Cherreads

Chapter 36 - 36

මයුරයා....වරෙන් මේක ගනින්...පව්.....අංකල් පොඩ්ඩක් ඉන්න අපේ එකා ඇවිත් ගනී....අංකල්ලා මේ ලගද...නැත්ත...ජනා අයියගෙ නෑයොද....???

මං සාක්කුවෙ තිබුන යතුරත් අරගන මගෙ බයික් එක ගාවට ගියා අරකා මල පැනලා උන්න අප්පච්චි ව තවත් අවුස්සන්න එක එක මගුල් අහනකොට බයික් එක ගාවට ගියපු මට ඇඹරිලා යන්න ඩෑස් එකක් වැදුනා....

ඌව්...අනේ....ගහන්නෙ...ඇයි

.ගහන්නෙ...ගහන්නෙ....මං තොට කී පාරක් කතා කෙරුවද...ගානකට වත් ගත්තද...ආ...ගානකටවත් ගත්තද කියපන්....

ආ...ආ...අංකල් මේ මොකදමේ...අනුන්ගෙ ලමයිට ගහන්නෙ....මුගෙ අප්පච්චි දැනගත්තොත් එහෙම එකම පුතාට පිට මිනිස්සු ඇවිත් සට පට සත්ත පඩි වෙන්න කෙලිනවා කියලා.....දෙසිය පනහෙ පෙති වලට කපලා බත් වලට ඔතයි ආ...

මේ...කල්පනයා මේ.....හිටපියව්කො....හිටපියව්කො.....මෙ මලගෙදර අහවර වෙනකන් තොපි තුන් හතර දෙනාවත් බෙල්ලෙන් අල්ලගන්න.....

අරමක්කටැයි ඒ....මක්ක කෙරුවටද....මේ බලපන්කො මයුරයා.....

අප්පච්චි ආ...දාගන්නව නම් දාගන්න....

අප්පච්චි නෙවෙ..අංකල් කියපන්....මාත් මෙයාව අදුන..ඒ..ඒ...හා..හා...අප්පච්චි තමයි.....ඇයි දැන් ඔයා අපිව අල්ල ගන්නෙ.....??

ඒක ඒ වෙලාවට බලාගන්නම්කො...දැන් යමල්ලකො...හීඹිජ්ජො වගේ ඉදගන තොපි කරන කුපාඩි වැඩවලට උල්පන්දන් දෙයි කියල හිතුවද....මයුර...ඕක අහවර වෙලා...කෙලිම්ම ගෙදර පලයන් ආ....

මම අහක බලාගත්තා....ඇහුන් නැ වගේ උන්නා..දැන් ඉතින් කල්පනයලටත් අද හොදි නැතුව කෑම හම්බෙනව බව දන්න කල්පනයා මා දිහා බල බල උරහිස් ඇකිලුවා....

ඇයි රොහාන් ඔයා අපිට එහෙ එන්න කියන්නෙ....

ඒක ආවම බලාගන්නම්කො.....ගෙදර ගිහින් කියන්න ඕන කාරනා මෙතන කියන්න ඕන නම් මං උඹලට ගෙදර එන්න කියන්නෙ නෑනෙ....නේ.....උඹලා...උඹලා ඔක්කොම එකයි...හිටපල්ලකො...හිටපල්ලකො....ගෙදර යනකන්....

යෝ.....රොහාන්.....දැන් ඉතින් කල්පනයට ඩික්ටේසන් වගේ ඈ...කියන එක කියන්න අනේ....ජනාගෙ මලගෙ අහවර වෙන්න කලින් මාව මෙතන මැරෙනවා...වට් කේස්....

කල්පන වරෙන් යන්න....එයාට බයික් එක දාගන්න ඕන කියලනෙ කිව්වෙ..දැන් ඉඩ හැදුවනෙ.....දාගන්නව නම් දාගනී උඹ වරෙන් යන්න....

මම කල්පනයව අතින් ඇද්දා...ජනත්ගෙ මලගෙදරට ආව උනත් අප්පච්චි ගෙ මූනෙ තිබුනෙ මගෙ මලගෙදරත් මේ එක්කම ගන්න ඕන කියන බැල්මක් වෙනකොට මං ඇවිලෙන ගින්නට පිදුරු හලන කල්පනයව අතින් ඇද්දා....

නෑ..නෑ.....උඹ පලයන්කො මයුර....මොකද උඹ ඔච්චර උරුම්පූට්ටු වෙන්නෙ මිනිය ගන්නකොට උඹ සල්ලි දීලා ඒක ගෙදර අරන් එන්නද??නෑනෙ....උඹ පලයන්කො

රොහාන් ඇති රොහාන්...දැන් ගෙදර ඉදන් එනකනුත් මග දිගට කියෙව්වනෙ..

කමනි මේ...මං තමුසෙවත් එක්ක ආවෙ කියලා දීලනෙ....මූ කියන කියන එක කරපුවාම හරි....

.මයුරයා උඹ යමන්කො....අයි කැන් හැන්ඩ්ල් දිස් සිටුවේශන්...ඕල් ඊස් වෙල්...ඕල් ඊස් වෙල්...උඹ පලයන්...පුපුරන්න ඔන්න මෙන්න තියන ඕනම බෝම්බයක් මට නිශ්ක්‍රිය කරන්න පුලුවන් ...ඒක නිසා උඹ පලයන්....

මං එන්න ආවා..අප්පච්චි දිහාවයි අම්මා දිහාවයි බලලා රවපු මං එන්න ආවා...ඒත් මම ආයම නැවතුනා...ඇයි මං යන්නෙ...මොකටද....පැනලා යන්නෙ මොන මගුලටද....

දැන් ඇයි ආය උඹ එන්නෙ.....

මං එන්නෙ ...මං...එන්නෙ..මගෙ යාලුවා මෙතන හින්දා...මට ඌව තනියෙන් දාලා යන්න බෑනෙ අප්පච්චි නේ....කියන්න තියන දෙයක් අහන්න තියන දෙයක් මං ඉන්නකොට අහන්න ....එතකොට ඔයහිතෙ තියන සැක සංකා ඔක්කොම දුරුවෙලා යයිනෙ....

මං ගිහින් ආයම බයික් එක උඩ ඉදගත්තා....ගෙදරදි මාව කාපු අප්පච්චි අනිත් පාර බෙල්ලෙන් අල්ලන් උන්නෙ කල්පනයගෙ වෙනකොට ඌ නම්.ඕන එකකට ඕන එකක් කියන්න ඒකගෙ අර පෙට්ටි කටේ කතුරු මුවහත් කරන ගමන් උන්නා...

කල්පනයා ...මං දැන් අහන්නෙ එකම ප්‍රශ්නයයි...හරි.....ඒකට බොරු බේගල් නොකියා....ඥන් පඥන් නොගා මට උත්තර දීපන්...හරි....හොදට මතක් තියාගනින් කල්පන...මං අහන්නෙ..එක පාරයි ආ....එකම් පාරයි අහන්නෙ...

හරි..හරි...රොහාන්...අහන්නන්කො...

අහන්නකො...අහන්න තියන දේ ඇහුවම..ඔයාගෙ හිතත් සුද්දයි.....අපෙ හිතුත් සුද්දය්නෙ.....උත්තර දෙන්න අමාරු නම්....ප්‍රශ්නෙ අතෑරියා ඊලග ප්‍රශ්නෙට ගියා...එකම ප්‍ර්‍රශ්නෙ උඩ එල්ලිලා උන්නොත්...උත්තර දන්න අනිත් ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි වෙනවනෙ....නේ.....අහමුකො බලන්ඩ.....

නෑ..නෑ...මං.උඹගෙන් ප්‍රශන දෙක තුන අහන්නෙ නෑ..එකයි...ඔක්කොටම් අහන්නෙ එකම ප්‍රශ්නයයි....උඹට පුලුවන් උත්තර දෙන්න...එච්චරයි .....

හා.....අහන්නකො...මොකක්ද.....

