දෙයක් බලාපොරොත්තු උනේ නෑ සයාශ් ....මං දන්නවා.....ඩේලි ෆකින් නෝ චිල්ඩ්‍රන් කියලා ඒත් මාත් ආසයිනෙ ඕයි අප්පච්චි කෙනෙක් වෙන්න...ළමයෙක් එක්ක ජීවත් වෙන්න මාත් ආසයිනෙ සයාශ් ...අඩුම ගානෙ අරන් හදන්න වත්....මට ඕනෙ එහෙම ජීවිතයක් සයාශ් ...

අඩුම ගානෙ...මං කියන්නෙ....නවතින්න නෙවෙ...අඩුම ගානෙ ..ඔය මොලේ හොලවලා... මන් මිනිහනෙ කියලා හිතලාවත් ඔය බාර ගන්න එවල චරිතෙ හොයලා බලනවකො සයාශ් .... නලුවෙක් කියලා ඕන එකයි එපා එකයි ඔක්කොම කරන්න....උඹ සුමනා ගෝමස්ද.....නැත්තන් අනෝමා ජිනාදරීද....ආ.....??

මං පව්නෙ ඕයි.....කැමරාවකට උනත් මං හිතක් පපුවක් තියන මනුස්සයෙක්නෙ බන්.....මං තමුසෙගෙ මිනිහනෙ ඕයි...මට දැන් වත් සතුටක් දෙනවකො සයාශ් අම්මා තාත්තා නොදුන්න ජීවිතේ උඹවත් මට දියන්කො බන්...ජීවත් වෙනවා කියන්නෙ බුදියන එකම නෙවෙනෙ ඕයි.....මාත් ආසයිනෙ...මං එනකොට තමුසෙ ඉන්නවා දකින්න....මහන්සිද අහලා තේ එකක් හදනවා බලන්න...මං උඹට ගෙදර ඉන්න කිය්නවා නෙවේ බන්.....ඒත්....අනුන්ට සාදාරනේ කරන්න ගිහින්..මට රිදවන්න එපා ඕයි...ඇගපත තිබ්බට මං හරි පව් ඕයි.....මටම දුකයි මන් ගැන....

මගෙ දෛවෙ හරි අසාධාරනයි සයාශ් ...හැමදාම කෙරුවෙ මට ...රිදවන එක විතරයි ....උඹට ඕන දෙයක් කරපන් සුදු මැනික...මට නිදා ගන්න දියන්...මහන්සි....

නිර්වාන්ට අවසානම මොහොතේ ඇඩෙන්න වගේ ආවා... මන් හිතන්නෙ එයාට දැනටමත් ටිකක් වෙරිද මන්දා.... එහා මෙහා උන රොබ් එකෙන් මං නිර්වාන් ගෙ සුදු කලවා දැක්කා...එකක නිල්පාට තැලුම් පාරක්.....මට ඒ තැල්ම දැක්කම.මතක් උනේ එක දෙයයි සර්වාංගෙ තියන හැම පාරකටම ලැබුන හැම රුපියලම යට කෙරුවෙ එයාගෙයි මගෙයි ගේ හදන්න කියපු එක මතක් වෙනකොට මගෙ පපුව ඇදුම් කෑවා...මෙච්චර වෙලාම ඇඩුම් මතින් වෙරියෙන් වගේ කියවපු එයා මුනින් අතට හැරිල නිදා ගන්නකොට මං ඵෝන් එක අතට අරගත්තා ...

හෙලෝ.....සමාන්වෙන්න.....මට ඒ කැරැක්ටර් එක බාර ගන්න බෑ.....

😔ම්ම්ම්හුක්...පව්....

ආයම කොටසකින් එන්නාම්...

අමනාපයක් නැත්තන් හාතුවක් තියන්නතේ😩😩👉👈

ආතරෙයි අනේ නොසෑහෙන්න....

මමජොබී

Nedeesha !

More Chapters