Cherreads

Chapter 68 - 68

Sayash pov...

නිරූ....

ම්ම්ම්...වස්‍තුව.....

දොයිද අනෙ.....

ම්න්....

මේ ඇහැත්.....?

ම්න්....

එතෝට....මෙ ඇහැත්....

ම්න්....

උම්මියක් වත් දෙන්නකො අනේ.....හැමෝම බුජි වෙලෙ.....ම්හුක්.....ආතරෙ...හීන වෙලා ගිහින් ඈ...දොට්ට කිව්වා නේත මාව සතුටින් තියන්න කියලා...ඈ නිරූ...

මාව ගෙදර එක්ක ආවා...ගෙදර ඇවිදිනුත් මේ ගෙවෙන්නෙ....තුන් වෙනි දවස....වෙලාවට මට හිතෙනවා...මට හාර්ට් ඇටෑක් එකක් ආවෙ මගෙ හොදට කියලා.....අනේ මේ දවස් තුනේම නිර්වාන් මාව බලාගෙන්නෙ මහ පුදුම විදිහට.....එයාගෙ මැච් එක දවසක් දෙකක් එහා මෙහා වෙලා තිබ්බ හන්දා ගෙදර ගෙනව දා ඉදන් නිර්වාන් උන්නෙ මට ඇහැ ගහගන...චූටි බඩගිනීද....චූටි කන්න මොනවා හරි දෙන්නද.....අම්මා ඔව්වා හොද නෑ සයාශ්ට...එයාට මේවා අගුනයි....මේ දේවල්.ගුනයි ගගා මේ දවස් තුනට නිර්වාන් මාව පුදුම විදිහට පරිස්සම් කෙරුවා....

ඇහේ මූනෙ තියන් හදපු අම්මා අප්පච්චිට පස්සෙ...ආයම ඒ වගෙ රැකපු කෙනෙක් උන්නා නම්...ඒ ලොකු නැන්දා විතරක් වෙනකොට ...ඒ තැනට අද නිර්වානුත් අයිතිවාසිකම් කියන්න පටන් ගත්තා.....

වෙලාව පාන්දර පහයි.... ..

අපි හතර දෙනාම උන්නෙ ලොකු නැන්දගෙ ගෙදර සාලෙ මැද හරස් අතට.....චූටියගෙ කාමරේ අපෙ නාට්ටි ගුරා බදු ගත්ත දා ඉදන් මටවත් ලොකුවටත් පයක් ගහන්න ඉඩක් නැති වෙනකොට මෙච්චර දවසක් අපි නිදා ගත්තු කාමරේ අද අම්මා නිදා ගත්තා...

ආසාව තිබුනා අම්ම දෙපැත්තෙන් නිදා ගන්න...මටයි මූටයි රන්ඩු කරන්න හිත තිබුනා...අම්මව බෙදා ගන්න...

ඒත්....අනේ මගෙ අම්මා සැනසීමෙන් නිදාගන්නම දවස් ටික මේක වෙනකොට අපි කොහොම කියලා නම් වද දෙන්නද ....

මං උන්නෙ නිර්වාන්ගෙ අත උඩ.....නිර්වාන්ට එහා පැත්තෙන් ලොකුවගෙ මිනිහා...ඌට එහා පැත්තෙන් අපේ එකා...අපි හතර දෙනාම සාලෙ බිම.....

හරියටම අර ඉස්සරම පවුලෙ කාගෙ හරි වෙඩිමක් මලගෙයක් ආවම නිදාගන්න කාමරවල ඉඩ මදිවෙනකොට සාලෙ නිදා ගන්නව වගේ හැහීමක් මගෙ හිතට දැනෙනකොට නින්දෙන් උන්න නිර්වාන්ව ඇහැරවලත් මං හාදුවක් ඉල්ලුවා...

මට ලෝබයි....

නිර්වාන් ළඟ තියාගන නිදාගන්න මට හරි ලෝබයි....

එකක්..දෙන්නම්.....අයියට..දොයි..මතයි..වස්..තුව...

හා..එකක්..දෙන්නකො...

නිර්වාන් නිදි මත පෙර පෙර මුමුනනකොට නිදිමත අහලකවත් නැති මමත් හිමීට මුමුනනකොට මගෙ නහය උඩට ඇබිත්තන් හාදුවක් තියාපු මගෙ නිරූට කලන්තෙ දැම්මා වගේ ආයම නින්ද ගියා....

උඹ හරි පව් මගෙ නිර්වාන්.....අහනකොට මම මොනවා හරි....උඹ කියන්නෙම...මොකුත් නෑ චූටි කියල...

ඒත්...සුදූ....උඹ දන්නවද...මිනිස්සු....මොනවත් නෑ කියලා...හරි අසරන විදිහට හිනා වෙන තැන් වල....හුගාක් දේවල් හැංගිලා තිබුනා....

උඹගෙන් මං ඇහුවම.....ඇයි සුදූ කල්පනා කරන්නෙ කියලා ...මගෙ හිතට බර දෙන්න අකමැති උඹ කිව්වෙ..මොකුත් නෑ චූටි.....ඉක්මනට සනීපවෙයන් කියලා ....

ඒත්...උඹගෙ ඇස් අස්සෙ හැංගිලා තිබුන වේදනාව...බය...තරහව...කලකිරීම ...මං මේ හැම දේම දැක්කා නිර්වාන්....

මං උඹගෙ ඵෝන් එක ගත්තා....උඹ ආපිට කවදාවත් නැතුව ඉදිරුවා.....හැබැයි මගෙ හිත රිදුන් නෑ..මොකද.....උඹ මගෙන් ඵෝන් එක ඉදිරුවෙ....උඹගෙ පැත්තට සාදාරන හේතු තිබුන නිසා මිසක්....මගෙ පපුව පලන්න තරන් උඹගෙ අතින් කිසිම වැරද්දක් නොතිබුන හන්දා...

මං දැක්කා...උඹ නොදන්නවා උනාට ...උඹගෙ අම්මගෙ හැම මැසේජ් එකම මං දැක්කා....

උඹගෙ අම්මා මන් ගැන දැනගන.....ඒකත් මං දැක්කා....

ඒකට හේතුව ටානියා කියන්න...ඒකත් මං දැක්කා...

ඒකි මාව උඹව පාවා දීලා කියන්න මං ඒකත් දැක්කා....

උඹට මෙක නවත්තපන් ගගා අමු තිත්ත කුණුහර්පෙන් බැනපුවා...මං ඒකත් දැක්කා.....

උඹගෙ අම්මා උඹලගෙ කසාදෙට දින නියම කරන්න හදනවා කියන්න...ඒකත් මං දැක්කා.....

උඹගෙ අම්මගෙ මැසේජ් අකුරක් ගානෙම මං දැක්කා....

බය වෙන්න එපා සුදූ...මැශින් වලින් දුවාපු මගෙ හදවත හොදින්...මගෙ ඇස්වලට කදුලු ඉනුවෙ නෑ කියන්න මට බෑ නිරූ.....කදුලු කැට හෝ ගාලා කඩන් වැටුනා.....ඒත්....උඹ අවසානෙදි දීලා තිබුන කෙටි උත්තරේ මගෙ ඇස් වලට බැමි බැන්දා...කදුලු කැට ආපිට ඒ වචන දෙකතුනත් එක්ක වේලිලා ගියා.....

"සයාශ් කියන්නෙ මගෙ ජිවිතේ...එතනින් එහා...කතා කරන්න එපා...මං තවදුරටත්...ඔයා වෙනුවෙන් නැහෙන්න ඕන කෙනෙකුත් නෙවෙ...මෙච්චර කල් මං ඔයා මාව රිජෙක්ට් කරන්න කරන්න මගෙ හිතින් හරි පස්ස පාරෙ ආවා...ඒත්...අම්මා පුතා බැදීම මගෙ හිතෙන් මැරිලා යන්න පටන් අරන්...වද වෙන්න එපා....මං තනි මිනිහෙක්...මට පුලුවන් මගෙ ජීවිතේ ගැන තීරනේ කරන්න...."