දැන් උඹත් මේ අපේ එකා කියන ඔය බහුබූතෙ දන්නවද.....උඹත් මුගෙ ඔය පටලැවිල්ල දන්නවද...දන්නෙ නෑ කියලා නම් කියන්ඩ එපා කල්පනයා...තොපි එකාට එකා නොදන්න දෙයක් නෑනෙ.....කියපන්....මුගෙයි අර ජයරත්නයගෙ පුතාගෙ පටලැවිල්ල උඹලත් දන්නවද.....

මම කල්පන දිහා බලාගන උන්න....ගෙදරදිත් මේ ප්‍රශ්නෙට මරාගත්ත අම්මා තවත් මේකට කෑ ගහලා ලේ පුච්චගන්න බැරි හන්දා අප්පච්චි ලා පුතාලට ඕන එකක් කරගන්න දීලා යන්න යනකොට අප්පච්චි මායි කල්පනයයි තනි උනා...

රොහාන්...ඔයාට ඕනෙ මගෙන් මොනවගේ උත්තරයක් පිට වෙනවටද...මං අහන්නෙ....ඔයා සතුටු මොන උත්තරේටද....එක්කො මම මුගෙ පැත්ත අරන්...ඔව් අංකල් මෙහෙම සීන් එකක් තියනවා....මෙහමයි ගාල වැඩෙ ලේසියෙන් ගොඩ දාලා ඔයාගෙන් බැනුම් අහනවටද....නැත්තන්..මාත් ඔයා එක්ක එකතු වෙලා..මූට බනිනවටද.....නැත්තන්...ඔය දෙකම මම කරනවටද.....???මොකක්ද ඕනේ...??

මෙහෙමයි රොහාන්....උදාරයලාගෙ....රවිදුවගෙ...අපේ අප්පච්චි ට වඩා...අපි ඔක්කොම ඔයාට ලගයි කියන්න නොදන්නවා නෙව්නේ.....නේ...එකක්....අපිගාව තියෙන්නෙ අංකල් බොන්ඩ් එකට වඩා...බොක්කෙ ෆිට් එකක් වගේනෙ.....බොරු කියන්න ඕන නෑ..කමනි නොදන්නවා උනාට...ඔයා අපි එක්ක එකට සිගරට් එක ගහපු දවස් තිබ්බනෙ...නේ....

මට ඒවා අදාල නෑ කල්පනයා...උඹ සිගරට් එක ගැන නම් කතා කරන්නෙ....මමම තමයි උඹලට බොන්ඩ දුන්නෙ.....වෙන මොකටවත් නෙවෙ...උඹලට ඕකෙ රස...ඕකෙ ආතල් එක මොකක්ද කියලා හොයාගන්න කන් ඉවසිල්ලක් තිබුන් නෑනෙ...උඹල ඒක බිව්වම මොනවගේද කියන්න දන්නෙ නෑනෙ.....හොරෙන් බීලා ඇබ්නැහි වෙනවට වඩා..මට ඕන උනේ.....එක පාරක් පොවලා..උඹලට මේකයි ඕකෙ ආතල් එක...කියන තරම් ඒ හැටි මගුලක් නෑ.කියලා එලි පිටම පොවලා ඇබ්බැහිය වෙන්න ගිය එකක් මුලින්ම නවත්තල දාපු එක....හරි...දැන් ඒක වැඩක් නෑ...මට කියපන්...මම අහපුවට උත්තරේ.....

හරි...හරි....මං.උත්තරෙ දෙන්නම්...හැබැයි මූත් ඔයාට මොකක් හරි උත්තරයක් දෙන්න ඇතිනෙ....මං.මෙච්චරයි කියන්නෙ...මුගෙ පලහිලව්ව අහපු මුල්ම දවසෙ.....අපි තුන් දෙනා එක පැත්තක් ගත්තා...මූ තනි උනා රොහාන්...හැබැයි...යාලුකම කියන්නෙ මනුස්සකමටත් එක්ක...හරි...අපි මූව දවසකට හරි තනි කෙරුවෙ මුගෙ කතාව නාහ.....හැබැයි...අපි මුගෙ කතාව දැන් දන්නවා...ඇයි මූ එහෙම පලහිලව්වක් පටන් ගන්න හේතුවත් දනන්වා....

ඔය අනිත් ආදර කතාවගෙ....කොටින්ම මම අර කරගහන් උන්නෙ හූනියමක්..ආන් ඒ වගෙ...මං ඔයාට කැමති උනෙ ඔයාගෙ මේ ගති ගුනේ තිබ්න හන්ද...ඔයාගෙ මුන ලස්සනයි..කට ලස්සනයි..පුක ලස්සනයි කියන සම්මත කරුනු කාරනා එක්ක නම් නෙවෙ රොහාන්..මේක වෙනම කතාවක්....මූට නිම්න එක්ක උන්න කියලා හම්බෙන කිසිම බිජ්ජක් නෑ...හම්බෙන එකම දේ.....දුකයි වේදනාවයි විතරයි....

අඩුම ගානෙ..අංකල් දන්නවද.....වෙන උන්ගෙ වගේ ආදර කතාවල අවසානෙදි උන් එකතු වෙනවා උනත්...මූට එහෙමත් නෑ...මූට එහෙම හීන දකින්න පිනකුත් නෑ...මුගෙ ආදරේ තියෙන්නෙ සීයට පහයි නම්...ඉතුරු සීයට අනූ පහම මූට තියෙන්නෙ විදවන්න....එකක්...මුගෙ ආදරේ දැනටමත් මේ ලෝකෙ මොන මුල්ලකවත් නෑ.....අඩුම ගානෙ කෑලි කරලා වලලපු තැනවත් අපිවත් මූවත් දන්නෙ නෑ....

දෙවනි එක.....මේ හැම දේම අවසානෙ....මූට ඒ හෙවනැල්ල වත් ආය දකින්න හම්බෙන්නෙ නෑ....

තුන්වෙනි එක....මූ ඔය ආදරෙ කරන්නෙ.....මූට කවදාවත් හිමිවීමක් නෑ කියන කාරනාවයි....මූට සතුට කවදාවත් උරුම නෑ කියන කාරනාවයි...දෙකම දැන දැනම....

රොහාන්.....ඔයාට මූ සීන් එක කිව්වම....ඊයා කියලා හිතුනද....හරි...අවුලක් නෑ...අපිටත් මූ ඕක කියනකොට ඕකම හිතුනා....ඒ විතරක් නෙවෙ....මට නම් මූව මැවිලත් පෙනුනා...කැත හිතුනා....ඇයි මූ මෙහෙම කියලා හිතුනා...හැබැයි....ඒක වැරදි ....ඒක අප්පට සිරිවෙනම වැරදි රොහාන්....ඒක තියෙන්නෙ අපේ ඇස්වලයි...අපෙ හිත්වලයි...ඔලුවෙයි අවුලක්...

මූ ඇවිත් ඔයලාට අපිට කිව්වා නම්....අප්පච්චි මං අහවලී එක්ක යාලුයි කියලා ...ආ....වැඩේ හරි...අපිට කිව්වා නම්...කල්පනයා...මං අරකි එක්ක සෙට්...හරි ..අපිත් ඕකෙ...හැබැයි...අපිට එතකොට ඊයා හිතෙන්නෙ නෑ....අපි මූවකොන් කරන්නෙත් නෑ...අඩුම ගානෙ අපි මුන්ගෙ ලින්ගික ජීවිතේ කොයි වගේද කියලා ඉමේජ් කරලා බලන්නෙත් නෑ.....මොකද අපි ඒක සාමාන්‍යයි කියලා හිතනවා...අන්න එතනයි රොහාන් වැරද්ද...

