කව්ද චූටි....
මේ පින්ඩපාතෙ වඩින ගිහියො දෙන්නෙක් නිරූ ..එකෙක් බීකරෙයෙක්...අනිකා....පොස්පරස් කෑල්ලක්....
මං උන්නෙ දොරගාව හිටගන.....චූටි අයියගෙ මූන තනිකරම මොනාලිසාට ඇසිඩ් ගහලා වගේ වෙද්දි හදවතිම්ම අදහපු මගෙ මූසිලයට කට උත්තර නැති වෙලා තිබුනා....
ම්ම්ම්...යසයි පගයො දෙන්නා..... බියුටිපුල් ..වෙරි ගුට් ඈ....
චූටි...අයියෙ....ආ බන් උඹ පිරිතක නේ ඉන්නවා කිව්වෙ...
මං හිතන්නෙ ලොකු මූ ගූගල් මැප් දාගනද කොහෙද පිරිතට ගිහින් තියෙන්නෙ ලොකුවා.....
කව්ද බනට උන්නෙ....කොටුවෙ හාමුදුරුවොද.....?
ඒ ඒ...අති ඇති ලොකුවා....යෝ....බලපන්...සුතර්මගෙ දොන්තයා අඩන්න යන්නෙ........හැබැයි අනේ අපේ සුතර්මා හිතන් ඉන්නෙ පුතයි බෑනයි මැරෙන්ඩ කලින් දිව්‍යලෝකෙ යයි කියලා ...උඹලා රෑටත් දැන් කාමරේ පිරිත් දානවලු නේ....නැද්ද ලොකුවා....මං බලාගන උඹල දාන පිරිත් අහලම අපෙ සුතර්මගෙත් ඔලුවෙන් රැස් වලල්ලක් විහිදෙනවා නේ ලොකුවා...
හ්ම්...හ්ම්.....අනික....මෙහෙ ඉටිපන්දම් ණෑ මොකද මහ රෑ වෙනකොට අපෙ ඇගෙනුත් දැන් රැස් විහිදෙන්න ගන්නවනෙ....
මං කිව්වා අරව් ....එන වෙලේක කරන්ට් එයි කියලා ...ඇහුවෙ නෑනෙ....ශිහ්....මුන්ගෙ මේ බොක්කු කටවල් එක්ක කතා කරන්නෙවත් කොහොමද ...
මමයි අපෙ ලොකුවයි හුස්මක් නොගෙනම සුතර්මගෙ පුත්‍ර රත්නෙව ලැජ්ජා කෙරුවා ....චූටියගෙ මුන තනිකරම දැන් අඩයි ..දැන් අඩයි වගේ මූඩ් එකක් තියනකොට මට සිප්කිරි පොවපු ඇදුරා කුටු කුටු ගගා ආඩපාලි කියන්න ගත්තා....
ආර්ව් සර්....අයාන් සර්...ඇයි මේ එලියෙ....
නිර්වානයා මේ උඹලගෙ ආරව් සර්...
අම්මට සිරි....මේ පවුල් පිටින් ඇවිත් තියෙන්නෙ ආරව්.....මේ...පොඩි ඇටයො දෙන්නගෙ වැඩ පේනවද....අහකට යමල්ලා අහකට යමල්ලා තොපිලගෙ බෝක්කු කටවල් තාම එහෙමයි.....නිර්වාන් වතුර එකක් ගනින්කොල්ලො
ඇයි ...පිරිත් ගෙදරින් වතුර උගුරක් වත් දුන්නෙ නැද්ද .....ආ චුටි අයියෙ....අඩු භ්භ්භ්භ්.....
ඇති ඔය.....
ම්හුක්...මට මදිනෙ...
රෑ වෙලා තව පාරක් දෙන්නම්....එතකොට ආය මදි වෙන්නෙ නෑ...
එව්...නිරූහ්...වලො.....කැත කතා කියන්න එපා අනේ චූචියට.....චුක්චක් විහිලුවක්නෙ කෙරුවෙ...
ම්න්....එවෙලෙ ඔහොම කිව්වෙ නෑනෙ...
යන්නකො අයියො....ලැජ්ජා නොකර
ම්න්...යන්නම්...
වතුර එකක් ඉල්ලපු අයාන් සර්ට මං ආයම අනම් මනම් කියාගන එනකොට මගෙ පිටිපස්සෙන් එයා ඇවිත් මගෙ බෝක්කු කට වහල දාල මට රැව්වා.....ඇයි දන්නෙ නෑනෙ....මට රැව්වෙ...සමහර විට දැන් වෙන්ඩ ඩොකා හින්දා ලැජ්ජා ඇති...අමොර්...අමොර්...විසේසඥ වෛද්‍ය නෙමැයි දැන්....හ්ම්...හ්....ඔහොම යන්....ඔහොම යන් නිර්වානයා....ඔහොම යන් උඹ චැනලින් සෙන්ටර් එකක් පටන් ගත්තට පස්සෙ මං ඔතනට ඇවිත් කැටයම් දානවා....එන්නෙ මොකාටද විරිත්තනවා...හැබැයි මං ලව්වා හම්බකර ගන්න හැම සතේම මන් ගන්නවා....බලන් ඉදපන්කො....
ආර්ව් සර් මොනවා හරි බොනවද....සැර ජාතියක්...එහෙම
ආ..ආ...සෙනූ මේ....අපේ චූටි අයියට නම් ඔව්වා පොවන්ඩ එපා ආ.....ඇයි වදෙ...උඹලට දැන් මේ හදාපු තේ බොන්ඩ ඕනෙ මායි මූයිද ඇයි යකො...අනේ චූටි අයියෙ ඇත්තමයි මං සුධාට කෝල් කරලා කියනවා මූ ගියපු පිරිත් ගෙදර වෙරි වෙන එකක් කියලා ඈ...අහකට අහකට වෙයන්....අයාන් සර්....දැන් නම් සර් කියන්න ඕනෙත් නෑ...මස්සිනානෙ උඹවත් මං පාවා දෙනවා ඈ.....