මට හුස්මක් පිට උනා...නිර්වාන් මාව නිර්වචනෙ කරලා තිබුනෙ මම එයාගෙ ජීවිතේ කියලා...එතනින් එහා මොකුත් නෑ....මං ගැන....මට එයා නැතුව හුස්ම වැටෙන්නෙ නෑ වත්....මට එයා නැතුව එක මොහොතක් ඉන්න බෑ වත් කියලා කිසි අඩෝවැඩියාවක් තිබුන් නෑ... හැබැයි...එතනින් එහා එයා කතා කරලා තිබුනෙ එයා ගැන....එයා කතා කරලා තිබුනෙ....එයා ස්වාධින මනුස්සයෙක් කියන එක....

මං අඩ අන්දකාරෙ මැදින් නිර්වාන්ගෙ මුන දිහාව බලාගන උන්නා....මට පව් කියලා හිතුනා.....යටි තොල ගාව රතුපාටට පුංචි තැල්මක් තිබුනා.....එයා කොච්චර උනත්...මූන පරිස්සම් කරගත්තා....

මගෙ..නිරූ.....උඹ හරි පව් අයියෙ...දන්නවද....දන්නම කියන මිනිස්සු ගෙන් රිජෙක්ට් උනහම....හරි වේදනාවයි නිරූ.....රිජෙක්ට් වෙන එක තමයි...හොදම මෝටිවේශන් එක කිව්වත්..සමහර රිජෙක්ට් වීම් වලට...ආයම නැගිටින්න බැරි තැනුත් තියනවා නිරූ....

ඒත්...උඹට එහෙම බෑ....මගෙ නිරූ උඹ නැගිටින්නම ඕනෙ.....තනියෙන් නැගිටින්න බැරි උනොත්...අනිවාර්යයෙන්ම මං උඹව උස්සලා හරි නැගිටවන්න එනවා මගෙ නිරූ ...මොකද....මේ චූටියා උඹට ඒ තරම් පුදුම විදිහට ආදරේ කරනවා.....

ලා කහපාට මලානික ලයිට් එලිය මැද අයියට දොයිය මතයි වස්තුව කියලා ආයම තදම නින්දකට වැටුන නිර්වාන්ගෙ කම්මුලට හාදුවක් තියාපු මන් බින් කුන්ඩෙක් වගේ ඒ අත් අස්සට රිංගලා ඇස් පියාගන්නවත් එක්කම නිර්වාන් මාව නින්දෙම්ම තුරුලු කරගත්තා .....

*

*

*

සුධා....මෙ ඇතිද පොල්.....

කෝ.....තව චුට්ටක් ගාපන් ලොකූ...උඹ හිරමනෙ උඩ ඉදගත්තු වෙලේ ඉදන් ඇතිද ඇතිද ගානවා...පේනවනෙ නංගි මුන්ගෙන් වැඩක් ගන්න තියන අමාරුව...

අනෙ අනෙ අපි ඔයාට වැඩ කරලා දීලම නෑනෙ...අනෙ නිකන් ඉන්න සුධා....

ගාපන් ඕක කියවන්නෙ නැතුව...මට මේ මස් ටික ඒදන්ඩ...චූටියා තාම නිදි 

ඔව් ....නිර්වානයා කියලමයි ගියෙ සුධා .....ඌට ඕනෙ විවේකෙ.....හ් කියලා ඈ....ඇරත් ඌ තහනම් කරාපු කෑම ලැයිස්තුවේ ම ලියලා දීලා ගියෙ ආ අපෙ දොන්තයට....

මං උන්නෙ තදම තද නින්දක...ඒත් නින්දෙන්ම එහා පැත්ත හැරුන මට ඒ තත්පරෙම්ම ඇහැරුනා.....

මං උන්නෙ ඇද උඩ.....ඊයෙ රෑ නිදා ගත්තු සාලෙ එලාපු පැදුර උඩත් නෙවෙ....

නිරූ...නිර්වාන්...මට ඇස් ඇරපු තත්පරෙම්ම මතක් උනේ නිර්වාන්ව...එයා නෑ එයා ගිහින් .....උදෙම්ම ප්‍රැක්ටිස් වෙන තැනට යනවා කියපු නිර්වාන් ගිහින්...හැබැයි...මාව ඇදෙන් තියලා...

අනේ මට නින්ද යන්න ඇති....

ආ අක්කෙ.....

ම්ම්ම්...

අනේ මන්දා...ලමයිගෙ අප්පච්චි කැමති උනාට විතරක් මදි නැද්ද අක්කෙ....මන්දා...අපේ පොඩි එකා කියපු කරපු විස්තර එක්ක අර ලමයගෙ හිත මට් රිදවන්නත් බෑ....කටපුරාවටම අම්මෙ කියනවා.....ආ..අප්පච්චි කියනව...උන්ව අපිට හොද උනාට.....ගමට ගියහම පොඩි නංගිලා මොනවා කියයිද මට බය.....

ඔලුවෙ ඉදන් පොරවගන උන්න මං කුසිය පැත්තෙන් ඇහුන අම්මගෙ කතාවට කන් දුන්නා.....

ඇත්තටම ..අපි හෙට ගමට යනවා.....අද හවසට නිර්වාන්ගෙ මැච් එක...මට එන්න එපාමයි කිව්වා...ඒත් මං නොයා කොහොමද...අපි යන්නෙත් අප්පච්චි නැතුව උනත් ගෙට යන්න....කියන්න නම් කරුනු කරනා ගොඩයි...

පොඩි නැන්දා...

අම්මා කියනවත් වගෙ කටවාචාල පොඩි නැන්දා මොනවා කියයිද.....මගෙ නිරූගෙ හිත රිදවන්න මොනවා හරි කියයිද .....????

අනේ කියපු දෙන් ඇයි සදුනියා පැනලා ගියෙ නැකැත් බලලනෙ.....

පොඩි නංගිගෙ කට කවදත් හොද නෑනෙ නංගි.....ඇරත්....මල්ලි මොකුත් කිව්වෙ නෑනම්..ආය මොනවද...දැන් ඔය අපේ එකා අර සර් කාරයෙක් එක්ක ඉන්නවයි කියලා ජයෙගෙ පැත්තෙන් මොකුත් කිව්වද...ඒක උන්ගෙ කැමැත්ත...කැමති අකමැති මිනිස්සු ඉන්න්නවා කියලා ..අපිට උන්ගෙ හිත් බලෙන් වෙනස් කරලා...ගෑනු අරගස්සවන්න බෑනෙ නංගි .....ඒකෙන් වෙන්නෙ....

ගෑනිත් පව්...අපිත් පව්..නේද සුධා...දැන්..අපේ චූටියට පුලුවන්ද ගෑනියෙක් එක්ක දීග යන්ඩ....ඌ ගියා නැතා....අනේ...මේ මට නම් බෑ සෙනූව අතෑරලා ගෑනියෙක් ගේන්ඩ

කටවහන් ඕක ගාපිය....ඔක්කෝම පොල් ටික රැල් ඇදලා....දීග යන්ඩ කතාව පොල්බෑව ගාන්ඩ බෑ.....

ඕහ්...ඔලුවටම අනින්ඩ එපා සුධා....ඇනලම ඔලුවෙ පැත්තක් ගෙවිලා....අනික දීග යන්නෙ පොල් ගාන්ඩද නෑනෙ....

ලොකූ.....කට වහන් ඕක ගාන්න...

ඉතින් අනෙ...

කිව්වා නේද දැන්.....

අම්මො..අනේ...ඔයත් දැන් හෙන නරකයි ආ....අපි දෙන්නගෙන් එකෙක් කට ඇරියම තමා මේ මුලු ගෙදරම උන්‍ට අහන් ඉන්න අමාරු...ඒකට අරුන් දෙන්නා කට ඇරියම බලන්න එපැයි...කරන වැඩ නවත්තලා හැව් පුතේ ..හැව් පුතේ ..යැයි යැයි ගාන්ඩ එන්නෙ.....යැයි තමයි.....හැම එකටම යැයි යැයි...