පිලිකුල් කරනවා නම්....ඔක්කොමව..මොකද...මොන මගුල කරත්...අවසානෙදි කරන්නෙ..ඇගට නගින එකමනෙ...ඕක නෙවෙනෙ ජීවිතේ කියන්නෙ...ලයිෆ් එක මේන්ටේන් කරන්නෙ සෙක්ස් ෆීලින්ග්ස් උඩ විතරක්ම නෙවෙ....මින්ස්සුන්ගෙ ජීවිතේ තියෙන්නෙ සෙක්ස් ලිංගික ජීවිතේ උඩයි කියන කාරනාව මත නම්...මටත් කියන්න වෙන්නෙ මූවගෙම .....ඕන තරම් ඔය ඉන්නෙ පැයට දාහට පන්සියට.....අඩුවට ගන්න ඕන නම් කොටුවට ගියා පන්සියක් දුන්න ගැහුවා ආවා.....සේෆ්ටිය ගැන බලනව නම්.....vip එකකට ගියා....ගැහුවා ආවා.....නෑවා...පුරුදු විදිහටම ඉතුරු වැඩ කරන් ගියා....

හැබැයි.....රොහාන්...මිනිස්සුන්ට ආදරෙයි සැනසීමයි දෙකම ඕනා.....ඔය දෙකට පස්සෙ තමයි...අර කියන එක එන්නෙ...හැබැයි ඔය දෙක නැතුව අරක මුලට එනවා කියන්නෙ..එතන බැදීම් නෑ...

.

මං මෙච්චර කියලත්...රොහාන්ගෙ හිතට තවමත් "කොල්ලො..කොල්ලො "මොනව කරන්නද කියන කාරනාව වද දෙනවා නම්.....ඒක ඔයාගෙ අවුලක්.....හැබැයි.....ඒ අවුල මුලු ලෝකෙටම බෝ කෙරුවොත්...ඒක ඔයා අරන වැරද්දක්...හරියටම ජයවර්ධනයා මේ දැන් ජනාගෙ අප්පච්චිට බෝ කෙරුව වගෙ.....

මිනිස්සු ජීවත් වෙන්න ඕනා....ඒක මිනිස්සුන්ගෙ අයිතිය...උන්ගෙ අනන්‍යතාවෙ මේකයි කියලා කියන්න ඌට කොන්ද පන තියනවා නම්.....ඌව බාර ගන්න අපිටත් පන තියෙන්න ඕනෙ....නැතුව කවුන්සිලින් ගිහින් මුගෙ ඔලුව හෝදලා ඕක ලෙඩක් කියලා මූට බෙහෙත් පොවලා පිස්සෙක් කරන එක නෙවෙ වැඩේ...

ඌ වෙනස් උනොත්...ඒක උගෙ හිත...රොහාන්.....ගස්වලට හිතුනොතින් මල් පිපෙනවා..ගෙඩි හැදෙනවා.....හැබැයි...අපිට බෑනෙ බලෙන් මල් පුප්පන්න...නේ...

අනික තව දෙයක්...

මූ කරන්නෙ ආදරෙ කරන එකම විතරක් නෙවෙ රොහාන්....කවදාවත් සතුටක් නොවිදපු...සාධාරනයක් නැති උන මනුස්ස පරාන ටිකකට සාදාරනයක් කරන එක....

අමනුස්ස පරානයක් උනත්...මනුස්ස පරානෙකින් උදව්වක් ඉල්ලනවා කියන්නෙ.....අමනුස්සයො පවා දන්නවා..කට හොද නැති උනත්....මුගෙ පපුව හොදයි කියලා ...අන්න එකම සතුටු වෙන්න කාරනාවක්...මොනව උනත් ඔයාල හදලා තියෙන්නෙ මනුස්ස කම දන්න කොල්ලෙක් කියලා.....

මට මීට වඩා කියන්න දෙයක් දන්නෙ නෑ...හැබයි ඔයාගෙ ප්‍රශ්නෙට උත්තරේ....අපි මුගෙ සම්බන්දෙ දන්නවා...ඒ වගේම...අපි මූට උදව් කරනවා...මූට විතරක් නෙවෙ...තව නිම්නල දාහක් ආවත්.....ජනත්ලා.දාහක් හම්බුනත්....අපි කරන්නෙ උදව් කරන එක.....

නිස්කාරනේ මූව රිදවන්න එපා රොහාන්....මූ පව්...මූට තියන එකම සැනසීම...ටික කාලෙකට හරි...නිම්න ළඟින් ඉන්න එක විතරයි.....ඒ අත්මවලට සැනසීමක් දෙන එක මුගෙ වගේම...අපෙත් වගකීම....එහෙම නොවුනොත්.....තව ගෙවල් කීයක බාල්ක වල කී දෙනෙක් එල්ලෙයිද.....සමහර විට....ඕක ඔයාගෙ මහ බාල්කෙත් එල්ලෙන්න බැරි නෑ....

කලපනයා!!

.දුක හිතුනද....නැත්තන්...බය හිතුනද....එහෙනම් සතුටු වෙන්න....ඔයා ජයව‍ර්ධනයගෙ ගොඩට වැටිලා නෑ කියන එක ඔප්පු කෙරුවට...මූ පව්...මූ ගැන අපිට පට්ටා වේදනාවයි රොහාන්....මිනිස්සු ඉපදුන පලියට කසාද බදින්නම ඕනා කියලා ලියලා නෑ...හැබැයි....ආදරේ කරන්න කියලා හැමතැනම ලියලා තියනවා....රොහාන්...එක පැත්තකින් බැලුවම...කසාදෙ කියන්නෙ..සමහරුන්ට...දුන්න පොරොන්දු ඒ විදිහටම රැකීමක් කියන්න පුලුවන් ...ඒත්.....රවිදුවා.....මයුරයා කියන්න....උන්ගෙ අවසානෙ..කසාදෙකින් නෙවෙ....ඉටිපන්දම් බන්ඩල් එකක් අවුලන්...දැන් ඉතින් සමාදානෙන් සැතපියන් කියන තැනින් අහවරයි.....

මගෙ ඇස් වල කදුලු පිරිලා තිබුනා...කල්පනයා කතා කරයි කියලා හිතුවට.....මං හිතුවෙ නෑ ඌ මේ තරම් දුරට කතා කරයි කියලා ....මෝඩ කතා...කුනුහර්ප.....විකට කතා විතරක් කියන උගෙන් මම මෙච්චර දෙයක් බලාපොරොත්තු උනේම නෑ....

මට ඔලුව උස්සන්නවත් හයිය තිබුන් නෑ..මොකද ...උගෙ කතාව ඇතුලෙ හැම තැනම ඌ කතා කෙරුවෙ මගෙ ආදරෙට වඩා මගෙ විරහව...ඌ කතා කෙරුවෙ මගෙ සතුටට වඩා...වේදනාව.....හිමිවීම ගැන නෙවෙ...අහිමිවීම.....

මං යටි තොල් හපාගන.....බිම බලාගන උන්නා.....මං හිතන්නෙ...අප්පච්චිට කතා කරන්න වචන නැතිව ඇති....

රොහාන්...අහලා තියනවද....හනහකි කියන ෆික්ශනල් ලෙඩක් තියනවා...දෙවියන්ටයි...දෛවයටයි දෙකටම ස්තූතියි කියන්න...එහෙම ලෙඩක් ෆික්ශනල් වලට විතරක් සීමා කරපු එකට.....එහෙම ලෙඩක් ඇත්ත උනා නම්...මේ ලෝකෙන් මුලින්ම මැරෙන්නෙ මූ.....මොකද.....අහිමිවිමයි....ආදරෙයි අසීමාන්තික වෙන තැන මූට කවදාවත් ජීවත් වෙන්න බැරි වෙනවා...

ඔයාට පුලුවන් තීරනයක් ගන්න.....ඒක ඔයා අතෙ...හැබයි...මූ මෙක නවත්තනේ නෑ...අපි මූට නවත්තන්න දෙන්නෙත් නෑ....අවසානෙ මොකක්ද කියන්න අපි හැමෝම දැන් දන්නවා...ඔයාට පුලුවන් කැමති නම් දිගටම මුගෙ අප්පච්චි විදිහට ජීවත් වෙන්න.....

හැබැයි...මතක තියාගන්න....එකම මනුස්සයෙක් හරි ඉන්නව නම් මේ ලෝකෙ වෙනස් කරන්න.....ජයවර්ධන ලා කියන සමූල ඝාතකයො තව දුරටත් මේ ලෝකෙ කොහෙවත් නැති වෙන්න ගියා.....තව දුරටත් ජනත්ලා නිම්නලට ජීවිතෙන් වන්දි ගෙවන්නෙ නැති වෙන්න තිබුනා.....