.
සනාශ් ....දැන් ඇති ආ.....තමුසෙ ඔය කතා කරන හැටි මොකද.....
සෙනූ....ඉතින්....හරි..හරි උඹලට ඕන එකක්....වරෙන් චූටියා යන්න වැල්ල සිඹින රැල්ලවත් පාගලා එන්ඩ...මුන්ට දැන් අපි උන්නත් එකයි නැතත් එකයි
සැලා උගෙ බෙල්ලෙ නහර උලුප්පන් පෙට්ටි කට එහා මෙහා කර කර පැයට කිලෝමීටර දාහක විතර වේගෙන් කියවනකොට මං බලාගන අනාගත විසේසඥ තුමා බියර් කේස් එකක් අරන් එනවා...දැන් මුන්ට තෙ හදනකන් මාන්දම වගෙ කෑ ගැහුවා....තේ හැදුවට පස්සෙ අපිට මාන්දම හැදුනා වගේ කෑ ගහන්න ඕනා බීපියව් බීපියව් කියලා.....මොකුත් කියන්නත් බෑ...අපේ මිනිහා ගැහුවොත් පාරක් මැරෙනවා...
ඉස්සර තිබ්බ අත් නෙවෙ තියෙන්නෙ අර යක්කු එක්ක ගහගන්න ගිහින් ගිහින් නිර්වානයගෙ කකුල් දෙක මැද ඉන්න නිර්වානයගෙත් සික්ස් පැක් ඇවිල්ලා...
ම්හුක්...යෝ...මතක් කරනකොටත් වේජනාවයි.....
මීට කලින් බැනුම් අහන් සැලන්ඩර් වෙලා උන්න මං මීක් නොකා නිර්වාන් දිහා බලන් උන්නා....ඇත්තටම මං කවදාවත් හිතුවද...උගන්නපු සර් එක්ක.....එයා බොයි කියලා ....බියර් ටිකක් ගත්තා කියලා මනුස්සයෙක් බලන් ඉන්නකොට මැරෙන්නෙ නෑ...
දන්න විදිහට....එදා ඉදන්...තාමත්....අදටත්....චූටි අයියගෙ හොදම ගෝලා නිර්වාන් ....නිර්වාන් තැනකට ආවොත් ...ඒ ආඩම්බරේ අනිවාර්යයෙන්ම උගෙ හිතෙත් තියනවමයි...
බියර් කෙස් එක හන්දා හදාපු තේ මග් වලට සිද්ද උනෙ කොන් වෙන්න කොල්ලොනෙ...කොලු කමටනෙ කියලා උන් හදාපු තේ එක පැත්තට කරලා බියර් බොන ගමන් ආ ගිය තැන් මුල ගිය තැන් කතා කරන්න ගත්තෙ කට ගැස්ම නැතුව උනත්...ශෙනිරු දන්නෙ නෑ....ඌට හදාපු තේ එකෙ සනාශ්ගෙ ආදරේ පිරෙන්න තිබ්බා කියලා ....
ලයන් බියර් ටින් එක අතෙ තියන් උන්න නිර්වාන් කට කොනකින් හිනා වෙනකොට ශෙනිරුවා මොන මොනවා හරි කිව්වා....අයාන්සර් උන්නෙ චූටි අයියගෙ උරහිසට අතක් දාගන වෙනකොට ...එදා උන් දෙන්නා ඉස්සරහම ආදරේ මරලා දාන්ඩ දිවුරුම් දුන්න ශෙනිරු නිර්වාන් දැන් ඉන්නෙ ලෝකයක් දිනාපු ගානට වෙද්දි මට අර පැත්තක තිබුන තේ එක ගැන දුක හිතුනා...
ඌ යන්න හදන්නෙ....ලමයි ඉපදෙනවා...බඩගානවා..දනගානවා....ඇවිදිනවා.....ලොකුවෙනවා...ඉලන්දාරි වෙනවා...අවසානෙදි උන් උන්ගෙ කූඩු වලට පියාඹනවා.....
අම්මගෙ පෙකනි වැලෙන් වෙන් උන ගමන් ඔය දේවල් නොවුනත්...ජීවීතේට එන ඍතු ගොඩක් එක්ක මිනිස්සු හුරුවෙනවා ජීවත් වෙන්න... ....ඉපදුන මොහෙතම අපි කරන්නෙ අඩන එක....අපි දැන් කරන්නෙත් සමහර තැන් වල අඩන එක.....සමහරු ඇස් වලින් අඩනකොට සමහරු...ඇස් දෙකට ඔහේ ඉන්න දීලා හිත් වලින් ඇඩුවා...ප්‍රශ්න නැති ජීවිතයක් කොහෙද ...ජීවිතේ කියන්නෙම ප්‍රශ්නයක් ....ඇයි..ඇයි කියන ප්‍රශ්නෙත් එක්ක බැදුන අපි අපිවම හොයන්න නහින ප්‍රශ්නයක්...වගේ ජීවිතේ හුස්ම වැටෙන එක නියතයි වගේම ප්‍රශ්න එන එකත් නියතයක් වෙද්දි ඒකට උත්තර හොයලා හොයලා දවසක අපි අපිවවත් හරියටම හොයා ගන්නෙ නැතිවම මැරිලා යනවා...
ඒත් ...මං ප්‍රාර්තනා කරනවා ඒ නැවතුම තව හුගාක් දුරකට යන්න කියලා ..මොකද ....මං එක ප්‍රශ්නෙකින් ගොඩ ආවා විතරයි .....සනාශ් යන්න හදනවා.....තව දුරටත් මටවත් ඌට වත් එක ඇදේ නිදාගන්න වෙන්නෙ නෑ...පොඩි කාලෙ ඉදන් තුරුල් වෙලා නිදා ගත්තු ඌට දැන්.....සනීපෙට තුරුල් වෙන්න තැනක් තියනවා....
ඒත්...මං කවදාවත් උගෙන් මෙච්චර ඈතකට ගිහින් නෑ......මං කවදාවත් ....උගෙයි මගෙයි වෙන්වීමක් ගැන හිතලා තිබුන් නෑ....