උඹලා ඉතින් කතා කරනඩ ගත්තම කතා කරනවද...කටවහන් ඕක ගාපන් නැත්තන් පලයන් මෙතනින්....වැඩක් නැත්තන් ගිහින් අර බල්ලව නාවපන්...ඌ අර පූසා එක්ක දඩවතෙ යන්ඩ පුරුදු වෙලා ගස් ගදේ බෑ...

බල්ලා අපේ නෙවේනෙ...ඌව චූටියටම නාවන්ඩ කියන්ඩ...උගෙනෙ බල්ලා.....ඌ දන්නෙ උගෙ ඇදුරු තුමා එක්ක මිසින් වෙන්ඩ....

ඇයි අම්මෙ...ලොකුවා....ඇත්තමයි ලොකු මං ආපිට රෙදි ටිකත් අරන් යනවා....

මං කන් දීගන උන්නා....කුසිය අස්සෙ යුද්දයයි .....එක අතකට ඌ හරි....මේ ගෙදර උන් අපිට කතා කරන්න දෙන්නෙම නෑ.....අර දෙක හුස්මක් ගත්තත් අනේ අපේ උන්ට හරි...මං හිතන්නෙ මුන් අපේ සුතර්මට ඉනාවක් වත් කවලදෝ මන්ද....

ම්හුක්....චින්තක...නොතරු පැංචන්ට දැන් අඩු සැලකිලි....ඔයාගෙ බාරියාවත් අපිව ඒතරන් දැන් කෙයා කරන්නෙ නෑ චිම්තක...

ආ අක්කෙ...

අන් නැගිටලා ඉදගත්තා.....ඇදේ ඉදන් ඕප දූප ඇහුවට මොකද...හරියටම ඇහෙන්නෙත් නෑ...අපෙ අම්මට නම් සුතර්මා එක්ක කියන්න දේවල් ගොඩයි.....

ලමයිගෙ අප්පච්චි නැතුව ගෙට යන එක.....ඒකට මගෙ හිතටත් හරි මදි වගේ...

ඒඋනත් දැන් ඕක වහලා දාලත් කීයක්ද නංගි.....ආපහු නොයන එකේ..මං නම් කියන්නෙ මල්ලි නැති උනාට කාරියක් නෑ කියලා...නංගි බය අපේ පොඩි නංගි කියවයි කියලා නම්..මං බලාගන්නම්කො ඒක....ඒකිලගෙන් කියලා අත්තිවාරමක් කපන දාකවත් උදව්වක් තිබුන නෑ...දැන් එනවද මේවල දිග පලල හොයන්ඩ...ඇරත්.....ලොකු කොල්ලා යන්ඩ කලියෙන් ගෙට යන එකටයි මං නම් කැමති...ජයෙත් කිව්වෙ ඒකමයි....

උඹලා දෙන්නා එහෙ නරදුක් විදලා ගෙවල් දොරවල් හැදුවෙ උන් දෙන්නටනෙ....ලොකු එකත් ගියහම....පොඩි එකත් අර කොල්ලා එක්ක ඒ ළමයා හදාපු ගෙදරට යයි.... 

නංගිත් ආපිට නොයන එකෙ...මං කියන්නෙ....මල්ලිට දැන් එන්ඩ කියන්ඩ කියලා.....දැන් ඉතින් උන්ගෙ අතපය හයිය කාලෙ...නංගි....උඹලටත් කියලා ජීවිතයක් එපැයි...නාකි වෙනකම්ම රට රාජ්‍ය වල නැහිලා...නැහිලා...හදාපු ගෙදරක වත් සැනසීමෙ වැටිලා ඉදිල්ලා.....

ලොකූ...ඇහුනද උඹට...උඹලා මොන දේස දීපන්කරේක ගියත්....අපේ අමනාපයක් නෑ...ඒත්...අපිට නොකෙරුවත් අම්මටයි අප්පච්චිටයි සකපල්ලා...

කුසියට යන්න ආව මම මග නැවතුනා....ලොකූ...උඹලා මොන දේස දීපන්කරේක ගියා උනත්...කියලා ලොකු නැන්දා කොයනකොට මං බිත්තියට හේත්තු උන...අම්මා ඇවිදින් තියෙන්නෙ වීසාඔක්කොම කැන්සල් කරන්මයි....මං සතුටු උනා....මං මැරෙන්න තරම් සතුටු උනා...ඇයි...අම්මා ආවෙ ආයම යන්න නෙවෙ.....අම්මා ආවෙ...ආපහු අපිව දාල යන්න නෙවෙ...

හැබැයි ...එක සතුටක් මගෙ අතට ගුලි කරාපු දෙවියොම....හෙමින් සැරේ මගෙ ආතට ඒ සතුට යට දුකකුත් ගුලිකරලා තියල.....

ඒ ලොකුයි..ශෙනිරුයි යනවා කියන එක...

තත්පර ගානක් නැවතිලා උන්න මං හරි ඉක්මනට මගෙ හිත හදා ගත්තා...මට අසනීප වෙන්න බෑ....අනිත් පැත්තෙන් මට ආත්මාර්තකාමි වෙන්න බෑ..... .....

සුතර්....මා.....

චූටි.....නැගිට්ටද....

ඔන්න පටන් ගත්තා නාකි කෝලම්..බැහැපන් අම්මගෙ කකුල් කඩන්ඩද යන්නෙ.....

නෑනෙ...අම්මෙ...කැඩෙන් නෑනෙ....ඔව්නෙ....චූචියා බරනෑනෙ.....

එහා මෙහා වෙවී උන්න මං කෙලිම්ම කුසියට ගිහින් අම්මගෙ කකුල් දෙක උඩ ඉදගන්නකොට මගෙ ලෙඩ හොද්ද කූරු ගගා උන්න ලොකු නැන්දා අතට හොදිටිකක් අරන් ලුනු බල බල මට අම්මගෙ කකුල් දෙකෙන් බහින්න කියනකොට මං බලාගන අරූ ගගා උන්න පොල් බෑව දත් වලින් හපාගන අත් දෙකෙම්ම ඵෝන් එකට කොටනවා.....අද උගෙ මිනිහා ඔෆිස් ගිහින් නෑ....මගෙ නිරූ එක්ක නිරූගෙ ක්ලබ් එකට ගිහින්...

චූටියා මේහ්...

නිරූ ..නේහ්...

මෙච්චර වෙලාම පොල් බෑව කටින් හපන් උන්න ලොකුවා අම්මගෙ ඇගට වැඩිය බර නොදී උකුලෙ ඉදන් උන්න මට උගෙ ඵෝන් එක පෙන්නුවා.....

නිර්වාන්...

ඒඋන්නෙ මගෙ නිර්වාන්....

මෙ ප්‍රැක්ටිස් වෙනවද ලොකූ...

නෑ....අද හවස මැච් එකනෙ.....උදේට ඒවා නෑ.....ඔය නිකන් ඉන්නෙ.....

එහෙනම් ඔය අත් ඔතන් ඉන්නෙ..කෝ...හරියට පෙන්නපන්කො ළමයො.....

යෝ....ඔය ඉන්නෙ අනේ....මූ නම් ඇමතියමයි නේ අම්මෙ....මේ බලන්ඩකො....මුගෙ නහය කට ....ඒම මූන.....

හ්ම්..අර අනිත් ලමයා.....ඒ ළමයා වෙනස් නේ...

ඌ උන්ගෙ අම්මා වගේ...මූ නම් ඇමතියගෙ කොපිය...කාබන් කොපියක්....තනිකරම සුරේනයා වගේමයි.....

ඇත්තද ලොකු ඒ ලමයගෙ අම්මව මැරුව කියන්නෙ ...