ඔයාට පුලුවන් ...ආදරේද....නැත්තන්....මරනෙද...තීරනේ ඔයා අතේ.....මරනෙ තෝරගන්න නම්.....මේ තත්පරෙ වෙනකන් මූව පිලිගන්න බැරි නම්...පෙට්ටිය කරගහන්න නාවට කමක් නෑ රොහාන්...වරෙන් මයුරයා යන්න....කටත් රිදෙනවා.....සෙනේ ලව්වා කෝඩියල් එකක් වත් හදා ගන්න ඕනා....ගෑනු අත්වලින් ගේන වතුර උගුරක් හරි බිව්වොත් මාවත් ජනාගෙ පෙට්ටියට දාලා වහනව කිව්වා...මෙ ඔක්කොටම හේතුව බුංජියා...

යෝහ්...සෙනේ....බබාගෙ...කට කැක්කුමක් අල්ලන් එන්නෙ.....කලපන බබාගෙ ඔලුව කැක්කුමක් අල්ලන් එන්නෙ....සෙනේ...

මං එන්න ආවා....අප්පච්චි තවමත් බයික් එකට හේත්තු වෙලා...මෙච්චර වෙලාම කියවපු කල්පනයට අවසානෙදි චූචි බුංජියා වැහිලා උදාරයව හොයන් යනකොට චූටි මල් බොකේ එකක් අරන් ඇවිදින් උන්න අම්මා ජනත් අයියගෙ කකුල් ගාවින් තියලා සෑහෙන වෙලා ඒ දිහා බලන් ඉදල ඉදලා අවසානෙදි අවසානම ගෞරවේ දීලා උදාරලාගෙ අම්මලා ඉන්න දිහාවට ගියා.....

රවිදුවා....

මං ගිහින් රවිදු ගාවින් හිටගත්තා ....ඒ ඇස් ආයම ඉදිමිලා.....එයා ගාවම ජනත්...මිනිස්සු එනවා යනවා....එනවා යනවා....අඩන එකෙක් වත්....දාලා යන්න එපා කියන කෙනෙක්වත් මේ කිසිම කෙනෙක් නෑ...ජනත් අයියගෙ ඔෆිස් එකෙ අය ඇවිදින් උන්නා....මම හිතන්නෙ HR එකෙන් කුඩම්මගෙ අතට ලියුම් කවරයක් මිටමොලවලා ගියා...

අනූ...

මං උන්නෙ ජනත්ගෙ වම් පැත්තෙ....දකුනු පැත්තෙ රවිදුයි ජනතුයි දෙන්නම....ජනත් එයා දිහා බලාගන ඉන්නවා....සමහර වෙලාවට මූනට වහන මැහි මදුරුවෙක් එලවනවා....රවිදුව හිටන් උන්නට මොකද ඌ ජනත්ගෙ ප්‍රානය නිරුධ්ද මලකදත්.....ජනත්ගෙ ආත්මෙත් අතර හිරවෙලා.....කොතනකවත් සැනසීම ක් නෑ...

කල්පනයා කිව්වත් වගෙ....හනහකි කියන්නෙ ෆික්ශනල් ලෙඩක් විතරක්ම උන එක වාසනාවක් ...යතාර්තෙදි හනහකි තිබුනා නම්...මුලින්ම පන යන්නෙ මගෙයි රවිදුවගෙයි....

මම මගෙ ලගට ඇවිදින් හිටගත්තු නිම්න දිහා බැලුවා.....මං දන්නෙ නා...මෙතන ඉන්නෙ දැන් මොන නිම්නද කියලා ..මොන නිම්න උනත්.....ඒ මූන මැලවිලා තිබුනා....

....අනූ දැක්කද.....ජනත් යන්නත් කලින්ම...එයාගෙ හැම දේම වෙන එකෙක් අයිති කරගන්නවා....

මිනි ඇදුනෙ සාක්කු නෑ ....ඒක ඇත්‍ත....එයාට අරන් යන්න පුලුවන් කිසිම දෙයක් නෑ.....ඒත්...ජීවත් උන කාලෙ ඉතිරි කරාපු මතක වෙනුවෙන් වත් මේ මිනිස්සු දුක් වෙන්නෙ නෑ.....උන්ට අදත් සාමාන්‍ය දවසක් ගානයි....

මිනිස්සු ආදරෙයි...ආදරෙයි කිව්වට...ආදරේ ඔප්පු කරන්නෙ සීයට කීයද මයුර...අවුරුදු විසි හතක් වෙනකන් ජනත්ගෙ තාත්තා ජනත්ට අප්පච්චි උනා....ඒත්...තමන් කව්ද කියලා කියපු දා....අප්පච්චි පට්ටම ගලවලා අලුගෝසුවට ඇන්දා...හරියටම ....මගෙ අප්පච්චි වගේම....

ජීවත් වෙන්න නිදහසක් නැති රටක් ලෝකයක් සමාජයක් කියන්නෙ....ඒක ඇත්තටම දුක් වෙන්න ඕන කාරනාවක් මගෙ මයුර....ආදරේට බැමි....පාට....මිනිස්සු නෙවෙයි එකතු කරන්න ඕනෙ...ආදරෙ තමයි මිනිස්සුන්ව පාට කරවන්න ඕනෙ.....ආදරේ කියන්නෙ මිනිස්සු සැනසීම හොයන තැනක්...මිනිස්සු නිවීමක් හොයන්නෙ ඔය ආදරේ ඇතුලෙන් මයුර....

මම හෙව්වෙත් එකම දේ.....මට නොලැබුන සැනසීම....නිවීම...මම හෙව්වෙ ආදරේ ඇතුලෙන්...මොකද.....ආදරෙකට පුලුවන් ...යුද්ධයක් කරන්න.....ආදර යුද්ද.....හිත් හිත් එක්ක ගනු දෙනු.....ඒවා ප්‍රිය සමාගම් මිසක්....වෛරයක් ගෑවුන තැන් නෙවෙ මගෙ මයුර...ඒත්....

වේදනාවයි...අවාසනාවයි කොයි තරම්ද කියනවා නම්.....අප්පච්චි ...මගෙ හිත මේ වගෙ කියපු දා ඉදන්.....වදාපු මිනිස්සුම බෙදන්න ගත්තෙ වෙනස් හැන්දකින්...උන් හිතන්නෙ...පිරිමියෙක් පිරිමියෙට ආදරෙ කරන එකෙන් වෙන්නෙ කකුල් මැද වෙනස් වෙනවා කියලා ....පිරිමි ලිංගෙ ඇකිලිලා...ගෑණු ලිංගයක් එනවා කියලා ...ලින්ගික්ත්වෙ අදාල වෙන්නෙ....සෘංගාරෙටයි...ප්‍රජනනේටයි විතරයි...ආදරේට ඕක බලපාන්නෙ නෑ..මොකද....මගෙ මයුර කවදාවත් අහලා තියනවද...ආදර හැගීම් පහල වෙන්නෙ උකුල් ඇටෙන් පහලට කියලා ...???

එහෙම උනා නම්...අද මේ මුලු ලෝකෙම ආදරෙ සන්කේතෙ රතුපාට ගාපු හදවත නෙවෙ මයුර.....

පිරිමින්ගෙ අංගජාතකෙයි...ගෑනුන්ගෙ ගෑණු ඇගයි...එහෙනම්.....ඒකෙ පාට කලු වෙන්න තිබුනා.....රටකින් රටකට පාට මාරු වෙන්න තිබුනා...හැඩේ ප්‍රමානෙ මාරු වෙන්න තිබුනා....

ඒත් ඒක එහෙම නෑ....ආදරේ සංඛේතෙ හදවත...මොකද.....හැගීම් පන ගහන්නෙ ඔතන....

මං ජනත් දිහා බලාගන උන්නා...පාංශුකුලේට හාමුදුරුවො වැඩලා.....මෙච්චර වෙලාම ගෙයි තිබුන මිනි පෙට්ටිය අවසානෙදි ඉස්තෝප්පුවට අරගත්තා....