ඌ යන්න යනවා...අප්පච්චි යන එකම බලන් ඉන්න බැරිව.....අප්පච්චි ගියා අයියෙ කියලා නිර්වාට දුක කිව්ව මට ඌ නැතුව ඉන්න පුලුවන් වෙයිද....
මන්දා.....ඒක විදලම බලන්න ඕනෙ.....ඒ කොහොම උනත් ඌ යනවා....මම නිර්වාන් ඉතිරි වෙනවා.....තව චුට්ට කාලයයි..අද තනියෙන් නැගිටින මමම තව ටික කාලෙකින් නිර්වාන්ගෙ සුවද එක්ක නැගිටිවී...
ඉතින් එච්චරත් දේවල් විදින්න තව ඉතිරි වෙනකොට ...මට දැම්ම අවසානම නැවතුමක් ගැන හිතන්න අමාරුයි....
මං දන්නෙ නෑ...ඇයිද මං මේවා අදම හිතන්නෙ ඇයිද කියලා ....සමහර විට...මට නිර්වාන් ගාවට ආවම හිතන්න කාලයක් නැති වෙයි කියලද මන්දා.....නැත්තන් ..අරූ මාව දාලා ඉක්මනටම යන්න හදන හන්දද මන්දා .....
කවදාවත් නැතුව අද මගෙ පපුවෙන් ඇම්මකුත් යනවා.....හුස්මත් හිර කරනවා.....
හිමින් සීරුවෙ පපුවට දෙතුන් විඩක් තට්ටු කරගත්තු මං බියර් කෑන් ගාව කොන් වෙන සනාශ්ගෙ තේ මග් ටික ගන්න ලන් උනා.....
චූටි...
මෙතන ඉඩ නෑනෙ නිරූ....
මං ලාවට හිනා උනා...එදා අපි අසරන වෙනකොට කරකියාගන්න දෙයක් නැතුව ගොලූ උන ඒ දෙන්නම අද නිර්වාන්ලා එක්ක කෑ කෝ ගහලා හිනා වෙනකොට මට සතුටක් දැනුනා....අපි හැමෝම එකම පවුලක් උනෙ නොහිතන පරිච්චේදෙක වෙනකොට දුක සතුට කලවම් උන නවකතාවෙ ඉස්සරහවට මොනවද වෙන්නෙ නොදැන උන්නත්.....මට අවසානෙදි සතුටක් විතරක් ඕනා වෙනකොට මෙතන ඉඩ නෑනෙ නිරූ කියපු මං ට්‍රේ එක ගන්න නැවුනා....ඒ එක්කම ආයමත් මගෙ පපුවෙණ් ඇම්මක් ගියා....
චූටි...
නිරූ.....
උඹ හොදින්ද...
ඔව් නිරූ....ඇයි....මං හොදින්...අයියො...ඇයි....
.ඇත්ත කියපන්....ඇත්තටම උඹ හොදින්ද මගෙ සයාශ් .....
.ඔව්.....මට සතුටුයි ....එදා....අඩ අඩ...කෑ ගහන අපිදිහා බලන් උන්න උන් දෙන්නත් ආයම අපිඒ ගොඩටම වැටෙනකොට මට සතුටුයි නිරූ........
වස්තුව...
තේ එක අරගන්න ආව මගෙ මූන වෙනස් උනා වත්දො....ට්‍රේ එක අරන් එනවත් එක්කම බොන එක පැත්තක දාලා මගෙ පස්සෙන් ආව නිර්වාන් මගෙ අත අල්ලන් දෙපාරක් තුන්පාරක්ම මගෙන් හොදින්ද අහනකොට මං ඔව් කියන්න ඔලුව වනලා බාගෙට නිවිලා තිබුන තේ එක එකම හුස්මට බීගන බීගන ගියා එකක් නෙවෙ....මං ඒ තේ හතරම නිර්වාන් බලාගන ඉන්නකොට බීලා දැම්මා....
චූටි...
නිර්වාන් ගෙ ඇස් දෙක ලොකූ උනා....මග් හතරෙම එකම තේ බින්දුවක් වත් ඉතිරි නොවී අන්තිම අඩියටම බීපු මගෙ දිහා බලන් චූටි කියපු නිර්වාන් දිහාවට හැරුනා....
හැලුවොතින් අපරාදෙ....නෙ නිරූ.....මට ...ආය ඌ හදන තේ එකක රස බලන්න බැරි වෙයි නිර්වාන් ...
මොනාද දරුවො මේ කියවන්නෙ ....
..මට ..අද හරි මහන්සී...නිරූ...මහන්සි....උනාට කමක්..නෑ...මට...අද...හරි.....සතුටුයි ...නිර්වාන් ...චුට්ටක් විතර මෙතන රිදෙනවා ....ඒ ඇරුනම ....මොකුත් නෑ....මං චුට්ටක් දොයිය ගන්නද....සැලාට කියන්න චූචියට අද හොදටෝම මහන්සියි කියලා .....රැල්ල පාගන්නත්....අමාරුයි...කියලා .....
චූටි.....
මං කියෙව්වා ...කියෙව්වා උනත් සනාශ් යනවා කියපු වෙලාවෙ ඉදන් මට මහා වේදනාවක් දැනුනා...ඒක මරනෙටත් වඩා වේදනා කාරියි වෙනකොට ඒ ඔක්කොටම වග කියන්න ගත්තෙ හති වැටෙන මගෙ හදවත වෙනකොට මං නිර්වාන් ඉස්සරහා හිටන් මට අද හොදටෝම මහන්සී කියනකොට නිර්වාන්ගෙ මූන අමුතු උනා...
නිරූ .චූචියට.....දැන්....දොයිය..මතයි....යන්නම්..නේ . ආදරෙයි ..හාද .....ඔයාටයි . ...අපේ....
පලිගුවටයි....හුගාක්....
නිර්වානයා කොහෙද ඔය ආපහු යන්නෙ....