අනේ මන්දා අම්මා....නිර්වානයා ඒගැන කියන්නෙ නෑ...අපිට අහන්නත් බෑ....ඒත්....කටකතාව ලාවට ගියේ එහෙම....මැරුවා..නොමැරුවා....සල්ලි තියනවා නම් මොනවද අම්මා කරන්න බැරි.....

මට නිර්වාගෙ පින්තූරෙ දිහා වැඩි වෙලා බලන් ඉන්න බැරි උනා.... ලොකුවගෙ අතේ තිබුන ඵෝන් එක අම්මා අරගත්තා...දැන් ඉතින් අම්මා කරන්නෙ අපෙ මිනිහගෙ ඇහි බැමෙ ඉදම්ම ඕක ස්කෑන් කරනවා...මොනා කරන්නද බෑනට වැඩි සැලකිලි....

බබී...බත් ටිකක් බෙදනවද.....ගොඩක් එපා හැදි තුන හතරක් ඇති මගෙ බඩත් දාලා.

වෙලාව යන්තන් එක පහු උනා විතරයි මගෙ ඇස් දෙක තිබුනෙම පාරෙ....නිර්වාන් දැන් එයි....දැන් එයි කිය කිය මං බලාගන උන්නා.....මායි ලොකුවයි ඇරුනම ගෙදර අනිත් හැමෝම දවල් බතෙන් සප්පායම් වෙනකොට මායි ලොකුවයි දෙන්නා විතරක් බඩගින්නෙ වේලි වේලි බලාගන උන්නා..ඇරත් අද තියන තත්වෙ හොදටම දන්න මං නිර්වාන්ට කරදර නොකර ඉන්න මගෙම යටි හිතට පොරොන්දු දීගත්තා....හිත අවුල් වෙලා ගියොත්...හැම දේම ඉවරයි.....

ශෙනිරුවා ආවා....ඌ නම් එන ඒමටම ආවෙ බඩගිනි කියන් වෙනකොට ඒ චුට්ටකිම්ම මගෙ නිර්වානුත් ආවා....හැබැයි කෝල් එකක.....

තුනට..පටන් ගන්නෙ...

මන්දා....ඔයාගෙ කැමැත්තක් .....ඩැ....ඩා....

එයා කතා කරන්නෙ ඇමතියා එක්කද.....අනිවාර්යයෙන්ම ඔව් වෙන්න ඕනා...ඔය ඇමතියා නිර්වාන් වත් සංජනයා වත් සෙල්ලම් කරන එක මැච් එකක් මිස් කරන්නෙ නෑ....

චූටි....වස්තුව හොදින්ද.....

නිරූ...

තත්පරයක් දෙන්න ....

එයා තවමත් කෝල් එකෙ....ඒත් එහාපැත්තෙ ඉන්න ඇමතියට නෑහෙන්න මගෙන් හොදින්ද අහපු නිර්වාන් ඇබිත්තකට නැති හාදුවක් මගෙ කම්මුලෙන් තියලා මගෙන් එක විනාඩියක් ඉල්ලුවා....

මං දන්නෙ නෑ මට එයාට දැන් සිංහල තේරුම් කරලා....දීලා ඇතිවෙලා...පුලුවන් නම්..හවස ගෙදර එන්න...ඔයාට සංජනගෙ එක ගිහින් කතා කරන්න පුලුවන් උනා නම්...මගෙ එකට බැරි කමක් නෑනෙ....අනික....ඔයාව...මං ...මගෙ.....මට එකම දේ කියන්න බෑ....ප්ලීස්.....ඩැඩා....ඔයා මාව තෙහෙට්ටු කරනවා...ඇයි...එකම වචනෙ ඔයත් අහන්නෙ...හරි...මං මීට වඩා ආය එකපාරක් වත් කියන්නෙ නෑ..මං ඔයාව මගෙ තාත්තා විදිහට පිලි අරන් ඉවරයි...ප්ලීස්....ඇවිත් වැදගත් විදිහට.....අම්මා එක්ක කතා කරලා යන්න....

අනික...තව එකක්...අනේ මේ.....ගමකට බෙදන්න මෙහෙ තෑගි ගේන්න එපා...මේක හින්දි ෆිල්ම් එකක් නෙවෙ...මගෙ තාත්තා විදිහට එන්න...ඒ ඇති...

සේපාලිකා ගහයට තිබුන සිමෙන්ති බංකුවෙ ඉදන් උන්න නිර්වාන් කියන දේවල් එකක් නෑරම අහන් උන්න මගෙ බඩ එකපාරම රිදෙන්න ගත්තා ....ඇත්තටම බඩ රිදෙන්න නෙවෙ....යටි බඩ අස්සෙ සමනල්ලු පියාඹන්න වගෙ ආවා...

එයා කිව්වෙ.....ඇමතියට අපෙ ගෙදර එන්න කියලා ...ඒ කියන්නෙ .. නිකන් නෙවෙ.....

මගෙ මූනත් එක්ක රතු උනා....සංජනගෙ දේවල් කතා කරන්න ගියා වගෙ.....අම්මත් එක්ක කතා කරන්න එන්න කියලා...ඒකියන්නෙ අපේ මගුල ගැනනෙ මේ කියන්නෙ...

මං හොරා වගේ ගිහින් සිමෙන්ති බන්කුව උඩ ඉදගත්තා.....අතුගාපු නැති සේපාලිකා මල් විමානයයි.....නටුවෙන් ගිලිහිලා බිමට වැටුනත් ඒ මල් තවමත් සුවදගහනවා.....නටුවෙන් ගිලිහුනත්....උන් දවස් දෙකතුනක්ම මහපොලවෙ ඉදගනත් පනගහනවා.....

චූටි....

නිරූ....ම්හු....ක්..

ඇයි ඉතින් මේ...මගෙ හුරතලෙ....සෙරෙප්පුත් නෑ...උඩට ඇදුමකුත් නෑ...කවකටු පෙට්ටිය වගෙ....ම්ම්ම්....කෝ බලන්ඩ මූන.....කෑවද....බෙහෙත් බිව්වද....

නිරූ...කෑවෙ නෑනෙ චූචියා තාම....නිරූ එනකන් උන්නෙ....

මගෙ හොර චූචියා කෑවෙ නැද්ද...ම්ම්ම්..හොර චූචියා.....යන්න ගිහින් කන්න...නිරූ ආයම යන්න ඕනා...මගෙ ළමයා ගෙදර ඉන්න.....හවසට ඩැඩා එයි අම්මත් එක්ක කතා කරගන්න.....මට ගහෙන් ගෙඩි එන්නා වගේ උඹව එක පාරම මගෙ ගෙදරට අරන් යන්න බෑනෙ සයාශ්...ලබන මාසෙ දිහාවෙ සනාශ්ලා යයි...ඌ අද ඇප්ලිකේශන් දැම්මා....සමහර විට මාසයක් යයි...වැඩිම උනොත් දෙකක් යයි....ඉන් එහා නම් නෑ.....

ම්ම්ම්ම්ම්ම්....නිරූ.....මාත් එන්නම්...යන්න...හවසට...බලන්න....

.නෑ..ඔයා ගෙදර ඉන්න....සෙනග කට මට්ටන්.....සද්ද බද්ද එකාකාරෙට....සනීප උනා විතරයි

අනේ නිර්වාන් එක්ක යන්නකො

ලමයො...මුරන්ඩුකම් කරන්න එපා සයාශ්...ඔයාම දන්නවා මොන වගේද කියලා ඇතුල.....ඒක.නිකන් ගවගාතකාගාරයක් වගේ....උඹ නිකන් හරි එතනත් හුස්ම හිරකරන් ඇඩුවොත් මට මැරෙන්ඩ වෙන්නෙ....කෝ එන්න ඔයා කාලාත් නෑබෙහෙත් බීලත් නෑ.....ලබන මාසෙ ක්ලිනික්.....