උදාර කල්පන එක ළඟ...මම මගෙ නිම්න එක ළඟ....ජනත් වගේම රවිදු එක ළඟ....අපි හතර පස් දෙනාම උන්නෙ එක පැදුරේ.....හාමුදුරුවො ජනත් අයියගෙ ගුන කියනවා...ඒත්....කාට කියල නම් වැඩක් තියනවද.....

රවිදු...අහකට වෙන්න....

ඕන් නෑ ලොකු අප්පච්චි ....ජීවත් වෙලා ඉන්නකොට පුතා කියන්න පිලිගන්න බැරි උන ඔයාව පාංශුකුලේට මොකටද...අපිම ඉන්නම්...කමක් නෑ...මිනිස්සු දුක දැනෙන තැන්වලින් ඈත් වෙන්න ඕනා....ඌ දැන් සතුටින් ...තවත් ඔයාගෙන් යුතුකම් ඕන නෑ..මොකද ....ඔයා තමන්ගෙ ආත්මෙ පවා විකුනන් ඉන්නෙ.....අහකට වෙන්න ලොකු අප්පච්චි ...මිනිස්සුන්ගෙ වේදනාව විහිලුවකට අරන් උන්ව යක්ශා වේස කරලා නිකන් මැරුම් කන්න වෙයි...

මං හිතන්නෙ ජනත්ගෙ මහ එකාට ලැජ්ජා හිතෙන්න ඇති.....ගෙදර උන් ඉන්නකොට පිට උන් පාංශුකුලේට අත ගහනවා කියද්දි.....එකට ගැටගැහුන ඇගිලි උඩින් වතුර බින්දු වැටෙනකොට ජනත් අයියා අපි දිහාව බලාගන උන්නා...

කොඩි වැල් වල රැල් රැල් ගැහුන සුදුපාට කොඩි හුලන් අතට එහා මෙහා වැනෙන්න ගත්තා....ජනත් හසරැල් තරුන මහතාට නිර්වාන සුවය පතපු කොල අලවපු බට පතුරු පොකුරු පොකුරු පිටින් කොල්ලො.කුරුට්‍ටො අරගන එලි බහිනකොට මේ ගෙවෙනෙ ඒ මූන මේ විදිහට දකින අවසානම තත්පරේ වෙනකොට මෙච්චර වෙලාම ඉවසන් උන්න රවිදු ගිහින් සුදුපාට මේස දාපු කකුල්.උඩින් නලල තියා ගත්තා.....

කවුරු කියලා නම් ඌව සනසවන්නද.....තමන්ගෙම මල ගෙදර...තමන්ගෙම මිනියට කරගහන්න බලාගන උන්න ජනත් සැරයක් දෙසැරයක්ම ගිහින් අඩන රවිදුවව වත්තම් කරලා පැත්තකට කරනකොට මම උදාර....කල්පනයා...අවසානම වතාවට ඒ සීතල උන මූන අත ගෑවා....

වල ගැහෙන කම්මුල් අයිස් කැට වෙලා.....

මල්ලි....පෙට්ටිය වහන්න චුට්ටක් අහකට වෙනවද....

මල්ශාලාවෙ කොල්ලො දෙන්නෙක් ආයම ආවා...ඇඩිලි....වැලපිලි..පෙට්‍ටිය උඩ නිදා ගැනිලි...අනේ පුතේ.....මාව දාලා යන්න එපා....මගෙ පුතාව අරන් යන්න එපා කියලා විලාප තිබ්බෙ නෑ....ඒත්.....ඉකි නොගැහුවට.....යන්න එපා ගාල වැලඖන් නැති උනාට පෙට්ටි පියන් හතර වැහිලා යකඩ කොකු වලින් අගුල් වැටෙනකොට අපේ ඇස් ගොරකා පාට උනා....

තනිම සුදු රෙදි වලින් පාවඩ එලන්න කොල්ලො කුරුට්ටො ලෑස්ති වෙලා ඉන්නකොට මල් වඩම් අරගත්තු පොඩි උන් එලි බැස්සා

වහපු පෙට්ටියෙ ඉස්සරහම වම් කෙරවලෙ බර මගෙ කර උඩට වැටෙනකොට දකුනට උදාරයා කර තියන්න ගියත්...උදාරව කවුරු හරි නැවැත්තුවා .....

උඹ පලයන් පස්සට...

අප්පච්චි .....

මං මගෙ තෙත් උන ඇස් වලින් අප්පච්චි දිහා බැලුවා ....අප්පච්චි ඇවිදින් සමාන්තර රේඛාවක හිටන් අනිත් කොනට කරගහන ගමන් මගෙ දිහාව බැලුවා .....

මට උඹ වෙනුවෙන් ....සම්ප්‍රදාය මරන්න පුලුවන් මයුර....ඒත්...සම්ප්‍රදාය වෙනුවෙන්....උඹව මරන්න මට බෑ....

මගෙ ඇස්වලින් කදුලු කැට පේලියක් කඩන් වැටුනා...ජනත්ගෙ මලකදෙ බර අපෙ උරහිස් වලට වැටෙනකොට ප්‍රධාන කොනක් කරගහන්න බැරි රවිදුව මැදින් හිටගත්තා වගේම ජනත්....

ජනත් ඇවිදින් තමන්ගෙම මලකදට කර තිබ්බා.....

ජනත් යන්න හදන්නෙ.....වෙනදා වගේම ඒ ආව ගිය පුරුදු පාරෙම ....ඒත්....

යෑමක් මිසක් ඒමක් නැති ගමනක්...

වදාපු එවුන්ට දුක නැති උනාට මොකද ...දේදුන්නට පායන්න ඉඩ දෙන අහසට මේ අපරාදෙට රිදිලා තිබුනා...

හතරවට වට කලු නොවුනට මොකද ....හිත නරක් කරන් උන්න අහසට ඇඩුනා...

මගෙ නිම්න කිව්වත් වගේ...දොරකොඩ පනිනවත් එක්කම අපෙ කරවල් වලට දැනුන බර දෙතුන් ගුනේකින් වැඩි උනා....

ජනත් යන්න යනවා.....උඩට උඩුවියන් එක්ක....

පයට සුදු පාවඩ එක්ක.....

ආපිට නොඑන ගමනක් ජනත් යන්න යනවා.....

ඒ පුරුදු පාරමයි...ඒ පුරුදු වටපිටාවමයි....

ඇඩුම් කදුලු මහා ලොකුවට තිබුන් නැති උනත්...පෙට්ටි හතර කොන් උහුලන් උන්න අපෙ ඇස් වලට පාවඩ බොද වෙලා පෙනුනා...

මලවුන්ගෙ සුසානෙට තව ටික දුරයි.....අවුරුදු විසි හතක්.....හුස්ම ගත්ත...පය ගහල උන්න මේ මහපොලවෙ ජනත්ගෙ චාරිකාවට නැවතීමෙ තිත වැදුනා ...

වැදුනද....

වැද්දුවද...

තව ඉසාරහට කීයක් වැදේවිද...

මල් වඩම් පුරවගත්තු තනි කලු හර්ස් එක පස්ස පාරෙ හිමින් එනකොට මිනියට කරගහන උන් වැඩි උනා...අරලියා පිපුන් මලවුන්ගෙ සුසානෙ අඩි හයක් යටට කපාපු බිම් අගල් දෙක තුනක් එයා වෙනුවෙන් බලන් උන්නා.....

ජජත්...උඹට සුභ ගමන් මචන් ...!!!

ඇස් වල කදුලු එක්ක මුල්ම පස්පිඩ මගෙ අතින් පෙට්ටියට වැටෙනවත් එක්කම තවත් පස් පිඩවල් හතර පහක් ඒ උඩට වැටුනා .....

.ඒ ජීවිත සැරිය....මෙතනින් අහවරයි .....!

උඹගෙ අප්පච්චි ශේප්ද බන් මයුරයා

ශේප් කියලා නම් කිව්වා...ඒත්....දැන් තුන් හතර පාරක්ම....අපෙ දිහාව බැලුවා උදාරයා...මං හිතන්නෙ.....පෙට්ටි නැතුව අපි හැමෝටම අදම වැලලෙන්න වෙයි වගෙ...