ලමයට පොඩ්ඩක් මහන්සි ලු මං බලලා එන්නම්....
ඉතින් ඌට මහන්සි නම් ඌ ගිහින් නිදියයි...උඹ වරෙන් දැන් පැය ගානක් පැද්දා මදිද.....
ශෙනිරුවගෙ කට බෝක්කුවට අන්තයි.....මට ඕනා උනෙ පුලුවන් ඉක්මනට නිදාගන්න වෙනකොට කාමරේට යන්න හදපු මට නිර්වාන් තනියම.යන්න නොදී මගෙ පස්සෙන් එනකොට අරූ කෑ ගැහුවා...ඒත් නිර්වාන් නෙවෙ උන් එක්ක නැවතුනේ.....නිර්වාන් කෙරුවෙ මා එක්ක කාමරේට ආව එක වෙනකොට මං ඇදට වැටුනා...අඩුම ගානෙ කකුලෙ තිබුන සෙරෙප්පු දෙක වත් ගලවන්නෙ නැතුවම....
මගෙ පපුව හිර වෙනවා.....අම්මව මතක් වෙනවා.....අප්පච්චිව මතක් වෙනවා...ඒත්....අම්මයි අප්පච්චි කාමරේට එන වෙලාව නෙවෙ...අම්මා වැඩකරන ගෙදර හතර වටේට කැමරා හයි කරලලු.....ඵෝන් එක ඔබන්න විදිහක් නෑලු...ඒත්...අද මට අම්මට කතා කරන්නම ඕනෙ...
චූටි........ඇයි මගෙ වස්තුව මේ....
නිරූ....අපෙ....අම්මට...කෝල් එකක් අරන් බලන්න.....කො....
අම්මට.....මගෙ එකෙන් ගන්නද....
කාගෙ...එකෙන් හරි ගන්න...
චූටි...මට කියන්න....මට කියපන් වස්තුවෙ උඹට මොකක් හරි අමාරුවක්ද.....නැත්තන් ආයම පපුව රිදෙනවද කියලා ....?ආ වස්තුව...මට කියපන්කො.....පපුව රිදෙනවද...ආ
නිර්වාන්ව සුදු මැලි වෙලා වගේ ගියා...මං ඉල්ලුවෙ අම්මට කතා කරන්න....එයාගෙ ඵෝන් එකෙන් කෝල් එකක් ගන්න ඇහුවා උනත් කට ඇරලා දැන් දැන් වචන කියන්නත් ටිකක් අමාරු ගතියක් දැනෙන මං මුනින් අතට හැරිලා රිදෙන පපුව කොට්ටෙට තද කරගත්තා උනත් එයා මාව ආපිට උඩබෙලි අතට හරව ගත්තා විතරක් නෙවෙ මාව එකපාරම උකුල උඩට ඇදලා අරන් පපුව අත ගගා පපුව රිදෙනවද පපුව රිදෙනවද අහනකොට මං නෑ කියන්න මගෙ ඔලුව දෙපාරක් තුන් පාරක්ම වැනුවා.....ඒ එක්කම පැත්තක තිබුන මගෙ ඵෝන් එකට කෝල් එකක් ආවා...
චූටි....මේ අම්මා ...අම්මා ගන්නවා.....මේ අම්මා ගන්නවා...ආන්ස්වර් කරන්නද....
හ්ම්....හා....ආන්ස්වර් කරන්න....
උඹ ඉන්නෙ අමාරුවෙන් චූටි උඹ මට හංගනවා.. නැගිටපන්...මට උඹව මෙතන තියන් ඉන්න බෑ චූටි...
නෑ...නිරූ ....චූචියට...මහන්සීනෙ...ඒකනෙ.....ඕක..අරන් දෙන්නකො....ස්පීකර් ඔන් කරන්න..
මන නිර්වාගෙ උකුල උඩ ඉදගන ඒත් ළඟ තිබුන ඵෝන් එක වත් මට ගන්න බැරි උනා...මම අම්මට කෝල් එකක් ගන්න හැදුවත් මට කලින් අද ඉස්සර උනේ අම්මා වෙනකොට ස්පීකර් ඔන් කරපු නිර්වාන් ඵෝන් එක අල්ලන් උන්නා.....
චූටි....පුතේ....
අම්...මියේ....
අවුරුදු විස්ස පැනලා....තාමත්...එදා කතා විලාසෙමයි...අම්මට අම්මියේමයි.....මාව උකුලෙ තියන් උන්න නිර්වාන් මන් කියන කරන ඒවා අහගන උන්නා
උදේ ඉදන් හිතට හරි නෑ පුතෙ....මං අප්පච්චිටත් කිව්වා.....
කන්ඩ ගත්තා උනත් හිර වෙනවා....
දවස් දෙක තුනක ඉදම්ම...සීයා තාත්තව හීනෙන් දැක්කා....මගෙ පුතා කොහෙද ඉන්නෙ.....ලොකු නැන්දා කිව්වා කොහෙද ගියා කියලා ...
මායි...ලොකුවයි....සෙනූ....යි...නිරූ....යි...ගමනක්...ආවනෙ.......
ඉන්න තැන කොතන උනත්....පරිස්සමින් සයාශ් ..මේ ටිකේම මගෙ හිත බය වෙනවා.....අයියා ගැන නෙවෙ මට උඹ ගැනමයි බය....උදේ ඉදන්ම අද හිතට කිසිම නැ....ඉවසල ඉවසලා බැරි තැන මේ හැංගිලා වගේ ඉදන් උඹට කෝල් එකක් ගත්තෙ උඹ හොදින්ද බලන්ඩ...
මට දුක හිතුනා....මුහුදු කියක් පහු කරලද අම්මා ඉන්නෙ...ඒත්....අම්මට දැනෙනව කියන්නෙ.....මං ඉන්නෙ මටවත් විස්තර කරන්න අමාරු වේදනාවක කියන්න අච්චර ඈත ඉන්න අම්මට දැනුන හැටි කල්පනා වෙනකොට මට වේදනාවක් දැනුනා ..මං ගන්න කලින් මට අරගන ඇයියා ගැනනෙවෙ මට බය උඹ ගැන කියනකොට තවත් ඇම්මක් පපුව හරහා යද්දි මං එක අතකින් නිර්වාන්ව මිරිකගත්තා ...