මං මුන නරක් කරගත්තා....ඉදන් උන්න තැන ඉදන් නැගිටපු නිර්වාන් ඇදන් උන්න ටීශර්ට් එක ගලවලා උරහිසේ දාගන මගෙ අතින් අල්ලන් ගේ ඇතුලට යන්න ඇද්දා උනත් මගෙ තිබුන මුරන්ඩු කමට මං කෙරුවෙ නිර්වාන් මාව එක්ක් යන්න...මාව එක්ක යන්න කියන එක වෙන්කොට අවසානෙදි නිර්වාන්ට මගෙ වචනවලට නැවේන්න සිද්ද උනා...

උඹ මහ මුරන්ඩු කොල්ලෙක් සයාශ්....ඇත්තමයි....උඹ මහ මුරන්ඩු කොල්ලෙක්...

ම්හුක්...ආතරේටනෙ ඉතින්.....

*

*

*

.තත්පර විනාඩි උනා....විනාඩි පැය උනා...මං උන්නෙ නිර්වාන්ගෙ තොප්පියක් දාගන....තොප්පිය විතරක් නෙවෙ...මං ඇදන් ගියෙත් 85 ගහපු නිර්වාන්ගෙ ටීශර්ට් එක.......

මිනිස්සු එකාකාරෙට....ලයිට් එලි එකාකාරෙට....ස්පෝර්ට් මැගසින් වල රිපෝටර්ස්ලාගෙ කැමරා එලි එකා කාරෙට....

මං උන්නෙ දෙයියන්ට කිය කිය....දාල තිබුන ලොකු තිරේ පුරාවටම සැරින් සැරේටම රිංග් එකේ සෙල්ලම් කරන අයගෙ පින්තූර වැටෙනකොට නිර්වාන්ගෙ පින්තූරෙ වැටෙන වරයක් ගානෙම අනේ මං උඩ ඉන්න දෙවියන්ට කිව්වා....

අද උදව් ඉල්ලන්න සංජන නෑ....සංජනත් අද සෙල්ලම් කරනවා.....සංජනයි...නිර්වානුයි දෙන්නම දින්නොත්.....අවසානම දවසට ඒ බර පන්තියට වැටෙන්නෙ ඒ දෙන්නව....

සහෝදරයෝ දෙන්නව....

අනේ දෙයියනෙ...අයියයි මල්ලියි එකම රිංග් එකක් ඇතුලෙ....

චූටියා.....අර....අර....අපේ නිර්වානයා එන්නෙ.....පේ නිර්වානයා...උඹ කෑගහන්න එපා.....අපි කෑගහන්නම්....

චූටි අයියා.....අපේ නාට්ටි කාරයා....ශෙනිරුවා....ලොකුවා....

නිර්වාන්ගෙ අසූ පහේ අන්කෙ දානවත් එක්කම කෑ ගහන්න ගත්තා....උන් විතරක් නෙවෙ....මේ වටේ ඉන්න මිනිස්සුන්ගෙනුත් බාගෙට බාගයක් අද අසූ පහට කෑගහන්න ගත්තා.....

හැම දේම වෙනස් වෙලා....

මං බලගන සුරේන් ඇමතිතුමා වෙනදා වගේ හැංගීගන නැතුව අද සුදු සරමෙන් කැශුවල් බැහැලා එහා මෙහා යනවා....කෑ ගහනවා....දන්නෙ නෑ....නිර්වාන්ගෙන් පස්සෙ එන්න ඉන්නෙ සංජන.....

අනේ දෙයියනේ....එක්කො...නිර්වාන්ව පරදවන්න...

එක්කො...සංජනව පරදවන්න....

මං ආත්මාර්තකාමි ඇති...එදා කාත් කවුරුත් ඇදින්නෙ නැති නිර්වාන්ව අද මුලු හෝල් එකෙන් බාගෙට බාගයක්ම අදුනන්කොට අසූ පහ අංකෙ වෙනුවෙන් ලන්සු තියන උන් ඉහේ කෙස් ගානටත් වඩා වැඩි උනා....

නිර්වාන්...නිර්වාන්....නිර්වාන්....නිර්වාන්.....ගගා එදා අපි විතරක් කෑගැහුවට...අද නිර්වාන්ට කාර්ඩ් එකකතුත් තුබුනා.....mr.bp බ්ලැක් පැන්තර් කියන නම දීපු මිනිස්සුම අද ඒනමත් කෙටි කරන් mr.bp ට පොර කකා ලන්සු තියන තිය එයා රිංග් එකටත් එන්න කලින් කෑගහනකොට....

මං විතරක් නිර්වාන්ගෙ තොප්පියෙන් මගෙ ඇස් මුවාකරන්....නිර්වාව දිනවන්න එපා කිව්වා....එක්කො සංජනව දිනවන්න එපා කිව්ව....

මොකද...මට බෑ...මට හයියක් නෑ.....සහෝදරයො දෙන්නෙක් එකම රවුමක් ඇතුලෙ මරා ගන්නවා බලන්න....සහෝදර කම කෙසේවෙතත්.....නිර්වාන්ගෙ අම්මගෙ අතින් උන වැරදි වලට...සංජන මේ රිංග් එක ඇතුලෙම වාඩුව ගත්තොත්...සුරේන් ඇමතියා දැන් සංජනටත් නිර්වාන්ට සලකන විදිහටම සැලකුවත්....කාලෙකට කලින් ඌට සලකපු විදිහ මතක් වෙලා ඒ වාඩුවත් ඇල්ලුවොත් 

සංජනට ඕනෙ.....සුරේන් ඇමතියගෙ ඇස් ඉස්සරහම මගෙ නිර්වාන්ව වට්ටවන්න....

මේ රිංග් එක ඇතුලෙ දෙන්නෙක් නැ.....අනිකට මොක උනත්.....කමකුත් නෑ....අවදානෙ යන්නෙ දිනන කෙනාට විතරක් වෙනකොට දෙවනි බෙල් එකත් ගහනකොට කාටත් හොරාවට මං නිර්වාන්ව පරාද වෙන්න කිය කිය දෙයියන්ට පලි ගැහුවා....

මට සමාවෙයන් මගෙ නිරූ....

චුටියා...නිර්වාන් ආවා.....චූටියා....අපෙ නිරුවා ආවා.....

අර ඉන්නෙ...අර ඉන්නෙ...සෙනූ. ...නිරුවා....ආවා සෙනූ...සෙනූ ...අනෙ...මිනිහො බලපිය . ...අපෙ මස්සිනා....ආවා.....අර....

සනාශ් ..සනාශ්...සනාශ් වැටෙයි උඹව...ස....නා.....ශ්.....

මං නෙවෙ ඔලුවක් ඉස්සුවෙ...සනාස්ග් උගෙ පෙට්ටි කට ඉරෙනකම්ම කෑගැහුවා...ඉස්සරහම උන්න මට මගෙ නිර්වාන් දිහාව බලන්න ඕනා උනත් බලාගන්න හයියක්නෑ වගේ දැනුනා.....