අපි උන්නෙ අඹගහ යට තිබුන හට් එක ඇතුලෙ....ජනත් අයියව හංගත්ත මහ පොලවට එයාව හොදින් බලාගන්න කියලා මල්වඩම් වගේම ඉටිපන්දම් අහුරු ගනන් ඒ උඩ පත්තු කරාපු අපි ආයම උන්නෙ ජන්ත්ගෙ ගෙදර .....රවුමට තියන් ඉදන් උන්න පුටු හයෙන් හතරක් පිරිලා...තව දෙකක් හිස් වෙල තිබුනා.....

හැබැයි ඉතින් ඒ අනිත් මිනිස්සුන්ට පේන හැටි...අපෙ ඇස් වලට මේ පුටු හයම පිරිලා තිබුනා ..මලගෙදරට ආව මිනිස්සුන්ට බීම අල්ලන්න තේ අල්ලන්න...බිස්කට් අල්ලන්න ගෙන්නලා තිබුනෙ එමිරේට්ස් කැබින් කෲ එක වෙනකොට ඒකිලාගෙ තිබුන කැටයම් ලෝක රූ රැජිනියො ගාව වත් තිබුන් නෑ...

මට එහා පැත්තෙ උන්න මගෙ නිම්නයට ආයම චූචි බුංජියව වැහිලා තිබුනා ...ඒකගෙ කට තනිකරම තනකොල කපන මැශිමක් වගේ...අත් දෙක පුරෝගන චොකලට් විස්කෝතු හැබැයි ඉතින් මිනිහා කන්නෙ මැද විතරයි ...දෙපැත්තෙ පියන් අපි කවුරු හරි කන්න ඕනෙ ...බොටම් ඇසෝසියේසන් ඒකෙ උන්න රවිදුවයි කල්පනයයි දැම්මම අරූගෙ විස්කෝතු පලු කාලා මත් වෙලා ඉන්නකොට මං බුංජියගෙ කලවෙට ගැහුවා

ඔය ඇති ළමයො ඔච්චර කන්නෙ....එක්කො ඔක්කොම කන්න ඕනෙ...අරුන් දෙන්නට දැන් මතේ හැදෙනවා....කනවා නම් කාපන් ඔක්කොම...

ම්හුක්....යෝ...අනූ....ගහන්නෙ....ඇයි අනේ.....ඔක්කොම කන්න....යස වැඩෙ....ඔක්කොම කෑවොත් මගෙ බඩ එනවා...එතෝට කෝමද ජනත් අයියගෙ වෙල්කම් පාටියට යන්නෙ....

සෙනේ...මේක කන්නකො...බුංජියට මේවා කන්න බෑනෙ...ඔන්න...දැම්ම කිව්වා අනූ...මට රෑට පාටියක් තියනවා....අනික මං වේලාසන යන්නත් ඕනෙ...මං තමයි පිළිගැනීම් ගීතේ කියන්න ඉන්නෙ.....මට අලුත් සූට් එකක් ඕනෙ...ඔයා ගාව නෑද අනේ.....කලු පාට ජැකට් එකේ.....සුදු පාට ගල් අල්ලපු එකක්...

ආ ජනා....ඔයා එනකොට කීයක් හරි අරන් එන්න....මෙම්බර්බ්ශිප් කාර්ඩ් එක ගන්න.....අනූ....ඔන්න කිව්වා....සූට් එක රෙඩිනෙ...

ඇයි උඹලා අද මිනිපිට්‍ටනියෙ ඩිස්කො නටනවද කලු ජැකට් එකේ සුදු ගල් අල්ලපුවා හොයන්නෙ....මගෙන් ගුටි නොකා ඉදපන්...මට ගෙදරින් මරන තර්ජන එල්ල වෙලා තියනකොට උඹ මෙතන ඩිස්කො නටන්න යන්න....

ඔන්න පටන් ගත්තා ...ඔන්න පටන් ගත්තා ...කල්පි....ඔය කෝඩියල් වීදුරුව අරන් දෙන්න චූචි බුංජියගෙ අත රිදෙනවා ජනත් අයියව උස්සන් ගිහින්.....ඔයාගෙ බර වැඩී ජනා.....ඔයත් අපෙ ජිම් එකට බැදෙන්න ...හැබැයි...ඉති....න්...ඒකටත් සල්ලි ඕන අනෙ...

ආ බන්..මුන්ට මාර සංගම් ගොඩක්නෙ තියෙන්නෙ....චූචි බුංජියා කියන විදිහ අහන් උන්නම මැරෙන්නත් ආස හිතෙනවා යකෝ...නේ සෙනේ....ආ....නෑ...නෑ...බොරුවට අනෙ බොරුවට.....අනෙ සෙනෙ උඹ දැන් මට නීති දානවා වැඩී....මහ වේසයි ඈ....ඇත්තමයි...

මෝඩයා වගෙ කියවන්නෙ නැතුව ඔය කටපිහදගන්නවා බබා....

ඔච්චර හයියෙන් බනින්න එපා සෙනෙ මෙතන තව කුරුලු ජෝඩු දෙකක්.ඉන්නවා...ඇරත් බීම අල්ලන පෙට්ටි කිකිලියොත් ඉන්නව....ඇහුනොත් එහෙම්ම ලැජ්ජයිනෙ....මේ මගුල හරියන්නෙ නෑ සෙනෙ....ඔය...ඔය...ආයමත් රවනව....අර....දත් මිටිත් කනවා....උඹට මයුරයගෙ ලයිට් ඇප් එක වැහුනද සෙනේ....

යෝහ්...බුංජියො...මේ බලපන්කො උදාරයව.....රවනවනෙ....මෙතන ඉන්නෙ චූචි කල්පියනෙ👉👈....

යෝහ්...කල්පියගෙ වම් කන කැක්කුමක් අල්ලන් එන්න යන්නෙ...

උදාරයා මූට අවදානෙ දීපන් ...නැත්තන් මෙතන ඉන්න තවත් නොදරුවන්ට රටේ නැති ලෙඩ මතු වෙන්න පුලුවන් .....

සෙනේ.....හ්හ්හ්.....මහ...නරකයෙක්....

හරි....ඔයාට අවදානෙ දුන්නා....දැන් ඔය කන එක නවත්තලා කට පිහාගන්න ඔලුව කැක්කුමයි නහයෙන් අඩන්න ගත්තම

ඇත්තමයි බුංජියො ඔයා කිව්වා හරි මුන්ට රෝමාන්තික බාවයක් හුරතල් බාවයක් ගෑවිලා වත් නැති ඔටු ලබ්බො.....මට උඹව ඕන් නෑ උදාර....තරහයි...උඹගෙ කිසිම සන්වේදි බවක් නෑ උදාර

හ්ම්...මන් දත් මදින්නෙ සෙන්සොඩයින් වලින්...දැන් කට පියන් ඉදගන්න...

මං හිමීට අහක බලා ගත්තා .....එක කපල් එකක් කා ගන්න පටන් ගත්තා මදිවට බොටම්.සංගමෙ නිල ලෙඩ ලිස්ට් එක උඩට මතු වෙන්න ගත්තා වගේම සම්බන්ද බිදවැටීම් පටන් ගත්තා ....

දැන් තියෙන්නෙ මේ දැන් වලදාපු ජනාගෙයි කොට රවිදුවගෙයි ප්‍රේම ජවනිකාව...

ආ පන....මේ බුංජියා කිව්වා වගෙ ඔයා ඕකට යනවද ?

...බෑ කියලා බෑනෙ ප්‍රාති....නොගියොත් සින්නො මාව රැග් කරයි...ඇරත්...මට තනියෙන් ඉන්න බයයි.....යක්කු හොල්මන් වල වටෙ කැරකුනොත්...

 දැන් ඔතන බොන්නත් දෙනවද ...