අම්.....මෙ....
ඕ චූටි....මැඩම් එනවද මන්දා....මං උඹට ගන්නම් රත්තරන්.....මහ මිනිහට කෑම අරින්ඩ කියන්ඩ වෙන්න ඇති.....
අම්මෙ...මාව...බලන්න...එනවද.....
ඉක්මනට.....මට...අම්මව....බලන්න..
ඕනෙ...ඉක්මනටම....
.මං තියන්නම්....පුතෙ බුදුසරනයි...අරකි එනවා...
බීප්...බීප්....බීප්.....!!
අම්මට ඇහුන් නෑ....හැංගිලා කෝල් එක ගත්තු අම්මා කතා කෙරුවෙත් දඩි බිඩියෙ වෙනකොට අම්මට මං කියපු මෙලෝම දෙයක් නෑහෙද්දි මං අඩමානෙට වගෙ ඉදන් අම්මෙ මාව බලන්ඩ ඉක්මනටම එනවද ඇහුවත් අම්මට මට හා කියන්නවත් බෑ කියන්නවත් කාලයක් නැති උනා වගෙ වෙද්දි එහා පැත්තෙ උන්න අම්මා කෝල් එක කට් කෙරුවා ....
සයාශ් ....කෙලින් වෙන්න....
ම්හුක්...එපානෙ....නිරූ....
එපා කියලා බෑනෙ කෙලින් වෙන්න මාව බය කරන්න එපා චූටි නැගිටපන්කො....
බය වෙන්න මට මොකුත්....වෙලා නෑනෙ.....නිරූ.....
මම්.නිර්වාන්ගෙ අත අස්සට මූන ගහගත්තා ..මං හිතන්න මට දුක ඔරොත්තු දුන්නෙ නැද්ද කොහෙද ....උඹ පලයන් ලොකූ කිව්වා උනත්.....ගහෙන් ගෙඩි එන්නා හා සමානවම එහෙම කියපුවාම මගෙ පපුව ඒ වචන බාරගත්තෙ නැති උනාද කොහෙද ....
චූටි.....
.....
චූටි මැනික....
මට පව්කියලා හිතුනා...පොඩ්ඩ බැරි වෙනකොට බය වෙන නිර්වාන් මගෙ ඔලුව අත ගගා චූටි චූටි මැනික ගානකොට ඇයි අහන්නත් මට ලෝභ හිතුනා...ඒත් මං අවසානෙදි එයාගෙ මූන දිහා බැලුවා...මොකද ..මට පව් කියලා හිතුනා...එයාගෙ කකුල් රිදෙනව ඇති හිතුනා.....
මං බරයිද...නිර්වාන් ....
ම්න්.....බරයි.....
එහෙනම් මං බහින්නද...
එපා....
මං බරයිනෙ....
ම්න්...ඒත් එපා...ඔහොම ඉන්න.....ඔයා බරයි...හැබැයි ..ඔයා නෙවෙ බර.....ඔයාගෙ වගකීම මට බර සයාශ් ....ඇයි...අම්මට කලින් මට ඔයාව දැනුන් නැත්තෙ කියන එක මට බරයි සයාශ් ...අම්මට දැනුන අමුත්ත ඇයි මට දැනුන් නැත්තෙ කියලා මට බරයි සයාශ් ....සමහර විට.....ඒ අම්මා හින්දා වෙන්න ඇති......ඒත්.....මගෙ අම්මට...කවදාවත් ඔය වගේ දේවල් මේ ජීවිතේ කිසිම තැනක දැනිලා නැතුව ඇති චූටි....
නිරූ....
ශ්ශ්.....මගෙ වස්තුවට මහන්සී කිව්ව නෙ...දොයියන්න..නිරූ ඉන්නවා ඔයා ගාව හොදද....
අට මහ මොකක්ද වගේ උනා...බරයිද අහපුවම ඔව් කිව්ව් නිර්වාන්ගෙ උකුලෙන් බහින්න හදාපු මට බහින්න නොදුන්න නිර්වාන් දුන්නෙ මට තවත් නර උත්තරයක් වෙනකොට මටවඩා පව් නිර්වාන් කියලා හිතුනා.....උකුලෙ උන්න මාවත් එක්කම ඇදට පෙරලුන එයා වචනයක් වත් නොකියම මාව නිදි කරවගත්තෙ එයාගෙ ඇග උඩ වෙනකොට මගෙ වස්තුවට මහන්සී දොයියන්න කියනකොට මට එක පාරම මමම ලියපු කතාවක ෆික්ශනල් කැරැක්ටර් එකක් මතක් උනා.....
එහෙම පිරිමි මේ ලෝකෙ යතාර්තයක් වෙන්නෙ හරි අඩුවෙන්නෙ....
නෑ...සමහර විට එහෙම පිරිමි ඇති.....ආදරේ කරනකොට පපුවෙ තියන් ආදරෙ කරන හැබැයි...අතේ ඇගිලිගානටත් වඩා අඩු ඇති...රතු දත්‍ත පොතට ඇතුල් කරන්න ඕන තරමට හිග ඇති...
නිර්වාන්ගෙ ඇග උඩ උන්න මං වැඩිය දගලන්නෙ කරන්නෙ නැතිව එයාගෙ බෙල්ල අස්සට මූන තියා ගත්තා...ඒ පපුව ඇරුනම තවත් සනීපම තැනක් තිබුනා නම්...උරහිසයි බෙල්ලයි මැද වෙනකොට මම පුංචි මී පැටියෙක් වගේ මගෙ මූන ඔබා ගත්තා ...
මගෙ වස්තුව ....උඹ .....