නිර්වන්....නිර්වාන්.....පුතෙ...ඩැඩා.....මෙතන...ඩැඩා මෙතන නිර්වාන්...බය වෙන්ඩ එපා...නිර්වාන්

මම උන්නෙ මූන ඔබාගන...පුටුවෙ ඉදන් උන්න මන් නිර්වාන්ගෙ කලු පාට කැප් එකෙන් මගෙ මුන වහන් කර ගත්තා....මට නෑවිදින් ඉදින් කියලා මන්තරයක් වගේ ජප කෙරුවත් ගෙදර උන්නොතින් මගෙ පපුව එක තැන නතර වෙයි කියනබයට...දිනලා එන නිර්වාන්ට මගෙ මලකදට කරගහන්න වෙයි කියන බයටම මං මුරන්ඩු කම් කරලා ආවත් මොකද...මෙච්චර සෙනග කදක් ඉන්න තැන...නිර්වාන්ගෙ නම කියලා කෑගහන තැන....කලුයි සුදුයි ඉරි ඉරි ශර්ට් එක අදින මනුස්සයව ..යකඩ දැල...අත් වලටත් වඩා ලොකු ග්ල්වුස් දකිනකොට මට බලන්න බැරිව ගියා...මට බය හිතුනා

නිර්වාන් ඩැඩා මෙතන ඩැඩා මෙතන...සුරේන් අංකල්ගෙ...සුරේන් ඇමති තුමාගෙ...නිර්වාන්ගෙ ඇමති තාත්තගෙ කටෙ කෙල හිදිලද කොහෙද...එහෙන් සංජනගෙ ක්ලබ් එකේ උන් උන්ගෙ පැත්තෙ එකාට සපෝර්ට් කරන්න කෑ ගහනකොට මං ඇස් කොන්වලින් සංජනගෙ ක්ලබ් එකෙ උන් දිහා බැලුවා....

සංජනයා ඉන්නවා....නිකන් නෙවෙ....සුරේං අංකල් මේ පාර ඒ දෙන්නටම ගෙනත් දුන්න නිල්පාට ග්ලවුස් දෙක දාගන.....ඒකෙම රතු එක නිර්වාන්ට දුන්නෙ....දෙන්නටම එකම ජාතියෙ කලිසන්....එකම ජාතියෙ හෙල්මන්ට්...පාට විතරක් වෙනස් වෙන්න..... ගන්න පුලුවන් හොදම එක ගෙන්නලා දීලා තිබුනෙ.....

සංජන කෑගහනවා...හැබැයි...මගෙ නිර්වාන්‍ට නෙවෙ...උන්ගෙ ක්ලබ් එකේ එකාට...ඊලගට රිංග් එකට නගින්නෙ සංජන.....

සංජනගෙ අංකෙත්....8.5 හැබැයි වරහනක් අස්සෙ රෝම ඉලක්කම් එක තිබුනා....මං දන්නෙ නෑ ඔව්වල තේරුම්.....

සංජන ලොකුයි දෙයියනේ.....

සංජනගෙ අත් ගොබේ දැකපු මට හීල්ලුනා..නිර්වාන් හයිය උනත්....සංජන ගාව හිටගත්තම....සංජනව කැපිලා පෙනුනා....

උඹලට මේ රිංග් එක ඇතුලට ගියහම සහෝදර කම් අමතක වෙයි සංජන.....කමක් නෑ..උඹ ආස උනා...උඹගෙ තාත්තා ඉස්සරහා උඹ නිර්වාන්ට වඩා ඉස්සරහින් කියලා පෙන්නන්න.....

උඹලා දෙන්නම එකම තාත්තගෙ දරුවො උනත්...ළඟ ඉන්න එකාට වඩා....දුරින් ඉන්න එකාව ලගට ගන්න හදන එක....ළඟ ඉන්න එකාට වඩා දුර ඉන්න එකා ගැන හොයලා බලන එක ඕනම මනුස්සයෙක්ට සිද්ද වෙන දෙයක් උනත්....උඹලා..අපේ පොඩි වයසට ඒවා තේරුම් ගන්න කල් ගියා ....උඹ කොහොම කතා බහ කරලා

උන්නත් ...මට උඹගෙ බැල්ම අස්සෙ තියන අන්දකාර හැගීම් පේනවා සංජන.....

මට උඹගෙ හිනාව අස්සෙ තියන තරහව පේනවා.....

උඹ දිනපන්...මං අද ප්‍රාර්තනා කරන්නෙ...උඹගෙ දිනුම විතරයි සංජන.....මට මගෙ නිර්වාන් පැරදුනාට දුකක් නෑ...මම ඌව දිනලා ඉවරයි....මං මගෙ මනුස්සයගෙ ආදරේ උපයන් ඉවරයි...අම්මා අප්පච්චි මගෙ පවුල ඇරුනම.....මට ඉන්න වටිනම මනුස්සයා ඌ.....උඹව...මං අවිස්වාස කරනවා සංජන.....

උන්ගෙ ක්ලබ් එකේ කොල්ලට සපෝර්ට් කරන්න කෑගහන සංජන දිහා ඇස් කොන් වලින් බලන් උන්න මන් අවසානෙදි මගෙ හිත ගලක් කරගන මගෙ නිර්වාන් දිහා බැලුවා....

අනේ...එයා මා දිහා බලන් ඉදලා...මෙච්චර වෙලාම එයාගෙන් ඇස් හංග ගත්තු ...එයාව මග ඇරපු මං හරි අමාරුවෙන් නිර්වාන් දිහා බලනකොට එයා මම එයා දිහා බලනවා දැක්කා වොතරයි කවදාවත් නැතුව අත් දෙක උස්සලා මට හාර්ට් එකක් පෙන්නුවා....

මං උඹට ආදරෙයි මගෙ නිරූ. .අනේ...ඒත් සමාවෙයන්....අද උඹ පැරදියන්.....

මං හිනා උනා...එයාගෙ මූනට මං හිනා උනත් යටි හිත අස්සෙන් කරාපු ප්‍රාර්තනාව දන්නෙ මම විතරක් වෙනකොට අන්තීම සීනුවත් ගහනවා එක්කම මන් මගෙ ඔලුව බිමට පහත් කර ගත්තා....දැන් ඉතින් මට ගනුදෙනුව තියෙන්නෙ දේවමන්ඩලේ ඉන්න දේව සභාව එක්ක විතරක් වෙනකොට එක තත්පරේකට මං මුලු ලෝකෙම තියන ආගම් අදහන බැතිමතෙක් උනා.....දෙවියන්ට බුදුන්ට රටේම නැති දෙවි දේවතාවන්ට මං මට පිහිට වෙන්න කියලා ඉල්ලුවා.....

නිර්වාන්.....

Mr bp.....mrbp...mrbp...

මට එච්චරයි ඇහුනෙ...මගෙ දැහැන බිදුනා...අනේ මට දෙවියන්ට කියන්න බැරි උනා....

මං ඇස් උස්සලා.නිර්වාන් දිහා බැලුවා...

අනේ..නිරූ....ගහපන් නිරූ....

ගහපන්...

අතාරින්න එපා....නිර්වාන්...ගහපන්...ගහපන්කෝ....

මං කෑ.....ගැහුවා.....කෑ ගහන එක තහනම් කරල එක්ක ආවා උනත් මං කොහොම නම් බලන් ඉන්නද...නිර්වාන්ගෙ ප්‍රතිවාදියත් එසේ මෙසේ එකෙක් නෙවෙ වෙනකොට .....හින්දි ෆිල්ම් එකක් උනා නම්...ඒකෙ ඉන්න නලුවව සීයක් දෙනා වටකරගත්තා උනත් ඌට පුලුවන් සිය දෙනාටම තත්පරයක් ඇතුලත ගහන්න...ඒත්...මේක යතර්තයක්.....ඇත්ත ජීවිතේ වෙන සිදුවීමක්...

කතාවක උනා නම් බලන්න අමාරුම කොටස ස්කිප් කරන්නවත් තිබුනා...ඒත් කොහෙ කරන්නද...

අනේ...නිර්වාන් ගහපන්කෝ.....

මං දැලේ එල්ලුනා...

ගහපන්කො ගගා අත් දෙකෙම්ම යකඩ දැලට ගැහුවා...එයා ගහන්න අත දික්කරන වාරයක් ගානෙම පහල උන්න ඇමතියත් අත පය වැනුව...මේ ඔක්කොම මැද සංජනගෙ ඇස් හීනි වෙලා තිබුනා....හැබැයි.....දැන් සංජන හොර හොරාවට නිර්වාන් ප්‍රතිවාදියට ගහනකොට ලාවට ඔලුව හෙල්ලුවා....සමාහර වෙලාවට ගහපන් ගගා මිමිනුවා.....ඒත්.....ඒ දිනුමෙ අවසානෙ යහපත් නොවෙන හන්දා මට බයක් දැනුනා....