...සන්කුයික් විතරයි ....ඒවත් මෙහෙම්ම තමයි අරන් යන්නෙ...බුංජියා කිව්වා එයාගෙ අම්මා එහෙත් විනයභාර කමිටුවෙ ඉන්න නිසා ඒ පිට්නියෙ අය අමද්‍යපයි කියලා ...විනය එහෙම තදේට බලනවලු...තමන්ගෙ වල තමන් සුද්ද කරගත්තෙ නැත්තන් දඩ ගෙවන්න වෙනවලු....ඒකනම් හරි වේසයි ප්‍රාති...කොහෙ තියන සල්ලිද....

.ජ්.....ජ්..ජනත්....ඒපාර....ඒපාර උඹත් ඕක පුරුදු උනාද....පාටි බාටි පාන් වාටි කෙසේවෙතත් කල්පනයගෙන් ඈත් වෙයන්....මේ කල්පනයා හන්දා මිනිහෙක්ව වත් හදාගන්න බෑනෙ...ඇත්තමයි...ඇත්තමයි....

හෙමින්..හෙමින්....කවුරු හරි හිතයි ඔයාට මීමැස්මොරෙ ඇවිත් කියලා ඔච්චර ගැහෙන්න කරන්න එපා ප්‍රාති.....ඔයාට සන්කුයික් ටිකක් දෙන්නද...

අනෙ මේහ්....උඹට...මම...

...ඒ...එ...ගල්වලින් ගහන්න බෑ....අපෝ..මේ කොට උන් ඇයි ගල්වලින්ම ගහන්නෙ.....

මං හිතන්නෙ පවුල් පන්සල් උනාට පස්සෙ අපි හැමෝගෙම ජීවිත කනපිට හැරුනා වගේ.....එකක් මේ UBA එකේ උන්ට කොයි වෙලෙත් ආච්චි වැහෙනවා...ඒකෙ මුල බුංජියා...ම්හුක් හුකුක් ගගා ඉදලා ඔක්කොම ගිහින් අම්මට කියනවා...මට නැන්දම්මගෙන් කාලා විසේ යනවා....කල්පනයා බනින්ම ගත්තම රටේම සත්තුගෙ නම් වලින් උදාරයට බනිනවා...රවිදුවා අතින් පයින් ගහගන්න බැරි වෙනකොට ඌ කරන්නෙ ගල් මුල් වලින් ගහන එක....

වස්තු ඔය ඇති.....මදිද ඔය කෑවා...මටත් මතෙ වගෙ බන් ඉතුරුවා කාලා...ඊටත් අපිට හෙට ඉස්කෝලේ ..ඔච්චර කාලා බඩවල් අවුල් යන්නද.....

මං කකුලක් පද්ද පද්ද ක්‍රිම් ලෑටි ගාන මගෙ නිම්නයව නවත්තලා ඒකගෙ කට පිහනවත් එක්කම මෙච්චර වෙලාම උදාරයගෙ නංගිව උකුලෙ ඉන්දවන් ඒකිව හුරතල් කර කර උන්න අප්පච්චි අපි දිහාවට එනවත් එක්කම වැඩේ පත්තු වෙලා තියෙන්නෙ කියලා දන්න අනිත් උනුත් මොකුත් නොවුන එවුන් වගේ ඉදගන්නකොට අප්පච්චි ඇවිත් මගෙ ළඟ තිබුන හිස් පුටුවෙ ඉදගන්නවා එක්කම කල්පනයා ඈ ගැහුවා..

ඒ..එ...ඒ....රොහාන්..බුංජියා...බුංජියා....

චුටි බුංජියා ඉන්නව ඕකෙ.....යෝහ්....ඕකගෙ කකුල් කැඩුනොත් සුචී මරයි අපිව...

අප්පච්චි එක පාරම පුටුව පිටිපස්ස බැලුවා...

අප්පච්චි ඕකෙ නිම්න ඉන්නවා.....

කෝ..මේකෙ ඇති මොකෙක් වත් නෑ...බහුබූත නොකියා ඉදින් මයුර උඹට වෙන්න ඕන දෙ දැන් උනානෙ....බොරු නොකියා ඉදින් උඹට මං ගහයි කියන බය තියෙන්නෙ....කල්පනයා තෝත් නිකන් ඉදු....

නෑ අප්පච්චි ...ඕකෙ නිම්න ඉන්නවා....බොරු නම් ඔන්න බලන්න....

අප්පච්චි උන්නෙ හිස් පුටුව දිහා බලාගන උඹට කරගන්න ඕන ටික කොහොම හරි කරගත්තනෙ කියලා කියපු අප්පච්චි ආයම රවාගන හිස් පුටුවෙන් ඉදගන්න හදනවත් එක්කම මගෙ නිම්නයා මේසෙ උඩ තිබ්බ කෝඩියල් වීදුරුව ඉස්සුවා විතරයි රොහාන්ගෙ මූන සුදු මැලි වෙලා ගියා...

...ක්..කොල්ලා....

මම මෙච්චර වෙලාම කිව්වනෙ අප්පච්චි ...

ඒ...ඒ...රොහාන් ....ඕකෙ අපෙ ජනා ඉන්නව...රවිදුවගෙ කෑල්ල...

නිම්නයගෙ කෙරුවාවට සුදුමැලි වෙලා ගියපු අප්පච්චි අනිත් පාර රවිදුව ළඟ තිබ්බ හිස් පුටුවෙ ඉදගන්න හදනවා එක්ක කල්පනයා ආයම කෑ ගැහුවා වගේම ඔව් අංකල් මං ඉන්නවා කියලා කියන්න ජනත් උගෙ නෙස්කෙෆෙ එක ඉස්සුවා විතරයි අප්පච්චිට පිස්සු හැදෙන්න ඔන්න මෙන්න ආවා....

දැන් ...එතකොට උඹලා හතර දෙනාම....එහෙමයි...

ඒකනෙ උඹලා දැන් ඔය නොකියා කියන්නෙ නේ....

බයත්....විකාර ගතියත් අන්දුන් කුන්දුන් ගතියත් එකට අත්විදපු අප්පච්චි ආයම පියවි සිහියට එන්න විනාඩි ගානක් ගියත් ඊලග විනාඩි ගානෙදි අපෙ පියවි සිහිය නැති වෙන්න ආවා...මොකද ...අප්පච්චි උන්නෙ අපෙන් නඩු අහ අහ...

අනෙ....රොහාන් මේක මලගෙයක්නෙ.....දැන් ඇති අප්පා..කල්පනයගෙ බඩ රිදිල්ලක් අල්ලන් එන්නෙ ඇයි රොහාන් ...

.බඩ...බඩ නෙවෙ ඔහොම යනකොට එන්නෙ.....ආ උදාර...දැනෙයි මේක උඹලගෙ අම්මා දැනගත්තොත්....කමනි වගෙ නෙවෙ...මේ පාර නම් උඹගෙ බත් කාඩ් එක කැපෙයි ආ...

මං මයුරයට කිව්වා අංකල්

මොනාද....මොනාද මූට කිව්වෙ...

ගෙදරට මාට්ටු උනොත් මං අංකල්ගෙ කඩේට කොත්තු ගහන්න එනවා කියලා ....

අපෙ සෙනේ කොත්තු ගහනවා නම්..මං කොත්තුව ඔතන්නවත් එන්නම් නේ රොහාන් ...අනික....කමනිටත් දැන් තනියෙන් බෑනෙ.....අපිටත් අනාගතයක් තියෙන්න එපැයි නේ සෙනේ.....ඊටිඑෆ්.....ඊපීඑෆ්.....නැතත් කමක් නෑ...

නෑනෑ.....තොපි එකෙක් එන්නෙ නෑ....මයුරයා.....දැන් උඹත් හොයන් ඉවරනෙ.....අපෙන් කෑමවල් අහවරයි .....දැන් ඉතින් ඔය බුංජියටද බූන්දියටද මොකාටද එක්ක හම්බ කරන් කන්න පටන් ගනින් .....උඹලා දැන් දේශනා දුන්නනෙ....දැන් ඉතින් අප්පච්චි ලා කන්ද දුන්න කාලෙ අහවරයි....ආදරේ...ආදරේ කිව්වට බඩ පිරෙන්නෙ නෑනෙ.....