එයා මුමුනවා....මගෙ අත වගේ දෙගුනයක් විතර විශාල අතෙ ඇගිලි කොන්ඩෙ පිටිපස්සෙන් යනකොට මං නිදි කිරා වැටුනා....මොකද ඒ තරමට සනීපයි...
මෙච්චර වෙලාම ඇම්ම වැටුන පපුව මං ගැන දුක හිතිලද කොහෙද මට රිදවන එක හෙමින් සැරේ නවත්තනකොට නිර්වාන්ගෙ ආදරේ හන්දා මං හිමීට පන ගැහුවා...හරියටම මැලවුන පුංචි පැලේකට වතුර වැටෙන්නාක් හා සමානවම නිර්වාන් ගෙ ආදරේ මැලවුන මාව තෙමාගන ගියා.....
දොයියපන් රත්තරන් .....මං උඹට ආදරෙයි සයාශ් මං උඹට නොසෑහෙන්න ආදරෙයි...
අවසානෙදි මට ඇහුනෙ එච්චරයි ..මොකද ....නිර්වාන්ගෙ උනුහුම කියන්නෙම තනිකරම හිතේ දුක් ගිනි හැම එකක්ම නිවන්න පුලුවන් නිර්වානයක් හා සමාන තැනක් වෙනකොට මාව හරි හිමීට නිවිලා..නිවිලා..නිවීලා ගිහින් අවසානෙදි ඇස් දෙක පියවෙන තත්පරේදි නලලට හාදුවක් ලැබුනා.....!
ඒ....ඒ....ඒ...මෙහෙට මෙහෙට....අම්මියා දොයි...චූ දන්නෙ නෑ ආ....ඇදන් රෙදිත් හෝදන්ඩ වෙයි....
බලන්ඩ පාත් කරපන්....
චූටි පුක පුපුරන්ඩ ගහන්නෙ.....
කොහෙද ඔය රින්ගන්නෙ...වර මෙහාට...වර....ඔහෙ රිංගලා මේකගෙ නහයට බලු මයිල් ගියොත් මට තවත් හිස රදයක්....උඹලගෙ අම්මට තියන ලෙඩ ඇති වර මෙහාට එතනට ගිහින් රිංගනවා.....ශිහ් කටත් ලෙව කනවා අර ලමයගෙ.....වර මෙතනට....එපා අම්මව ඉඹින්ඩ....අම්මා මගෙ.....ඕන් නෑ...අම්මට උම්ම දෙන්නෙ තාත්තා විතරයි .....ඇහුනද....කෝ...කන ඇහුනද.....බොරු හුරතලෙ මෙතන
මං උන්නෙ තද නින්දක.....ලාවට ඇහෙන කෙදිරියක්..කිරි සුවදක් වගේම නහයට කටට දැනුන තෙතක් එක්ක මට තව දුරටත් නිදියන්න බැරි උනා.....මුලින් මුලින් රහසින් වගෙ ඇහුන නිර්වාන්ගෙ කටහඩ එක්ක මහෙ නින්ද සම්පූරනම නැති වෙලා ගියා.....ඒත් මම නෙවෙ ඇස් ඇරියෙ...මම නෙවෙ මීක් ගෑවෙ.....ඇස් ඇරන් ඉන්නකොට ඉන්න නිර්වාන් නෙවෙ මං ඇස් පියෙව්ව්ම ඉන්නෙ.....
එයා කියවනවා....මා එක්ක නෙවෙ...කික්කි එක්ක....ඒ කියවිල්ලට මට ඇස් ඇරලා බලන්නත් හිතෙනවා.....ඒත්....අහුවෙයි කියල බයත් හිතෙනවා...හිතේ තියන හොර කමටද කොහෙද මට හොරාවට වත් ඇස් අරින්න බය හිතුනා.....
කෝ බලන්ඩ හිටගන්ඩ.....කුක්කු බීපු බඩබලන්ඩ...උඹලගෙ අම්මා නැගිට්ටම ඒකටත් මම එපැයි බැනුම් අහන්ඩ...කෝ දත්.....ආ...මුලු කටටම තාම දත් දෙකයි නෙ තියෙන්නෙ....ඒක නේන්නම් ඉතින් බයි කන්නෙ කොහොමද ම්ම්...බයි කන්නෙ කෝමද කික්කියේ...ඇති ඇති හුරතල් උනා..දැන් යන්ඩ ආ.....අර එහා කාමරෙ ඉන්නවා නැන්දලා මාමාලා...ඇන්ටිලා ගොඩක්...
මටහිනා යන්නත් ආවා...කිව්වත් වගේ කික්කිට තියෙන්න කටටම දත් දෙකයි.....යෝහ්....චූටි රන්කදක්නෙ.....
යට වෙලා තිබුන ඇහෙන් මං මේ හැමදේම බලන් උන්නා .නිර්වාන් බලු කික්කිව හුරතල් කරනවා..හැබැයි මං වගේ පිස්සුවෙන් ඉඹින් නෑ..මං තමයි දමාගන බල්ලන්ව ඉඹින්නෙ...නහය කට....පුක ඇරුනම මං අපෙ සුගාගෙත් ඉඹින් නැති තැනක් නෑ...හැබැයි අර පරියව නමි ඉඹිනවා තියා ලගට ගන්නෙත් නෑ...ඌ ඇවිත් පුදුම ලයිනක් දෙන්නෙ...අල්ලනවට කැමති නැ....කන්ඩ එන්ඩ කියලා වදින්න ඕනෙ...සාලයො තිබ්බොත් කන්නෙ නෑ.....කටු බේරලා තියෙන්ඩ ඕනෙ.....ඊයෙ බත් අද උදේට කන්ඩ බෑ...ඌට තියෙන්නෙ අමුතු රැස් වගයක්.....
ඔව් ඉතින් ඕකත් ඇමති හොරෙක් ගාව හැදුන එකෙක් නෙ...ඒත්..ඒකා සංජනගෙ අම්මගෙනෙ...