අනේ...නිරූ...

නිර්වානයා....ගහපිය....

වදින වාරයක්....ගුටිකන වාරයක් ගානෙම මිනිස්සුන්ගෙ කෑ කෝ සද්දෙ වෙනස් උනා...නිර්වාන්ට ලන්සු තියාපු එවුන් ගෙ කටහවල් එක වෙලාවට එක ස්වාභාවෙ ගන්නකොට පලවෙනි දෙවනි වට අහවර වෙනකොට මගෙ ඇස් ගෙඩි පුපුරු ගහන්න ආවා....

මං ඉදගත්තා....

අනේ...මට බලන් ඉන්න බෑ බන්.....

උඹ ගහනවා වගේ....උඹවත් ගිහින් වීසි වෙලා වලල්ලෙ හැප්පෙනකොට මට බලන්න බැ...

.පැරදියන් කිව්වත්...අනේ නිර්වාන් දිනනවට වඩා අමාරුයි බන් පරදින එක.....

නිර්වාන්.....මූන...මූන කවර් කරපන්...නිර්වාන්.....

මං මගෙ මුන වහගත්තා...

දාගන උන්න ප්ලාස්ටික් දත් ඇදි මාරු කරන එක.....මුන පොගවන් දාපු දාඩිය පිහන එක....අතපය වල වේදනා දෙන මසට තට්ටු කර කර කෝච් කියවන එක වගේම දාඩියෙන් නාගන උන්න නිර්වාන් හති ඇර ඇර උනත් අනේ ඒකියන දේවල් වලට ඔලුව වනනකොට මං බලාගන එයාගෙ මූනෙ නිල්පාට පාරක් තිබුනා.....

තුන් වෙනි වටේ බලන්න නම් මට හයියක් නෑ....පහල උන්න ඇමතියා සරම වෙනුවට ඇදන් උන්නෙ බොටමක් වෙනකොට ඒකගෙ අත් ගොබවල තරම හරියටම දැක්කෙ අදයි මම...

ඒ මිනිහා කෑගහනවා.....නිර්වාන් ගුටියක් කන වාරයක් ගානෙම ඒ මනුස්සයා කෑ ගහනවා....

ළඟ තියන මේසෙට ගහනවා....

නිරූ ගහපිය...නිරුවා.....

මගෙ පිටිපස්සෙන් උන්න ලොකුවා පුටු පෙරලන් වැටි වැටි කෑ ගැහුවා...මං මගෙ කන් දෙකම අත් දෙකෙම්ම වහගත්තා....වහගන මගෙ ඇසුත් වහගත්තා...මට අමාරුයි...මීට වඩානම් හයිය නෑ....

දෙයියනේ....

වැටුනා.....

නැගිටින එකක් නැද්ද...

නෑ වගේ.....

සෙනූ...අනේ....නිර්වාන්...නැගිටපන්...නිර්වාන්....

තත්පරයි...මුලු හෝල් එකම නිර්වාන්ගෙ නමකියන එක නැවැත්තුවා.....එකපාරම ඉහලට හූල්ලන සද්ද විතරක් ඇහෙනකොට මගෙ පිටිපස්සෙන් උන්න ලොකුවා ශෙනිරුවා එක්ක කියවගත්තා.....ඌ කෑගැහුවා...නැගිටපන් නිර්වාන් ගෑවා....

නිර්වාන්.....අනේ...ඇයි නිරූ....නිරූ....

මට බලන්නත් ඕනෙ....ඒත් බලාගන්න හයියකුත් නෑ.....

නිර්වාන්.....නැගිටපන්...

සංජනයගෙ ක්ලබ් එකේ උන් කෑගහනවා....

මගෙ පපුව ගැහෙනවා....අනේ.....පරාද වෙයන් කියලා ප්‍රාර්තනා කෙරුවට මොකද

මට බැරි උනාමගෙ එකා පරාද වෙනවා බලාගන ඉන්න.....

චූටියා.....චූටියා.....ඇස් ඇරලබලපන්....අනේ අරකට නැගිටින්න කියපන්....අනෙ චූටියා....නැගිටින්න කියකො...

මගෙ පිටිපස්සෙන් උන්න සනාශ් මාව හොලව හොලව බෙරිහන් දෙනවා....මගෙ ඇස් වලින් හෝ ගාලා කදුලු කැට වැටෙනකොට මං හිමින් සැරෙ ඔලුව උස්සලා බැලුවා.....ඇත්ත...නිර්වාන් ඉන්නවා.....නිකන් නෙවෙ..එයා උන්නෙ ඇකිලීගන....

අරයක්සයටත් හයිය තියනවා....ඌ පිස්සෙක් වගේ රිංග් එක වටේ දුවනවා....ඌ දැනටම දිනපු ගානට හැසිරෙනකොට ඇමතියා නිර්වාන්ට නැගිටින්න කියනවා....

මට බෑ....උඹව ඔහොම වැටෙන්න දෙන්න මට බෑ නිරූ...

මං නැගිට්ටා...නැගිටලා දැලේ එල්ලුනා...

සුදූ...නැගිටපන්.....මේ චූටියා බලන් ඉන්නවා....සුදූ

සෙනග අස්සෙ මගෙ කටහඩ යටගියා...සුදූ....නැගිටපන් ගගා මං දැලට ගගහා බෙරිහන් දෙනකොට මං බලාගන අර ඉරි ඇදුම ඇදපු මනුස්සයා මොන මොනවදො කිය කිය නිර්වාන් වටේම යනවා...

නිර්වාන්....නිර්.....වා.....න්න්

මං යකඩ දැලට මගෙ අත් දෙක වෙදනා දෙනකම්ම ගැහුවා...නිර්වාන් නැගිටපන් ගගා කෑගැහුවා....

නැගිට්ට...!!

නිර්වාන්...නැගිටපන්....උඹගෙ....චූටියා...බලන්...ඉන්නවා....අයියෙ...අනේ...නැගිටපන්.....රත්තරන්....නැගිටපන්....මං...

බලන්...ඉන්නවා..මට...මීට....වඩා....බෑ...අයියෙ...

මං මගෙ පපුවට අත තියාගන හරි අමාරුවෙන් කෑ ගගහා දැල හොලවනකොට මෙච්චර වෙලාම වැටීගන උන්න නිර්වන්..නැගිට්ටා...හරිම හිමින්....අනේ..එයාගෙ අතක් මොකක් හරි වෙලා....එයා අත ට අනිත් අතෙන් ගහගන්නවා....ඒ මූනෙ වේදනාව පිරිලා.....

අවසානම වටේ අවසානම තත්පර දෙක තුන.....මෙච්චර වෙලාම නිර්වාන් පරාද වෙයන් කියලා දෙවියන්ට කියාපු මමම අනෙ නිර්වාන්ව දිනවලා දෙන්න කිව්වා...අනිත් හැමෝම එයා දිහා බලන් ඉන්නකොට....මේ ලෝකෙ එයාට වැඩියෙම්ම ආදරෙ කරන මනුස්සයා උන මම අහක බලන් උන්නා....මිනිස්සු කෑගහනවා....උඩ පනිනවා....මේ හැම දෙයක්ම මට ඇහුනත් මම කෙරුවෙ එයාගෙ තොප්පියෙම්ම මූන වහගන එයාගෙන් ඇස් වහන් කරන් උන්න එක වෙනකොට ඒ චුට්ටකිම්ම නිර්වාන්..ගගා මගෙ එකා ගගා...උඹලා හැදුනෙ අපේ අත්වල යකෝ ගගා ලොකුවා කෑ ගහන්න ගන්නකොට මන් හරි අමාරුවෙන් ඇස් දෙක උස්සලා බැලුවා...

මට හුස්මක් පිට උනා.....