අ...ආ...අප්පච්චි ....

මන් කෑ ගැහුවා ...උඹගෙ පලහිලව්වට කැමති උනා කිව්වට කපටි රොහාන් ඇවිදින් තියෙන්නෙ මාස්ටර් ප්ලෑන් එකක් එක්ක වෙනකොට මට දුවන්න හිතුනා....

ආ...ආ...ගාන්නෙ මොනාද ....ඇයි දැන් උඹ හැමදාම අපෙන් කන්ඩද නෑනෙ....උඹ මොකාව ගෙනාවා උනත් දැන් ඉතින් මිනිහෙක් විදිහට ජීවත් වෙන්න පුරුදු වෙන්න ඕනනෙ....නේ...අර කල්පනයා මට හෙන දේශනාවක් දුන්නා වගේම....මට කියන්න තියෙන්නෙත්....ආදරේ විතරක් දුන්නා කියලා මිනිස්සුන්ගෙ බඩවල් පිරෙන්නෙ නෑ.....මන් උඹලගෙ අම්මට ආදරේ විතරක් දුන්නා නම්...අද කන්නත් නෑ බොන්නත් නෑ.....උඹත් නෑ....

ලුණුයි බතුයි කාලා ඉමු කියලා ගියාට ඔය කියන විදිහට ලුණුයි බතුයි කාලා ඉන්ඩ බෑ...උඹලට මං කියනදේ තේරෙනවනෙ...උඹලා හැමෝම දැන් ඔය කෙරුවාවල් කරන් තියෙන්නෙ ගෙවල් වලට පිටින්නෙ....මොකො හැමෝම මම වගේද....නෑනෙ....

දැන් තොපි හිතනවද අතෙ පිච්චියක් නැතුව අතන මෙතන ටැග් ගැහි ගැහි ඉදලා ....ගෙවල් වලට ඔව්වත් කිව්වම උඹලව මහ ඉහලින් පිළිගනී කියලා ????

මං හිමීට මගෙ නිම්න දිහා බැලුවා ...අතේ තිබ්බ විස්කෝතු අහුර ආපිට මෙසෙ උඩ.....හොරා වගේ මා දිහාත් බලනවා....අප්පච්චි මන් කොල්ලෙක් එක්කයි යාලු කිව්ව ගමන් බත් කාඩ් එක කැපුවා .....මායි බුංජියයි බැන්දා කියලා දැනගත්තම ගෙදරිනුත් එලවයි....

...අනූ....බුංජියා අප්පච්චිට කියන්නද....අපි දෙන්නා දැන් මිනිස්සු දෙන්නෙක් කියලා ....?

උඹට ඕනෙ මහපාරට වැටෙන්නද??

....ඉතින් අපි බැදලා ඉවරනෙ...

පොඩි නිම්නයා එහෙන් කියෝනවා....අප්පච්චි මෙහෙන් දේශනා දෙනගමන් මා දිහා බල බල කියවනකොට මට අද කොහොමත් රෑට නිදිමරාගන දේශනා අහන්න වෙනවා කියන්න දන්න නිසා මං මීයා වගේ ඉන්නකොට අනිත් උන් තුන් දෙනාටමත් දේශනා දුන්න අප්පච්චි ඉදන් උන්න පුටුවෙන් නැගිට්ටා...නැගිටලා මා.දිහා බැලුවා....

නැගිටපන් මයුර...වරෙන් ගෙදර යන්න....දැන් උඹට ඕන එක කරගන්න දුන්නට උඹගෙ අම්මයි මායි ඔය කියන බුංජියවද මොකාවද බලන්න එපැයිනෙ...නෙ...ජයවර්ධනයා කරාපු කෙලිය ඒකගෙනුත් අහගන්න එපැයිනෙ.....උඹ හිතන්න එපා කොල්ලා කැමත්ත දුන්න පලියට නිකන් මේ ආවට ගියාට හොයන්නෙ බලන්නෙ නැතුව හා කියයි කියලා....වරෙන් වරෙන්.....නැගිටපන් ....නැගිටපන්...

උඹගෙ නඩුව තව හවර නෑ....කෝ කෝ...

අප්පච්චි ...මං තව ටිකක් රෑවෙලා එන්නම් නේ.....

ඇයි මෙතන ඉදන් තව මොනව කරන්නද?කෝ කෝ නැගිටපන්...උදාරයා අර අම්මවයි නංගිවයි ගෙදර ගිහින් දාපන්....කෝ කිව්ව්ම අහල නැගිටපන්....

මං හිමින් සැරේ පුටුවෙන් නැගිට්ටා....උදාරයා නැගිටින ගමන් කල්පනයා දිහා බලනකොට එක බැල්මට සැලන්ඩර් උන කල්පනයත් නැගිට්ටා...දැන් ඉතින් ඉතුරු වෙන්නෙ අලුත් ජෝඩුව විතරක් වෙනකොට මගෙ නිම්නයා හොරා වගේ මා දිහාත් අප්පච්චි දිහාත් බලන් හොරා වගේ මුවා වෙනකොට මමත් පස්සගගහා ආයම ඉදගන්න හැදුවා

මයුර....නැගිටපන් නැගිටපන්.....කිව්වම අහලා නැගිටපන් .....මම කට පියෙව්වට උඹලගෙ අම්මා කුනු කුනු ගානව..ගෙදර ඇවිත් තේරෙන සින්හලෙන් වෙච්ච කෙරිච්චා අම්මට කියලා .....ඔව්වා තේරුම් කරපන්....නැත්තන් මට නිදියලා හමාරයි...

හ්...හා...අප්පච්චි

හා අප්පච්චි ..හා අප්පච්චි නෙවෙ.....ඔය කමනිගෙ බෑන්වත් එක්කගනම වරෙන්...මේවා පිලිවලක් කරන්න එපැයි නැත්තන් අවුරුදු විසිපහක් හදලත් අපිට උඹලගෙන් අහන්න වෙන්නෙ අපි මොනාද උඹලා වෙනුවෙන් කෙරුවෙ කියලා ....මදැයි...කරෙ තියන් හදලත් අවසානෙදි අහපු කතාව....වරෙන් වරෙන්.....දැන් තාමයි හිතෙන්නෙ අඩනකොට ඔහෙ අඩපන් කියලා පුකට දෙකක් දීලා බුදි කෙරුවෙ නැත්තෙ අපාරේදෙ කියලා.....අපිටත් පිස්සුනෙ එලිවෙනකන් වඩාගන නිදි මරාගන ඇවිදින්ඩ.....

අනේ...අප්පච්චි .....

නැ...නෑ....පුතේ .ගෙදර වරෙන්කො...මං උඹගෙ ඔය ප්‍රේමවන්තයා ඉස්සරහ කියලා දීලා උඹට ඌ එක්ක යන්න දෙන්න....ඇයි හිතන් ඉන්නෙ උඹලා හුළඟින් බෝ වෙලා ඉබේ ලොකු උනා කියලනෙ....වරෙන්...වරෙන්.....උඹ මටයි අම්මටයි කිව්වනෙ අපි අසාර්තක මිනිස්සු කියලා .....වරෙන්....ඔව්වත් අපි උඹට කියන්නම්.....එතකොට බලපන් මමත් ජයවර්ධනයා වගේද.. ජනතගෙ මහ එකා වගේද කියලා...

කට තියනවා....පඩත්තරයගෙ

උඹලාට අපි අපිට නොලැබුන හැම දේම කොහොම හරි දුන්න මයුර...අන්න ඒක තමයි කරන්න නරකම වැඩෙ....යමන් යමන්..... අද ලෙක්චර් එකක්ම උඹලට තියනවා....වරෙන්කො.....මිනිමරුවො අල්ලන්න කලින් උඹ අපිව සුද්ද කරලා ඉදින්කො...කමනි....ආව නම්...

එනවා....

වුබර්ලට අපි සැප දුන්න වැඩී...

ආය හෙට ඈ....

පයිස්සමින්.....සමාදානෙන්...ඉන්ඩෝ

මම ජොබි

NEDEESHA

More Chapters