බලු කික්කිව හුරතල් කර කර උන්න නිර්වාන් දිහා බලන් උන්න මට එකපාර සංජනගෙ අම්මව මතක් උනා...ඒ මනුස්සයා පුදුම ලස්සනක් තිබුනෙ....අනේ අද උන්නා නම් නේ...
කොහෙද අර ගැනි මරාගත්තානෙ...
අවුරුදු තුන හතරක් ගෙවුනා...අනේ ඒ මනුස්සයව අමතකම වෙලා ගියානෙ .....හැබැයි....ඒ අපිට විතරයි....සංජනට නම් කවදාවත් අමතක වෙලා නෑ.....කනත්තෙ තියන ලස්සනම සොහොන් කොත තියෙන්නෙ සංජනගෙ අම්මටද කොහෙද .....
ලොකුවා කියපු විදිහට....ඇමතියට දැන් ඇමති ගෑනිව වහ කදුරු වගේලු....කොයි වෙලෙත් මරාගන්නවලු.....සතියට දවස් දෙකක් වත් දැන් ගෙදර එන්නෙ නැතුව සංජනල දැන් වහල තියන ගෙදර ජීවත් වෙනවලු......
ඒත්...දැන් මොන දේ කෙරුවත්....ඒ මනුස්සයව ආය ගේන්න පුලුවන්ද ....ජීවත් වෙලා ඉන්න කාලෙ නොදුන්න සැප මැරුනට පස්සෙ මොකද.....නොදුන්න කාලෙ නොකියපු ගුණ කථන දැන් මොකටද ?
මං හිතන්නෙ නෑ...සංජන මෝඩයි කියලා ....නිර්වාන්ලගෙ ගෙදරට සංජනව ගෙනාවෙ නිර්වාන්...ඒක හරි....හැබැයි....ඌ නැවතුනේ....ඉතින්....
දන්නෙ නෑ....දන්නෙ නෑ.....අපිට තියෙන්නෙ බලන් ඉන්න.....මගෙ හිත එදත් කිව්වෙ එක දෙයයි...අදත් කියන්නෙ එක දෙයයි.....නිර්වාන්ගෙ අත අල්ලන් හැමදේම අත අරින්න එයත් ඇමතියව අතෑරියා කියපු අම්මට...එක පාර පනින්න තරම් දෙයක්....
ම්න්...ම්න්........
සංජනගෙ අම්මව කවුරු හරි පහලට තල්ලු කෙරුව වත්ද?????
.මගෙ ඔලුව කුරුවල් වෙන්න ආවා.....
නිර්වාන් ....කොහොමද දැන් චූටියට.. .....
කල්පනා ලෝකෙ පීන පීන උන්න මන් ඉක්මනට ඇස් දෙක පියාගත්තා...කාමරේට ආවෙ ශෙනිරු ...අපේ එකා කොහෙ මගුලෙද දන්නෙ නෑ.....
දැන් නම් අවුලක් නෑ වගේ...මං දන්නෙ නෑ ඇයි එයා එක පාරම සුදු මැලි උනේ කියලා .....
මොනවට හරි බය උනාද?
බය වෙන්ඩ දෙයක් උනේ නෑනෙ...අනික...කරන්ට් නැති උනාට අන්දකාර උනේ නෑ.....එහෙව් එකේ..ලමයා බය වෙන්ස දෙයක් තිබුන් නෑ....ආර්ව් සර් ආවා කියලත් ඒක ගානක් නෑ....කොහොමත්....මං සයාශ්ව අරගන හෙට යනවා...
නිර්වානයා....
මං දන්නෙ නෑ...මං ඇහුවට කියන්නෙත් නෑ...අනික...අම්මා උනත්...කතා කරලා කිව්වෙ එයාගෙ හිතට හරි නෑ ඒකයි ගත්තෙ කියලා ....අපේ අම්මා නමට අම්මෙක් උනාට...සයාශ්ලගෙ අම්මා...නමට අම්මෙක් උන ගෑනියෙක් නෙවෙ ශෙනිරු.....අම්මෙක්ගෙ හිතට නරකක් දැනෙනවා කියන්නෙ...නරකක්මයි.....
මං මගෙ ඇස් දෙක තද කරගන උන්නා....අනේ අපි ආවෙ අදනෙ....ඇයි හෙට යන්නෙ...මට දැන් හොදයිනෙ නිර්වාන් .....චූචියට චුච්චක් දුකක් ආවනෙ..ඒකනෙ...සැලා යනවා කියල කිව්වම මං ඒක හරියට හිතුවනෙ...දැන් අමාරු නෑනෙ....
මට උඹට මොනවත් කියන්න බෑ....උඹගෙ හිත මොන යකා ගාව බය නැති උනත්...මූ ගාවදි වැක්කෙරෙනවා කියන්න මං නොදන්නවා නෙවෙ...ඒත්...ඌට අසනීප වෙන්න තරම් කාරනාව....මොකක්ද.....???මං අහන්නෙ ඒක....ආරව් සර් කියන්නෙත් ඒක....අනික....ඌ අසනීප වෙනවා නම් වෙන්නෙ බන්...මීට කලින්...ඌ ඒ දුකත් දරාගත්තා නම්....ඌට දරාගන්න බැරි දෙයක් වෙලා තියනවා...ඒක මොකක්ද කියලා මන් කල්පනා කරන්නෙ...
මන් කන දිගෑරන් අහන් උන්නා...නිර්වන් වගේම ඩිපූටියා කල්පනා කරනවා..අහස පොලව ගැටගහන්න කල්පනා කරනවා...නිර්වාන් කතා කරන ගමං මගෙ ඔලුව අත ගානවා.....මට ඒ මූනවල් දිහ බලන්නත් ඕනෙ...ඒත් මං ඇහැරුනා කියලා දැනගත්තොත් ....කියන්න තියන කිසි දෙයක් කියවන්නෙ නෑ..මගින් නවත්තනවා මිසක්කා.....
හැබැයි....කොල්ලා මගෙන් ටානියා ගැන ඇහුවා...
කාගෙත් සුන්දරී.....ඒකි ගැන..උඹ ඒකි ගැන මොනවා හරි කිව්වද....