ඔව්....මගෙ ප්‍රාර්තනාව...යතාර්තයක් වෙලා....ස්පෝර්ට් මැගසින් කාරයන්ගෙ කැමරාවල සුදුපාට එලි එක පිට එක චට බට ගගා වැදෙනකොට සුරේන් ඇමති තුමා නිර්වාන්ව බදාගන්න දිව්වා.....ඒත්...මන් විතරක් ඔහේ ඉදගන උන්නා.....

නිර්වානයා...උඹලා හැදුනෙ....අපේ....අත්...භ්භ්....භ්භ්.....

කටවහපන් බබී....

අත්වල...කියලා....කියන්න...දීපියකෝ....අනේ...සෙනූ....හ්

මදිද කෑ ගැහුවා...මගෙ කන් බෙරෙ නෑ වගෙ...

නිරූ.....ඕකා අපේ කොල්ලා....අපෙ මස්..භ්භ්....භ්භ්...ආයෙත්....වැහු....භ්භ්....කියන්න...දී...භ්භ්.....කෝ...භ්භ්....

ඇති ඕක....නවත්තපන්....ඌ දිනලා ඉවරයි...

ඒත්...මට සතුටුයි හුත්තො.....අනේ.....සෙනූ....මට.....හරි....සතුටුයි...භ්භ්...අපි මේක නවත්තමු..අඩේ.....සතුට...භ්භ්.....

උබට පයිත්තියන්.....කටවහපිය පිස්සා....

මට කදුලු අස්සෙම්ම හිනා ගියා....අපේ එකාට මොනව වෙලාද කියන්න ඌ වත් දැනනුන්නෙ නැති උනා.....සතුට වැඩි කමට ඌ සම්බන්දෙ නවත්තන්න ගිහින් ඩිපූටියගෙන් ඩෑස් දෙක තුනකුත් කනකොට රින්ග් එක මැද මොනවද වෙන්නෙ වත් බලන්න මට උවමනාවක් නැතිව මම තොප්පියෙන් මගෙ මූන වහන් උන්නා.....

නිර්වාන්.....මේ...අපි මෙහෙ....නිරූ...

මේ උඹගෙ චූටියා.....ඌ මේ...මෙතන....

නිර්වාන්.....මේ මූ අඩනවා.....

සනාශ් ඇති සනාශ් අර මිනිස්සු ඔක්කොම බලන් ඉන්නෙ අපේ දිහා.....සනාශ්.....කට වහපන්කො...මෙතන්න් පස්සෙ මන් උඹව දන්නෙත් නෑ....ඕන තරම් කෑ ගහපන්.....

.නිරූ ...හූ...මෙහ්...මස්සිනා....අපේ එකා...මේ....මෙතන....අතවත්...වනන්...යමන්..ඩෝ...ලැජ්ජයිනෙ...හ්

මං තාමත් හිටපු තැන...ඉදගත්තු තැන...අපේ එකා පිස්සු කියව කියව කෑහනකොට ශෙනිරුවා ඌව දන්නෙ නෑ වගේ උන්නා.....

එනවා....අඩේ...එනවා....

චූටියා...අන්න...අන්න උඹගෙ නිරුවා එනවා...ආර බලපිය...අර....අඩේ...නිරුවා....

මගෙ කන් දෙකත් එක්ක රතු උනා...මට ලැජ්ජා හිතුනා...බය හිතුනා...මම දන්නවා..අනිවාර්යයෙන්ම ...නිර්වාන් මගෙ ගාවට ආවොත්.....අර ලොකු තිරෙන් ඔය ඔක්කොම වැටෙනවා....අනේ...එපා...නිර්වාන්....මගෙ බඩ බුරුල් වෙන්න එනවා.....මං හැන්ගෙන්න හැදුවා.....එහෙන් ලොකුවා කෑ ගහනවා...නිර්වාන් ටීවි එකේ කියනවා.....එ ඒන්නෙ අපි ගාවට කියනවා.....මගෙ හදවත ගැහෙනවා....මල මගුලයි...

..එනවා....අඩේ....එනවා.....යකො..

කොල්ලා දිනලා.....එනවා....කොල්ලා...දිනලා...අපි..ගාවට.....අඩේ...චූටියා...අර...උඹ....මම....සෙනූ....සෙනූ...කැම් එකට හායි...කියපන්....අර..අපි...ටීවි...එකෙ.....හායි...කියපන්.....සෙනූ ..චූටියා...

මගෙ ඔලුව පුපුරන්න ආවා....සනාශ් කියන්නෙ මලම කරච්චලයක් වෙනකොට නිර්වාන් එන්නෙ මගෙ ගාවට බව දන්න මන් හැංගෙන්න තැනක් නැතුව වැලි අස්සෙ ඔලුව ගහගන්න පැස්බරා වගේ මන් මගෙ ඔලුව පුලුවන් තරම් ඔබා ගත්තා.....

වස්තුව ....

අනේ මගෙ පපුව ගැහෙනවනෙ .....නිර්වාන් ආවා....නිර්වාන් මගෙ ගාව....

ඔලුව උස්සලා බලන්නෙ නැද්ද ...නිරූ දින්නා...

මං හිමීට මගෙ නිර්වාන්ගෙ මූන දිහා බැලුවා....හැබැයි...මගෙ ඇස් දෙක මං එක තත්පරෙන් වහගත්තා...මොකද.....ලොකූ කිව්වා වගේම නිල්පාට ලයිට් එකි හතර වටිම්ම අපින්දෙන්නව වහන් ඉන්නකොට අර ලොකූ තිරෙ පුරාවටම උන්නෙ නිර්වානුයි මමයි....

දෙයක්...දෙන්න තියනවා.....

මාව හොල්මන් උනා.....මගෙ ඇගම සීතල උනා....මෙච්චර වෙලාම එකම යුද පිටියක් වෙලා තිබුන මුලු හතර දිග්බාගෙම එකපාරම මීයට පිම්බා වගේ උනා.....

නිර්වාන් හිනා උනා...අර තැලුන පාරවල් මැදම හිනා උනා ..එයා කිව්වා දෙන්න දෙයක් තියනවා කියලා....

න්...න්..නිරූ ....

මාව හිට ගැස්සුනා ...නිර්වාන්....අනෙ..දෙයියනේ....නිර්වාන්...මේ මොනවද කරන්නෙ.... නිර්වාන් දැනගැහුවා .....

එදා..මට ..හරියට...අහන්න බැරි...උනා...චූටි.....සුදූව.....

මගෙ ඇස් වලින් කදුලු කැට හෝ ගාලා කඩාගන වැටෙන්න ගත්තා .....මෙච්චර වෙලාම අර මනුස්සයා එක්ක පොරබදාපු නිර්වාන් එදා හරියටම අහන්න බෑ කියනගමන් එයා දාගන උන්න ජැකට් එකෙ සාක්කුව අස්සෙන් පුංචි පෙට්ටියක් ගන්නකොට වටේම උන්න මිනිස්සු ඔව් කියන්න...කැමතී කියන්න කිය කිය කෑගහනකොට...තත්පර ගානකට මට හිතුනා මං ඉන්නෙ මේ කොරියන් කතාවක් අස්සෙද කියලා.....

ඔව් කියපන් චූටියා...අහන දේ...මොක....උනත් .....ඔව්...කියපන්...මට...ඇඩෙන්න....වගේ.....

අරකා එහෙන් කියවනවා.....හතර වටින්ම කැමරා එලි දහසක් වදිනකොට මගෙ ගාව දනඔබන් උන්න නිර්වාන් අරමුදුව මගෙ දිහාවට දික් කරන් බලගන ඉන්නකොට මං අනේ කදුලු මැදම මගෙ ඔලුව උඩපහල කෙරුවා විතරයි ....වටේ පිටේ ඉන්න උනුත් කෑ ගැහුවා..... ඒ එක්කම මගෙ නිර්වන් මාව වඩාගන වගේ තුරුලු කරගත්තා.....

මම....කැම..තියි.....මම....කැමතී ...

නි...රූ....!

......

More Chapters