පිස්සුද උඹට....මට ඒකි ගැන අද කතා කරන්න දෙයකුත් නෑ....එදා කතා කරන්න දෙයක් තිබුනෙත් නෑ...අපෙ අම්ම ඔලුව උඩ තියාගන උන්නට.....ටානියා කියන්නෙ මට හිසරදයක් විතරයි...ඒකි ගැන මොකුත් නෑ....චුට්ටක් ඔය චුරු චුරු ගෑවා.....ඒක ඉවරයි....ඒත්.....සනාශ් මොනවා හරි කියලද.....
ම්ම්ම්....සනාශ් ...පොඩ්ඩක් හිටපන් මං ඕකගෙන් අහන්න.....මූ උඩ දාගන කිව්වද දන්නෙ නෑනෙ චූටියා මායි සෙනුයි රට යනවා කියලා .....හිටපන් මං ඕකගෙ කට කඩනවා අද....
ම්න්....ඒත්....උ කිව්වා නම් කිව්වෙ ඇත්තනෙ.....උඹලා යනවානෙ....
ඒත් ඕක අපෙ එකාට අද කියන්ඩ ඕන් නෑනෙ....
සයාශ් අසනීප වෙන්න හේතුව ඒක නම්....උඹලා හැමදේම ලෑස්ති කරන් යන්න ඔන්න මෙන්න තියනකොට කිව්ව දාට මීට වඩා ලොකු දෙයක් වෙනවා ශෙනිරු.....කොච්චර උනත්.....උන් එකට හැදුන උන්...උඹල යන්නෙ එහා ගමට වත්....දවසකට වත් නෙවෙ.....සදහටම ...ආය නොඑන්න...
..........
.........
මට පොරවන් උන්න බෙඩ් ශීට් එක තදිම්ම මිරිකුනා.....මෙච්චර වෙලාම කියව කියව උන්න නිර්වානුයි ශෙනිරුයි කියවිල්ල නැවැත්තුවා ....තත්පර ගානක්...මුලු කාමරේම නිහඩ වෙලා ගියා...
එයාලා යන්නෙ සදහටමලු....
ආය නොඑන්නලු.....
එතකොට ....ඒ දෙන්නා ආයම...කවදාවත් එන්නෙම නැද්ද....
අපිව බලන්නවත්....??
අම්මවයි අප්පච්චි වයි බලන්නවත්....????
නිර්වාන් ...
මං හිමීට ඇහැක් ඇරියා...මොකද මට තව දුරටත් එ මුනවල් දිහා බලන්නෙ නැතිව බැරි උනා.....නිර්වාන් ඉන්නවා...මගෙ ඔලුව අත ගාපු නිර්වාන් උන්නෙ දැන් මට පිටි පස්ස හරවන් වෙනකොට ....ශෙනිරුගෙ මුන විතරක් මං දැක්කා...
ම්න්...
දෙයක් කියන්න තියනවා....හැබැයි උඹ මේක අහලා කලබල වෙන්නඩ හදන්ඩ එපා
මොකක්ද කියපන්.....
මම උඹට කිව්වනෙ...කලඹල වෙන්ඩ එපා කියලා ...
හරි කියලා ඉදින්කො....
ම්න්....එකක් නෙවෙ....දෙක තුනක් පනිවිඩ තියනවා ...
ලාවට වගෙ ඇරන් උන්න ඇහැ මං තවත් චුට්ටක් ඇරගත්තා ...මොකද ශෙනිරු කතා කරන වචනයක් පාසාම ශෙනිරුගෙ මූන වෙනස් උනා...
මොකක්ද කියපන්...උඹ ඔහොම තටමනකොට අහන් ඉන්න ඕන මිනිහෙක් කලබල වෙනවා...
පලවෙනි එක.....උඹලගෙ ක්ල්බ් එකෙන් මැච් ටයිම්ටේබල් එක එවලා...
කා එක්කද.....?
සංජනලගෙ ක්ලබ් එක.....ත් මේ පාර එනවා...
උඹ හිතන්නෙ මාව සංජන එක්ක වැටෙයි කියලද
ම්න්...උඹම කියනවා රින්ග් එක අස්සෙ සහෝදර කම් නෑ කියලා ....
ම්න්.....ඒක මං බලාගන්නම්....අනිත් ටික කියපන්
සංජන කෝල් කෙරුවා .....
...
උඹලගෙ අම්මා හොස්ප්ටිල් එකේලු....
අම්මා...???ඒ ඇයි ???මොනවා වෙලාද???ඇයි මට නොගත්තෙ.....???මොන හොස්ප්ටිල් එකේද.....?? මොන මගුලද වෙලා තියෙන්නෙ..අම්මට....???
නිර්වාන් පොඩ්ඩක් ඉදගනින් උඹ පුක කැඩුන කඩියා වගේ නටන්නෙ නැතුව.....මහ අමාරුවක් නෑ....උඹට නොකියා මට කිව්වෙ උඹ මොන තරම් කාගත්තා උනත් නහින්ඩ හදන බව දන්න හන්දා...කියන එක අහපන් එකටම.....උඹලගෙ අම්මාව පඩිපෙලෙන් වැටිලා තියෙන්නෙ..එකත් හරියටම වැටිලා නෑ සංජනයා අල්ලගන...කකුලට ප්ලාස්ටර් පැරිස් එකක් ගහලා...එච්චරයි ....
කොහෙ පඩි පෙලෙන්ද?
සංජනලාගෙ ගෙදර....ඇමතියා ආයම රන්ඩු කරන් ගෙදර ගිහින් ඒකව හොයන්ඩ ගිහින් තියෙන්නෙ සංජනයා එක්ක.....එහෙදි වැටිලා තියෙන්නෙ
සංජනගෙ ගෙදරදි....???
හ්ම්ම්....සංජනලාගෙ ගෙදරදි
👉👈😒ආය එන්නම් ඈ
ආතරෙයි අනෙ නොසෑහෙන්න
ජොබී
Nedeesha